----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Sunday, January 3, 2021

සුනිල වරලස දිලේ - දීපිකා සුන්ද්‍රාවඩුගේ

සුනිල වරලස දිලේ පිට මැද මලින් ගවසාලා
සුවඳ චන්දන කුංකුම අංගර ඇඟෙහි ගල්වාලා
රන් මිණි මුතු බැඳි මනරම් අබරණ ගෙල වට පළඳාලා
නිලුපුල් දෑසින් මදෙස බලයි ඇය සුරඟන පරදාලා

කස්තුරි තිලකය නළලත තබලා
පළඳා උකුළෙහි රන් මිණි මෙවුලා
සිරිමත් පුන්සඳ මෙන් වත කමලා
නිලුපුල් දිගු නෙත් රතදර පොබලා

යටැසින් බලනා බැල්මෙන් දඟලා
මා මත් කැරුමට නොහැකිය රඟලා
දැනගනු ළඳ මා බවුන් වඩන්නෙමි
සරතැස නොතකා කෙලෙසුන් තැවුමට

සුකොමල ළඳ වුව ඔබ ඒ කෙතරම්
නොහැකිය ඔබහට මා වලකන්නට
මෙලොව දනන්ගේ ගුණ නැණ වැඩුමට
වරම් ලබා මා පැමිණියෙ මෙලොවට

© Deepika Sundrawaduge, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

No comments:

Post a Comment

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ