----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Tuesday, January 19, 2021

සීතල රැයේ පාළුව - ප්‍රසාදිකා වික්‍රමආරච්චි

ප්‍රසාදිකා වික්‍රමආරච්චි විසින් රචිත "සිත් කවුළුව" (2019) කාව්‍ය සංග්‍රහයේ අඩංගු නිර්මාණයකි.

සීතල රැයේ පාළුව මකන්නට
නුඹ නැතේ මගේ ළඟ හිඳින්නට
සඳ වතේ රැස් වැටේ
ගෙමිදුලේ පඩිය මත
නුඹ නැතේ මගේ ළඟ හිඳින්නට

නුඹේ ළඟ දැවටෙන්න
තුරුල් වී හිනැහෙන්න
පොපියයි මගේ හද
සෙමෙන් මුව සිපගන්න

තුරුලතා සිපගනියි
සීතලේ පවන් වැද
නුඹේ සුවඳ දැනේ මට
හමා එන පවන් මඳ
පෙනේ මට නුඹේ රුව
ගුරුපාර කොනේ ඉම


ගේයපද: ප්‍රසාදිකා වික්‍රමආරච්චි ගේ ඉහත කාව්‍ය නිර්මාණය අනුසාරයෙනි
සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනයඃ ශ්‍රියානි අබේනායක
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

සීතල රැයේ
පාළුව මකන්නට
නුඹ නැතේ
මා ළඟ හිඳින්නට
නුඹ නැතේ
මා ළඟ හිඳින්නට

නුඹ ළඟ දැවටෙන්න, තුරුල් ව හිනැහෙන්න
පොපියයි මගේ හද, ඔබ මුව සිපගන්න
නුඹ නැතේ මා ළඟ හිඳින්නට

තුරු ලතා සිප ගනියි, සීතල පවන් වැද
නුඹේ සුවඳ දැනෙයි මට, හමා එන පවන් මද
නුඹ නැතේ මා ළඟ හිඳින්නට

සීතල රැයේ
පාළුව මකන්නට
නුඹ නැතේ
මා ළඟ හිඳින්නට
නුඹ නැතේ
මා ළඟ හිඳින්නට

© Prasadika Wickramarachchi, 2010


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

No comments:

Post a Comment

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ