----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Tuesday, March 2, 2021

කෙල්ලේ මගේ කෙල්ලේ (රැප්) - කසීර පෙරේරා

(කෝරස්)
කෙල්ලේ මගේ කෙල්ලේ මගේ ආදර කෙල්ලේ
සිහිවෙනවා ඔබ සැමදා කෙල්ලේ
කෙල්ලේ මගේ කෙල්ලේ මගේ ආදර කෙල්ලේ
ඔබටත් මා සිහිවෙනවද කෙල්ලේ
කෙල්ලේ මගේ කෙල්ලේ මගේ පණ වැනි කෙල්ලේ
ළඟදී මං එන්නම් ගම පැත්තේ
කෙල්ලේ මගේ කෙල්ලේ මගේ පණ වැනි කෙල්ලේ
පරිස්සමෙන් ඉඳින්න රත්තරනේ

(රැප්)
යනකොට එනකොට කනකොට බොනකොට
ඉරිදට සඳුදට අඟහරුවාදාට
දින හත පැය විසි හතර පුරාවට
ඔබ සිහිවෙනවා කෙල්ලේ හැම විට

කඩේට යනකොට වැඩ කරනා විට
උදයට හවසට තේ එක බොන කොට
දහවල රෑ කල බත්පත කනකොට
ඔබ සිහිවෙනවා කෙල්ලේ හැම විට

ගෙදර ඉන්න කොට හුස්ම ගන්න කොට
රූපවාහිනිය නරඹන හැමවිට
තනියම යහනත නිදියන මොහොතට
ඔබ සිහිවෙනවා කෙල්ලේ හැම විට

(රැප්)
නුබ කුස දිලිසෙන සුන්දර පුර හඳ
සඳ වට දිදුලන නිල්මිණි තරු කැට
දුටු විට ඔබ මට සිහිවෙයි ප්‍රිය කත

පෙරදින දොළ ළඟ මා දුටු ඔබ වත
කෝමල ලාලිත සුලලිත සිහිනිඟ
සිහිනෙක පෙනුනද ඇති මට සිරිකත

මගෙ හදවත පිරි නොකැලැල් සෙනෙහස
සදහට ඔබ වෙතටම පුද කෙරුමට
පතනෙමි මම සුදු කෙල්ලේ හැමවිට

ළඟදිම එක්වෙමු එක වහලක් යට
ඒ දින එනතුරු එකරට දෙතැනක
අතැඟිලි ගනිමින ඉමු අපි රන් කඳ

© Kaseera Perera, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

No comments:

Post a Comment

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

රෝස කැකුළු - අනුරුද්ධ වැලිගමගේ