----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Monday, January 4, 2021

ගුවන් ගැබේ - පාලිත ගනේවත්ත

ගේයපද: පාලිත ගනේවත්ත
සංගීතය: ප්‍රියානී ගනේවත්ත
ගායනය: ප්‍රියානී ගනේවත්ත සහ පිරිස
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

ගුවන් ගැබේ සිත පියඹා යයි
ඈත රටක මතකය පිබිදෙයි
හද තුළ තෙරපෙන නොකියන සිතිවිලි
හිරු සඳු අතරින් මියැදී යයි
හද තුළ තෙරපෙන නොකියන සිතිවිලි
හිරු සඳු අතරින් මියැදී යයි

මව්බිම සිහිවීලා, දොම්නස නෙත රැඳිලා
දුරුරට පෙම් බැඳලා, සිත් මල් පිබිදීලා
මව්බිම සිහිවීලා, දොම්නස නෙත රැඳිලා
දුරුරට පෙම් බැඳලා, සිත් මල් පිබිදීලා

සොඳුරු දසුන් නෙත ගැටෙන සඳේ
නුහුරු වදන් සවනත පැටලේ
හෙට දින පිළිරුව මනසින් දකිමින
තුටුවෙමු නිබඳව රන් රස සේ
හෙට දින පිළිරුව මනසින් දකිමින
තුටුවෙමු නිබඳව රන් රස සේ

මව්බිම සිහිවීලා, දොම්නස නෙත රැඳිලා
දුරුරට පෙම් බැඳලා, සිත් මල් පිබිදීලා
මව්බිම සිහිවීලා, දොම්නස නෙත රැඳිලා
දුරුරට පෙම් බැඳලා, සිත් මල් පිබිදීලා

© Palitha Ganewatta, 2013


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

No comments:

Post a Comment

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ