මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Tuesday, February 9, 2021

සුන්දර කඳුරට - ගංගා ඒකනායක

ගේයපද: ගංගා ඒකනායක
සංගීතය: අරුණ කන්නංගර
ගායනය: ටියුරින් ෆොන්සේකා
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

සුන්දර කඳුරට පින් පිරි සිරී බර සෙංකඩගල පුරයේ
දන්ත ධාතු හිමීගෙන් පිවිතුරු වූ අන්තිම අග නගරේ
ශෝභන මහනුවරේ

සුවාසු දහසක් දහම් පහස ලද සම්බුදු මාහිමිගේ
දන්ත ධාතු සරණින් සුවපත් වූ ශෝභන මහනුවරේ
නෙත් කරුණා දහරේ, දන මන පුබුදු කෙරේ

දෙනෝ දහක් දන තුන් සිත පහදා බවුන් වඩන පහසින්
බුදු රැස් මාලා ගුවනට මුසුවී දෙව් රම් වෙහෙර ලෙසින්
නෙත් කරුණා දහරේ, සම්බුදු සිසිල දැනේ

ඩෙංකුටු බෙර හඬ කස පුපුරන හඬ කන්දෙන් කන්ද හැපේ
කඳු ගැට අතරින් ගලන රිදී දිය දහරින් සුවය සැදේ
නෙත් කරුණා දහරේ, සම්බුදු සිසිල දැනේ

සුන්දර කඳුරට පින් පිරි සිරි බර සෙංකඩගල පුරයේ
දන්ත ධාතු හිමිගෙන් පිවිතුරු වූ අන්තිම අගනගරේ
ශෝභන මහනුවරේ, සෙංකඩගල පුරයේ
ශෝභන මහනුවරේ, දන මන පුබුදු කෙරේ
ශෝභන මහනුවරේ, සම්බුදු සිසිල දැනේ

© Ganga Ekanayake, 2010

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, February 8, 2021

නිසල හද කර සසල - චන්ද්‍රා ආරච්චිගේ

නිසල හද කර සසල
සිනා පෑ නෙතු සඟළ
ළබැඳි සුකොමල ලලන
අතරමග මුණගැසුණ
දිවියේ අතරමග මුණගැසුණ

සොඳුරු සිතුවිලි පෙරදා නම්
තිබුණු මුත් සිත පුරවා
ආදරෙන් පැරදුණ දා
සියලු දේ අමතක කර මා
මතක පොත ගිනි තැබුවා

රාග ගිනි සිත ඇතුළේ
දැල්වෙතත් ගත රිදවා
ආදරේ බිඳකුදු වත්
එහි නැතේ ඔබ සඳහා
මා නොවේ ඔබෙ කුමරා

© Chandra Arachchige, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, February 7, 2021

නීල වලාවේ සැනසේවී - සුභාෂිණි ජයතිලක

නීල වලාවේ සැනසේවී
නැළවී සඳ සාවී
මල් පියල්ලේ රොන් උරා
බිඟු කැල සැතපේවී
සුසිනිඳු වැල්ලේ සුව දේවී
මුදු මඳනල මුසු වී
සිත් යායේ මල් පිබිදේවී
සුපෙම් සුව විඳීවී

මලවි හී සරින් කිති කැවුණු දෙහද අරා
සුවඳ දී පිපුණි පෙම් මල් දිවි ඇති තුරා
අත්වැල් බැඳ යන මග එළි කළ සිත් පුරා
පහන් සිල ඔබයි දැල්වුණු ගනඳුර ඉරා

විහඟ ගීතයක සිහින් සර ඈත ඇසුණා
ආදරේ නමින් සුමියුරු තනුවක් බැඳුණා
ජීවන ගීතය එයයි අපි එක්ව ගයනා
සසර ගමනේ සපථ ප්‍රේමයක අගනා

© Subhashini Jayathilaka, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, February 5, 2021

ඇතැම් විට මා ඔබ දිහා - රසන්ත චන්ද්‍රසූරිය

ඇතැම් විට මා ඔබ දිහා
බලන විට නෙත් කරකවා
ඔබ ද මා දෙස බලන බව මට
හොඳින් වැටහෙනවා
අපේ දෙනෙත් හමුවෙනවා

සුපිපි මල් කැකුලක් වගේ
උදේ බසයෙදි හමුවෙනා
මිහිරි හැඟුමන් මා සිතේ
නිබඳ පුබුදාලනා
ඔබයි මා ලොව සුරඟනා

දිනෙක සිත දිරි උපදවා
ඔබේ අසලින් වාඩි වී
මගේ හදවත ගැයෙන පෙම් ගී
ඔබට මුමුනන්නම්
ඔබයි මා ලොව සුරඟනා

© Rasantha Chandrasuriya, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, January 28, 2021

මා පෙම්බර පුෂ්පා - රසික සූරියආරච්චි

විඩා නිවා මා සිත සනසන්නී
හදට සෙමෙර රන් පවන් සලන්නී
සදාතනික සෙනෙහස මුදු පහස දෙවන්නී
මා පෙම්බර පුෂ්පා දේවී

විසිර දුවන සිත එක තැන රන්දා
හසරැලි මල් මුව කමලේ බන්දා
සඳ සිසිලස දී දිවි මග එළිය කරන්නී
මා පෙම්බර පුෂ්පා දේවී

ගිම්හානය සරතැස දුක දෙවනා
සන්තාපය හද නිරතුරු පෙලනා
සිඳ අමරස පැන් පොද මා දෙතොල තබන්නී
මා පෙම්බර පුෂ්පා දේවී

© Rasika Suriyaarachchi, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

තුෂර බිඳු දෙන සිසිලසේ - රසන්ත චන්ද්‍රසූරිය

තුෂර බිඳු දෙන සිසිලසේ
රැඳුණු සුව සැප වෙන කොහේ හෝ තිබේ දෝ
සිපිරිගෙයි මුරකාවලින් මිදිලා
ළපටි තණපත් උඩින් පියවර
තබන්නට මට වරම් දේවි ද සූරියා
වරම් දේවීදෝ

දොළොස් වසකින් නොදුටු ගම් දොර
ඉදෙන කිරිබත රස බලන්නට
දහයියා සුවඳින් පිරි ගිය
නැවුම් කළයක වතුර බොන්නට
කුඹුක් ඔය ඒදණ්ඩ හරහා එගොඩ වී
පිපුණු තලමල සුවඳ විඳිනට
වරම් දේවි ද සූරියා
වරම් දේවීදෝ

පරාජිත දුක් අතීතය තුළ
අහිමි වී ගිය දේ බොහෝ ඇත
එයින් ඔබෙ සුන්දර සිනාවයි
නයනයුග කැල්මයි දකින්නට
අහිමි උණුසුම මොහොතකට ලැබ
හදවතේ සීතල මකන්නට
වරම් දේවි ද සූරියා
වරම් දේවීදෝ

© Rasantha Chandrasuriya, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, January 27, 2021

මිහිරියේ, මා ප්‍රිය ළඳේ - චන්ද්‍රා ආරච්චිගේ

මිහිරියේ, මා ප්‍රිය ළඳේ
කාලයේ තරගයෙන් ජීවිතේ පැරදුණා
හිත ඔබේ මට හොරා වෙනතකට ඈඳුණා
මිහිරියේ, මා හැර ගිය ළඳේ

වැරදීම මා අතේ
ඔබේ නොහොඳක් නොවේ
දුක තනිය මගේ සිතේ
ඔබෙ සිතට නොම දැනේ

කඳුළු නොහෙළමි ප්‍රියේ
කිසි දිනක ජීවිතේ
මතු දිනක මගෙ හදේ
කුසුම් පිබිදෙනු ඇතේ

© Chandra Arachchige, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, January 21, 2021

අසනු හිරු සඳුනේ - ජනක සෙනෙවිරත්න

අසනු හිරු සඳුනේ
මගේ ප්‍රාණය ඇයයි
ඇගේ ප්‍රාණය මමයි
හිරු පියාණනි ගතේ සවිබල ලැබුණි දෝ උරුමෙන්
සඳු මෑණියනි හදේ දිරි බල ලැබුණි නුඹ ඇසුරෙන්

ඇගේ අත ගෙන දුරක් යන්නට
සැරසුණා පමණයි
ගියා දෝ හිරු සිතිජයේ සැඟවී
නොවෙද නුඹ නපුරුයි

හිත රිදුන තැන කඳුළු පිරිලා
දැවුණු හදවත නිති සොවින්
ජීවිතේ මග තවම අඳුරුයි
ඇයිද හිරු සඳු තවම නිහඬව

අප සුසුම් ඇති වත දකිනු රිසි නැති බවක් හඟවා
ඇයිද සඳුනේ කළු වලා සළු පොටින් වත සඟවා
හෙටත් එමු අපි නුඹ දකින්නට හදේ ගිනි පහදා
සඳේ උණුසුම දවාලනු ඇත කඳුළු වැල් පිසදා

© Janaka Seneviratne, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

කිකිණි ගී සිනා මියැදුන - මහේෂා වජිරකාන්ති විජේසේකර

කිකිණි ගී සිනා මියැදුණ නගරෙ මා රැඳී
එදා විසාලා නුවරට සමයි අද යළී
හුදකලා වීම සොඳුරුයි කියා රවටමී
ඒත් දුර වැඩියි මේ දුර සයුරු එපිටදී
සිහිනයක වෙළී මා නෙත ඉන්න ඔබ රැඳී

සිත බරයි පියාඹන්නට නොහැක තටු විදා
නොම ගමන් ඇතුව දැනෙනා වෙහෙස මහ මෙරක්
නොපෙනෙනා රුපුන් පෙන්වන සතුට මිරිඟුවක්
පුදුමයකි පුරුදු තනිකම ගෙනෙන බිය මෙදා

සෙවණැලි ද දුරස් මදි යැයි හිරු ද සැඟවුණී
වැසුම් කළ මුහුණු පණ ඇති වුව ද නැති වැනී
දෑත හිස් වුවත් අඳුරෙහි දිගු දවස් ගෙවී
එළැඹෙනා මුල්ම පැයෙ මා ඔබ සොයා එමී

© Mahesha Vajirakanthi Wijesekara, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, January 19, 2021

සීතල රැයේ පාළුව - ප්‍රසාදිකා වික්‍රමආරච්චි

ප්‍රසාදිකා වික්‍රමආරච්චි විසින් රචිත "සිත් කවුළුව" (2019) කාව්‍ය සංග්‍රහයේ අඩංගු නිර්මාණයකි.

සීතල රැයේ පාළුව මකන්නට
නුඹ නැතේ මගේ ළඟ හිඳින්නට
සඳ වතේ රැස් වැටේ
ගෙමිදුලේ පඩිය මත
නුඹ නැතේ මගේ ළඟ හිඳින්නට

නුඹේ ළඟ දැවටෙන්න
තුරුල් වී හිනැහෙන්න
පොපියයි මගේ හද
සෙමෙන් මුව සිපගන්න

තුරුලතා සිපගනියි
සීතලේ පවන් වැද
නුඹේ සුවඳ දැනේ මට
හමා එන පවන් මඳ
පෙනේ මට නුඹේ රුව
ගුරුපාර කොනේ ඉම

ගේයපද: ප්‍රසාදිකා වික්‍රමආරච්චි ගේ ඉහත කාව්‍ය නිර්මාණය අනුසාරයෙනි
සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනයඃ ශ්‍රියානි අබේනායක
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

සීතල රැයේ
පාළුව මකන්නට
නුඹ නැතේ
මා ළඟ හිඳින්නට
නුඹ නැතේ
මා ළඟ හිඳින්නට

නුඹ ළඟ දැවටෙන්න, තුරුල් ව හිනැහෙන්න
පොපියයි මගේ හද, ඔබ මුව සිපගන්න
නුඹ නැතේ මා ළඟ හිඳින්නට

තුරු ලතා සිප ගනියි, සීතල පවන් වැද
නුඹේ සුවඳ දැනෙයි මට, හමා එන පවන් මද
නුඹ නැතේ මා ළඟ හිඳින්නට

සීතල රැයේ
පාළුව මකන්නට
නුඹ නැතේ
මා ළඟ හිඳින්නට
නුඹ නැතේ
මා ළඟ හිඳින්නට

© Prasadika Wickramarachchi, 2010

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

හිනැහෙන් දියණියනේ - ජනක සෙනෙවිරත්න

හිනැහෙන් දියණියනේ
නුඹ මට රැජනකි
හැමදා මගේ ලොවේ

පුංචි දියණියනි මගෙ උකුළේ
මැණිකක් සේ උණහපුළු පැලේ
හිතින් දුවන්නට එපා මගෙ ලොවෙන්
තනිකර මා මේ අඳුරු පැලේ
ඒ ලෝකය අඳුරුයි කුරිරුයි

නුඹේ නිහඬ බව පසක් කළේ මම
තුන්තිස් පැය නිදිවර දෙද්දී
බිය නොමවන් මගෙ ආදර දියණියනේ
මුහුදු දෙබෑකර ගිරි තරණය කර
යන්නෙමි සොයමින් වෙදැදුරු ඉසිවරයෙක්

සඟවා ගමි මම සැලෙනා කඳුළැලි
නුඹ වත සිපගද්දී
කතා කරමු අපි දෑසින් නිරතුරු
ඇසෙනා තෙක් නුඹෙ ආදර එක වදනක්

විමසිලි නුඹ නෙතු නොසොයන් කිසිදා
නුඹේ පියා කොහෙදැයි බලමින්
පියඹා ගොස් දුර තව කැදැල්ලකට
යළි නොම එන්නට අපේ කඳුළු නිවලා

© Janaka Seneviratne, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, January 16, 2021

සීතාවනි මේ - චම්ප බුද්ධිපාල

ගේය පද : චම්ප බුද්ධිපාල
සංගීතය : ඉන්දු ප්‍රේමතිලක
ගායනය : චම්ප බුද්ධිපාල සහ චන්ද්‍රානි බුද්ධිපාල
සංයුක්ත තැටිය : සිසිල ගී (2013)

රාවණා:    ආ ආ
සීතාවනි මේ අන්තිම යුදයයි
සීතාවනි මේ අන්තිම යුදයයි
රාම හා කරනා

සීතා:    රාවණාවෙනි ඒ අන්තිම යුදයයි
ප්‍රේමය ම දිනනා

රාවණා:    සැලුණි මා නාමයෙන් සුරලොව
ආ, යස ඉසුරු මැද වෙසෙමි ලක්පුර
යස ඉසුරු මැද වෙසෙමි ලක්පුර
නමුදු තනි වූ මහද අරණට
පෑවු සඳ නම් නුඹේ රූපය

සීතා:    අසිපතින් ඔබ සිදුරු වුව හද
රකුසු දැහැනින් ගත දැවූව ද
සිත මගේ නතු නොවේ ඔබ වෙත
එහි සදා ගැයුණේ රාම නම
එහි සදා ගැයුණේ රාම නම

රාවණා:    නොහැලුවද නෙත් ම වෙත සැම කල
දිටිමි දෙනුවන් නැමුණු බවුනට
දිටිමි දෙනුවන් නැමුණු බවුනට
ඒ නුවන් අග දිලුණු නිවුමට
ප්‍රේම කළ බව දනුව කුමරිය
ප්‍රේම කළ බව දනුව කුමරිය

සීතා:    බිඳලමින් ශිව දෙවිඳුන්ගෙ දුනු
රාම පෙම්බර දිනී මා අත
මහද පුදසුන සදා රජයන
නැතේ අන් රුව රාම රුව මිස
නැතේ අන් රුව රාම රුව මිස

රාවණා:    සීතාවනි මේ අන්තිම යුදයයි
රාම හා කරනා

සීතා:    රාවණාවෙනි ඒ අන්තිම යුදයයි
ප්‍රේමය ම දිනනා

රාවණා:    ඕ ඕ ආ ඕ ඕ

© Champa Buddipala, 2013

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, January 13, 2021

ළඟින් හිටියත් - ජනක සෙනෙවිරත්න

ළඟින් හිටියත් හිතින් හමුවෙමු
දෙනෝදාහක් උකුසු ඇස් අතරේ

ඔබේ ඇස් තුළ දකිමි මා මම
විසි කරන්නෙමි මගේ කැඩපත
ඔබේ පියවර පිටුපසින් එමි
ජන්ම පත්තිරු කුමටදෝ මට
දිවි ගමන කියනා

ඔබේ හිත මගෙ නවාතැන්පල
සෙනෙහසේ සත්කාර හුරු පුරුදුයි
කුමටදෝ මට රුසිරු සිටු මැදුරක්
දොරටු විවරයි වැතිර ගන්නට
නුඹේ හද තුළ අමිල ආදරයෙන්

අනන්තයටම දිවෙන ඔබගේ
සෙනෙහසින් පිරි පහන්වැට අග
පෙනෙන්නේ අප සෙවූ කෙම්බිම දෝ
නුඹේ දෙනෙතේ කාන්තිය ළඟ
කුමටදෝ මට තව පහන් එළියක්

© Janaka Seneviratne, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සීත මීදුම් - අනුර හොරේෂස්

ගේයපද: අනුර හොරේෂස්
සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: අනුර හොරේෂස්
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

සීත මීදුම ආකාසේ
පිනි බිඳු තණ අග සිනහසුණේ
සුපිපුණු පියුමේ සමනළයින් සේ
සතර අනන්තයේ සැරි සැරුවේ
සීත මීදුම ආකාසේ
පිනි බිඳු තණ අග සිනහසුණේ

සරසවි බිම අප පුරාණයේ
සිත් සිතුවම් කළ හන්තානේ
නුවර වැවේ උඩරට මැණිකේ ඔබ
මොනවද සුළඟින් දැනගත්තේ
මොනවද සුළඟින් දැනගත්තේ

සීත මීදුම ආකාසේ
පිනි බිඳු තණ අග සිනහසුණේ
සුපිපුණු පියුමේ සමනළයින් සේ
සතර අනන්තයේ සැරි සැරුවේ
සීත මීදුම ආකාසේ
පිනි බිඳු තණ අග සිනහසුණේ

වෙන්වූ දා හසරැළි වියැකී
කම්මුල් මුතු කඳුළින් නැහැවී
දුරස්ව ගිය මියැසිය නෙත ගැටුණේ
ඇයගේ මංගල දිනයේ දී
ඇයගේ මංගල දිනයේ දී

සීත මීදුම ආකාසේ
පිනි බිඳු තණ අග සිනහසුණේ
සුපිපුණු පියුමේ සමනළයින් සේ
සතර අනන්තයේ සැරි සැරුවේ
සීත මීදුම ආකාසේ
පිනි බිඳු තණ අග සිනහසුණේ
සීත මීදුම ආකාසේ
පිනි බිඳු තණ අග සිනහසුණේ
සීත මීදුම ආකාසේ
පිනි බිඳු තණ අග සිනහසුණේ

© Anura Horeshes, 2010

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, January 12, 2021

සිත ඉගිල ගියා - ඉන්දු ප්‍රේමතිලක

ගේයපද: ඉන්දු ප්‍රේමතිලක
සංගීතය: ඉන්දු ප්‍රේමතිලක
ගායනය: ඉන්දු ප්‍රේමතිලක
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

සිත ඉගිල ගියා වසන්තයට
හාදුවක් අරන්
සුන්දරයි සියුමැලි යි
ස්නේහයෙන් බරයි

ඔබ දකින දකින හැම මොහොතෙම
ආල සිත් වඩයි
ඒ තරමට අපි ලෙන්ගතු යි
ඔබ දකින දකින හැම මොහොතෙම
ආල සිත් වඩයි
ඒ තරමට අපි ලෙන්ගතු යි
සුන්දරයි සියුමැලි යි
සුන්දරයි සියුමැලි යි
ස්නේහයෙන් බරයි
සිත ඉගිල ගියා වසන්තයට
හාදුවක් අරන්

ඔබ නොදැක ඉන්න බෑ මට තව
සිත හැඟුම් ගෙනෙයි
ඒ තරමට අපි ලෙන්ගතු යි
ඔබ නොදැක ඉන්න බෑ මට තව
සිත හැඟුම් ගෙනෙයි
ඒ තරමට අපි ලෙන්ගතු යි
සුන්දරයි සියුමැලි යි
සුන්දරයි සියුමැලි යි
ස්නේහයෙන් බරයි

සිත ඉගිල ගියා වසන්තයට
හාදුවක් අරන්
සුන්දරයි සියුමැලි යි
ස්නේහයෙන් බරයි
සිත ඉගිල ගියා වසන්තයට
හාදුවක් අරන්

© Indu Prematilake, 2013

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සුවඳ රැන්දු මාවතේ - හේමාල් ජයවික්‍රම

සුවඳ රැන්දු මාවතේ
මා ආ දිහා එසේ
දල්වා නෙතින් කළේ විපරම්
හද ගිලී රසේ

සිටියේ එලෙස දෑස් විදා
ස්නේහේ ගෙනේ කියා
දිවියේ ගෙවන කාන්සියෙන්
මොහොතක් සුවේ සොයා
දෙහදෙන් නැගෙනා'ලේ රසෙන් මත්වෙමියි කියා

මෙලෙසින් ය එක්ව කාලෙකින්
මැවුණේ සුවේ සහන්
රහසින් කී කතාවලින්
හද මා කළා සිසිල්
ගෙවුණේ සැණෙන් නිමේෂය පෙම්, දෙහදටත් හොරා

දිලෙනා නෙතේ කැල්මෙන්
මොනවා ද කියවුණේ
සැලෙනා සුපුල් තොල් අගින්
රහසක් ද ගොළුවුණේ
සුමිහිරි හඬින් සරාගික වූ, පිබිදුණා හැඟුම්

© Hemal Jayawickrama, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

විනිසුරුවෙකු - මංජුල වෙත්තසිංහ

විනිසුරුවෙකු චූදිතයෙකු වූ දා
වධකයෙකුගෙ සිත කැළඹී දෝ
දූෂිතයෙකු විනිසුරුවෙකු වූ දා
ජූරිය මීවිත කැඳවී දෝ

සැඩ හිරු ඉඳුරින් ගිලිහී ගිය දා
පුරහඳ රැස් බිහිසුණු වී දෝ
සැවුලන් අරුණේ නොහඬනු රිසියෙන්
නොනිදා රැය එළි කරවී දෝ

වේයන් පොත්ගුල අත්පත් කළ දා
උන් සරසවියට පිවිසී දෝ
සතරට ගිජු සිප්හල වැනසූ දා
ඇදුරන් සිල් පද නොබිඳී දෝ

© Manjula Wettasinghe, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, January 11, 2021

ඔපෙරා රඟහල - ජනක සෙනෙවිරත්න

ගේයපද: ජනක සෙනෙවිරත්න
සංගීතය: අරුණ කන්නන්ගර
ගායනය: ලලිත් කලුපහන
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

ඔපෙරා රඟහල සමනළ තටු යට නුඹෙ වත දිලිසෙන්නේ
වැලි කෙළියේ සිට බැඳි මුදු සෙනෙහස සැමදා ලියලන්නේ
නොහඬන් සොඳුරියනේ මම නුඹ සුරකින්නේ
නොහඬන් සොඳුරියනේ මම නුඹ සුරකින්නේ

සිය නෑ මිතුරන් අතහැර දුරු රට ආ හැටි සිහිවන්නේ

මා උර තලයේ හිස සඟවා ගෙන ඇයි නුඹ වැලපෙන්නේ
නොහඬන් සොඳුරියනේ මම නුඹ සුරකින්නේ
නොහඬන් සොඳුරියනේ මම නුඹ සුරකින්නේ

සිහිනෙන් ගෑ සුවඳක් අද වාගේ ඇළ දොළ වන වදුලු

දෙනෙත පියාගෙන ඉවත බලාගෙන රහසින් කඳුළු හෙළු
සිනහෙන් සොඳුරියනේ මම නුඹ සුරකින්නේ
සිනහෙන් සොඳුරියනේ මම නුඹ සුරකින්නේ
සිනහෙන් සොඳුරියනේ

© Janaka Seneviratne, 2010

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, January 9, 2021

ඔබයි වසන්තේ - ඉනුරී වෙත්තසිංහ

ගේයපද: ඉනුරී වෙත්තසිංහ
සංගීතය: තුෂාරී එදිරිසිංහ
ගායනය: චාන්දනී සේනාරත්න
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

ගනඳුර බැස යයි, හිරු රැස් විහිදෙයි
වනන්තරේ හැඩ මල් සුපිපෙයි
වසන්ත ගස්වල මැණික් පිරීලා
බිමට නැමී හරීම හැඩයි
චූටි පැටව් ඉපදුණ මොහොතේ දී
නව සුවඳක් ලොවට ලැබෙයි
ඔබයි වසන්තේ, ඔබයි වසන්තේ
ඔබයි වසන්තේ, ඔබයි වසන්තේ

මල් මල් ගවුමක් ඇඳලා
කොණ්ඩය කරලට ගොතලා
මල් මල් ගවුමක් ඇඳලා
කොණ්ඩය කරලට ගොතලා
මල් යායේ දුව පැනලා
සිත මගෙ පිරිසිදු කරලා
මමයි වසන්තේ, මමයි වසන්තේ
මමයි වසන්තේ, මමයි වසන්තේ

සඳ පායන රාත්‍රියේ
අහස බලා තරු ගණින්න
සඳ පායන රාත්‍රියේ
අහස බලා තරු ගණින්න
හඳ හාවට ගී ගයන්න
මං ආසයි පියාඹන්න
මමයි වසන්තේ, මමයි වසන්තේ
මමයි වසන්තේ, මමයි වසන්තේ
ඔබයි වසන්තේ, ඔබයි වසන්තේ

© Inuri Wettasinghe, 2013

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, January 8, 2021

නිදි නැති තුන් යම - සුභාෂිණි ජයතිලක

නිදි නැති තුන් යම මගේ කඳුළු කැට
මට සරදම් කරනා
සිහින විමානෙක අතරමංව මම
ඔබ එනතුරු උන්නා

ඈතින් රැව්දෙන විහඟ ගීතයක
ඔබෙ හඬ මට ඇසුණා
මල් කෙමි පිස එන සිහිලැල් පවනේ
ඔබේ සුවඳ රැඳුණා

ශෝක ගීතයක පදවැල් අබියස
මගේ පැතුම් බිඳුණා
සිහින බිඳුණ නෙතු කඳුළු අතර ඔබ
ඈතක බව හැඟුණා

මේ පදමාලාව දැන් ගීතයක් ලෙස නිර්මාණය වී ඇත.

රචනය: සුභාෂිණි ජයතිලක
ගායනය: නුවන්ධිකා සේනාරත්න
තනුව සහ සංගීත නිර්මාණය : අශෝක පුෂ්පකුමාර

නිදි නැති තුන්යම මගේ කඳුළු කැට මට සරදම් කරනා
සිහින විමානෙක අතරමංව මම ඔබ එනතුරු උන්නා

විල් දිය පිස එන සිහිලැල් පවනේ ඔබේ සුවය දැනුණා
සිහින බිඳුන නෙතු කඳුළු අතර ඔබ ඈතක බව හැඟුණා

නිදි නැති තුන්යම මගේ කඳුළු කැට මට සරදම් කරනා
සිහින විමානෙක අතරමංව මම ඔබ එනතුරු උන්නා

ඈතින් රැව්දෙන විහඟ ගීතයක ඔබෙ හඬ මට ඇසුණා
සෝක ගීතයක පදවැල් අබියස මගේ පැතුම් සිඳුණා

නිදි නැති තුන්යම මගේ කඳුළු කැට මට සරදම් කරනා
සිහින විමානෙක අතරමංව මම
ඔබ එනතුරු උන්නා

ගීය අසන්න.

© Subhashini Jayathilaka, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, January 7, 2021

බෝධි අබියස - මල්කාන්ති පටුවත විතානගේ

ගේයපද: මල්කාන්ති පටුවත විතානගේ
සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: විදුර ප්‍රනාන්දු
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

බෝධි අබියස පහන් දල්වා
පැතුම් පැතුවා අපි එසේ
අනේ සමිඳුනි කියනු මැන මට
පුංචි මා ඇයි තනි වුණේ
දෙනෝ දහසක් සෙනඟ ගැවසෙන
මහා ගංතෙර මත එදා
ළසෝ දැල් ගිනි ඇවිලුණා මට
අපේ අසරණ කම නිසා

කිරට හැරවූ ඔබේ රතු ලේ
කඳුළු ගඟකට මුසුවුණේ
ඇයිද අම්මේ ඔබේ හදවත
ගොළුවුණේ මා ගැන එසේ
භවෙන් භවයට පැතුම් පතමින්
ඔබේ පුතු ලෙස මා එදා
සිනාසෙන විට දෙතොල් විහිදා
ගැයූ ඒ සුන්දර කතා

ගහේ ගෙඩි ගස්වලට බර නැත
කියා මා අසලා තියේ
මහමෙරක් සේ බර වුණේ ඇයි
පුංචි මා අද මේ ලෙසේ
වනේ වන සතුරෙකුටවත් මා
කළේ නැත වරදක් එදා
පුංචි මගෙ ලොව අහිමි කළෙ මට
ඇයිද අම්මේ නෙත් වසා

බෝධි අබියස පහන් දල්වා
පැතුම් පැතුවා අපි එසේ
අනේ සමිඳුනි කියනු මැන මට
පුංචි මා ඇයි තනි වුණේ
දෙනෝ දහසක් සෙනග ගැවසෙන
මහා ගංතෙර මත එදා
ලසෝ දැල් ගිනි ඇවිලුණා මට
අපේ අසරණ කම නිසා

© Malkanthi Patuwatha Withanage, 2013
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ඉරත් හඳත් මට - මල්කාන්ති පටුවත විතානගේ

ගේයපද රචනය: මල්කාන්ති පටුවත විතානගේ
සංගීතය: තුෂාරී එදිරිසිංහ
ගායනය: අයෝමී බස්නායක බොස්කෝ
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

ඉරත් හඳත් මට නැතත් ලොවේ
සඳත් හිරුත් මට ඔබයි පුතේ
හිරු සඳු වී යළි අපේ ලොවේ
පායන හිරු ඔබ වෙන්න පුතේ
පායන හිරු ඔබ වෙන්න පුතේ

ජාතිය ආගම ගැන කවදත්
වේදනාව නුඹහට තිබුණා
මිනිසත් බව දුණි දෙවියකු විලසට
වස්තුව නිලතල ගැන නොතකා
වස්තුව නිලතල ගැන නොතකා

ඉරත් හඳත් මට නැතත් ලොවේ
සඳත් හිරුත් මට ඔබයි පුතේ
හිරු සඳු වී යළි අපේ ලොවේ
පායන හිරු ඔබ වෙන්න පුතේ
පායන හිරු ඔබ වෙන්න පුතේ

අන් සතු දුක දැක රට රැක ගන්නට
රණ විරුවකු ලෙස නික්ම ගියේ
මතු අත් භවයෙදි යළිත් වරක් නුඹ
හමුවේවා සුදු පුතු විලසේ
හමුවේවා සුදු පුතු විලසේ

© Malkanthi Patuwatha Withanage, 2010

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

අතරමග යි මේ සංසාරේ - ආරියදාස විදානපතිරන

අතරමගයි මේ සංසාරේ
ඔබ හමුවී සෙනෙහස ලැබුණේ
එමග මතක අද සිහිනයකී
සිත කැළඹී දොම්නස දැනුණේ

පසුකරනා එම ගමන් මගේ
ඔබ අද නැත හිත කකියන්නේ
නමුත් ඔබේ ගුණ සදා මතකයේ
පවතිනු ඇත නැත මියයන්නේ

පෙන්වා දෙනු මැන ඔබේ ගමන් මග
නැවතුම් පොළ ඇත පේන මානයේ
පෙරුම් පුරන්නේ යළි හමුවන්නට
අම්මෙ තාත්තේ මතු භවයේ

© Ariyadasa Vidanapathirana, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, January 4, 2021

පෙරුම් පුරාගෙන - මෛත්‍රී පනාගොඩ

ගේයපද: මෛත්‍රී පනාගොඩ
සංගීතය: අරුණ කන්නන්ගර
ගායනය: ප්‍රදීප් වාස් ගුණවර්ධන
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

පෙරුම් පුරාගෙන නාවා වෙන්නැති
මේ අත් භවයෙම නිවන් දකින්නට
උතුම් මිනිස්බව නැවත ලැබේවිද
වැඩි වැඩියෙන් තව පින් කරගන්නට
වැඩි වැඩියෙන් තව පින් කරගන්නට

තන්හා ආශා යටපත් කෙරුවා
දන් සිල් පාරමිතා පිරුවා
ඉඳහිට නොදැනම වරදක් කෙරුවත්
ගිහිගෙයි යුතුකම් ඉටු කෙරුවා

පන්සිල් ගත්තා පන්සිල් රැක්කා
සන්සුන් දිවියක් ගත කෙරුවා
බවුන් වඩන්නට කෙලෙස් නිවන්නට
මේ දිවි ආයුෂ අල්ප වුණා

පෙරුම් පුරාගෙන නාවා වෙන්නැති
මේ අත් භවයෙම නිවන් දකින්නට
උතුම් මිනිස්බව නැවත ලැබේවිද
වැඩි වැඩියෙන් තව පින් කරගන්නට
වැඩි වැඩියෙන් තව පින් කරගන්නට

© Maithri Panagoda, 2013
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ගුවන් ගැබේ - පාලිත ගනේවත්ත

ගේයපද: පාලිත ගනේවත්ත
සංගීතය: ප්‍රියානී ගනේවත්ත
ගායනය: ප්‍රියානී ගනේවත්ත සහ පිරිස
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

ගුවන් ගැබේ සිත පියඹා යයි
ඈත රටක මතකය පිබිදෙයි
හද තුළ තෙරපෙන නොකියන සිතිවිලි
හිරු සඳු අතරින් මියැදී යයි
හද තුළ තෙරපෙන නොකියන සිතිවිලි
හිරු සඳු අතරින් මියැදී යයි

මව්බිම සිහිවීලා, දොම්නස නෙත රැඳිලා
දුරුරට පෙම් බැඳලා, සිත් මල් පිබිදීලා
මව්බිම සිහිවීලා, දොම්නස නෙත රැඳිලා
දුරුරට පෙම් බැඳලා, සිත් මල් පිබිදීලා

සොඳුරු දසුන් නෙත ගැටෙන සඳේ
නුහුරු වදන් සවනත පැටලේ
හෙට දින පිළිරුව මනසින් දකිමින
තුටුවෙමු නිබඳව රන් රස සේ
හෙට දින පිළිරුව මනසින් දකිමින
තුටුවෙමු නිබඳව රන් රස සේ

මව්බිම සිහිවීලා, දොම්නස නෙත රැඳිලා
දුරුරට පෙම් බැඳලා, සිත් මල් පිබිදීලා
මව්බිම සිහිවීලා, දොම්නස නෙත රැඳිලා
දුරුරට පෙම් බැඳලා, සිත් මල් පිබිදීලා

© Palitha Ganewatta, 2013

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

මල් දුටු කල - මංජුල වෙත්තසිංහ

ගේයපද: මංජුල වෙත්තසිංහ
සංගීතය: අරුණ කන්නන්ගර
ගායනය: ලංකා ප්‍රියංගනී
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

මල් දුටු කල ඔබෙ රුව සිත මැවේවී
මල් සිඹි කල කිරි සුවඳක් දැනේවී
මලින් පුදා පැතුවත් සසරේ සුවේ
මා සිත මා හට පහසක් නොදේවී

අලුත් ලොවක තනිකම හුරු වුණාදෝ
සයුරෙන් තෙර රන් කහවණු සොයාදෝ
අලුත් ලොවක තනිකම හුරු වුණාදෝ
සයුරෙන් තෙර රන් කහවණු සොයාදෝ
නෙත් බොඳවී සිතුවිලි පාවී ගියේ
යළි ඔබ නොලැබෙන බව මට දැනීදෝ

මුව හඬ නැගුමට ගත වර නොවීදෝ
හිනැහීමට හද බර වැඩි වුණාදෝ
මුව හඬ නැගුමට ගත වර නොවීදෝ
හිනැහීමට හද බර වැඩි වුණාදෝ
නෙත් බොඳවී සිතුවිලි පාවී ගියේ
මා එන තුරු දොර දෙස නෙත් යොමාදෝ

මල් දුටු කල ඔබෙ රුව සිත මැවේවී
මල් සිඹි කල කිරි සුවඳක් දැනේවී
මලින් පුදා පැතුවත් සසරේ සුවේ
මා සිත මා හට පහසක් නොදේවී
මා සිත මා හට පහසක් නොදේවී
මා සිත මා හට පහසක් නොදේවී

© Manjula Wettasinghe, 2013

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, January 3, 2021

අතැර ගියත් දකිනෙමි - ඇනට් ගුණසේකර

අතැර ගියත් දකිනෙමි සිහිනෙන් අම්මේ
අඳුර මකා එළිය දෙන දෙවඟනක් සේ

ආදර උල්පතෙන් ඉණු තෙල් බිඳු සෑම
සිඳෙනු නොදී අපගේ දිවි එකලු කළ
අම්මා අපෙ දිවි පහන විය සැමදාම
දැල්වුණු පහන් තිර වූයේ අපි සැවොම

කාගෙත් ආදරයට වැඩියෙනි බෙදුවේ
ඒ ආදරය නැත වෙන කිසිවෙකු පිදුවේ
දිවි ඇති තුරා දරු සෙනෙහස ඇය රැකුවේ
ජීවමාන දෙවියෙකි නිවසේ සිටියේ

අරුණෝදයේ පිබිදුණු හිරු රැස් වාගේ
රෑ මැදියමේ සිසිලක් දුන් සඳු වාගේ
සුවඳ මල් යායෙ පීදුණු මලක් වගේ
සිසිල සුවඳ අපෙ ආලෝකය ඔබ වේ

© Annette Gunasekara, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සුනිල වරලස දිලේ - දීපිකා සුන්ද්‍රාවඩුගේ

සුනිල වරලස දිලේ පිට මැද මලින් ගවසාලා
සුවඳ චන්දන කුංකුම අංගර ඇඟෙහි ගල්වාලා
රන් මිණි මුතු බැඳි මනරම් අබරණ ගෙල වට පළඳාලා
නිලුපුල් දෑසින් මදෙස බලයි ඇය සුරඟන පරදාලා

කස්තුරි තිලකය නළලත තබලා
පළඳා උකුළෙහි රන් මිණි මෙවුලා
සිරිමත් පුන්සඳ මෙන් වත කමලා
නිලුපුල් දිගු නෙත් රතදර පොබලා

යටැසින් බලනා බැල්මෙන් දඟලා
මා මත් කැරුමට නොහැකිය රඟලා
දැනගනු ළඳ මා බවුන් වඩන්නෙමි
සරතැස නොතකා කෙලෙසුන් තැවුමට

සුකොමල ළඳ වුව ඔබ ඒ කෙතරම්
නොහැකිය ඔබහට මා වලකන්නට
මෙලොව දනන්ගේ ගුණ නැණ වැඩුමට
වරම් ලබා මා පැමිණියෙ මෙලොවට

© Deepika Sundrawaduge, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, January 2, 2021

ජීවිතේ අපේ - පූජ්‍ය කුඩාගල කෝවිද

ගේයපද: පූජ්‍ය කුඩාගල කෝවිද හිමි
තනුව: හේමාල් ජයවික්‍රම
සංගීත සංයෝජනය: අශෝකවර්ණ සිටිනාමළුව
ගායනය: ටියුරින් ෆොන්සේකා සහ පිරිස
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

ජීවිතේ අපේ ජීවිතේ, රෝස මල් යානා නොවේ
ජීවිතේ අපේ ජීවිතේ, රෝස මල් යානා නොවේ
දුක සැප දෙක පෙරළෙන මේ
දුක සැප දෙක පෙරළෙන මේ
ලෝ තලයේ ජීවිතේ ජීවීතේ
ජීවිතේ අපේ ජීවිතේ, රෝස මල් යානා නොවේ

දුක කෙළවර සැප තිබෙන්නෙ
සැප කෙළවර දුක තිබෙන්නෙ
දුක සැප දෙක නිති පෙරළේ
රිය සක සේමා ලෝකේ
දුක කෙළවර සැප තිබෙන්නෙ
සැප කෙළවර දුක තිබෙන්නෙ
දුක සැප දෙක නිති පෙරළේ රිය සක සේමා

ජීවිතේ අපේ ජීවිතේ, රෝස මල් යානා නොවේ
ජීවිතේ අපේ ජීවිතේ, රෝස මල් යානා නොවේ

දුක සැප දෙක පෙරළෙන මේ
දුක සැප දෙක පෙරළෙන මේ
ලෝ තලයේ ජීවිතේ ජීවීතේ
ජීවිතේ අපේ ජීවිතේ
රෝස මල් යානා නොවේ

රෝස මලක් වගේ අපට, බැහැ නිතරම දිවි ගෙවන්න
දුක සැප දෙක නිරතුරුවම අප පසුපස ලුහු බඳින්නෙ
රෝසමලක් වගේ අපට, බැහැ නිතරම දිවි ගෙවන්න
දුක සැප දෙක නිරතුරුවම, අප පසුපස ලුහු බඳින්නෙ

මේ අනුවයි අපෙ ජීවිත ගත වෙන්නේ මේ ලෝකේ
මේ අනුවයි අපෙ ජීවිත ගත වෙන්නේ මේ ලෝකේ
දුක් කම්කටොලු ද නිම්නැත මෙයයි අපේ ජීවිතේ

මෙයයි අපේ ජීවිතේ
මෙයයි අපේ ජීවිතේ
මෙයයි අපේ ජීවිතේ

© Rev Kudagala Kovida

මේ ගීතය ස්ව 2021 ප්‍රසංගයේ දී හේමාල් ජයවික්‍රම සහ රුවී නිම්නදී විසින් ගායනා කරන ලදී.

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

පියාණෙනි - දීපාල් ද සිල්වා

ගේයපද: දීපාල් ද සිල්වා
සංගීතය: අරුණ කන්නන්ගර
ගායනය: බොනී ප්‍රනාන්දු
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

ඔබ මට සෙවන දුන් සුවිසල් ගසක් වැනී
යා යුතු දිවි මග මාහට කියා දුනී
මා ලැබු ජය ඔබ දිරි දුන් නිසා වෙනී
ගයනෙමි ඔබ ගුණ සිහිකර පියාණෙනී
ගයනෙමි ඔබ ගුණ සිහිකර පියාණෙනී

කිසිවෙකු කළත් නොපනත්කම් වී සතුරු
එකිනෙක කළේ නෑ ඔබ ඔවුනට නපුරු
කිසිවෙකු කළත් නොපනත්කම් වී සතුරු
එකිනෙක කළේ නෑ ඔබ ඔවුනට නපුරු
එවැනි උතුම් ගුණ දිවියෙන් පෑ අයුරු
මතකයි මට තාම අද වගෙ පියෙණි ගරු

සුවඳක් තියේ මගෙ සිත පතුලේ පිරුණු
ඒ ඔබ සුවඳමයි කවදත් මෙමට හුරු
සුවඳක් තියේ මගෙ සිත පතුලේ පිරුණු
ඒ ඔබ සුවඳමයි කවදත් මෙමට හුරු
පැතුමක් පතමි සැම දින මා මියෙන තුරු
වේවා ඔබ පුතුම සසරේ වසන තුරු
පැතුමක් පතමි සැම දින මා මියෙන තුරු
වේවා ඔබ පුතුම සසරේ වසන තුරු
පැතුමක් පතමි සැම දින මා මියෙන තුරු
වේවා ඔබ පුතුම සසරේ වසන තුරු

© Deepal de Silva, 2013

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, December 31, 2020

ගැටය සන්දියේ - නිහාල් රූපසිංහ

ගේයපද: නිහාල් රූපසිංහ
සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: හේමාල් ජයවික්‍රම
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

ගැටය සන්දියේ
පෝදා ගමේ පන්සලේ
පෑයූ ඒ අපූරුවට
ඇයි අද පායන්නේ නැත්තේ
සඳුනේ

ඔබ සුසුමින් සැලි සිල්
සේම මා සිත කැළඹුණා
දුම් වැද පිපි කඳුළු සේ
තුරුණු සෙනෙහේ මල් පිපුණා
ඇයි අද පායන්නේ නැත්තේ
සඳුනේ

සඳ ළඟ ලතවෙනා
සොඳුරු මතකයෙ ඝන වලා
ගෙනයන් ඈතට එහා
වහා වියපත් මදනලේ
පායන් අපූරුවට එදා වගේ
සඳුනේ

ගැටය සන්දියේ
පෝදා ගමේ පන්සලේ
පෑයූ ඒ අපූරුවට
පායනු මැන එදා වාගේ
සඳුනේ

© Nihal Rupasinghe, 2013

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ටික්කි ටිකිරි ටිකිරිලියා - ඥානතිලක හේවාගමගේ

ගේයපද: ඥානතිලක හේවාගමගේ
සංගීතය: ඉන්දු ප්‍රේමතිලක
ගායනය: මලිත් ගුණරත්න
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

ටික්කි ටිකිරි ටිකිරිලියා
මාත් එක්ක තරහ වෙලා
ටික්කි ටිකිරි ටිකිරිලියා
අහක බලන් යන්න ගියා
ආදරයට නැගූ සිනා කෝ
ආදරයට නැගූ සිනා කෝ

පුන්සඳ පායා ඇති දින
ගංතෙර අයිනේ ඉඳගෙන
මාත් එක්ක ජෝඩුවෙලා
ආදරේට දෙඩූ කතා කෝ
ආදරයට දෙඩූ කතා කෝ

ටික්කි ටිකිරි ටිකිරිලියා
මාත් එක්ක තරහ වෙලා
ටික්කි ටිකිරි ටිකිරිලියා
අහක බලන් යන්න ගියා
ආදරයට නැගූ සිනා කෝ
ආදරයට නැගූ සිනා කෝ

එක දවසක් නොදැක ඉඳලා
තල් වැට අයිනේ හැංගිලා
මාත් එක්ක තුරුළු වෙලා
ආදරයට හැඬූ කඳුළු කෝ
ආදරයට හැඬූ කඳුළු කෝ

ටික්කි ටිකිරි ටිකිරිලියා
මාත් එක්ක තරහ වෙලා
ටික්කි ටිකිරි ටිකිරිලියා
අහක බලන් යන්න ගියා
ආදරයට නැගූ සිනා කෝ
ආදරයට නැගූ සිනා කෝ

© Gnanatilaka Hewa-Gamage, 2010

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, December 30, 2020

වරම් දෙනු මැන - රසික සූරියආරච්චි

ගේයපද: රසික සූරියආරච්චි
සංගීතය සහ ගායනය: අරුණ කන්නන්ගර
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

වරම් දෙනු මැන මගේ දෙතොලින්
සුමුදු ඔබ වත මල සිඹින්නට
වරම් දෙනු මැන මගේ සුරතින්
සුමුදු කෙහෙරැලි පිරිමදින්නට

සිතේ බැඳි සෙනෙහසේ මැදුරේ
ඇතේ නටබුන් විසිරිලා
සිතේ බැඳි සෙනෙහසේ මැදුරේ
ඇතේ නටබුන් විසිරිලා
අසම්මත පෙම බැඳුණු දෙසිතේ
වසන්තය අද ගොළුවෙලා

වරම් දෙනු මැන මගේ දෙතොලින්
සුමුදු ඔබ වත මල සිඹින්නට
වරම් දෙනු මැන මගේ සුරතින්
සුමුදු කෙහෙරැලි පිරිමදින්නට

හිරු නොමැති ලොව සඳු නොමැති ලොව
අපේ ලොව අඳුරුයි ප්‍රියේ
හිරු නොමැති ලොව සඳු නොමැති ලොව
අපේ ලොව අඳුරුයි ප්‍රියේ
සතුට මදහස මිහිර සිසිලස
සිහිනයකි සැබෑවක් නොවේ

වරම් දෙනු මැන මගේ දෙතොලින්
සුමුදු ඔබ වත මල සිඹින්නට
වරම් දෙනු මැන මගේ සුරතින්
සුමුදු කෙහෙරැලි පිරිමදින්නට
වරම් දෙනු මැන මගේ දෙතොළින්
සුමුදු ඔබ වත මල සිඹින්නට
වරම් දෙනු මැන මගේ සුරතින්
සුමුදු කෙහෙරැලි පිරිමදින්නට

© Rasika Suriyaarachchi, 2013

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

මුරුගසන් වැස්ස - ශ්‍යාමලී සෙනෙවිරත්න

මුරුගසන් වැස්ස ඇද හැලිලා
මුදු සිනිඳු පියාපත් කැඩුණා
නෙත් ඇරලාවත් නොබලා
කොහෙදෝ ගියෙ සමනළ පැටියෝ
මේ මල්වත්තට නුඹ වැඩි නෑ

නුඹේ නමට ඉනු කිරි පොද
කඳුළක් වී වැගිරී වැටුණා
මල් වත්තම තිගැස්සිලා
සංකාවෙන් උන්නා
මල් වත්තම තිගැස්සිලා
හිත සුසුමෙන් පිරුණා

සමනළ දරුවෝ උයනේ
හිනැහී දුව පැන යනවා
නුඹෙ රන් පියාපතේ රුව
තාමත් මට සිහිවෙනවා
නුඹෙ රන් පියාපතේ රුව
කිරි සිහින දැවෙනවා

ගේයපද: ශ්‍යාමලී සෙනෙවිරත්නගේ ඉහත පදවැල අනුසාරයෙනි
සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: දීපා ගංගොඩ
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

මුරුගසන් වැසි ඇද හැලිලා
මුදු සිනිඳු පියාපත් සැලුණා
නෙත් හැරලාවත් නොබලා
කොහෙද ගියේ සමනළ පැටියෝ
මේ මල්වත්තට නුඹ වැඩි නෑ
මේ මල්වත්තට නුඹ වැඩි නෑ

නුඹේ නමට ඉඳු පැණි පොද
කඳුළක් වී වැගිරී වැටුණා
මල් වත්තම තිගැස්සිලා
සංකාවෙන් උන්නා
මල් වත්තම තිගැස්සිලා
හිත සුසමන් පිරුණා

සමනළ දරු කැළ උයනේ
ආයෙත් දුව පැන පැන යනවා
නුඹෙ රන් පියාපතේ රුව
තාමත් සිහිවෙනවා
නුඹෙ රන් පියාපතේ රුව
කිරි සිහින මැවෙනවා

මුරුගසන් වැසි ඇද හැලිලා
මුදු සිනිඳු පියාපත් සැලුණා
නෙත් හැරලාවත් නොබලා
කොහෙද ගියේ සමනළ පැටියෝ
මේ මල්වත්තට නුඹ වැඩි නෑ
මේ මල්වත්තට නුඹ වැඩි නෑ

© Shyamali Senevirathna, 2010

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

හෙට අලුත් ඉරක් පායයි - මලී දිසනායක

ගේයපද: මලී දිසනායක
සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: සමනලී ජයසූරිය
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

හෙට අලුත් ඉරක් පායයි, හා හා හා හහා හා හා හා

නව දිනක් උදාවෙයි සිත පුබුදා
සුභ සිහින සිතේ පුරවා

සුභ සිහින සුවඳ සල් මලක් වගෙයි
ඒ සුවඳ රැඳුණ මේ ලොවම හැඩයි
සල් මලක් වගේ හැඩ සිහින ප්‍රියේ
පිබිදෙන්න දෙන්න තව සිතක ඔහේ
හෙට අලුත් ඉරක් පායයි, හා හා හා හහා හා හා හා
හෙට අලුත් ඉරක් පායයි, හා හා හා හහා හා හා හා

හිරු අඳුර නසා ලොව එළිය කරයි
ඔබ මලක් වෙලා ලොව සුවඳ කරයි
ඒ සිහින සැබෑවෙන දිනක ප්‍රියේ
පිබිදෙන්න දෙන්න තව සිතක ඔහේ

හෙට අලුත් ඉරක් පායයි, හා හා හා හහා හා හා හා
හෙට අලුත් ඉරක් පායයි, හා හා හා හහා හා හා හා
නව දිනක් උදාවෙයි සිත පුබුදා
සුභ සිහින සිතේ පුරවා
හෙට අලුත් ඉරක් පායයි, හා හා හා හහා හා හා හා

(කථනය)
ඒ හීන සිතේ මියැදෙන්න නොදී
ඉඩදෙන්න පිපෙන්නට මලක් වගේ

© Malee Dissanayake, 2013
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

තව එක ඩිංගක් - ඇනට් ගුණසේකර

ගේයපද: ඇනට් ගුණසේකර
තනුව: ප්‍රියානි ගනේවත්ත
සංගීත සංයෝජනය: දිනූජ ගංගොඩ
ගායනය: දීපා ගංගොඩ
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

තව එක ඩිංගක් හමුවන්න්ට ඔබ
අවසර ලැබෙනවා නම්
හද තුළ තෙරපෙන දහසක් දේ මම
කෙටියෙන් පවසන්නම්
තව එක ඩිංගක් හමුවන්න්ට ඔබ
අවසර ලැබෙනවා නම්
හද තුළ තෙරපෙන දහසක් දේ මම
කෙටියෙන් පවසන්නම්

අහසේ පායන හිරු සඳු තරු වැල්
පවතී සදා කලේ
ඔබට පිදුව මගෙ නොයිඳුල් ආලය
හිරු සඳු තරු වැන්නේ

තව එක ඩිංගක් හමුවන්න්ට ඔබ
අවසර ලැබෙනවා නම්
හද තුළ තෙරපෙන දහසක් දේ මම
කෙටියෙන් පවසන්නම්

මහ සයුරෙන් හඬ දී නගෙනා රැළි
වෙරළේ විසිර ගියත්
මගෙ ආදරෙ රැළි බිඳී සුන්වී
යන්නේ නැත කොහෙවත්

තව එක ඩිංගක් හමුවන්න්ට ඔබ
අවසර ලැබෙනවා නම්
හද තුළ තෙරපෙන දහසක් දේ මම
කෙටියෙන් පවසන්නම්
තව එක ඩිංගක් හමුවන්න්ට ඔබ
අවසර ලැබෙනවා නම්
හද තුළ තෙරපෙන දහසක් දේ මම
කෙටියෙන් පවසන්නම්

© Annette Gunasekara, 2013
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

මිහිරි හඬින් - සමන් දිසනායක

ගේයපද: සමන් දිසනායක
සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: අයෝමී බස්නායක බොස්කෝ
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

මිහිරි හඬින් ගී ගයමින්
පාද තාලයට තබමින්
බලන් අපේ හෙළ දරුවන්
රඟනා මනහර රැඟුමන්
මිහිරි හඬින් ගී ගයමින්
පාද තාලයට තබමින්

දෙදහස් පන්සිය වසරක්
පර සතුරන්ගෙන් රැකගත්
අපගේ උරුමය විදෙස් රටක දැක
නෙත අග ඇත තුටු කඳුළක්
අපගේ උරුමය විදෙස් රටක දැක
නෙත අග ඇත තුටු කඳුළක්

මිහිරි හඬින් ගී ගයමින්
පාද තාලයට තබමින්
බලන් අපේ හෙළ දරුවන්
රඟනා මනහර රැඟුමන්
මිහිරි හඬින් ගී ගයමින්
පාද තාලයට තබමින්

සිහල ජනකතා මනරම්
වන්නම් නාටක කෝලම්
දෑ අබිමන් අප හිත තුළ රඳවා
රඟදෙන අප පොඩි දරුවන්
දෑ අබිමන් අප හිත තුළ රඳවා
රඟදෙන අප පොඩි දරුවන්

මිහිරි හඬින් ගී ගයමින්
පාද තාලයට තබමින්
බලන් අපේ හෙළ දරුවන්
රඟනා මනහර රැඟුමන්
මිහිරි හඬින් ගී ගයමින්
පාද තාලයට තබමින්

© Saman Dissanayake, 2013
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සුපිපි කුසුමන් - දීපිකා සුන්ද්‍රාවඩුගේ

ගේයපද: දීපිකා සුන්ද්‍රාවඩුගේ
සංගීතය: ඉන්දු ප්‍රේමතිලක
ගායනය: තිසල් පදුක්කවිදාන
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

සුපිපි කුසුමන් අතර සරනා
භෘංග සේනාවෝ
සොයයි රොන් සුනු තුඩින් තුඩ ගා
භෘංග සේනාවෝ

හමන සුළඟට නතුව සැලෙනා
සුමුදු කුසුමක් මතට පියඹා
හමන සුළඟට නතුව සැලෙනා
සුමුදු කුසුමක් මතට පියඹා
ගුම් නදින් මන් මත් කළා
කුසුම බිඟු හා හිනැහුණා

සුවඳ රොන් සුනු වියැකි යද්දී
සුමුදු මල් පෙති පරවුණා
සුවඳ රොන් සුනු වියැකි යද්දී
සුමුදු මල් පෙති පරවුණා
අන් මලක් වෙත පහස ලැබුමට
ගුම් නදින් බිඟු ඉගිලුණා

සුපිපි කුසුමන් අතර සරනා
භෘංග සේනාවෝ
සොයයි රොන් සුනු තුඩින් තුඩ ගා
භෘංග සේනාවෝ

© Deepika Sundrawaduge, 2013
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, December 29, 2020

වැල්ල දිගේ - සිසිල් ගුණසේකර

ගේයපද: සිසිල් ගුණසේකර
තනුව: හේමාල් ජයවික්‍රම
සංගීත සංයෝජනය: අශෝකවර්ණ සිටිනාමළුව
ගායනය: ලලිත් කලුපහන සහ පිරිස
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

වැල්ල දිගේ අපි යනවා
රැල්ල වැදී පෙරළෙනවා
නතර නොවේ
මුහුදේ නැව් පැද්දෙනවා
ඔරු පාරුත් එක්වෙනවා
කදිම රුවේ
බෙල්ලෝ මුතු සිප්පි පිරී
වැල්ලේ පතුරයි අසිරී
නෙත් පිනවා
පුංචි පුංචි දරු පැටවුන්
පෙරළි පෙරළි වැලි කෙළිමින්
දඟවෙනවා
දඟවෙනවා
දඟවෙනවා

සාගරයෙන් වට අපහට සාගරයම සම්පතකී
කොරල් පරේ හික්කඩුවේ වරුණ අසා ඇතිද සකී
නැගෙනහිරින් හිරු නැඟි සඳ පාසිකුඩා ලොවෙහි එකයි
කොළ පාටින් නිසල මුහුද දවස පුරා යහන සමයි
දවස පුරා යහන සමයි
දවස පුරා යහන සමයි
දවස පුරා යහන සමයි

වැල්ල දිගේ අපි යනවා
රැල්ල වැදී පෙරළෙනවා
නතර නොවේ
මුහුදේ නැව් පැද්දෙනවා
ඔරු පාරුත් එක්වෙනවා
කදිම රුවේ

සිතුසේ පෙරළී එන්නට නොහැකිව රළ හඬා දොඩයි
රුපුසේ සිටිනා පොළොවට බැට දී යළි කඩා හැළෙයි
වඩදිය බාදිය සැරවී වාරකනය කල ආදා
අන්තරාය දතොත් හොඳයි නිම් නැත හිරිහැර බාධා
නිම් නැත හිරිහැර බාධා
නිම් නැත හිරිහැර බාධා
නිම් නැත හිරිහැර බාධා

වැල්ල දිගේ අපි යනවා
රැල්ල වැදී පෙරළෙනවා
නතර නොවේ
මුහුදේ නැව් පැද්දෙනවා
ඔරු පාරුත් එක්වෙනවා
කදිම රුවේ
බෙල්ලෝ මුතු සිප්පි පිරී
වැල්ලේ පතුරයි අසිරී
නෙත් පිනවා
පුංචි පුංචි දරු පැටවුන්
පෙරළි පෙරළි වැලි කෙළිමින්
දඟවෙනවා
දඟවෙනවා
දඟවෙනවා
දඟවෙනවා

© Sisil Gunasekara, 2013

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සුපුන් සඳ එයි නැගී - දීපිකා සුන්ද්‍රාවඩුගේ

සුපුන් සඳ එයි නැගී නිලඹර
සිඳී මිහිමත පැතිරි ගනඳුර
අහස් කුස සොඳ අරා පැතිරුණු
සහස් තරුකැට ඇතේ විසිරුණු

වැටී සඳකැන් සයුරු දිය මත
රඟයි මින් රළ තුටින් ඒ මත
පෙරැළි කරමින් සයුරු ජල කඳ
ඔසැවි නැඟ එයි ලෙසින් රළ පෙළ

සිනිඳු වැලි ඇති වෙරළ තල මත
සුදෝ සුදු රළ පෙළ ඇදී එන
සොබා දිය දම් දිනිති මනරම්
පොබා ඇත සිත් සතන් මනකල්

© Deepika Sundrawaduge, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, December 28, 2020

ඉඳු දුනු යුරා - දීපිකා සුන්ද්‍රාවඩුගේ

ඉඳු දුනු යුරා, නෙක පැහැ වලා
සුර ගඟ පුරා, ඇත විසිරිලා
හිරු දෙවි අරා, රිවිරැස වලා
බිඳ ඝනඳුරා, එබිකම් කළා

වනගොමු පුරා, ඇත මුව රැළා
ගඟුලැලි අරා, ඇත මසු කැලා
මගෙ සිත අරා, සුරඟන විලා
සසරේ පුරා, ඔබ මගෙ වෙලා

පුන් සඳ අරා, නුඹෙ වත වෙලා
ඉඳුවර යුරා, විකසිත කළා
නිලුපුල් නුරා, නුඹෙ නෙත් සලා
සරතැස වරා, මන් මත් කළා

නා දළු යුරා, නුඹෙ තොල් සලා
හසරැළි පුරා, මා සනසලා
මගෙ හද අරා, නුඹ සැතපිලා
සසරේ පුරා සිරිකත වෙලා

© Deepika Sundrawaduge, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, December 27, 2020

සියලු දන මන - දීපිකා සුන්ද්‍රාවඩුගේ

සියලු දන මන සිසිල කරවා
සමාධී ගුණ නුවණ වඩවා
විරාගි හද ගැබින් ගලා ගිය
මහා කරුණා නදී දිය කඳ

රුදුරු වූ මහ සසර කතරේ
අතරමං වු දනන් සනහා
ඇරිය ඒ දොර මොක්පුරේ
තිලෝගුරු වූ ඒ අමා මෑණී
බුදු පියාණන් වහන්සේ
වන්දනා කරම්
වන්දනා කරම්

සාරාසක් කල්ප ලක්ෂය
පිරු පාරමී දම් බෙලෙන්
ලැබූ බුදුබව ඒ උතුම්
දහම් සිහිලෙන් සියලු සතගේ
පවස නිවු බුදු පියාණන්
දෙසූ ශ්‍රී සද්ධර්ම රත්නය
වන්දනා කරම්
වන්දනා කරම්

© Deepika Sundrawaduge, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සඳ වතුර ගලන - ලක්ෂ්මන් කොඩිතුවක්කු

ගේයපද: ලක්ෂ්මන් කොඩිතුවක්කු
සංගීතය සහ ගායනය: තුෂාරී එදිරිසිංහ
සංයුක්ත තැටිය: සිසිල ගී (2013)

සඳ වතුර ගලන මේ රෑ
ඔබෙ සිනා කැල්ම සිත පුබුදු කරයි
පෙම් සිතින් ගැයෙන රස ගී
නිල් අහස තරම් ආදරේ කියයි
තුටු කඳුළු ගලා ආ දිවි ගමනේ
සසර පුරා පිය සෙනෙහෙ නුඹයි
භවයෙන් භවයේ පැතුම නුඹයි
සඳ වතුර ගලන මේ රෑ

වියළි කතරක උල්පතක් වී ගලන දිය දහරා
අග්නි ජාලේ පවන් සලනා සුළං රැළි සේනා
බිඳෙන් බිඳ අවුදින්
සසර මං තෙර මෙදිවි ගමනේ
ඔබයි හිමිසඳු වයන තත් වීණා
සඳ වතුර ගලන මේ රෑ
සඳ වතුර ගලන මේ රෑ

මගේ හද තුළ තුටු පියන් හැර රිවි කිරණ වීලා
පියෙන් පිය විත් සුවඳ දී මඟ පියෙක් මෙන් වීලා
බැබලෙනා සොමි සඳක් සේ ගගන මල් පවනේ
ඉන්න හිමිසඳු මගෙ ලොවේ පායා
සඳ වතුර ගලන මේ රෑ
සඳ වතුර ගලන මේ රෑ
සඳ වතුර ගලන මේ රෑ

© Lakshman Kodithuwakku, 2013

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

මේ සිහින බොඳවෙන යාමයයි - ලක්ෂ්මන් කොඩිතුවක්කු

ගේයපද: ලක්ෂ්මන් කොඩිතුවක්කු
සංගීතය සහ ගායනය: ඉන්දු ප්‍රේමතිලක
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

මේ සිහින බොඳවෙන යාමයයි
සිහින බොඳවෙන යාමයයි

කඳුළු ඇස් දියවී
සරා සඳ ළඟ ඉකිගසා වැළපී
පැතුම් මල් බොඳවී
තාරකා ළඟ තනිකමින් වැතිරී
අඳුර ඇවිදින් හිරුට රිදවා
සිහින දියකර නොනිඳි නෙතු ළඟ
සිහින බොඳවෙන යාමයයි

මේ සිහින බොඳවෙන යාමයයි
සිහින බොඳවෙන යාමයයි

සුළං රැළි සැලෙමින්
අතීතය මුමුණයි
වසින වැසි අහසින්
පෙමක සිරී කොඳුරයි
බිඳුණු පෙම අද ගලා යයි
ගං දෑළ තෙරපා
සිහින බොඳවෙන යාමයයි
සිහින බොඳවෙන යාමයයි

මේ සිහින බොඳවෙන යාමයයි
සිහින බොඳවෙන යාමයයි

පිපෙන මල් රහසින්
රාත්‍රිය හඬවයි
රොනට වැඩි බිඟුවන්
මට සිනාසී යයි
සොමි සඳට නොව සඳ දියට පෙම් කළ ප්‍රේමවන්ත මා
සිහින බොඳවෙන යාමයයි
සිහින බොඳවෙන යාමයයි

මේ සිහින බොඳවෙන යාමයයි
සිහින බොඳවෙන යාමයයි

© Lakshman Kodithuwakku, 2010
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, December 26, 2020

නිසල අමාවක - රසික සූරියආරච්චි

මෙම පදමාලාව ඇසුරෙන් මේ වන විට ගීයක් නිර්මාණය වෙමින් පවතින බව සතුටෙන් දැනුම් දෙමු.

තනුව සහ සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: රේනුකා ලියනගේ

නිසල අමාවක අහස් ගඟේ
පායන තරු මල් පොකුරක් සේ
මගේ ලෝකයට අදත් එදා මෙන්
එළිය ගෙනෙනවා දෝ අම්මේ

රැජිනක ලෙස මා කිරුළු පළන්දා
අපමණ දුක් මා වෙනුවෙන් වින්දා
සසර රළ පෙළෙන් ඔබ රැකගන්නට
පිං නැතිවිය මට, ඇයි දෝ අම්මේ

රෑ සිහිනෙන් ඔබ තුරුලට එන්නම්
ලේ කිරි කර පෙව් සුවඳ ලබන්නම්
ඔබේ ම දුව ලෙස යළි හමු වෙන්නම්
සංසාරේ කොතැනක හෝ අම්මේ

© Rasika Suriyaarachchi, 2008

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, December 25, 2020

සේද වලා රොද - දීපිකා සුන්ද්‍රාවඩුගේ

ගේයපද: දීපිකා සුන්ද්‍රාවඩුගේ
සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: ටෝනි සිල්වා
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

සේද වලා රොද අතරින් පාවී
ඈතින් ඈතට ගුවන් ගැබේ
ඉඳුපුර සුරඟන ලෙස අත පටලා
මා සමගින් ඔබ සැරිසැරුවේ
මා සමගින් ඔබ සැරිසැරුවේ

තුෂර පටින් වෙලි සීතල මඳනල
පහසින් අප ගත කිති කැවුණා
ඔබ ගත දැවටුණු සුසිනිඳු සේලය
සීතල මා ගත සැනසූවා

සේද වලා රොද අතරින් පාවී
ඈතින් ඈතට ගුවන් ගැබේ
ඉඳුපුර සුරඟන ලෙස අත පටලා
මා සමගින් ඔබ සැරිසැරුවේ
මා සමගින් ඔබ සැරිසැරුවේ

තරු මැද දිදුලන සරා සඳය නුඹ
විල්තෙර සරනා හසඟන වේ
වනයේ සරනා වන දෙවඟන නුඹ
මා හද සරනා මනුලිය වේ

සේද වලා රොද අතරින් පාවී
ඈතින් ඈතට ගුවන් ගැබේ
ඉඳුපුර සුරඟන ලෙස අත පටලා
මා සමගින් ඔබ සැරිසැරුවේ
මා සමගින් ඔබ සැරිසැරුවේ

© Deepika Sundrawaduge, 2010

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සුවබර හේමන්තය - නිහාල් රූපසිංහ

ගේයපද: නිහාල් රූපසිංහ
සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: සුභානී විජේසිංහ
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

සුවබර හේමන්තය ඉඟි මරයි
සීතල සිසිරය අගින්
මිදුල කොනේ වැට අද්දර
යසට හැදුණු, සමන්පිච්ච මල් වැලේ
සමන්පිච්ච මල් වැලේ

හේමන්තයේ පළමු අව් රැල්ලේ
වෙනස දැනී සුදු මල් පූදින්නේ
සමන්පිච්ච මල් වැලේ
අනුනගෙ දුක් ශෝකා දැනෙනා
දෙව් මිනිසුන් මෙනි
සමන්පිච්ච මල් වැලේ
සමන්පිච්ච මල් වැලේ

සුවබර හේමන්තය ඉඟි මරයි
සීතල සිසිරය අගින්
මිදුල කොනේ වැට අද්දර
යසට හැදුණු, සමන්පිච්ච මල් වැලේ
සමන්පිච්ච මල් වැලේ
සමන්පිච්ච මල් වැලේ

© Nihal Rupasinghe, 2010

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

භවාශ්‍රයේ එන - වික්‍රම කීර්තිපාල

ගේයපද: වික්‍රම කීර්තිපාල
සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: තාමරසී ඩයස්
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

භවාශ්‍රයේ එන ධූවිලි ධාරා
සංඝට වූ ඒ විශ්වය පරදා
තිරිසන් සිව්පා මත්සන් පරදා
අනුවර්තී වූ දෙපයින් නැගෙනා

මිනිසුන් වැජඹෙන මනුලොව පෘථුලා
ලංකා නම් රට අප හද ගැහෙනා
නමදිම් මගෙ රට මව්බිම් ලංකා
වෙනුවෙන් ඉදිරියෙ විස්කම් දස්නා

භවාශ්‍රයේ එන ධූවිලි ධාරා
සංඝට වූ ඒ විශ්වය පරදා
වීර විකුම් ඇත් කිත් ඝොෂ් නැගෙනා
මුළු ලොව විද්වත් හැම දැය පරදා

සිරිලක් ධජ ජය කෙහෙලි පළන්දා
ලක් දෙරණින් මතු මතුවෙන ධාරා
සංඝට වී එන ප්‍රඥා ධාරා
කරවයි මුළු ලොව ඒකා ලෝකා

භවාශ්‍රයේ එන ධූවිලි ධාරා
සංගත වූ ඒ විශ්වය පරදා
ලක් දෙරණින් මතු මතුවෙන ධාරා
කරවයි මුළු ලොව ඒකා ලෝකා
කරවයි මුළු ලොව ඒකා ලෝකා

© Wickrama Keerthipala, 2010

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, December 24, 2020

පොල් ගස තාල වර්ගයේ - රසික සුරියආරච්චි

ගේයපද: රසික සුරියආරච්චි
සංගීතය: ඉන්දු ප්‍රේමතිලක
ගායනය: තිසල් පාදුක්කවිදාන
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

ආ හෝ හෝ හෝ
ආ ආ ආ

පොල් ගස තාල වර්ගයේ
තල් ගස තාල වර්ගයේ
පොල් ගස් යට තල් ගස් යට
බෝල ගැසූ කොලු රංචුව අද කොහේද?
උන් සුවර්ගයේ

තිසා වැවේ නුවර වැවේ නිල් දිය දහරේ
මාවිලාරූ ඉරණාමඩු නිල් දිය දහරේ
ඒ වතුරේ පීන පීන
මේ වතුරේ පීන පීන
දියබුං ගැසු කොලු රංචුව අද කොහේද?
භූමදානයේ

හම්බන්තොට ලේවායේ ලුණු වේලන්නේ
කිලිනොච්චියේ හේනේ දෙහි ඇඹුල් තියෙන්නේ
ඒ ලුණු රස පදමට ගෙන
දෙහි ඇඹුලට මුසු කරගෙන
මුලු රටටම කිරිබත් කන දිනයක් ගැන
සිත විමසන්නේ

පොල් ගස තාල වර්ගයේ
තල් ගස තාල වර්ගයේ
පොල් ගස තාල වර්ගයේ
තල් ගස තාල වර්ගයේ
පොල් ගස් යට තල් ගස් යට
බෝල ගැසු කොලු රංචුව
අද කොහේද?
උන් සුවර්ගයේ

ආ හෝ හෝ හෝ
ආ ආ ආ

© Rasika Suriyaarachchi, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

බැන්දුණාවු රේණු - හේමාල් ජයවික්‍රම

ගේය පද රචනය: හේමාල් ජයවික්‍රම
සංගීතය: ඉන්දු ප්‍රේමතිලක
ගායනය: චමින්ද කුරුප්පු සහ චමිලා වේරගම
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

චමින්ද:    හෝ හෝ හෝ ආ හා හා
හෝ හෝ ආ ආ

චමින්ද: බැන්දුණාවු රේණු බමරු සුළඟෙ වෙලී
සැලී සැලී, ගැලී ගැලී
චමිලා: බැන්දුණාවු රේණු බමරු සුළඟෙ වෙලී
සැලී සැලී, ගැලී ගැලී

චමින්ද: යොමා දෑසින් බලන්, මේ ඉමේම මල් පීදී සරදමක් ද
පාය වැදී මධු මීවිතේ, ප්‍රීතියෙන් පිනා රඟාලා
චමිලා: යොමා දෑසින් බලන්, මේ ඉමේම මල් පීදී සරදමක් ද
පාය වැදී මධු මීවිතේ, ප්‍රීතියෙන් පිනා රඟාලා

චමින්ද: කල එළඹී, සිත කැළඹී, යයි පවනේ, බමා සුළි සුළී
චමිලා: කල එළඹී (චමින්ද: ආ හා)
සිත කැළඹී (චමින්ද: හ්ම් හ්ම්)
යයි පවනේ (චමින්ද: ආ හා)
බමා සුළි සුළී

චමින්ද: බැන්දුණාවු රේණු බමරු සුළඟෙ වෙලී
සැලී සැලී, ගැලී ගැලී
චමිලා: බැන්දුණාවු රේණු බමරු සුළඟෙ වෙලී
සැලී සැලී, ගැලී ගැලී

චමින්ද: කිසි දේ සිදුවෙතේ, අපි දෙන්න ආවෙ ගිමන් නිවන සේයා
උදේ පටන් හෙම්බත් වී, පොතපතේ දැයෙන් නිමේෂයක් සොයා
චමිලා: කිසි දේ සිදුවෙතේ, අපි දෙන්න ආවෙ ගිමන් නිවන සේයා
උදේ පටන් හෙම්බත් වී, පොතපතේ දැයෙන් නිමේෂයක් සොයා

චමින්ද: කල එළඹී, සිත කැළඹී, යයි පවනේ, බමා සුළි සුළී
චමිලා: කල එළඹී (චමින්ද: ආ හා)
සිත කැළඹී (චමින්ද: හ්ම් හ්ම්)
යයි පවනේ (චමින්ද: ආ හා)
බමා සුළි සුළී

චමින්ද: බැන්දුණාවු රේණු බමරු සුළඟෙ වෙලී
සැලී සැලී, ගැලී ගැලී
චමිලා: බැන්දුණාවු රේණු බමරු සුළඟෙ වෙලී
සැලී සැලී, ගැලී ගැලී

මේ ගීතයේ ප්‍රසාංගික ඉදිරිපත් කිරීමක්:
ගායනය: හේමාල් ජයවික්‍රම සහ දිනාලි සෝමවීර

© Hemal Jayawickrama, 2010

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

හිතට දුකක් - ඇනට් ගුණසේකර

ගේයපද රචනය: ඇනට් ගුණසේකර
සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: චාන්දනී සෙනාරත්න
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

හිතට දුකක් ඇති සෑම වෙලාවක
සිතන්නෙමි ඒ සොඳුරුම කාලය
සඳ රැස් වැතිරී දිලුණු විටක රැය
සේපාලිකා අතු අතරින් දුටුවෙමි

ඔබෙ සුවඳ දැනුණා, රෑ නිදියම් නොලබා
ආ අ ආ, බලා සිටියා

නිසංසලේ ගං ඉවුරු කොනේ
වැටුණු මල් පෙති පලසේ
එන තුරා සිටියා බලා
නොනිමි රෑ පහන් වූවා
හිතට දැනුණේ නැහැ කිසිත්
හදට දනුණේ නැහැ කිසිත්

ඔබෙ සුවඳ දැනුණා, රෑ නිදියම් නොලබා
ආ අ ආ, බලා සිටියා

මඳ නලක් මෙන් ඇතුළු වුණා
සුළඟ වාගේ නොපෙනි ගියා
ගිය දෙසක් සොයනු බැරී
සුවඳ රැඳුණු මඟ සිටියා
නෙතට දැනුණේ නැහැ කිසිත්
හදට දනුණේ නැහැ කිසිත්

ඔබෙ සුවඳ දැනුණා, රෑ නිදියම් නොලබා
ආ අ ආ, බලා සිටියා

හිතට දුකක් ඇති සෑම වෙලාවක
සිතන්නෙමි ඒ සොඳුරුම කාලය
සඳ රැස් වැතිරී දිලුණු විටක රැය
සේපාලිකා අතු අතරින් දුටුවෙමි

ඔබෙ සුවඳ දැනුණා, රෑ නිදියම් නොලබා
ආ අ ආ, බලා සිටියා

©
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

වලාකුළෙන් හඳ වැහිලා - පාලිත ගනේවත්ත

ගේය පද රචනය: පාලිත ගනේවත්ත
සංගීතය සහ ගායනය: ප්‍රියානී ගනේවත්ත
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

වලාකුළෙන් හඳ වැහිලා
නගරය ඉහළින් අහසේ
මටත් හොරා ඉගිල්ලිලා
මගෙ හිත යන්නේ කොහෙදෝ
මගෙ හිත යන්නේ කොහෙදෝ

අඹ ගහ මුදුනේ අහසේ
හඳ පායාලා දිලිසෙනවාදෝ
අම්මා බණ පොත පෙරළාලා
හෙමින් සැරේ මුමුණනවද
හෙමින් සැරේ මුමුණනවද

හාන්සි පුටුවේ වැතිරී
තාත්තාට දැන් නින්ද ගිහිල්ලා
මගේ කාමරේ පාළුවෙලා
පොත් මේසය හිස්වීලා
පොත් මේසය හිස්වීලා

දුවයි පුතයි මැද සාලේ
නුහුරු බසින් මුලු ගෙදරම පිරිලා
සිතිවිලි දුර යයි පියඹාලා
මාගේ දෑසම බොඳ වීලා
මාගේ දෑසම බොඳ වීලා

වලාකුළෙන් හඳ වැහිලා
නගරය ඉහළින් අහසේ
මටත් හොරා ඉගිල්ලිලා
මගෙ හිත යන්නේ කොහෙදෝ
මගෙ හිත යන්නේ කොහෙදෝ
මගෙ හිත යන්නේ කොහෙදෝ

© Palitha Ganewatta, 2010
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, December 23, 2020

සීතල පිණි මත - සමන් දිසානායක

ගේය පද රචනය: සමන් දිසානායක
සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: රිඩෙම්ප්ෂන් ගායක කණ්ඩායම
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

සීතල පිණි මත හිරු රැස් වැටීලා
දේදුණු පැහැයෙන් බබළනවා, ආ හ හා
සීතල සුළඟට මල් පෙති හැලීලා, ආ හ හා
සීතල සුළඟට මල් පෙති හැලීලා, ආ හ හා
වන පියසෙහි විසිරී යනවා

කොවුලන්ගේ ගී නඳ මියුරූ
පිල් විදහා රඟ දෙන මොණරූ
හැරදා යනු බෑ මා හා රඟන්නට
හැරදා යනු බෑ මා හා රඟන්නට
එනවද මුව පොවුවනි මිතුරූ

සීතල පිණි මත හිරු රැස් වැටීලා
දේදුණු පැහැයෙන් බබළනවා, ආ හ හා
සීතල සුළඟට මල් පෙති හැලීලා, ආ හ හා
සීතල සුළඟට මල් පෙති හැලීලා, ආ හ හා
වන පියසෙහි විසිරී යනවා

ලේන පැටව් ටිං හඬ නඟනා
රෑන ගිරව් ගුවනෙහි සරනා
බලන්න බෑ මට ලස්සන දුටුවම
බලන්න බෑ මට ලස්සන දුටුවම
විල් තෙර වෙත එන ඇත් සේනා

සීතල පිණි මත හිරු රැස් වැටීලා
දේදුණු පැහැයෙන් බබළනවා, ආ හ හා
සීතල සුළඟට මල් පෙති හැලීලා, ආ හ හා
සීතල සුළඟට මල් පෙති හැලීලා, ආ හ හා
වන පියසෙහි විසිරී යනවා
වන පියසෙහි විසිරී යනවා
වන පියසෙහි විසිරී යනවා

© Saman Dissanayake, 2010

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

පිය සෙනෙහස - මෛත්‍රී පනාගොඩ

ගේය පද රචනය: මෛත්‍රී පනාගොඩ
සංගීතය සහ ගායනය: අරුණ කන්නන්ගර
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

පිය සෙනෙහස උණු කඳුළක් වීලා
ගලා ගියා දෙකොපුල් තෙමලා
දවසින් දවසට මා යන මඟ දිග
අඳුරෙන් එළියට හිරු මෙන් සඳු මෙන්
එළිකළ පියාණනේ
එළිකළ පියාණනේ

අවසන් සුසුමට ඔබ ළඟ ඉන්නට
පවසන්නට එක වදනක් සවනට
පින් මද පුතෙකු වුණා
පින් මද පුතෙකු වුණා

භවයෙන් භවයට පිය පුතු වන්නට
දෙවියන් නොව ඔබ මතු බුදු වන්නට
පින්බර පියාණනේ
පින්බර පියාණනේ
පින්බර පියාණනේ
පින්බර පියාණනේ

© Maithri Panagoda, 2010

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, December 22, 2020

බලා හඬනෙමි - ඇනට් ගුණසේකර

බලා හඬනෙමි ඔබේ රුව දෙස
පුංචි මගෙ සොයුරේ
දරා ගන්නට බැරිය මේ දුක
සංසාර ගමනේ

අහස දෙස මම බලා ඉන්නම්
දකින තුරු ඔබ වලාකුළකින්
යළිත් නොඑනා ගමන ගියෙ ඇයි
මගේ ලොව අඳුරේ
යළිත් එනු සොයුරේ

දෑස රිදෙනා තුරු හඬන්නට
සොහොන් කොත වෙත පා නගන්නට
වාරු නැති පා අපට හිමිකර
ඔබ නිසල සෙවණේ
සංසාර ගමනේ

© Annette Gunasekera, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, December 17, 2020

මතකද ඉස්සර දිනවල - රසික සූරියආරච්චි

මතකද ඉස්සර දිනවල ලස්සන
අත්වැල් බැඳගෙන කතා කළා
මතකද කොච්චරවත් බට්ටිච්චා
ගීතය ගැන මා මතක් කළා
මතකද මැයි මල් ගැන සල් මල් ගැන
සඳ තරු ගැන කවි පෙළක් කළා
මතකද මියුලැසියේ, සියුමැලියේ
ඇයි අද මේ ලෙස දුරස් වෙලා

එදා වගේමත් පේරාදෙණියේ
සඳ පායනවා කඳු මුදුනින්
එදා වගේමත් මහවැලි නදියේ
රළ පෙරළෙනවා පෙණ නගමින්
එදා වගේමත් ගලහ හන්දියේ
මල් පෙති විසිරෙනවා සුළඟින්
එදා වගේමත් මා සියුමැලියේ
ඔබ ගැන සිහිවෙනවා සිහිනෙන්

ලැබුණොත් අවසර මතු යම් දවසක
සිහිනයකින් යළි හමු වෙන්නම්
නොවෙනස් හදවත පිපි මල් පොකුරක
මුදු සුවඳෙන් ඔබ නලවන්නම්
අවසන් ගමනක මා යන දවසක
හෝ ඔබගෙන් සිසිලක් ඒ නම්
සුසුමන් කැටිකොට බැඳි දුක් කවියක
රැඳි පැතුමෙන් අද සැනසෙන්නම්

දොන් සිරිමාන්න විසින් තනුව, සංගීතය නිර්මාණය කර ගායනා කරන ගීතය රස විඳින්න.

© Rasika Suriyaarachchi, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

බුදු සමිඳුන් ළඟ - පූජ්‍ය කුඩාගල කෝවිද හිමි

ගේය පද රචනය: පූජ්‍ය කුඩාගල කෝවිද හිමි
සංගීතය සහ ගායනය: තුෂාරී එදිරිසිංහ
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

බුදු සමිඳුන් ළඟ මා සිටියා නම් නිවන් දකින්නට මට තිබුණා
බුදු හිමියන් ළඟ නොසිටි නිසා මා එසේ නිවන් මඟ අහිමි වුණා

බුදු සමිඳුන් අද දිවමන් නැතිමුත් ජීව මාන වූ ශ්‍රී සදහම්
පිළිපදිනා සඳ නිවන් ලබන්නට
හැකිවන බැව් මට අද හැඟුණා
හැකිවන බැව් මට අද හැඟුණා

බුදු සමිඳුන් ළඟ මා සිටියා නම් නිවන් දකින්නට මට තිබුණා
බුදු හිමියන් ළඟ නොසිටි නිසා මා එසේ නිවන් මඟ අහිමි වුණා

පෙර සසරේ කළ පින් මතු වේවා
සිව්සස් දහමට සිත යොමු වේවා
කැළැඹෙන සිත මගෙ එක් තැන් වේවා
මේ භවයෙම මට නිවන ලැබේවා
මේ භවයෙම මට නිවන ලැබේවා

© Rev Kudagala Kovida, 2010
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

රුවැත්තියේ - මංජුල වෙත්තසිංහ

ගේය පද රචනය: මංජුල වෙත්තසිංහ
සංගීතය: අරුණ කන්නන්ගර
ගායනය: ප්‍රදීප් වාස් ගුණවර්ධන
සංයුක්ත තැටිය: රුවැත්තියේ (2010)

රන් රුවින් දසුන් මවා රුවැත්තියේ
රන් මුවින් සවන් පිනා රුවැත්තියේ
රන් රුවින් දසුන් මවා රුවැත්තියේ
රන් මුවින් සවන් පිනා රුවැත්තියේ
රන් හදින් පවන් සලා සංහිඳින් ළඟින් හිඳින් මුවැත්තියේ

රන් හුයේ රුවන් හරේ වන් ඉඟේ දුහුල් පටේ දිසින් නොවේ

මං හදේ ලැගුම් හැදේ දුන් ළඳේ ඔබේ නෙතේ සිසිල් සුවේ
රන් රුවින් දසුන් මවා රුවැත්තියේ
රන් මුවින් සවන් පිනා රුවැත්තියේ
රන් රුවින් දසුන් මවා රුවැත්තියේ
රන් මුවින් සවන් පිනා රුවැත්තියේ
රන් හදින් පවන් සලා සංහිඳින් ළඟින් හිඳින් මුවැත්තියේ

සෙව් සැණේ පියම්ඹියේ ලත් සුපුන් පියුම් විලේ ඔබෙන් සෙනේ

දෙව් ලොවේ රැඳින් මගේ මව් සෙනේ ලැබූ ලෙසේ හදින් දැනේ
රන් රුවින් දසුන් මවා රුවැත්තියේ
රන් මුවින් සවන් පිනා රුවැත්තියේ
රන් රුවින් දසුන් මවා රුවැත්තියේ
රන් මුවින් සවන් පිනා රුවැත්තියේ
රන් හදින් පවන් සලා සංහිඳින් ළඟින් හිඳින් මුවැත්තියේ

© Manjula Wettasinghe, 2010
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, December 14, 2020

සීතල රජයන රෑ යාමේ - ෂෙල්ටන් පීරිස්

ගේය පද රචනය: ෂෙල්ටන් පීරිස්
තනුව: හේමාල් ජයවික්‍රම
සංගීත සංයෝජනය: ඉන්දු ප්‍රේමතිලක / මහින්ද බන්ඩාර
ගායනය: හේමාල් ජයවික්‍රම

සීතල රජයන රෑ යාමේ, සෙවනැලි නොසැලෙන නිසංසලේ
සිත තුළ උපදින ගී පද තනු වී
හෙමිහිට මුමුනන්නේ, හදවත සැනසෙන්නේ

අප දිනු මේ ලොව, අහිමිව යන ලොව
අප තනිවී ඉන්නේ, දූ දරු සිහිවන්නේ
අප දිනු මේ ලොව, අහිමිව යන ලොව
අප තනිවී ඉන්නේ
නෙතු යුග පියවෙනවා, අඳුරක මැදිවෙනවා

මවු දින, පිය දින, යළි යළි එන තුරු
දින ගනිමින් ඉන්නේ, සිතුවිලි බොඳවෙන්නේ
එනවද මගෙ පුතුනේ, ආදර දියණියනේ

සීතල රජයන රෑ යාමේ, සෙවනැලි නොසැලෙන නිසංසලේ
සිත තුළ උපදින ගී පද තනු වී
හෙමිහිට මුමුනන්නේ, හදවත සැනසෙන්නේ

සමුගෙන යන්න අපෙන්
එනවද මගෙ පුතුනේ
ආදර දියණියනේ

© Shelton Pieris, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

අපිට විතරද වහින්නේ - මහේෂා වජිරකාන්ති විජේසේකර

රට යන අත

අපිට විතරද වහින්නේ, මොකද අපිවම තෙමෙන්නේ
පෙඟුණ කරදහිවලින් දැන් ඔරුව කොහොමද හදන්නේ
ඉවුර නැහැ දැන් පෙනෙන්නේ, ගැඹුර වැඩි බව දැනෙන්නේ
කඳුළ ලුණු රස මදියිනේ, ඉතින් නැතිවද අඬන්නේ

බිඳින තුරු හිස සුළඟ කොහොමද, පහන් සිළුවක් රකින්නේ
අකුණු එළියත් එළියකැයි අපි, රවටලා සිත හදන්නේ
ධවල වත හැඳ වදන් හබලින් එගොඩ ගෙන යමි කියන්නේ
අරුත් සුන් බව දැන දැනත් අපි ඉතින් නැතිවද අඬන්නේ

මිටි තැනින්මයි ගලන්නේ, කියාලයි අපි නිදන්නේ
කවුද වක්කඩ කඩන්නේ අනේ අපි නම් නොදන්නේ
අපිව විතරද ගිලෙන්නේ, අපිත් ජය පැන් පුරන්නේ
කවුද අර නැව් නගින්නේ, අඬන්නත් උන් නොඉන්නේ

© Mahesha Vajirakanthi Wijesekara, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, December 13, 2020

මම හරිම දඩබ්බර කවියක් - මහේෂා වජිරකාන්ති විජේසේකර

මම හරිම දඩබ්බර කවියක්
නැවතුනත් ඔබේ ළඟ මොහොතක්
රැඳෙන්නට සිතුවෙ නැහැ භවයක්
ගැළපුවා ඔබ මටම තනුවක්

තටු රැගෙන පියාඹන සිහිනේ
ඉදිබු ගමනින් ඇදෙමි තිරසේ
සිතුවමම මා අතිනි ඇඳුණේ
නමුත් මේ පාට හැඩ ඔබගේ

තරුවකිය බැබළි ඔබ හිරුසේ
මට වඩා එළිය රැඳි අහසේ
පසෙක ලා ඔටුනු රැඳි සිරසේ
නැවතුවා ඔබ ගමන ඔබගේ

විලක් නොම වෙමින් රැඳි අඳුරේ
ගඟක් වී ගලායමි සොඳුරේ
ජීවිතය ගීතයකි මාගේ
නමුත් මේ ගීතයම ඔබගේ

තනි නොවී මගේ අඩි පාරේ
පුංචි පියවර එවා මුදු සේ
ඔබ නොවුන මුත් ඔබේ සිහිනේ
මමත් මාගේ නොවෙයි ඔබගේ

© Mahesha Vajirakanthi Wijesekara, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ගෙ⁣⁣වන මේ ජීවිතය - අසිත උදයංග

ගෙ⁣⁣වන මේ ජීවිතය පවසන්න බැරි දුකක්
ගෙවන්නට වෙනව එය බදාගෙන මහ මෙරක්
පතන්නට නම් එපා දුකින් තොර ලෝකයක්
හිත් බැඳන් යමු ඉතින් ගෙවන සංසාරයක්

හිනාවෙන වසන්තය හැමදාම නැති හැඩයි
කඳුළු දෙන මගේ ඇස් නුඔට නම් දුර වැඩියි
ඈත් වෙන්නට හිතන හැම විටම හිත හඬයි
ඔයා දන්නැති උනත් මම තවම ආදරෙයි

තනිවෙලා ඉන්න එක ඉවසන්න බැරි දුකයි
ඔබ ගැනම සිතන හිත තද බලව අසරණයි
කෙසේ අත් හරින්නද තිබුණ පෙම අපමණයි
නොලැබුනත් ඔයා මට මැරෙණකම් ආදරෙයි

© Asitha Udayanga, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

හිම කඳුකරයේ - එඩ්වින් පේමජයන්ත විතානගේ

ගායනය: රුවී නිම්නදී
තනුව: හේමාල් ජයවික්‍රම
සංගීතය: ඉන්දු ප්‍රේමතිලක/මහින්ද බණ්ඩාර

හා හා හා හ්ම්
ලා ල ලා ල ලා ලා ලා ආ

ස රි ගග පග පධ සස පධ ස

හිම කඳුකරයේ කුරුලු රැහැන් පියඹා
කියන රහස ආදරේ
ආදරේ, ආදරේ, ආදරේ

කුරුලු රැහැන් පියඹා, කියන රහස ආදරේ
රන් සමනලයින් දිස්වුණ, රහස ආදරේ, අහා
කඳු අතරින් දිස්වුණ ලස්සන ආදරේ
කඳු අතරින් දිස්වුණ ලස්සන ආදරේ
ආදරේ, ආදරේ
හෝ හෝ හෝ
ලා ලා ලා ලල ලල ලල ලා
සිළි සිළි සිළි සිළියේ

ලස්සන සමනලයින් දිස්වුණ රහසක් ඇතේ
ගංගා ඇල දොල හඬමින් කියනා ආදරේ
ගංගා ඇල දොල හඬමින් කියනා ආදරේ
ආදරේ, ආදරේ
හිම කඳුකරයේ කුරුලු රැහැන් පියඹා
කියන රහස ආදරේ
ආදරේ, ආදරේ
ආදරේ, ආදරේ, ආදරේ, ආදරේ

ගීතය රස විඳින්න:

© Edwin P Vithanage, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, November 11, 2020

ගල් පොළොවයි ඔබේ හිතයි - නිහාල් රූපසිංහ

ගල් පොළොවයි ඔබේ හිතයි
දෙකම එක වගෙයි හිතෙයි

දෙගොඩතලා ගං ගලන්න
අනොරාවට වැසි වැස්සත්
ගල් පොළොව නෙවෙයි උරාගන්නේ
වැහි බිඳුවක් වත්

ඇද හැලුනත් හැමදාකම
ඉර හඳ තරු මල් අරගෙන
පෙඟෙන්නෙ නෑ
ආදරයෙන්
ඔබෙ ගල් හිත නම්

© Nihal Rupasinghe, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, November 9, 2020

ඇය වෙන්වූ බව - හේමාල් ජයවික්‍රම

ඇය වෙන්වූ බව ඔබ දන්නේ නැහැ
ඇය පෙන්වා ඔබ සනසයි මා නිති
ඡායා දක්වන මායාවක් මුත්
මිහිරි සිහිනයන් පෙන්නූ
නින්ද ඔබ සුන්දර ය
මට බෙහෙවින් සුන්දර ය

ආදරය අහිමි වූ - දොම්නස උදා වූ
බිඳුණු හදවතට නෑ අතීතෙ සුන්දර
ආදරයෙන් ඈ මා වෙත කැන්දා
දෙදෙනා එක්කොට සනසයි මා නිති
වින්ද සුවය කෙටි මායාවක් මුත්
මිහිරි සිහිනයන් පෙන්නූ
නින්ද ඔබ සුන්දර ය
මට බෙහෙවින් සුන්දර ය

මෙම පදමාලාව දැන් ගීතයක් ලෙස ගායනා වී ඇත.

පදමාලාව, තනුව සහ ගායනය: හේමාල් ජයවික්‍රම
සහය: කෝශලා කුමාරි

ඇය වෙන්වූ බව ඔබ දන්නේ නැහැ
ආ, හ හා, හා
ඇය පෙන්වා ඔබ සනසයි මා නිති
ආ, හ හා, හා
ඡායා දක්වන මායාවක් මුත්
මිහිරි සිහිනයන් පෙන්නූ
නින්ද ඔබ සුන්දර ය
මට බෙහෙවින් සුන්දර ය

ආදරය අහිමී වූ, දොම්නස උදා වූ
බිඳුණු හදවතට නෑ අතීතෙ සුන්දර
බිඳුණු හදවතට නෑ අතීතෙ සුන්දර
බිඳුණු හදවතට නෑ අතීතෙ සුන්දර
ආදරයෙන් ඈ මා වෙත කැන්දා
දෙදෙනා එක්කොට සනසයි මා නිති
වින්ද සුවය කෙටි මායාවක් මුත්
මිහිරි සිහිනයන් පෙන්නූ
නින්ද ඔබ සුන්දර ය
මට බෙහෙවින් සුන්දර ය
නින්ද ඔබ සුන්දර ය
නින්ද ඔබ සුන්දර ය
ආදරයෙන් ඈ මා වෙත කැන්දා
මිහිරි සිහිනයන් පෙන්නූ
නින්ද ඔබ සුන්දර ය
නින්ද ඔබ සුන්දර ය
නින්ද ඔබ සුන්දර ය
නින්ද ඔබ සුන්දර ය

ගීතය රස විඳිමු.

© Hemal Jayawickrama, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

නුඹේ සුවඳ මුසු - කරුණාසේන කහටපිටිය

නුඹේ සුවඳ මුසු සුපෙම් විලේ
කිමිද නාමි නුඹෙ සුවඳ විලේ

වාන් දොරටු හළ යොවුන් අතීතයෙ
ගලා හැලෙන නිල් දිය ඇල්ලේ
නුඹේ සුවඳ මුසු සුපෙම් විලේ
කිමිද නාමි නුඹෙ සුවඳ විලේ

විරසක දෙගුරුන් හෙළුෑ සුසුම් වැල්
ලැව් ගින්නක් විය දිවි අරණේ
හදවිල දිනු මුල් සුවඳ සුපෙම් මල
ඒ ගිනි දැල්ලේ මිලින වුණේ

සුරඟනියේ නුඹෙ සුවඳැ'ල්ලේ
කිමිද නාමි නුඹෙ සුවඳ විලේ

© Karunasena Kahatapitiya

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, November 5, 2020

දහස් ගණන් බඹර කැලට - රසික සූරියආරච්චි

දහස් ගණන් බඹර කැලට පෙම් මදිරා බෙදනා
අමල්බිසෝ නුඹ මලකි ය මද සුළගේ සැලෙනා
බාඳුරා සුවඳ පැතිරී මගෙ ලෝකය පිරුණා
සිතේ උපන් කුළුඳුල් පෙම නුඹට දෙන්න සිතුණා

සුවඳ නුඹේ සතර අතේ ගව්වක සිට දැනුණේ
නුහුරු හැගුම් ගොන්නක් මැද හදවත කිති කැවුණේ
නුරා පිරුණු නෙතඟ බැලුම් ඔය සඳවන් මුහුණේ
මට වරයක් දෙන බව පවසනවාදෝ ළඳුනේ

මලෙක මෙලෙක නැත කිසිදා සිහිනෙන් වත් දැනිලා
කෝඩු සිතේ ආදරයක් නුඹ ගැන ඇත දළුලා
වසන්තයේ අරුණැල්ලේ සහන් සුවය විඳලා
සැබෑ කරන් මගේ බඹර සිහිනය රොන් පුදලා

© Rasika Suriyaarachchi, 2020
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සඳවතියේ නුඹ නාඬන් - ඥානතිලක හේවාගමගේ

සඳවතියේ නුඹ නාඬන්
අපට උරුම අපෙ තනියට
කුරුලු කැදැල්ලේ පැටවුන්
ඉගිල ගියේ යස අගේට

ඈත කැලේ තුරු වදුලක
බිජු දමාවි උන් දවසක
හොටට හොට තියා මුදු ලෙස
හාදු දේවි ආදරයට

පීරා ගොස් ඇහිඳ ඇවිත්
කුස් පුරවයි ආදරයෙන්
රෑ තිස්සේ තුරුලු කරන්
උණුසුම දෙයි සෙනේහයෙන්

අත්තටුවල වෙර වීරිය
නැගෙයි මවුගෙ හෙලු කඳුළට
උනුත් ඉතින් ඉගිල යාවි
යම් දවසක යස අගේට

© Gnanatilaka Hewa-Gamage, 2012

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, November 3, 2020

සීතල උදුවප් මාසේ - රසන්ත චන්ද්‍රසූරිය

සීතල උදුවප් මාසේ එක් පියකරු රාත්‍රියක
නගර කොනේ දිළිඳු ගව ලෙනේ
සතුට මිහිර තුරුළු කරන්
සාමයෙ පණිවිඩය අරන්
රෑ යාමේ ජනිත වුණා
ජේසු බිලින්දා

ඒ මැදියම් රාත්‍රියේ සීතල සුළඟේ දැවටී
දේවදූතයින්ගේ ගී දසත පැතිරුණා
අහස් කුසේ උදාගිරෙන් ලස්සන තරුවක් පායා
සොබාදහම මල් වැස්සෙන් ආසිරි පැතුවා
ජේසු බිලින්දා

යථාර්ථයද, මාර්ගයද, ජීවනයද මා වන්නේ
සතුරාටද ප්‍රේම කරනු කී සමිදාණෝ
අපේ කිලිටි ආත්මවල පව් සෝදා කමාව දී
විමුක්තියේ මඟ පෙන්වූ ඒ උතුමාණෝ
ජේසු බිලින්දා

© Rasantha Chandrasuriya, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, November 2, 2020

මේ පුංචි බංකුවේ - චන්ද්‍රා ආරච්චිගේ

මේ පුංචි බංකුවේ
පෙර දිනේ එක්වෙලා
ඔබ සමග ආදරේ
රස ගීය මිමිනුවා

හිරු කිරණ පරදලා
පෙම් සිසිල රජ කළා
වියළි කර්කශ සුළං
අපට පවනක් වුණා

ඔබේ වියොවින් මගේ
ලොවම යටිකුරු වුණා
සිසිල සනහස නැතේ
හදවත ද වියලුණා

මේ පුංචි බංකුවේ
සිටිමි අද තනිවෙලා
ජීවිතය මෙන් ඇතේ
බංකුව ද ඉරිතලා

© Chandra Arachchige, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, November 1, 2020

බාලිකාවියේ - චන්ද්‍රා ආරච්චිගේ

බාලිකාවියේ, බාලිකාවියේ
දහස් නෙතින් බැලුම් ලබන බාලිකාවියේ
ආදරයෙන් කුල්මත් වූ
බාලිකාවියේ

ඔහු දෙනෙතින් එවූ හීය ඔබේ හදවතේ ඇනුණා දෝ
නුපුරුදු රසයක් පිළිබඳ ආශාවක් ඇති වූවා දෝ
බාලිකාවියේ, බාලිකාවියේ

ඔබේ හදේ ලැගුම් ගන්න ඔහුගෙ හදට ඉඩ දුන්නා දෝ
බඹර කුලේ ස්වයංවරය ඒ සැණෙකින් නිම වූවා දෝ
බාලිකාවියේ, බාලිකාවියේ

බාලිකාවියේ, බාලිකාවියේ
යොවුන් වියේ මිහිර විඳින බාලිකාවියේ
ආදරයෙන් මන්මත් වූ
බාලිකාවියේ

© Chandra Arachchige, 2020

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

හෙන්දිරික්ක මල් පිපිච්ච - අනුරුද්ධ වැලිගමගේ