----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Saturday, January 16, 2021

සීතාවනි මේ - චම්ප බුද්ධිපාල

ගේය පද : චම්ප බුද්ධිපාල
සංගීතය : ඉන්දු ප්‍රේමතිලක
ගායනය : චම්ප බුද්ධිපාල සහ චන්ද්‍රානි බුද්ධිපාල
සංයුක්ත තැටිය : සිසිල ගී (2013)

රාවණා:    ආ ආ
සීතාවනි මේ අන්තිම යුදයයි
සීතාවනි මේ අන්තිම යුදයයි
රාම හා කරනා

සීතා:    රාවණාවෙනි ඒ අන්තිම යුදයයි
ප්‍රේමය ම දිනනා

රාවණා:    සැලුණි මා නාමයෙන් සුරලොව
ආ, යස ඉසුරු මැද වෙසෙමි ලක්පුර
යස ඉසුරු මැද වෙසෙමි ලක්පුර
නමුදු තනි වූ මහද අරණට
පෑවු සඳ නම් නුඹේ රූපය

සීතා:    අසිපතින් ඔබ සිදුරු වුව හද
රකුසු දැහැනින් ගත දැවූව ද
සිත මගේ නතු නොවේ ඔබ වෙත
එහි සදා ගැයුණේ රාම නම
එහි සදා ගැයුණේ රාම නම

රාවණා:    නොහැලුවද නෙත් ම වෙත සැම කල
දිටිමි දෙනුවන් නැමුණු බවුනට
දිටිමි දෙනුවන් නැමුණු බවුනට
ඒ නුවන් අග දිලුණු නිවුමට
ප්‍රේම කළ බව දනුව කුමරිය
ප්‍රේම කළ බව දනුව කුමරිය

සීතා:    බිඳලමින් ශිව දෙවිඳුන්ගෙ දුනු
රාම පෙම්බර දිනී මා අත
මහද පුදසුන සදා රජයන
නැතේ අන් රුව රාම රුව මිස
නැතේ අන් රුව රාම රුව මිස

රාවණා:    සීතාවනි මේ අන්තිම යුදයයි
රාම හා කරනා

සීතා:    රාවණාවෙනි ඒ අන්තිම යුදයයි
ප්‍රේමය ම දිනනා

රාවණා:    ඕ ඕ ආ ඕ ඕ

© Champa Buddipala, 2013


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

No comments:

Post a Comment

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ