----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Wednesday, March 17, 2021

අපේ ඇත්තෝ - රසිකා ඉඹුල්ගොඩ

මව් බිමෙන් පිට වෙසෙනා
මුවේ නොම ගාවා,
මුසා බස් දොඩනා,
අපේ සමහර අය වගේ ඇත්තෝ
වෙනත් ලොව නැත්තේ
එයයි ඇත්තම ඇත්ත තත්වේ
සැවොම දත යුත්තේ

ඉසුරු සම්පත් සොයා ඇවිදින්
කලක් තිස්සේ නොරට සිටියත්
සිතේ දුක ඇත්තේ

කටක් ඇරියොත් කියන්නේ:

"උතුම් රට ලංකාවයි,
රටෙන් ආ එක දුකමයි,
අනේ ආපසු යන්න ඇතිනම්
මං යන්න යනවාමයි!"

ඒත් නොරටක,
දුකෙන් සැප විඳ,
ඉන්නවා මිස,
කටෙන් මොන මොන
කතා කිව්වත්,
යලිත් ලංකාවේ,
ඉඳින්නට සැමදා,
කිසිම දිනයක,
යන්න අදහස,
තුන් සිතක නැත්තේ

එයයි ඇත්තම ඇත්ත තත්වේ
සැවොම දත යුත්තේ

කාලෙකින් ලංකාව වෙත ගොස්
සති දෙකක් හෝ තුනක් ඉඳලා
ආවයින් පස්සේ

දුකෙන් බර වී කියන්නේ:

"අපොයි මට ලංකාවේ
ඉන්න බෑ නේ අයියෝ
රටපුරා මදුරුවන් බෝමයි
ග්‍රීෂ්මයි හරි දාඩියයි"

"කාර් එකකින්
යන්නෙ කොහොමද?
රියදුරන් මග
මරුවන්ය අද!
අනේ නොදකින්
දේශපාලකයෝ,
මහා දූෂිතයෝ,
සදාකල් මා,
එරට ඉන්නේ
කොයි ලෙසද අයියෝ!"

එයයි ඇත්තම ඇත්ත තත්වේ
සැවොම දත යුත්තේ

තවත් සති දෙක තුනක් ගත වී
පරණ සුපුරුදු දිවිය ඇරඹේ
යළිත් අපෙ ඇත්තෝ

පරණ තැටියම ගහන්නේ:

"උතුම් රට ලංකාවයි,
රටෙන් ආ එක දුකමයි,
අනේ ආපසු යන්න ඇතිනම්
මං යන්න යනවාමයි!"

එයයි ඇත්තම ඇත්ත තත්වේ
සැවොම දත යුත්තේ!

© Rasika Imbulgoda, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

No comments:

Post a Comment

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ