----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Sunday, October 18, 2020

බෝමළුවේ උඩ - පාලිත ගනේවත්ත

පොඩි සාදු

බෝමළුවේ උඩ අහසේ හඳ මුදුන් වෙලා
සුදු ඇඳගත් පොඩි දරුවන් දුව පැන නැටුවා
පොඩි සාදුට දුක හිතිලා බලා ඉන්නවා
සිල් සුවඳත් අරගෙන හිත කොහෙද ගිහිල්ලා

මැදියම් රෑ නින්ද නැතිව සුසුම් හෙළන්නේ
ගෙදර තනිව ඉන්නා අම්මා සිහිවන්නේ
අඳනකඩය තෙමෙනකම්ම දෑස පිසින්නේ
පුංචි සිතේ වේදනාව කඳුළක් වෙන්නේ

සමනල සිතිවිලි පිරිච්ච හිස මුඩු කරලා
කසාවතින් ළපටි බොළඳ හද සඟවාලා
සිඟිති කටින් පිරිත් දහම් වනපොත් කරලා
පොඩි සාදුගේ පොඩි ඇස් දෙක කඳුළින් තෙමිලා

© Palitha Ganewatta, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

1 comment:

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ