----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Monday, January 4, 2021

මල් දුටු කල - මංජුල වෙත්තසිංහ

ගේයපද: මංජුල වෙත්තසිංහ
සංගීතය: අරුණ කන්නන්ගර
ගායනය: ලංකා ප්‍රියංගනී
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

මල් දුටු කල ඔබෙ රුව සිත මැවේවී
මල් සිඹි කල කිරි සුවඳක් දැනේවී
මලින් පුදා පැතුවත් සසරේ සුවේ
මා සිත මා හට පහසක් නොදේවී

අලුත් ලොවක තනිකම හුරු වුණාදෝ
සයුරෙන් තෙර රන් කහවණු සොයාදෝ
අලුත් ලොවක තනිකම හුරු වුණාදෝ
සයුරෙන් තෙර රන් කහවණු සොයාදෝ
නෙත් බොඳවී සිතුවිලි පාවී ගියේ
යළි ඔබ නොලැබෙන බව මට දැනීදෝ

මුව හඬ නැගුමට ගත වර නොවීදෝ
හිනැහීමට හද බර වැඩි වුණාදෝ
මුව හඬ නැගුමට ගත වර නොවීදෝ
හිනැහීමට හද බර වැඩි වුණාදෝ
නෙත් බොඳවී සිතුවිලි පාවී ගියේ
මා එන තුරු දොර දෙස නෙත් යොමාදෝ

මල් දුටු කල ඔබෙ රුව සිත මැවේවී
මල් සිඹි කල කිරි සුවඳක් දැනේවී
මලින් පුදා පැතුවත් සසරේ සුවේ
මා සිත මා හට පහසක් නොදේවී
මා සිත මා හට පහසක් නොදේවී
මා සිත මා හට පහසක් නොදේවී

© Manjula Wettasinghe, 2013


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

No comments:

Post a Comment

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ