----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Monday, March 1, 2021

මල් සුවඳ - ජනක සෙනෙවිරත්න

මල් සුවඳ වැට උඩින් පැන
මා වැළඳ යළි දුවයි
සරදමට මගේ හද පාරවයි
නවතින්න සොඳුරියේ නවතින්න
සුවඳ මට විඳ ගන්න ඉඩදෙන්න

අරලියා මල් වැටෙයි එදා වාගේ අදත්
අපි පෙමින් බැඳුණු තක්සලාවේ
මාවතේ අතුළ මල් පාගන්න මට බයයි
මගෙ දෙපා රළුයි අද ජීවිතේ
ඔබෙ හිමි ද දූපුතුන් ගොළු මුහුද ගෙනගොසින්
නුඹ සරන පටාචාරාවකී
කෙලෙස නුඹ ගෙනයමිද ඉසුරුපිරි ලොවක් වෙත
තවම මම සුනීතගෙ පන්තියේ

ගුරු දෙගුරු නෙත් වසා හාදුවක රස සොයා
ගෙවූ කාලය සුවඳ සිහිනෙකී
එකම පංතියේ හිඳ අකුරු කළ මුත් දනිමු
නොවුණු වග අපි එකම පංතියේ

ඇසුරු කළ පොත් අතර සැඟව ගිය පෙම් හසුන්
පිඹුරුපත් සිහිනයේ පුරවරේ
නුඹේ සිය නෑසියන් උමතුවෙන් වියරුවෙන්
දවාලූවා සිහින මන්දිරේ

© Janaka Seneviratne, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

No comments:

Post a Comment

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ