----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Sunday, December 31, 2023

මලක්, සුවඳ විහිදනා මලක් - චන්ද්‍රා ආරච්චිගේ

මලක්, සුවඳ විහිදනා මලක්
මලක්, ළඟා වෙන්න බැරි මලක්
මලක්, සිප ගන්නට බැරි මලක්
මලක්, වෙන අයෙකුට හිමි වූ මලක්

එදා උදේ ඇගෙ රුව ඇස ගැටුණා
හදේ සුපෙම් හැඟුමන් පොදි බැඳුණා
ඒත් එමල අන්සතු බව දැනුණා
මහා දුකක් හද පතුලේ පිරුණා

හදේ උපන් හැඟුමන් මැඩ ගන්නම්
හිතේ ඇඳුණු රුව මකා දමන්නම්
මගේ ලොවේ තනි වී සැනසෙන්නම්
ඇගේ ලොවට ආසිරි ගෙන එන්නම්

© Chandra Arachchige, 2023


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

No comments:

Post a Comment

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

රෝස කැකුළු - අනුරුද්ධ වැලිගමගේ