----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Tuesday, January 12, 2021

විනිසුරුවෙකු - මංජුල වෙත්තසිංහ

විනිසුරුවෙකු චූදිතයෙකු වූ දා
වධකයෙකුගෙ සිත කැළඹී දෝ
දූෂිතයෙකු විනිසුරුවෙකු වූ දා
ජූරිය මීවිත කැඳවී දෝ

සැඩ හිරු ඉඳුරින් ගිලිහී ගිය දා
පුරහඳ රැස් බිහිසුණු වී දෝ
සැවුලන් අරුණේ නොහඬනු රිසියෙන්
නොනිදා රැය එළි කරවී දෝ

වේයන් පොත්ගුල අත්පත් කළ දා
උන් සරසවියට පිවිසී දෝ
සතරට ගිජු සිප්හල වැනසූ දා
ඇදුරන් සිල් පද නොබිඳී දෝ

© Manjula Wettasinghe, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

1 comment:

  1. අලුත්ම කෝණයක්, බෝම කැමතියි

    Nihal Rupasinghe

    ReplyDelete

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ