හිස් අවකාශේ දිගු සෙවනැලි විහිදේ
මුමුණන කෙඳිරිලි දෝංකාර නද දේ
බර අඩි තබමින් කාලය දිවයන්නේ
ගුප්ත සිහින නොවිසඳීම පවතින්නේ
ජීවය විරහිත මුහුණු සිනාසෙන්නේ
දෙනෙත් මුණ ගැසෙයි හිස් බැල්මකි එන්නේ
සිනා මැකී යයි නිහඬතාව මැද්දේ
අරුත් සුන්බවයි සැමතැන කැරකෙන්නේ
පළඳනා යටින් පපුකුහරය ඇතුළේ
හදවත් වැලපේ ඒ නිහඬව රහසේ
හිස් ආත්ම සොළවා සුළං හමායන්නේ
වෙස්මුහුණු යටින් අප ජීවිත පාවෙන්නේ
© Rasantha Chandrasuriya, 2024මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
No comments:
Post a Comment
මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.