ඔබෙ වදන්වැල් මා සවන් යුග පිනාලූ
කාලයක් තිබුණා
කොවුල් කූජන නිරතුරුව ඇසුණා
ඒ වසන්තය නිමවුණා
සිතක පිපිමල් පරවුණා
රැහැයි හඬ නැගෙනා
සවන් යුග පෙළනා
මා සවන් යුග පෙළනා
අතිරසත් තිත්තට දැනෙන දින
උදා වී ඇත දුක්බරයි
අපට මේ ඉරණම උරුම යැයි
සිතුවෙ නෑ මා ඇත්තමයි
එක්ව දෙදෙනා පා නැගු මග
එදා වගෙ නොව දුක්බරයි
ඉතින් දෙමගක යන්න කාලය
පැමිණ ඇති බව ස්ථිරයි
© Kaseera Perera, 2021මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
No comments:
Post a Comment
මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.