----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Friday, August 18, 2023

මා හැදු මගෙ අම්මා, ඔබ සුවපත් වේවා - පූජ්‍ය කුඩාගල කෝවිද

දෙනුවන් පිනවා දෙසවන් සනසා
දිව කට පිනවා මුළු ගත පිරිමැද
අත පය නොකඩා මා හැදු අම්මා
සුවපත් වේවා මා හැදු මගෙ අම්මා

ලේ කිරි කරලා මා හට පොවලා
රස මුසු භෝජන මා හට කවලා
ගත සිත සනසා මා හැදු අම්මා
සුවපත් වේවා මා හැදු මගෙ අම්මා

වැඩ පල කරලා දිවරෑ නොබලා
සෙනෙහස පුදලා හිස පිරිමැදලා
හොඳ මඟ යවලා මා හැදු අම්මා
සුවපත් වේවා මා හැදු මගෙ අම්මා


මේ පදමාලාව දැන් ගීතයක් ලෙස නිර්මාණය වී ඇත.

රචනය: පූජ්‍ය කුඩාගල කෝවිද හිමි
ගායනය: දහම් රත්නායක සහ දැහැමි රත්නායක
තනුව : හේමාල් ජයවික්‍රම
සංගීතය: අමිල එම්. වික්‍රමසිංහ

දොහොරා:
මා හැදු මගෙ අම්මා, ඔබ සුවපත් වේවා

දෙනුවන් පිනවා දෙසවන් සනසා
දිව කට පිනවා මුළු ගත පිරිමැද
අත පය නොකඩා මා හැදු අම්මා
සුවපත් වේවා, මා හැදු මගෙ අම්මා

ලේ කිරි කරලා මා හට පොවලා
රස මුසු භෝජන මා හට කවලා
ගත සිත සනසා මා හැදු අම්මා
සුවපත් වේවා මා හැදු මගෙ අම්මා

වැඩ පල කරලා දිව රෑ නොබලා
සෙනෙහස පුදලා හිස පිරිමැදලා
හොඳ මඟ යවලා මා හැදු අම්මා
සුවපත් වේවා මා හැදු මගෙ අම්මා

දෙනුවන් පිනවා දෙසවන් සනසා
දිව කට පිනවා මුළු ගත පිරිමැද
අත පය නොකඩා මා හැදු අම්මා
සුවපත් වේවා මා හැදු මගෙ අම්මා
මා හැදු මගෙ අම්මා
මා හැදු මගෙ අම්මා

ගීය අසන්න.

© Rev Kudagala Kovida, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

No comments:

Post a Comment

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

මගේ හදවත ආදරෙන් පුරවා - අනුරුද්ධ වැලිගමගේ