----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Thursday, January 21, 2021

කිකිණි ගී සිනා මියැදුන - මහේෂා වජිරකාන්ති විජේසේකර

කිකිණි ගී සිනා මියැදුණ නගරෙ මා රැඳී
එදා විසාලා නුවරට සමයි අද යළී
හුදකලා වීම සොඳුරුයි කියා රවටමී
ඒත් දුර වැඩියි මේ දුර සයුරු එපිටදී
සිහිනයක වෙළී මා නෙත ඉන්න ඔබ රැඳී

සිත බරයි පියාඹන්නට නොහැක තටු විදා
නොම ගමන් ඇතුව දැනෙනා වෙහෙස මහ මෙරක්
නොපෙනෙනා රුපුන් පෙන්වන සතුට මිරිඟුවක්
පුදුමයකි පුරුදු තනිකම ගෙනෙන බිය මෙදා

සෙවණැලි ද දුරස් මදි යැයි හිරු ද සැඟවුණී
වැසුම් කළ මුහුණු පණ ඇති වුව ද නැති වැනී
දෑත හිස් වුවත් අඳුරෙහි දිගු දවස් ගෙවී
එළැඹෙනා මුල්ම පැයෙ මා ඔබ සොයා එමී

© Mahesha Vajirakanthi Wijesekara, 2020


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

1 comment:

  1. ඉතාම ලස්සන අදහසක්

    ReplyDelete

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ