----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Tuesday, March 9, 2021

සුදුවත ඇඳගෙන - චන්ද්‍රා ආරච්චිගේ

සුදුවත ඇඳගෙන, තෙල් මල් අරගෙන
පන්සල වෙත යන මිතුරේ
වියපත් වෙන විට, ඔබ සිත දහමට
යොමු වූයේ ඇයි මෙලෙසේ
එය චක්කරය ද සසරේ

දහම් පාසලෙන් උගත් පාඩමෙන් වැඩිදුර නොසිතා ඈත් වුණා
පන්සිල් කැඩුණා, පන්සිල් රැකුණා ඒ ගැන කිසිවක් නොම සිතුණා
පෙම් කෙරුවා, අතිනත ගත්තා, යුග දිවියේ අම රස වින්දා
මිහිරෙන් සතුටෙන් පිරුණු අපේ ඒ තරුණ ජීවිතේ ගෙවී ගියා

කාලය ගෙවුණා, දරුවන් ලැබුණා, හොඳ හැටි පවුලේ බර දැනුණා
හිස කෙස් පැසුණා, සම රැළි වැටුණා, මැදිවිය ආවා, දුක හිතුණා
කාලය පෙරටත් වඩා වේගයෙන් ඉගිලී යන බව පසක් වුණා
පින් පව් ගැන යළි, සිත යොමු කරවන, සැන්දෑ සමය ද උදා වුණා

කඩුලු පනිනු බෑ, හයේ පහර බෑ, සිරුරේ ශක්තිය හීන වෙලා
ඉස්සර වාගේ විස්කම් දැන් බෑ, ඒ බව දැන් ඇත පසක් වෙලා
පන්සල පැත්තට සිත හැරුණා, පන්සිල්, අටසිල් මතක් වෙලා
යන තැනකට පින් එක්කර ගන්නට කාලය හරි බව පසක් වෙලා


සුදුවත ඇඳගෙන, තෙල් මල් අරගෙන
පන්සල වෙත යන මිතුරේ
වියපත් වෙන විට, ඔබ මෙන් දහමට
යොමුවෙන්නම් මං නුදුරේ
එයයි චක්කරය සසරේ

© Chandra Arachchige, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

No comments:

Post a Comment

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ