----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Monday, January 11, 2021

ඔපෙරා රඟහල - ජනක සෙනෙවිරත්න

ගේයපද: ජනක සෙනෙවිරත්න
සංගීතය: අරුණ කන්නන්ගර
ගායනය: ලලිත් කලුපහන
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

ඔපෙරා රඟහල සමනළ තටු යට නුඹෙ වත දිලිසෙන්නේ
වැලි කෙළියේ සිට බැඳි මුදු සෙනෙහස සැමදා ලියලන්නේ
නොහඬන් සොඳුරියනේ මම නුඹ සුරකින්නේ
නොහඬන් සොඳුරියනේ මම නුඹ සුරකින්නේ

සිය නෑ මිතුරන් අතහැර දුරු රට ආ හැටි සිහිවන්නේ
සිය නෑ මිතුරන් අතහැර දුරු රට ආ හැටි සිහිවන්නේ
මා උර තලයේ හිස සඟවා ගෙන ඇයි නුඹ වැලපෙන්නේ
නොහඬන් සොඳුරියනේ මම නුඹ සුරකින්නේ
නොහඬන් සොඳුරියනේ මම නුඹ සුරකින්නේ

සිහිනෙන් ගෑ සුවඳක් අද වාගේ ඇළ දොළ වන වදුලු
සිහිනෙන් ගෑ සුවඳක් අද වාගේ ඇළ දොළ වන වදුලු
දෙනෙත පියාගෙන ඉවත බලාගෙන රහසින් කඳුළු හෙළු
සිනහෙන් සොඳුරියනේ මම නුඹ සුරකින්නේ
සිනහෙන් සොඳුරියනේ මම නුඹ සුරකින්නේ
සිනහෙන් සොඳුරියනේ

© Janaka Seneviratne, 2010


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

No comments:

Post a Comment

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ