සඳවතියේ නුඹ නාඬන්
අපට උරුම අපෙ තනියට
කුරුලු කැදැල්ලේ පැටවුන්
ඉගිල ගියේ යස අගේට
ඈත කැලේ තුරු වදුලක
බිජු දමාවි උන් දවසක
හොටට හොට තියා මුදු ලෙස
හාදු දේවි ආදරයට
පීරා ගොස් ඇහිඳ ඇවිත්
කුස් පුරවයි ආදරයෙන්
රෑ තිස්සේ තුරුලු කරන්
උණුසුම දෙයි සෙනේහයෙන්
අත්තටුවල වෙර වීරිය
නැගෙයි මවුගෙ හෙලු කඳුළට
උනුත් ඉතින් ඉගිල යාවි
යම් දවසක යස අගේට
© Gnanatilaka Hewa-Gamage, 2012මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
No comments:
Post a Comment
මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.