----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Thursday, January 21, 2021

අසනු හිරු සඳුනේ - ජනක සෙනෙවිරත්න

අසනු හිරු සඳුනේ
මගේ ප්‍රාණය ඇයයි
ඇගේ ප්‍රාණය මමයි
හිරු පියාණනි ගතේ සවිබල ලැබුණි දෝ උරුමෙන්
සඳු මෑණියනි හදේ දිරි බල ලැබුණි නුඹ ඇසුරෙන්

ඇගේ අත ගෙන දුරක් යන්නට
සැරසුණා පමණයි
ගියා දෝ හිරු සිතිජයේ සැඟවී
නොවෙද නුඹ නපුරුයි

හිත රිදුන තැන කඳුළු පිරිලා
දැවුණු හදවත නිති සොවින්
ජීවිතේ මග තවම අඳුරුයි
ඇයිද හිරු සඳු තවම නිහඬව

අප සුසුම් ඇති වත දකිනු රිසි නැති බවක් හඟවා
ඇයිද සඳුනේ කළු වලා සළු පොටින් වත සඟවා
හෙටත් එමු අපි නුඹ දකින්නට හදේ ගිනි පහදා
සඳේ උණුසුම දවාලනු ඇත කඳුළු වැල් පිසදා

© Janaka Seneviratne, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

No comments:

Post a Comment

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ