----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Friday, October 30, 2020

ගිරි හිසින් පනින - ෂාමලින් පෙරේරා

ගිරි හිසින් පනින දිය ඇලි දැක නිලෙන් පැසෙයි කුඹුරූ
විහඟුනගෙ ගී සරින් මනලොල් සවන් පිනන අයුරූ
සිරි සිරියෙන් වැටෙනා තුෂාර කරවයි මන සොඳුරූ
මල් වටා රඟන මී මැසි කැල සදතේ පැණි මියුරූ

මඳ නල සිප අප ගත දවටා නිවන්න සරතැස
දෙනෙතින් අසිරිය උකහා ගෙන බෙදන්න සිසිලස
ගස් වැල් රැක ගෙන සතුනට නිති පුදන්න සෙනෙහස
සොබාදහම් කුමරියනේ හෙලන්න මදහස

සඳ රේණු වැටී මවන රටා හරිම උදාරයි
තරු දිලී වලා තුළින් එබෙන අයුරු අපූරුයි
පරිසරයෙ සිරිය රැකගන්නට සැවොම එක්වෙමූ
තුරු වියන් බැඳුණු හරිත ලොවක් උරුම කරගමූ

© Sharmaline Perera, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

1 comment:

  1. ස්වභාව සුන්දරත්වය අපූරුවට කියවෙනවා.
    ඉතාමත් උචිත සුන්දර පදවැල් ගෙතුමක්

    නිහාල් රූපසිංහ

    ReplyDelete

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ