----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Monday, January 4, 2021

පෙරුම් පුරාගෙන - මෛත්‍රී පනාගොඩ

ගේයපද: මෛත්‍රී පනාගොඩ
සංගීතය: අරුණ කන්නන්ගර
ගායනය: ප්‍රදීප් වාස් ගුණවර්ධන
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

පෙරුම් පුරාගෙන නාවා වෙන්නැති
මේ අත් භවයෙම නිවන් දකින්නට
උතුම් මිනිස්බව නැවත ලැබේවිද
වැඩි වැඩියෙන් තව පින් කරගන්නට
වැඩි වැඩියෙන් තව පින් කරගන්නට

තන්හා ආශා යටපත් කෙරුවා
දන් සිල් පාරමිතා පිරුවා
ඉඳහිට නොදැනම වරදක් කෙරුවත්
ගිහිගෙයි යුතුකම් ඉටු කෙරුවා

පන්සිල් ගත්තා පන්සිල් රැක්කා
සන්සුන් දිවියක් ගත කෙරුවා
බවුන් වඩන්නට කෙලෙස් නිවන්නට
මේ දිවි ආයුෂ අල්ප වුණා

පෙරුම් පුරාගෙන නාවා වෙන්නැති
මේ අත් භවයෙම නිවන් දකින්නට
උතුම් මිනිස්බව නැවත ලැබේවිද
වැඩි වැඩියෙන් තව පින් කරගන්නට
වැඩි වැඩියෙන් තව පින් කරගන්නට

© Maithri Panagoda, 2013
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

No comments:

Post a Comment

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ