----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Monday, December 25, 2023

මරු කතරක මැද - කසීර පෙරේරා

මරු කතරක මැද
පවස නිවන්නට
දිය බිඳකට හැකිය මිහිරියේ
ගිනිගත් හදවත
සුසුම් නිවන්නට
එක වදනක් හොඳටම සෑහේ
මා දිහා බලන්නකෝ අනේ - මට
ආදරෙයි කියන්නකෝ අනේ

ඔබ නොදුටුව දිනවල
සිත දුකින් පිරේ
කිසි දෙයක් කරන්න හිතෙන් නෑ
ජීවිතේ රහක් දැනෙන්නෙ නෑ
මා දිහා බලන්නකෝ අනේ - මට
ආදරෙයි කියන්නකෝ අනේ

ඔබ දුටුව දවස්වල
සිත තුටින් පිරේ
හැම දෙයක් ම සුන්දරයි ලොවේ
කවි ගී වැල් ගෙතෙනවා සිතේ
මා දිහා බලන්නකෝ අනේ - මට
ආදරෙයි කියන්නකෝ අනේ

© Kaseera Perera, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

No comments:

Post a Comment

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ