----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Tuesday, January 19, 2021

හිනැහෙන් දියණියනේ - ජනක සෙනෙවිරත්න

හිනැහෙන් දියණියනේ
නුඹ මට රැජනකි
හැමදා මගේ ලොවේ

පුංචි දියණියනි මගෙ උකුළේ
මැණිකක් සේ උණහපුළු පැලේ
හිතින් දුවන්නට එපා මගෙ ලොවෙන්
තනිකර මා මේ අඳුරු පැලේ
ඒ ලෝකය අඳුරුයි කුරිරුයි

නුඹේ නිහඬ බව පසක් කළේ මම
තුන්තිස් පැය නිදිවර දෙද්දී
බිය නොමවන් මගෙ ආදර දියණියනේ
මුහුදු දෙබෑකර ගිරි තරණය කර
යන්නෙමි සොයමින් වෙදැදුරු ඉසිවරයෙක්

සඟවා ගමි මම සැලෙනා කඳුළැලි
නුඹ වත සිපගද්දී
කතා කරමු අපි දෑසින් නිරතුරු
ඇසෙනා තෙක් නුඹෙ ආදර එක වදනක්

විමසිලි නුඹ නෙතු නොසොයන් කිසිදා
නුඹේ පියා කොහෙදැයි බලමින්
පියඹා ගොස් දුර තව කැදැල්ලකට
යළි නොම එන්නට අපේ කඳුළු නිවලා

© Janaka Seneviratne, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

No comments:

Post a Comment

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ