----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Thursday, January 7, 2021

ඉරත් හඳත් මට - මල්කාන්ති පටුවත විතානගේ

ගේයපද රචනය: මල්කාන්ති පටුවත විතානගේ
සංගීතය: තුෂාරී එදිරිසිංහ
ගායනය: අයෝමී බස්නායක බොස්කෝ
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

ඉරත් හඳත් මට නැතත් ලොවේ
සඳත් හිරුත් මට ඔබයි පුතේ
හිරු සඳු වී යළි අපේ ලොවේ
පායන හිරු ඔබ වෙන්න පුතේ
පායන හිරු ඔබ වෙන්න පුතේ

ජාතිය ආගම ගැන කවදත්
වේදනාව නුඹහට තිබුණා
මිනිසත් බව දුණි දෙවියකු විලසට
වස්තුව නිලතල ගැන නොතකා
වස්තුව නිලතල ගැන නොතකා

ඉරත් හඳත් මට නැතත් ලොවේ
සඳත් හිරුත් මට ඔබයි පුතේ
හිරු සඳු වී යළි අපේ ලොවේ
පායන හිරු ඔබ වෙන්න පුතේ
පායන හිරු ඔබ වෙන්න පුතේ

අන් සතු දුක දැක රට රැක ගන්නට
රණ විරුවකු ලෙස නික්ම ගියේ
මතු අත් භවයෙදි යළිත් වරක් නුඹ
හමුවේවා සුදු පුතු විලසේ
හමුවේවා සුදු පුතු විලසේ

© Malkanthi Patuwatha Withanage, 2010


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

No comments:

Post a Comment

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ