මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Sunday, January 19, 2025

අත් පටලාගෙන සඳ එළියේ - රසන්ත චන්ද්‍රසූරිය

අත් පටලාගෙන සඳ එළියේ නැහැවී
සවනට මිමිණූ ගී පදවැල් මිහිරී
කාලය සමගින් නික්මිනි කල් පිරිලා
පාළුයි අඳුරුයි ලොව මා තනිවීලා

මද වැසි පොද මැද ඔබ රුව මැවී පෙනේ
සැම දිය බිඳකම වේදනාව ගැබ්වේ
දෝංකාර දේ ඔබ හඬ වාතලයේ
ඔබ මෙහි නැත මට පමණකි එය ඇසුණේ

වියැකෙන සෙවනැලි ඇඳේ දෙනෙත් ඔබ්බේ
මම ඔබ සිපගමි එය මිරිඟුවකි ප්‍රියේ
අප පෙම ඇයි දෝ මේ ලෙස නිමාවුණේ
බිඳුණු හදේ දුක් සුසුමකි නතරවුණේ

© Rasantha Chandrasuriya, 2025

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

දේවදාර ගස් අස්සේ - කසීර පෙරේරා

දේවදාර ගස් අස්සේ
සැලෙනා ලා දළු හාදු පුදන්නේ හමන සුළඟටයි
සෙවනැලි බොඳවෙයි අඳුරේ
දහවල නිමවී රැය එළඹෙන්නේ
අපේ පිනටමයි

මඳ සුළඟේ මුසු වී ඇසෙනා ඒ
මියුරු ගී සරේ
පවසන්නේ මා කන වෙත කොඳුරා
ඔබේ ආදරේ

සඳ නැග එයි තරු දිදුලයි අහසේ
නිශා යාමයේ
රෑ සිහිනෙන් ඔබ සිපගෙන සැනසෙමි
මගේ ප්‍රේමියේ

© Kaseera Perera, 2025

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ඔබේ මුවින් පිපෙනා - රසන්ත චන්ද්‍රසූරිය

ඔබේ මුවින් පිපෙනා
සුන්දර සිනාවකින්
මගේ ලොවේ දැල්වේවි පහන් සහසක් සැමදා
ඔබයි මගේ ආලෝකේ, මගේ ප්‍රදීපේ

මගෙ ලෝකය එළිය වැටී
අතීත සෙවනැලි දුරුවේවී
ජීවිතයට යළි සැනසුම ගෙනෙනා
ආදරයක් ඉපදේවී

ඔබෙ සෙනෙහස ලැබේවි නම්
සිසිරයෙ දී මල් පිබිදේවී
ඔබෙත් මගෙත් පෙම් කතන්දරේ
විහඟුන් තුඩ රැව්දේවී

© Rasantha Chandrasuriya, 2025

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

උදාවෙන හිරු සුන්දරයි - කසීර පෙරේරා

උදාවෙන හිරු සුන්දරයි
අපේ සිත් සතුටෙන් පිරෙයි
අඳුර මැඩ නැග එන හිරුට අප
සෑම උදයෙම ආදරෙයි

ක්ෂිතිජයෙන් ඉහළට නැගී
හිරු කෙමෙන් සැඩ පරුෂ වේ
දරා ඉන්නට නොහැක රෂ්මිය
හිරු කෙරේ කෝපය නැගේ

කෙමෙන් හිරු අවරට යතේ
සුව සහන් එළි පැතිරෙතේ
සැඳෑවේ රූසිරි දකිද්දී
සතුට සැනසුම සිත ඇඳේ

රැයේ ගණඳුර පැතිරෙතේ
නිවන්නට සරතස ගතේ
හිරු උදාවෙනතුරු නිදනු මිස
විකල්පයකුදු වෙන නැතේ

© Kaseera Perera, 2025

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, December 20, 2024

ඔබෙ සිනහව සන්ධ්වනියක් වාගේ - රසන්ත චන්ද්‍රසූරිය

ඔබෙ සිනහව සන්ධ්වනියක් වාගේ
මිහිරි නාද එක හා මුසු වූ
ජීවිතයේ සරතැස නිවලා මා සනසාලන්නේ
සිත වෙහෙස නිවා, සැනසුම සදලා
සිහින ලොවක සතපන්නේ

ඔබේ ආදරේ සුන්දරයි මිහිරියේ
කතරක මැද ක්ෂේම භූමියක් වාගේ
පවස නිවාලන දිය දෝතක් වාගේ
ඔබේ ආදරේ සුන්දරයි මිහිරියේ

ඔබේ ආදරේ, සුන්දරයි මිහිරියේ
නිසල රැයක මුදු සඳ එළියක් වාගේ
නිමල ජලාශෙක පිපි කුමුදක් වාගේ
ඔබේ ආදරේ, සුන්දරයි මිහිරියේ

© Rasantha Chandrasuriya, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ඔබ, මම, අප දෙදෙනා - රසන්ත චන්ද්‍රසූරිය

ඔබ, මම, අප දෙදෙනා යම් දවසක
එක්වූවොත් මෙලොවේ
එය මිහිරිම තනුවක් වේවී
ආදර වදන් යොදා ගයන්නට
මිහිරිම ගීයක් වේවී

අපෙ ආදර පෙම් උයනේ
දෑඟිලි පටලා ඇවිදින අතරේ
ඒ පෙම් ගීතය සිතු විලසේ
ගයමු සොඳුරියේ

සඳ එළියෙන් කුල්මත් වී
කොඳ කුසුම් සුපිපෙනා යාමේ
අප පැතු ආදර සුව සහනේ
විඳිමු සොඳුරියේ

© Rasantha Chandrasuriya, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

මගෙ හදවත තුළ - රසන්ත චන්ද්‍රසූරිය

මගෙ හදවත තුළ පොපියන්නේ
සුවඳ විදා නැලවෙන්නේ
ඔබ වෙනුවෙන් කැපවුණු පෙම් කුසුමයි
පෙම්බරියේ, මා ආදර සුන්දරියේ

ඈත රටක සිටියත්
ළඟ සිටිනා විලසේ
මගෙ ලෝකය සුවඳින් පුරවන්නේ ඔබමයි
පෙම්බරියේ, මා ආදර සුන්දරියේ

දුරකථනය ඔස්සේ
නිරතුරු ඔබ රුව දකිමී
මුදු වදනින් මා සිත සනසන්නේ ඔබමයි
පෙම්බරියේ, මා ආදර සුන්දරියේ

මතු එළැඹෙන සුබ දිනයේ
මම ඔබ ළංකර ගනිමී
මගෙ පණමෙන් මා සුරකින්නේ ඔබවයි
පෙම්බරියේ, මා ආදර සුන්දරියේ

© Rasantha Chandrasuriya, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

වරලස මා සකසන්නේ - රසිකා ඉඹුල්ගොඩ

වරලස මා සකසන්නේ
මගෙ කැමැත්ත අනුවයි
මා අඳින්නෙ පළඳින්නේ
මගෙ පහසුව පිණිසයි
එය ඔබට නොරිසි නම්, ඇස් පියා ගන්න මිතුරේ
දුක් විඳින්නෙපා මෙලෙසේ

මිනිස් ලෝකයේ ඉන්නා අප සැවොම එක සමානයි
එකිනෙකාට වැඩියෙන් උස් නොඋස් බවක් නැත්තේ
ඒ ලෙසයි රටේ ලෝකේ නීතිය සැකසී ඇත්තේ

මා නීති නෑ කඩන්නේ අප වෙසෙන මේ සමාජේ
මගෙ නිදහස සීමා කරන්න ඔබහට ඉඩ නැත්තේ
දැන්වත් කරුණාවෙන් ඒ බව වටහාගත යුත්තේ

© Rasika Imbulgoda, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

විසල් අහස යට - රසන්ත චන්ද්‍රසූරිය

විසල් අහස යට අරුමැසි මොහොතක
සමුවිය පෙම මා සුරකින සදහට
ඇගෙ මුදු ලාලිත හඬ ගීයක් සේ
රැඳුණා නොමැකෙන ලෙස හද පතුලේ

වසත් කල ගෙවේ, සිසිරය එළැඹේ
ඇය මා ළඟ, මා නැත ලතවෙන්නේ
කුණාටු, වැසි, සුළි සුළං හමද්දී
ආලිංගනයයි උණුසුම දෙන්නේ

ප්‍රේමය කුසුමකි මුකුලිත නොවෙනා
සඳ එළියක් සේ සිසිලස ගෙනෙනා
ඇය ළඟ මා විශ්වය ම මැවෙන්නේ
ඇය වෙනුවෙනි මා ජීවත්වෙන්නේ

© Rasantha Chandrasuriya, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

හිස් අවකාශේ දිගු සෙවනැලි - රසන්ත චන්ද්‍රසූරිය

හිස් අවකාශේ දිගු සෙවනැලි විහිදේ
මුමුණන කෙඳිරිලි දෝංකාර නද දේ
බර අඩි තබමින් කාලය දිවයන්නේ
ගුප්ත සිහින නොවිසඳීම පවතින්නේ

ජීවය විරහිත මුහුණු සිනාසෙන්නේ
දෙනෙත් මුණ ගැසෙයි හිස් බැල්මකි එන්නේ
සිනා මැකී යයි නිහඬතාව මැද්දේ
අරුත් සුන්බවයි සැම තැන කැරකෙන්නේ

පළඳනා යටින් පපු කුහරය ඇතුළේ
හදවත් වැලපේ ඒ නිහඬව රහසේ
හිස් ආත්ම සොළවා සුළං හමායන්නේ
වෙස්මුහුණු යටින් අප ජීවිත පාවෙන්නේ

© Rasantha Chandrasuriya, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, December 18, 2024

ගිම්හානය දෝ උදාවුණේ - කසීර පෙරේරා

ගිම්හානය දෝ උදාවුණේ
කොවුල් කූජනය නෑසේ
වසන්තයේ පිපි මල් කෝ
සමනලුන ද සැඟවීලා
ඔබ කොහෙදෝ මා සුන්දරියේ
මා මෙලොව තනිවෙලා

සෙනෙහසක් බලෙන් ලබනට බෑ
ඒ බව මම දනිමී
කුමක් ද මා කළ වරද කියා
කිසි ලෙසකින් නොම දනිමී
ඒ සත්තමයි ප්‍රියේ

මගෙන් දුරස් වී ගියත් ඔබේ
සුවඳක් මා අසල රැඳී
උදේ හවා රෑ කලේ පුරා
මට සැනසුම දෙමින් සිටී
ඒ සත්තමයි ප්‍රියේ

© Kaseera Perera, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සිත දැවී ගියා - කසීර පෙරේරා

සිත දැවී ගියා, සිත දැවී ගියා
නෙතු අග කඳුළැලි පිරුණා
ඔබ එදා මෙමා හැර දමා ගිය දිනේ
මගෙ ලෝකය අඳුරු වුණා

සියුමැලියේ, මියුලැසියේ
ඇයි මේ ලෙස නපුරු වුණේ
ඔබ නැතිදා මට මේ ලොව ද එපා
කොහෙදෝ ඔබ සැඟව ගියේ?

යලි දිනයක, ඔබ මා වෙත
එනු නැත මට එලෙස සිතේ
සිටිනා තැන හොඳ සුවෙන් වෙසෙනු මැන
සුරැකී ඔබ සදා ප්‍රියේ!

© Kaseera Perera, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සඳ සිසිල සිත ළඟ නිදිමරයි - රසන්ත චන්ද්‍රසූරිය

සඳ සිසිල සිත ළඟ නිදිමරයි
තරු එළිය දිය ඇල්ලක් වගෙයි
ඔබ බැල්ම මුදු පහසක් ගෙනෙයි
මා හද කෙමෙන් සුවපත් කෙරෙයි

දුර ඈත සමුදුර ඉසව්වේ
සිට හමන මඳ සුළගේ රැඳී
මගෙ සවන් වෙත ගෙනෙන්නේ
මියැසියයි අප ආදරේ

ඔබෙ දෑත මා දෑතේ බැඳේ
ලවන් පැටලේ ප්‍රේමයේ
මේ සැබෑවෙන්නේ ප්‍රියේ
පැතූ සිහිනය නොවේදෝ

© Rasantha Chandrasuriya, 20204

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සීත සුළඟක් හමන්නයි - රසන්ත චන්ද්‍රසූරිය

සීත සුළඟක් හමන්නයි
ගත පෙළෙන දාහය නිවෙන්නයි
එද සිසිල අවරට නොයන්නයි
ගත පුරා හිරි ගඩු නොඑන්නයි

එක් අන්තයක සිත රැඳෙද්දී
එය දරාගන්නට බෑ
අනිත් අන්තෙට විතැන් වූව ද
එය ද විඳගනු බෑ
දුක සැප ද එලෙසයි

සැප පිරී ගිය මාලිගාවෙන්
කරති අභිනික්මන්
දුක පමණි පැල්පතේ ඇත්තේ
එහි ද නැත සැනසුම්
මේ ලෝකයම විෂම යි

© Rasantha Chandrasuriya, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

දිවි මඟට ඇවැසිමුත් සිසිලසක් ආදරේ - රසිකා ඉඹුල්ගොඩ

දිවි මඟට ඇවැසිමුත් සිසිලසක් ආදරේ
පෙම්බැදුම් නොම වෙතේ පරම සුව ජීවිතේ
අරුත්සුන් විරහ ගී ඉවතලන් සකි සඳේ
අලුත් දවසක් රැගෙන අලුත් හිරු පායතේ

දුක් කඳුළු පිසදමා සදහටම ඔබ නෙතේ
දුක් සුසුම් නිමාකර බවුන් වඩවා සිතේ
මතකයෙන් ඉවත් කර අරුත්සුන් අතීතේ
නැගී සිටිනට ඔබට දිරිය ශක්තිය ඇතේ

සංසාර සයුර මැද නැවක් නම් ජීවිතේ
පදවන්න ඉදිරියට නියමුවා ඔබ වෙතේ
පරාජයෙ ගෙබිම මත ජයමැදුර ඉදිවෙතේ
අදිටනේ ජල පොදෙන් පැතුම් මල් පිබිදෙතේ

© Rasika Imbulgoda, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, December 16, 2024

සිනාවෙනු මිස ඇයි අඬන්නේ - රසිකා ඉඹුල්ගොඩ

සිනාවෙනු මිස ඇයි අඬන්නේ
ඇයි ද සුසුමට ඉඩ තියන්නේ
කඳුළ පලවා හැරිය දිනයක
නොවෙද ජීවන ජය ලැබෙන්නේ

තමන් නිවැරදි යයි දනී නම්
ඇයි ද බිය වැද පසු තැවෙන්නේ
දිරිය වීරිය සිත තිබේ නම්
ඇයි ද වෙන අය මත යැපෙන්නේ

සිතට එකඟව මිසක කිසිවක්
කිසිම දිනයක නොකරපන්නේ
කළ දෙයට වගකීම ඔබගෙයි
කිසිම ලෙසකින් දුක් නොවන්නේ

© Rasika Imbulgoda, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සුරකිමී මම සුරකිමී - රසන්ත චන්ද්‍රසූරිය

සුරකිමී මම සුරකිමී
සදහටම ඔබ සුරකිමී
තුරුලු කරන් ආදරය පුදා
සුරකිමී ඔබ සුරකිමී

මේ ලොවේ මා පැතූ
වෙන කිසිත් දේ මට එපා දැන්
ඔබ සිටී අද මගෙ ලොවේ
දෙව්දුවක සිරිකත ලෙසින්

මා එදා දුක් විඳී
ඒ ජීවිතේ දැන් අමතකයි
නොම එතේ ඒ අතීතේ
සදාකල් ඔබ මා සතුයි

© Rasantha Chandrasuriya, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

හිරු බැස ගිය සැඳෑ කලේ - රසන්ත චන්ද්‍රසූරිය

හිරු බැස ගිය සැඳෑ කලේ
ඔබේ සොඳුරු දෙනෙත දිලේ
දුර මන්දාකිණියක් ළඟ පැයූවා සේ!
ඔබ නේද ළඳේ මා හදවතේ අඩුව පිරෙව්වේ?
ඔබ නේද ළඳේ මා ලෝකේ ඒකාලෝක කළේ?

පැතුම් සිහින පොදි මවනා
සුන්දර ඔබ දෙනෙතේ
ගැඹුරු සයුර මෙන් නිල් පැහැයෙන් දිලෙනා
සැම බැල්මකින්ම කියවේ කතාවක්
උණුසුමේ ආදරේ

සඳුගෙ සිසිල මට ගෙනෙනා
පින්බර මා ලලනා
සොඳුරු සිනාවෙන්
සිත සැනසුම සදනා
ඔබ දසුන මසිත බැඳෙනා ඉනාවක්
සැම දිනේ මා ප්‍රියේ

© Rasantha Chandraasuriya, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, December 13, 2024

වෙන අයෙකුගෙ දුක දන්නේ - රසන්ත චන්ද්‍රසූරිය

වෙන අයෙකුගෙ දුක දන්නේ
වේදනාව හඳුනන්නේ
කවදා හෝ එවන් දුකක් වින්ද අයෙකු පමණයි
දුක දන්නා හඳුනන අයෙකු ම පමණයි

සංවේදී සුන්දර හදවතක්
සැමෙකෙකුට ම හිමි වේ නම්
අනෙකෙකු ගැන සහකම්පනයක්
සැම සිතකම බිහිවේ නම්
අප වසනා මේ ලෝකේ
කෙතරම් ලස්සන වේ දෝ?

පව් සිතුවිලි නූපදිනා සිතක්
උපතේදි ම ඇතිවේ නම්
ක්‍රෝධය නොව මෙත් සිතුවිල්ලක්
සැම මොහොතෙම පවතී නම්
අප වසනා මේ ලෝකේ
කෙතරම් පියකරු වේ දෝ?

© Rasantha Chandrasuriya, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, December 12, 2024

රන් හිරු පොළොවට හාදු බෙදයි - රසන්ත චන්ද්‍රසූරිය

රන් හිරු පොළොවට හාදු බෙදයි
අලුයම මුදු කිරණින් සතුට සදයි
විහඟ ගීත දසත ම රැව්දෙයි
දවසක් ඉපිදෙයි, සිත සුවෙන් පිරෙයි

පිනි අතුළ තණ නිල්ල දිලිසේ
නිමල සමීරය පැතිරේ
හදේ පුරා ආදරෙන් පිරේ
බලාපොරොත්තුව දැල්වේ

මුදු සිනහ පිරුණු ඔබ මුහුණේ
රුසිරු මැවේ නෙත හමුවේ
දෙතොල් කොපුල් උණුසුමෙන් පිරේ
තව සුභ දවසක් ඇරඹේ

© Rasantha Chandrasuriya, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, December 9, 2024

රන් හිරු රැස් වියැකී යන්නේ - රසන්ත චන්ද්‍රසූරිය

රන් හිරු රැස් වියැකී යන්නේ
ගොම්මන් සිසිලස පැතිරෙන්නේ
තරු පිරෙන අහස මනරම්
සුන්දර සිතුවිලි ගෙන එන්නේ

කණාමැදිරි එළි දිලිසේ
නිසල පරිසරය තරු එළියෙන් නැහැවේ
ප්‍රියජනක රැයේ, මා හදේ කොණේ
ආදර හැඟුමන් ඉපිදේ

රිදී පැහැති රළ පෙරැළේ
සසල සයුර මුදු සඳ එළියෙන් සැනසේ
මේ සොඳුරු ලොවේ, අම රසය දැනේ
මගේ ජීවිතයම පිබිදේ

© Rasantha Chandrasuriya, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සිතේ මගේ කිසි දුකක් නැතේ - රසන්ත චන්ද්‍රසූරිය

සිතේ මගේ කිසි දුකක් නැතේ
ඔබ අහිමිවුණා කියලා
හදේ කොණේ පොඩි ඉඩක් තිබේ
ඔබ වෙනුවෙන් වෙන්වීලා
සැමදාමත් වෙන්වීලා

එදා ඔබේ සුන්දර දෙනෙතේ
කැල්මෙන් මත් වී බැඳිලා
කළ කී දේ ගැන මගේ සිතේ
කණගාටුව නැත රැඳිලා
දැන් මගෙ සිත යළි හැදිලා

මගේ සිතේ ඔබ ඉතිරි කළා
සිතුවම් සුන්දර මතකේ
සුවඳ රැඳේ සැමදාම හදේ
ඔබ බිතුසිතුවමක් වෙලා
හෙට මම ඉමි හිනාවෙලා

© Rasantha Chandrasuriya, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, December 8, 2024

ලෝකය මහ රඟමඩලක් වේ නම් - රසන්ත චන්ද්‍රසූරිය

ලෝකය මහ රඟමඩලක් වේ නම්
අපි වෙමු එහි නළුවෝ
නියමිත චරිතය රඟපානා,
පිටපත සැමවිට පිළිපදිනා
මේ විසල් අහස යට, තුමුල පොළොව මත
සිනාසෙමින්, සතුටුවෙමින්,
නමුත් කල්පනාවෙන්

විටෙක අපේ පා පැටලී ඇද වැටුණත් අප නොසිතු ලෙසේ
වෙරගෙන, දිරි උපදාගෙන සැනෙකින් වහා නැගිට සිටිමූ
වැලි පිසදාගෙන, මඩ සෝදාගෙන යළිත් වැඩට බසිමූ
පාඩම් ඉගෙන ගමූ, යළි නොම ඇද වැටෙමූ

අත්හදා බලා, යළි යළි සකසා, ජය ලබන නිසැක මග සොයමූ
දින දින සැරසී, පෙරහුරු කරවා, ඒ මගේ ම පිය නගමූ
අප ලබනා හැම අත්දැකීමක් ම අප දියුණුව ලෙස සිතමූ
ලොව දහමට හිස නමමූ, ඒ ලෙස දිවි ගොඩ නගමූ

© Rasantha Chandrasuriya, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, December 7, 2024

ඔබ මට පිටුපා - කසීර පෙරේරා

ඔබ මට පිටුපා
ඔහු අත පටලා
යන අයුරු මගේ නෙත ගැටුණා
ජීවිතේ මගේ
අද දිනේ වගේ
වෙන දිනක නැතේ දුක දැනිලා
ඇයි මගේ ප්‍රියේ
ඔබ මෙලෙස කළේ
ඔබ සිත තෙතමනයම හිඳිලා
ඔබ මිරිගුවක් වෙලා

මගෙ දිවිය නිමා
වෙන දිනේ පවා
ඔබ මට සිහිවේවී
ගිලිහුණු පෙම අප
සොඳුරු මතක පොදි
මනසේ රැව් දේවී
මගෙ සිත සුවපත් වේවී

ඔබ වසන ලොවේ
සතුටින් සැමදා
ඉන්න මා ප්‍රියාවී
කිසි දිනෙක නැතේ
තරහක් මසිතේ
මේ ගීය එය කියාවී
ඔබෙ සිත සැනසේවී

© Kaseera Perera, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, December 6, 2024

තරු පොකුරක, මල් කළඹක - කසීර පෙරේරා

තරු පොකුරක, මල් කළඹක
නැති ලස්සනක් ප්‍රියේ
ඔබෙ බැල්මක, නෙතු කැල්මක
රැඳීලා තියේ
ඒ හින්දාමයි, මා ඔබට ආදරේ

ගන අඳුරේ, තනි යහනේ මට ඔබ සිහිවෙනවා
මතු දිනයක අප එක්වන බව
මා සිත කොඳුරනවා
හදවත සැනසෙනවා

හෙට දිනයේ අරුණැල්ලේ මට ඔබ හමුවෙනවා
මගෙ සිත රැඳි පෙම් ගීතය
මා ඔබට ගයනවා
ඔබ සිත සනසනවා

© Kaseera Perera, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

හිරු බැස යන අඩ අඳුරේ - කසීර පෙරේරා

හිරු බැස යන අඩ අඳුරේ
ඇගෙ සුන්දර නෙත් සුදිලේ
දුර මන්දාකිණියක්, තරු රෑනක්
ළඟ පෑයූවා සේ පෙනේ
මේ කුමන අරුමයක් දෝ?
ඔබ සිහින දෙව්දුවක් දෝ?

ගැඹුරු සයුර සේ තද නිල් පැහැගත් ඒ දෙනෙතේ
බලාපොරොත්තුවෙ සිහින මැවේ හැම මොහොතේ
මේ විශ්වය සේ සුවිසල්
සුන්දරම සිහින පොදියක්

මා දෙස හෙලනා සැම බැල්මක ඔබ සුන්දරියේ
සදාකාලිකවු මිහිර ඇතේ ආදරයේ
ඒ හිරු සඳු එකමුතු වූ
අරුම පුදුම සුව දසුනක්

© Kaseera Perera, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, May 9, 2024

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ

නුඹ ඇවිත් ගිය පසු
දිය රකුසු වෙස් ගත්
මුහුදු රළ වුව ප්‍රේමයෙන් නැළවෙයි
මධු සාදයක ඇරයුම් පතක් දී
මල් පෙති හිනාවෙයි
හාත්පස ඔව් නුඹ ම පමණයි

සඳ දිය බිමට විත් නුඹේ තතු විමසයි
ඉර බටු තරුව ප්‍රේමයේ කවි මුමුණයි
කඩුපුල් මලක් රැය මත් බවින් පුරවයි
සිහිනය නුඹයි ඔව් එය හරිම මිහිරියි

නිහඬ නිම්නය හඬ නගා හිනැහෙයි
සකුණ ගී පද පෙු්මයෙන් ඇවිලෙයි
බිඳුණු පපුවක මල් සුවඳ ඉපිලෙයි
වසන්තය යළි අත වනයි පුදුමයි

© Somalatha Herath Menike, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, April 30, 2024

රෝස කැකුළු - අනුරුද්ධ වැලිගමගේ

රෝස කැකුළු මට මොකටද ඔබේ දෙතොල් ළඟ
සමනල තටු පහස තිබෙයි ඔබෙ දෙකොපුල මැද
කවි ගීවල ඇති වරුණා නැතිමුත් ඉඟ ළඟ
රැජිනයි මට සතුට සදන සැමදා මා ළඟ

බාධක කම්කටොළු නැත්තෙ මේ ලොව කොයිබද
දිරිය නුඹයි මවට පසුව හිත සුව කැන්දන
රිදෙන විටදි සිත තැවිලා හිතේ රිදුම් දෙන
හද සනසන පැන් බිඳ නුඹ ඒ දුක් දුරලන

දුක සතුටත් සමව දරා යන මේ සක්මන
එළිය කරන සඳ එළියයි සොමි ගුණ පතුරන
දරුවන් මැද සතුටු සිනා උතුරා පතුරන
සෙනෙහෙ විලයි ඔබ මට නිති සිසිලස කැන්දන

© Anuruddha Weligamage, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, April 29, 2024

රෝස මල් සිනාසේ - නිහාල් රූපසිංහ

රෝස මල් සිනාසේ
මිදුල කොණේ
සියොතුන් වයතී තත් ගී මිහිරී
පැන් ද පැණි රසය දිව මත
සැවොම සතුටිනි
මා වටකොට හාදු වැස්සකි

එනමුදු අමාරුයි මට
හරීම අමාරුයි
දරාගෙන ඉන්න
හුරු පුරුදු තනිකම ද
හදවතේ හිස් බව ද
ප්‍රසන්නය ඒ වේදනාව
නොරිදවන මා සිත

ඉගිල එන්න කුරුල්ලනි
වහා ඉගිල එන්න
මං ආසයි ඔබට ඇහෙන්න
ළඟ ඉඳ ගී ගයන්න

© Nihal Rupasinghe, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, March 25, 2024

අතීත වැහිබර දවසක - රසිකා ඉඹුල්ගොඩ

අතීත වැහිබර දවසක
අප හමුවුණු හැන්දෑවක
මතකද අවසාන වරට අප සිප ගත්තා?
අවසන් වර බව නොම දැන අප සිප ගත්තා

ආකාසේ පියඹා ගිය
දිගුහොට ඇති කෑදැත්තෙක්
අමුතු හඬින් ඒ මොහොතේ විලාප නැගුවා
විරහ වේදනාවෙන් මෙන් විලාප නැගුවා
ඒ හඬ හැමදාටම මට මතක තියේවී

අද ඔබ මා ඇස ගැටුණත්
අප ආගන්තුකයින් වාගේ
ඒ වුණාට හද පතුලේ දුකක් තියනවා
ඔබ මා පමණක් දන්නා දුකක් තියෙනවා
ඒ දුක හැමදාටම මා ළඟම හිඳීවී

© Rasika Imbulgoda, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

පෙර දවසක් දා - රසිකා ඉඹුල්ගොඩ

පෙර දවසක් දා
සිත ඉකිබින්දා
ඒ ඔබ මා හැර ගිය හින්දා
මා දුක් වින්දා
නිහඬව සැමදා
මා ඔබට ආදරේ හින්දා

නෑ කිසිම ලෙසේ
අහිතක් මසිතේ
දුක පිරී ඇති වුණත් මහදේ
පෙර ලෙසම අදත්
අද ලෙසම හෙටත්
මා ඔබට ආදරෙයි සුහදේ

ඔබ සිතන ලෙසින්
පතනා විලසින්
සැමදේම ඉටු වෙන්න පතමී
දුර ඈත ඉඳන්
සුපුරුදු අයුරින්
නිහඬවම ආදරේ පුදමී

© Rasika Imbulgoda, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, March 24, 2024

එපා මට ඔබ එපා - රසිකා ඉඹුල්ගොඩ

එපා මට ඔබ එපා, ඔබේ සෙනෙහස එපා
ඉඳීමට සිදුවුණත් සැමදා පුරුදු තනිකමේ
මා මෙසේ ඉන්නම් පෙර සේ මගේ පාඩුවේ
එපා මට ඔබ එපා, ඔබේ සෙනෙහස එපා

හිමි එලොව ගිය දිනේ
නොකළෙමිය සති පූජා
සැමදාම ඉඳින්නම් තනි වී මියැදෙන තුරා

රිසි විලස දිවි ගෙවා
මියැදීම මට හොඳා
බිරිඳ වී ඔබේ සුරසැප විඳීමට වඩා

© Rasika Imbulgoda, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

රොබරෝසියා ගස් - අසිත උදයංග

රොබරෝසියා ගස් තාලයට මෙන් බිමට එවලා මල් වැහී
පයට පෑගී සුමුදු මල් පෙති ගියා සුළගේ වැනි වැනී
සුමුදු අත් පෙති පටලවාගෙන එදා පියමන් කළ හැටී
මලේ මල්පෙති හමන සුළගට වෙනස් වීලා නැති හැටී

විසල් ගස මත පිපුණු මලකට බඔරු නැහැ පෙම් කරන්නනේ
පුංචි පඳුරක පිපුණු මලකට ආදරේ ඇයි දැයි නොදන්නේ
දරන්නට බැරි පෙමක් ගුළි කොට සුළග මත පා කරන්නේ
නැවත පෙමකට ඇතුල් නොවෙනට හදේ දොර පළු වසන්නේ

කවියෙකුගෙ හිත කියව ගන්නට කවියමයි වැට බඳින්නේ
කොතෙක් කවිකම් කරත් කිසිදින කවිය නැහැ සිත පෙලන්නේ
අහසෙ තරු කැට බිමට හිමි නැත අහසෙමයි එය රැඳෙන්නේ
අහිමි තරුවට හඬා පල නැත දුරට වී එය විඳින්නේ

© Asitha Udayanga, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

දිසාපාමොක් ඇදුරුතුමනී - අසිත උදයංග

දිසාපාමොක් ඇදුරුතුමනී අවසර ද සමුදෙන්න
තවත් කිසි දෙයක් නැත මට කියා නැති වෙන්න
පියෙකු නැති මගේ ලොව ඔබ පියා මට වෙන්න
තිබුණ හීනය නැති කරේ කිම ද මට පවසන්න

කහට ඇති ගවුම අද පොඩි වෙලා ඉරිලා
කහට මැද රතු ලෙයින් ආත්මය මරලා
මගේ ලොව හිටි දෙවියා තිරිසනෙක් වීලා
ගුරු පඬුරු ⁣හිලව්වට නොමර මා මරලා

වේල්ලට උඩින් ලිහිණියො කැරකෙනවා
යන්නට ගෙදර පා පොඩි මගෙ වලකනවා
නොකියම යන්න අම්මේ මට සිදුවෙනවා
වැව් දිය තුරුලේ අම්මේ මම සැතපෙනවා

© Asitha Udayanga, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

අවාසනාව ද වාසනාව ද - අසිත උදයංග

අවාසනාව ද වාසනාව ද
අතර මැදි වූ කාරණාව ද
කාලයට දී බලා සිටිමු ද
එසේ නැතිනම් හඬා වැටෙමු ද

ඉරණමට අරුමයක් වන්නට
සටන් කර අප හති වැටෙන්නට
ජය පැරදුමක් මැද අතර හිරවී
දෛවයට හිමි තැනක් සොයමී

ලැබෙන දේ සතුටුයි සිතන්නට
භාවනාවක පෙර හුරුව වන්නට
සිතේ ඇති බැමි ලිහිල් කරමී
සුසුම් රැලි මම ඉවත යවමී

© Asitha Udayanga, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

බලා හිටියා ම ඉස්සර - අසිත උදයංග

බලා හිටියා ම ඉස්සර
ලැබෙන පිළිතුරක ලස්සන
දැන් එහෙම නැහැ ඉතින්
ඒ හුඟක් ඉස්සර
ගිලෙන කොට සයුරේ
හරි හැඩයි දිනකර
කාටවත් කියන් නැහැ
ඔයා ගැන විස්තර

සරුංගලය ඉගිලෙන්නෙ නූල තියෙනා තුරා
කොතෙක් දුර ගියත් ඔබ මම ඉඳිමි දුක දරා
කමක් නැහැ ඉගිලෙන්න අහසේ ඉම සොය සොයා
හැරෙන්ට බැරි නිසා ඉන්නවා මග බලා

මල් උනත් හරි හැඩයි සුළඟ දෙන විට හාදු
ඔයා කොපමණ කළත් මගෙ හිතට අරියාදු
දැනෙන්නෙ ම අනේ මට ඔයා දුන් වැහි හාදු
තවත් කරනට එපා හිත් එක්ක පෙම් සූදු

© Asitha Udayanga, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, February 23, 2024

ඒ රුව ය - අමිතා පද්මකුමාරි

ඒ රුව ය, ඒ රුව ය
දෙනෝදාහක් මැදත්
හඳුනනා එකම රුව
නොදන්නා සේ ඉන්න

ඒ නෙත් ය, ඒ නෙත් ය
දහසකුත් නෙත් අතර
මා සොයන ඒ බැල්ම
නොදැක්කා සේ ඉන්න

ඒ හඬ ය, ඒ හඬ ය
දෙසවනේ රැව්දෙනා
හුරුපුරුදු ඒ හඬ ය
කිසිත් නොදොඩා ඉන්න

© Amitha Padmakumari, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, January 28, 2024

හිත ගාව පෙම් හීන - ශානිකා ශෂීප්‍රියා ද සිල්වා

හිත ගාව පෙම් හීන, මල් වාගේ පිපුණා ම
ඔබ එන්න මල් මාවතේ
අර ඈත සඳ ගාව - තරුවක් වගේ ඉන්න
වරුවක් ම මගෙ ජීවිතේ

එළිවෙච්ච ඒ හීන, පණ වාගෙ රැක ගන්න
මුදු හාදු තවරා මුවේ
මට ආයෙ හිනැහෙන්න, හීනය ළඟින් ඉන්න
හැමදාට දැන් ඔබ මගේ

නෙතඟින් බලා කීව, සෙනෙහස් කතා බෝම
වෑහෙයි නුරා ගී වගේ
හිම හීත බිඳු වාගේ, දෙතොලතර දැවටෙන්න
උණුසුම් සුසුම් දෙනු ප්‍රියේ

© Shanika Shashipriya de Silva, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, January 16, 2024

එක දිනක් ඔබ පෙනී - කසීර පෙරේරා

එක දිනක් ඔබ පෙනී සෙනෙහසක් ඉපදුණේ
තව කලක් ගතවුණේ හද සෙනේ වැඩිවුණේ
ආදරෙයි කියවුණේ ඔබ කෝප වී ගියේ
සරදමයි පැරදුමයි එපමණයි හිමිවුණේ

මා කෙරේ ඔබ සිතේ පිළිකුලකි ඇතිවුණේ
දෙනු සමා මා වෙතේ දුක නොමැත මගෙ සිතේ
පැරදුමයි මට හිමී
සමුගමී නැත යළිත් ඔබ නෙතේ මගේ රුව ගැටෙන්නේ

කුස රජා පබවතී දැක එදා පෙම් කළේ
සත් වසක් දුක දරා ජය ඔහුට හිමිවුණේ
ඒ දිරිය මට නැතේ
සමුගමී නැත යළිත් ඔබ නෙතේ මගේ රුව ගැටෙන්නේ

© Kaseera Perera, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

නිසංසලේ ගලා හැලෙන - ශානිකා ශෂීප්‍රියා ද සිල්වා

හරි නිසංසලේ ගලා හැලෙන සෙනහස් ගං දෑළේ
ආදරේ සෙත් පිරිත ඇහෙනව රෑ තුන් යාමේ
ඔබ මගේ වෙලා උපදින හැම භවයක් වාරේ
පෙම් පහන් සිළක් වී දැල්වෙනවද හද මළුවේ

ජීවිතේ දුර්ගයකි සමනොළ ගිරි හිස මානේ
සෙනෙහසේ වාරුවට මට ඔබෙ උරහිස ඕනේ
ආදරේ බත උයා හිනැහෙන රෑ හඳ පානේ
මාවතේ ඇස් තියන් ඉන්නව ගෙට එන ගානේ

සැඩ හිරු කිරණට පිච්චී හිත දැවෙනා වාරේ
ඔබෙ සෙනෙහස සිසිලයි මට මහ නුග රුක වාගේ
අපෙ සමනළ පැටවුන් ඇහැරී හඬනා වේලේ
ගුළි වෙන්නට ඔය ඉසිවර සුව පපුතුර ඕනේ

© Shanika Shashipriya de Silva, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, January 6, 2024

හිරු නැග එනවා - රසික සූරියආරච්චි

හිරු නැග එනවා, හිරු බැස යනවා
ලෝකය කැරකෙනවා
දවසින් දවසට කල් ගත වෙනවා
අප වයසට යනවා

ඉපදුණු දා සිට කළ කී දේ ගැන
දැන් සිතුවට පළ නෑ
ගිලිහුණු අදිටන්
නොලැබුණු දේවල්
නොකෙරුණු යුතුකම්
ගැන දුක් වී පළ නෑ

හෙට දින කෙලෙසක ලිය වී ඇති දැ යි
දන්නා කිසිවෙකු නෑ
යුතුකම් ඉටුකර
බැඳුම් අවම කර
පැතුම් ඉවත් කර
හිටියොත් අවුලක් නෑ

© Rasika Suriyaarachchi, 2024

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, December 31, 2023

මලක්, සුවඳ විහිදනා මලක් - චන්ද්‍රා ආරච්චිගේ

මලක්, සුවඳ විහිදනා මලක්
මලක්, ළඟා වෙන්න බැරි මලක්
මලක්, සිප ගන්නට බැරි මලක්
මලක්, වෙන අයෙකුට හිමි වූ මලක්

එදා උදේ ඇගෙ රුව ඇස ගැටුණා
හදේ සුපෙම් හැඟුමන් පොදි බැඳුණා
ඒත් එමල අන්සතු බව දැනුණා
මහා දුකක් හද පතුලේ පිරුණා

හදේ උපන් හැඟුමන් මැඩ ගන්නම්
හිතේ ඇඳුණු රුව මකා දමන්නම්
මගේ ලොවේ තනි වී සැනසෙන්නම්
ඇගේ ලොවට ආසිරි ගෙන එන්නම්

© Chandra Arachchige, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, December 28, 2023

සඳ බැස යන අයුරු බලා - කසීර පෙරේරා

සඳ බැස යන අයුරු බලා
නොහඬමි මම කඳුළු සලා
නෙක තරු කැට අහස් තලේ
වෙනදා මෙන් පිපී දිලේ

තව හෝරා ගත වෙද්දී
ලොව නව දවසක් එළැඹේ
අට ලෝ දහමෙන් සැනසී
හෙට ඉමි අද මෙන් හිනැහී

ඉපදුණු අපහට මෙලොවේ
සැප දුක එක ලෙස හිමි වේ
එය නොම දැන කවුරුන්දෝ
ජය ලද්දේ ජීවිතයේ

© Kaseera Perera, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, December 27, 2023

සිතක තනිකම - රසිකා ඉඹුල්ගොඩ

සිතක තනිකම හදක පාළුව
දැනී නැති අයෙකුට ලොවේ
හැකි ද පිදුමට කිසිදු දිනයක
තවත් කෙනෙකුට ආදරේ

කුසේ ගින්දර නොදන්නේ
දිළිඳුකම ගැන නොදන්නේ
වෙනත් කෙනෙකුගෙ දුකේ දී
එවන් හද උණු නොවන්නේ

හිතේ ද්වේෂය දරන්නේ
මෝහ අඳුරේ ගැලෙන්නේ
වෙනත් කෙනෙකුගෙ සැපේ දී
ඉරිසියාවෙන් පෙළෙන්නේ

© Rasika Imbulgoda, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

නිසල විල මත පිපිලා - රසික සූරියආරච්චි

නිසල විල මත පිපිලා, සුවඳ පතුරන දසතේ
සුදු නෙළුම ඔබ වේ සොඳුරේ පැතූ සංසාරේ
දෙනෙත පින් කර ඇත්තේ, මා
දෙනෙත පින් කර ඇත්තේ

මඩෙන් ඉපදී, දියෙන් මතු වී
සුමුදු පෙති විහිදා ලා
ඉන්ද්‍රඛීලය සේ නැගී
සිනා විහිදන්නේ
ඔබ ලොව ම පුබුදන්නේ

සෙමෙන් මසිතේ, හැඟුම් ඉපිදේ
මහද දොර වසලා, මා
රැක්ක සීලය යයි බිඳී
අනේ සුදු නෙළුමේ
මගෙ සෙනේ පිළිගන්නේ

© Rasika Suriyaarachchi, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ගනඳුරු වැටෙනා - චන්ද්‍රා ආරච්චිගේ

ගනඳුරු වැටෙනා මේ මොහොතේ
මගේ අඳුරු ලොව එළිය සදා
පායා එනවා
බලාපොරොත්තුවෙ රුවන් තාරුකා
පායා එනවා

තුන් වසරක දුක් ගින්න නිවන්නට
ගිලන් හදට සුවසෙත සලසන්නට
සිතේ සියක් ගී පද ලියවන්නට
පායා එනවා
බලාපොරොත්තුවෙ රුවන් තාරුකා
පායා එනවා

සීත සිසිරයට උණුසුම දෙන්නට
වසන්තයේ මල් පුබුදාලන්නට
ජීවිතය ම සුවඳවත් කරන්නට
පායා එනවා
බලාපොරොත්තුවෙ රුවන් තාරුකා
පායා එනවා

© Chandra Arachchige, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සුරාවෙන් ගත කිපුණා - රසිකා ඉඹුල්ගොඩ

සුරාවෙන් ගත කිපුණා
නුරාවෙන් සිත පිරුණා
සරාගික හැඟුමන් අවදි වී
සිල් පදය කැඩුණා, තුන්වෙනි සිල් පදය කැඩුණා

මහා ලැව් ගින්නකට හසු වී ජීවිතේ දැවුණා
සමා ඉල්ලා පලක් වේවි ද මගේ සිත බිඳුණා

එදා කළ පව ගෙවී යනතුරු, හැඬීමෙන් සුව නැත්තේ
සදා සතුටක් උදාවේවි ද, සිතේ සැකයක් ඇත්තේ

© Rasika Imbulgoda, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, December 26, 2023

සඳ නැති ගනඳුර - රසිකා ඉඹුල්ගොඩ

සඳ නැති ගනඳුර එය මට උරුමය
ඔබ නැති ලොව මට සෙනෙහස අහිමිය
අසරණ මට හිමිවුණු ඒ දෛවය
කිසිදින නිමවෙනු නැත මේ කරුමය

මතකයි පෙර දින සෙනෙහේ බැඳුණා
සඳටයි හිරුටයි උපමා කෙරුණා
නොසිතුව විලසට ඒ පෙම කැඩුණා
එක්වෙනු නැත යළි හිරු සඳු දෙදෙනා

සැමදා මගෙ ලොව තනි වී ඉන්නම්
කිසිදා ඔබෙ ලොව දෙස නොබලන්නම්
ඔබෙ දුක මගෙ දුක ලෙස සලකන්නම්
ඔබෙ සතුටෙදි මම සිනා නගන්නම්

© Rasika Imbulgoda, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ආදරේ දිවි මඟට - රසිකා ඉඹුල්ගොඩ

ආදරේ දිවි මඟට සිසිල සොම්නස ගෙනේ
ඒ නමුත් පෙම් බැඳුම් ජීවිතය නම් නොවේ
අරුත්සුන් විරහ ගී පද ඉවතලනු මැනේ
ගෙවී ගිය අතීතෙට නොහඬන්න කිසි ලෙසේ

ජීවිතය කිසි දිනක, කිසිවිටක නොනැවතේ
හද ගැස්ම ඇති තුරා, රුහිරු දිවෙනා තුරා
අඳුරු වත්මන ඉරා හෙට ඉරක් පායතේ
පරාජයෙ ගෙබිම මත ජය මැදුර ඉදිවෙතේ

ජීවිතය ඉදිරියට රැගෙන යන නියමුවා
තිරසාර අදිටනයි ඔබ සිතේ ඉපදෙනා
උත්සාහයෙන් තොරව නමුදු ඒ නොසීහේ
උත්සාහ ජල පොදෙන් අදිටනේ මල් පිපේ

© Rasika Imbulgoda, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, December 25, 2023

මරු කතරක මැද - කසීර පෙරේරා

මරු කතරක මැද
පවස නිවන්නට
දිය බිඳකට හැකිය මිහිරියේ
ගිනිගත් හදවත
සුසුම් නිවන්නට
එක වදනක් හොඳටම සෑහේ
මා දිහා බලන්නකෝ අනේ - මට
ආදරෙයි කියන්නකෝ අනේ

ඔබ නොදුටුව දිනවල
සිත දුකින් පිරේ
කිසි දෙයක් කරන්න හිතෙන් නෑ
ජීවිතේ රහක් දැනෙන්නෙ නෑ
මා දිහා බලන්නකෝ අනේ - මට
ආදරෙයි කියන්නකෝ අනේ

ඔබ දුටුව දවස්වල
සිත තුටින් පිරේ
හැම දෙයක් ම සුන්දරයි ලොවේ
කවි ගී වැල් ගෙතෙනවා සිතේ
මා දිහා බලන්නකෝ අනේ - මට
ආදරෙයි කියන්නකෝ අනේ

© Kaseera Perera, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

එක සවසක - රසිකා ඉඹුල්ගොඩ

එක සවසක මා අහස බලද්දී
ලස්සන තරුවක් පිපිලා දිලුණා
තව සුළු මොහොතක් ගත වූ සැණිනේ
ඒ තරුව කඩාගෙන වැටුණා
මට මගේ ගැනම දුක හිතුණා

සිතක ඉපදෙනා පැතුම් සුවහසක
තාවකාලික ව සුවය තිබේ
අසුරු සැණින් ඒ සියල්ල වැනසී
දුක දොම්නස මා වෙත පැමිණේ

අට ලෝ ධර්මය ලොව අප සැමට ම
පොදු වේ යැයි බණ පොතේ තිබේ
රෝදය කැරකෙනවා දැ යි කුකුසකි
සිව් ලෝ දම පමණක් ම ලැබේ

© Rasika Imbulgoda

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, December 24, 2023

නිසල සිත් විල - රසික සූරියආරච්චි

නිසල සිත් විල මගෙ සසල කළ
කියන් ඔබ කවුරු දෝ
පිපුණු නෙළුමක සුවඳ විහිදන
කියන් ඔබ කවුරු දෝ

මගේ සිත වෙත ඇවිත් රහසේ
මුකුළු කරමින්නේ
සඳක් විලසින් සිනාසෙන්නේ
නුහුරු නුපුරුදු හැඟුම් ගොන්නක්,
නේක සිතුවිලි, සිතේ පුරවන්නේ

ඔබේ රුව දැක නොදැක්කා සේ
ඉන්න මට නොහැකේ
ඇයි ද මා හද කෝල වෙන්නේ
ඔබ සමග වදනක් දොඩන්නට
කෝඩු මගෙ සිත, නැතේ ඉඩ දෙන්නේ

© Rasika Suriyaarachchi, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සොඳ රුවෙන් සොබන - චන්ද්‍රා ආරච්චිගේ

සොඳ රුවෙන් සොබන මා සුන්දරියේ
සොඳුරු ඇස් කොනින් මදහස වැගිරේ
හද පෙමින් බරයි මා පෙම්බරියේ
මියුරු බස් තෙපුල් දෙසවන සැනසේ

ඔබ පතා ආමි, සසරින් සසරේ
දසුනින් හදවත සුවපත් කෙරුවේ

පැතු ලෙසින් සිටිමි, හැඟුමන් පුබුදා
කෙදිනක ඔබ මට අත්පත් වෙයි දෝ

© Chandra Arachchige, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, December 23, 2023

කිකිළි ද, බිත්තරය ද - කසීර පෙරේරා

කිකිළි ද, බිත්තරය ද මුලින්ම ආවේ
වඳුර ද, මනුස්සයට පෙර ලොව සිටියේ
ඔය වැනි ප්‍රශ්නවලට
උත්තර කවුදෝ දන්නේ
දන්නව නම් කියා දියන්නේ

සමහරු අදහන දෙවිවරු කොහේද ඉන්නේ
අයදින, ඉල්ලන දේ උන් කොහොමද දෙන්නේ
දවසක මැරුණම පණ නල කොහේද යන්නේ
රැස්කළ පින් පව් කොහොමද අරගෙන යන්නේ
උත්තර කවුදෝ දන්නේ
දන්නව නම් කියා දියන්නේ

කළ පව් කවද ද, දුදනට පඩිසන් දෙන්නේ
කළ පින් කවද ද, සුදනට සැම සැප දෙන්නේ
කවද ද, මෘගසං වැස්ස වසින්නේ
කල්පය කෙලෙස ද, කෙදින ද අවසන්වන්නේ
උත්තර කවුදෝ දන්නේ
දන්නව නම් කියා දියන්නේ

© Kaseera Perera, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, December 22, 2023

ඔබ වේ හිරු සඳු - චන්ද්‍රා ආරච්චිගේ

ඔබ වේ හිරු සඳු මා ලොවේ
බැලු බැලු සැම තැන සිසිලස සාදා
ඔබ වේ හිරු සඳු මා ලොවේ

ඔබ රුව දසුනෙන්
මා හද සැනසෙනවා
මගෙ සිත කුල්මත් වී ගත පිබිදෙනවා

හද ගැබ දහසක්
පැතුමන් ඉපදෙනවා
නොකිලිටි පෙම් මල ඔබ වෙත පුද දෙනවා

© Chandra Arachchige, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, December 21, 2023

දුක සිතුණා - කසීර පෙරේරා

දුක සිතුණා
මට දුක සිතුණා
ඒ ඔබ මා හැර ගිය හින්දා
හද රිදුණා
සිත ඉකිබින්දා
ඒ ඔබ මට දුන් දුක හින්දා

ඔබ මට සදා, අහිමිවු එදා
මා සිත පුරා දුක්බර වුණා
ඒ දුක මවා කොළයක් පුරා
කවියෙකු වුණා, මා කවියෙකු වුණා

ඔබ මට සුසුම්, හිමි කළ සොවින්
මා හද පුරා ගිනි දැල්වුණා
ඒ අළු නිවා සත්සර යොදා
ගීයක් සදා, මා ගඳඹෙකු වුණා

© Kaseera Perera, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ඔබ මා හැරදා ගිය පසු - කසීර පෙරේරා

ඔබ මා හැරදා ගිය පසු මට ලැබුණු දුකේ රස
මා කිසිදු දිනෙක නැත අත්විඳ ඔබ සිටිනා විට
ඔබ මා ළඟ සිටිනා විට

ඔබ මට ගෙන දුන් දුක
මිහිරිය සොඳුරියෙ අද
ඔබ ළඟ සිටි දින මා ලද සුව පහසට වැඩියෙන
මේ ඇඹුල් මිදි නොවේ

දුක වුව එය රසයකි
දුක් විඳි අය දන්නා
ඒ රස පිළිබඳ තතු සැප විඳි අය නොම දන්නා
එය සත්‍යයක් ම වේ

© Kaseera Perera, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

නිමවමු සසර - පද්මසිරි හේරත්

සරා සසරේ බොහෝ කල්
පුරා දස පාරමී දම්
නසා කෙලෙසුන් නිවී සැනසුණු
උතුම් බුදු සමිඳේ

තුන් ලොවේ ඉම තෙක් ගලාගිය
ඔබේ මෙත් කරුණා දයා ගුණ
විශ්වයේ පරතෙර ද දුටු බුදු
හිමියනේ ඔබගේ සියුම් නැණ

සදා සිහිකර දැහැන් ගතවෙමි
නිරාමිස පූජා පුදා
සනාතන හිමි දහම් මග යමි
අමා මහා නිවන ම පතා

© Padmasiri Herath, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ඔබට නොපෙනී - නිහාල් රූපසිංහ

ඔබට නොපෙනී ඔබ ළඟින් ඉන්නම්
ඔබට නොපෙනී සැඟවිලා ඉන්නම්

ගහ කොළ ගොළුවන හැන්දෑ යාමේ
මල් වල පැණි පුරවන හෝරාවේ
මීමැස්සන් ගුම් නැති මේ යාමේ
ඔබ ගැන සිතමින් තනි වෙන්නම්

රළ පෙළ වෙරළට හැම දා එන සේම
හිරු තරු අහසේ බබළන්නා සේම
පහේ කෝච්චිය හැම දා එන සේම
කොහෙ යන්නද මා අමතක කෙරුවාම

© Nihal Rupasinghe, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

දුක් විඳිනා අය නොදැකා - කසීර පෙරේරා

දුක් විඳිනා අය නොදැකා
දුක ගැන නොම දැන කිසිදා
සැප විඳිනා කල සැමදා
දැනේ ද දුක යනු කිමදා

ඉපදුණු අය කෙමෙන් කෙමෙන් වියපත් වන බව
නොයෙක රෝග වැළඳෙන්නට ඉඩ තිබෙනා බව
ආයු ගෙවී කෙදිනක දී හෝ මිය යන බව
නොම දැන දිවි ගෙවන අයෙකු සිටී ද මේ ලොව

ලෙඩෙකු මහල්ලෙකු පළමුව ඇස ගැටෙනා දින
මිය ගිය අයෙකුගෙ සිරුරක් දකිනා මුල් දින
සියළු දේ ම නැසෙන සුළුය වැටහී යනු ඇත
සැප සම්පත් අත හරින්න සිතට දැනෙනු ඇත

© Kaseera Perera, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, December 20, 2023

සඳ කුමරිට තනි රකින්න - කසීර පෙරේරා

සඳ කුමරිට තනි රකින්න තරුවක් ළඟ ඉන්නවා
ඒ විදියට හැමදාට ම
ඔබෙ තනියට ළඟින් ඉන්න
නිරතුරු මා පතනවා

මගේ හදේ හද පතුලේ ඉපදුණු ආදර සිතුවිලි
සඳ කැළුමක සිසිල මැදින්
කවි පද ලෙස ගෙතෙනවා
ඔබ වෙනුවෙන්
ගී තනු සිත බැඳෙනවා

ඔබේ ලොවේ පෙම් මැදුරේ දිනයක මට දොර ඇරේවි
අප තනිවුණු අසුරු සැණෙන්
ඒ පෙම් ගී ගයනවා
ඔබ වෙනුවෙන්
මා පෙම් ගී ගයනවා

© Kaseera Perera, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, December 16, 2023

කතා නොකර හිටි දවසට - අනුරුද්ධ වැලිගමගේ

කතා නොකර හිටි දවසට
මුහුණ හංගගත් හවසට
ඔබ මා ළඟ ඇති දුර
කල්ප කාලයක් සේ
සිතට දැනෙනවා, සත්තයි සිතට හැඟෙනවා

ගව් සීයක් ගෙවු අවසන
ගෙපැල අද්දරම ඇති විට
යොදුනක දුර මහ දුරකැයි සිතට දැනෙනවා
ගව් ගණනක දුරක් ලෙසින් හිතට දැනෙනවා

කතා නොකර හිටි දවසට
එළිය පිරුණු පසළොස්වක
සඳ තරු පිරි රෑ යාමෙක
නැති මිහිරක් අඩ සඳ තනි තරුව මවනවා
යළිදු ළං ව ඔබ ළඟ හැංගෙන්න හිතෙනවා

© Anuruddha Weligamage, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ඇහිපිය යට හීන - අනුරුද්ධ වැලිගමගේ

ඇහිපිය යට හීන තියා
දඟ කරනා තරු ගණින්න
කිරි බැබළෙන හඳපානේ
විසිරෙන පිණිබිඳු දකින්න

පිණි තැවරුණු කුමුදු පොකුරු
සුවඳ මැදින් ඇවිද යන්න
නිසල රැයක ඔබත් මමත්
යමු ද හිතට පෙම් පුරන්න

කන්දෙ හැපී මුවා වෙලා
බලන්න අඩ සඳ මැවු රූ
ඇඟිලි තුඩින් හිස පිරිමැද
දෙන්න ද හාදුවක් සොඳුරු

සිත්තම් කර හිත අද්දර
ලස්සන කවි ගීත සින්දු
අපි මැදි විය පහු කළාට
තාම ආදරේ තරුණ ලු

© Anuruddha Weligamage, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, December 15, 2023

සුන්දර දියණියනේ - පුෂ්පා සූරියආරච්චි

ජීවිතයට මද පවනක් වූ
සුසිනුදු වදන් ඔබේ
අප දෙදෙනාගේ ජීවය ඔබ වේ
සුන්දර දියණියනේ

සැතපුම් දහසක දුරකින් සිටිය ද
ඔබ වදනින් අප සැනසෙන්නේ
දින ගණිමින් නිති බලා සිටින්නෙමු
ඔබ එනතුරු අප දියණියනේ

ගිනිගත් ලොවකට පැන් දහරක් වී
අවතැන් දන හට සරණ වෙමින්
යුක්තිය වෙනුවෙන් සටන් වදින්නට
දිරිය ලැබේවා දියණියනේ

© Pushpa Suriyaarachchi, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

හිරු මහළු වෙලා - චන්ද්‍රා ආරච්චිගේ

හිරු මහළු වෙලා ක්ෂිතිජයෙ ගිලිලා
නොපෙනීම ගියා ලොව අඳුර මවා
සඳු නගින තුරා සිටිය ද ඉවසා
ඇත අඳුරු වලා මුළු අහස වසා
ඔබ කුරිරු වෙලා මහදට ගිනි ලා
පිටුපාම ගියා වෙනතක බැඳිලා
යන්න ගියා

ඇයි ප්‍රියේ ඔබේ
සිත එදා වගේ නොව වෙනස්වෙලා
මා පිදුව ආදරේ
කුරිරු විලාසෙන් ඉවත හෙලා
ඇයි ද කිව මැනේ මදෙස බලා
මගෙ දෙනෙත දිහා
ඍජු නෙතින් බලා, ඍජු නෙතින් බලා

සැම වෙලේ සිතේ
දුක පිරී ඇතේ ඔබ දුරස්වෙලා
මා ඔබට පෑ සෙනේ
ඇතිය එදා මෙන් මෝදු වෙලා
කොයිද ඔබ අනේ වසන්වෙලා
මගෙ ජීවිතයම
මට එපාවෙලා, මට එපාවෙලා

© Chandra Arachchige, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, December 14, 2023

මං ආව දා - නාලනී ද සිල්වා

මං ආව දා මංකඩ බලන් හිඳ
වෙරළේම නුඹ නැටුවා නගේ
හැන්දෑවටත් බයවෙච්ච ඔය සිත
කෝලවෙයි වෙරළේ රළේ
පෙම්බර මතකේ, සුන්දර සිහිනේ

දිය නෑව සීරුව සයුරු රැල්ලේ
ඔය රූපෙ හිරු එතිලා වගේ
සුදු පාට පෙන බිඳු සේලයක් සේ
හිස උඩින් නැටුවා අගේ
ආදරෙයි මං, ආදරෙයි මං

දැන් කාලේ නාවත් මතකයේ සිත
ආදරේ සොඳුරුයි අගෙයි
පාරනා නුඹෙ ප්‍රේම ඇමතුම
සෝලි දෙයි මූදේ හඬේ
ආදරෙයි මං, ආදරෙයි මං

නුඹෙ බරට තෙරපෙන්නේම වැලිකැට
පේවෙලා හිටියා සිතේ
ලුණු රසය රැන්දුව ප්‍රේම සිහිනෙට
පාලුවක් හරියට දැනේ
දැන් වෙරළටත් සිහි නැති ම තරමට
මාව නම් බර නෑ වගේ
ආදරෙයි මං, ආදරෙයි මං

© Nalani De Silva, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

තරුවක් වෙලා - මහේෂා වජිරකාන්ති විජේසේකර

තරුවක් වෙලා මතකයේ මල් පිපුණා ම
අහසම මගේ යැයි කියලා සිතුණාට
වැටුණත් කඩාගෙන, හිනැහෙන තරු අතර
වරුවක් බලා ඉමි මැසිවිලි නොකියාම

අකුණක් විදුලි සැරයක් නැතිවුව රහසේ
පොඩි පොඩි වැහි කඳුළු නිති වැටෙනා අහසේ
සිත බොඳවෙලා උකහා ජීවය රිදුමේ
සිතිවිලි පුබුදුවයි සුරැකුණු හද පැතුමේ

පෑරෙන විට කොනිති ගසමින් ජීවිතය
නෑසෙන සරින් මුමුණා ආසම තනුව
වැටෙනා සෑම විට වාරුව ගෙන නැගිට
මා ම යි සැනසුවේ මගෙ හිත ඉකි ගැසුව

© Mahesha Vajirakanthi Wijesekara, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, December 13, 2023

දවස ගෙවී හිරු මිලිනයි - චන්ද්‍රා ආරච්චිගේ

දවස ගෙවී හිරු මිලිනයි
ලොව නැත බියෙන් අඬන්නේ
ගන අඳුරක සඳ සැඟවෙයි
තරු නැත කලබලවන්නේ
එහෙනම් ඇයි
හිත රිදුණම හද බර වී
නෙත් අග කඳුළු පිරෙන්නේ

නොමැරෙන කෙනෙකු ලොව නැතේ
එය දැන කටයුතු කරමී
නොසිතන දෙය ම සිදුවෙතේ
අටලෝ දහම පිළිගමී

වරදක් නැතිය මා අතේ
එය මගෙ හදවත දන්නේ
කහටක් නැතිය මා සිතේ
ඔබ නැත අමතකවන්නේ

© Chandra Arachchige, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, December 12, 2023

සඳ සිසිල ඔබෙ - චන්ද්‍රා ආරච්චිගේ

සඳ සිසිල ඔබෙ මට උරුම නෑ
ඔබ නිහඬ ඇයි මා දන්නෙ නෑ
මගෙ සිතේ දුක හඳුනන්නෙ නෑ
මගෙ වදන් ඔබ පිළිගන්නෙ නෑ

කිසිදු දිනයක නැතේ මිහිරියෙ
ඔබට ද්‍රෝහි වී
නැත කිසිම විලසින් වෙනත් ළඳකට
සිතින් ලෝල වී
ඇයි මගෙන් පළිගන්නේ?

යළිදු කියනෙමි නැතේ සෙනෙහස
බිඳකුදු අඩු වී
බොරු මුසා බසකින් මුලා වී ඇයි
මෙලෙස කුරිරු වී
මට නැතේ වැටහෙන්නේ!

© Chandra Arachchige, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, December 11, 2023

සඳ සිසිලක තරු එළියක - චන්ද්‍රා ආරච්චිගේ

සඳ සිසිලක තරු එළියක සුව
සෙව්වෙමි ඔබෙ සෙනෙහසින්
හිරු කිරණක, සැඩ සුළඟක දුක
වින්දෙමි නොසිතූ ලෙසින්
කිසිදින නොපැතූ ලෙසින්

මගෙ ලෝකෙට සුව සහනය ගෙන දෙන බැව් කිව් දිව්රලා
ඔබ කෙලෙසද අද මට පිටුපා වෙනතක හද පාරලා
මා හදවත පාරලා

මගෙ සිත සුවපත් කරවන ඔසු ඔබ මා වෙත ගෙන එනා
මතු කවදා හෝ එළැඹේවි ද දිනයක් සඳු පායනා
මා සුවපත් කරවනා

© Chandra Arachchige, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සඳ පළුවක තරු පොකුරක - චන්ද්‍රා ආරච්චිගේ

සඳ පළුවක තරු පොකුරක රැඳී තිබෙන සිසිලස සොඳුරු
හිරු කිරණක සැඩ සුළඟක කිසිදින අපහට දැනේ ද මිතුරු?

සඳ සිසිලස ලැබ රෑ යාමේ කුමුදු පිපෙන්නේ
වන බඹරුන් නැත ඒ කුසුමෙක රොන් අරගන්නේ
එනමුදු ඒ කුමුදු නොමැත සොවින හඬන්නේ

අපෙ ජීවිත නැත සැම විටකම තුටින් පිරෙන්නේ
අටලෝ දහමට අනුවයි සැම දේ කැරකෙන්නේ
ඔබ ලද දේ සතුටු සිතින බාර ගනින්නේ

© Chandra Arachchige, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, December 10, 2023

මංකඩ ළඟ වළිකුකුලන් - අනුරුද්ධ වැලිගමගේ

මංකඩ ළඟ වළිකුකුලන් පේළි සැදීලා
නුබේ නිතඹ පැද්දෙන හැටි බලාන උන්නා - කළු
කුමාරයා දොල ළඟ හැංගී ඇති හන්දා
පරිස්සමෙන් ගෙදර යමන් මගේ ම එතනා

ඔබේ දෙතොල් පාටට උන් පරදින හන්දා
ඉදිච්ච මාදන් ඔක්කොම හැංගිලා උන්නා
හිතේ තියෙන දේ ඔක්කොම කියන්න හිතලා
පෝය හඳක් පායනකම් බලාන උන්නා

කැකිරි හිනා හඬ අස්සේ මූණ ගස්සලා
තොවිල් පොළේ විරාමයේ ඔබෙ බහ ලැබුණා
බෙරයක් කර තියාන මං යන එන හන්දා
මාමණ්ඩී මට මනාප වේවිද මන්දා

© Anuruddha Weligamage, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, December 8, 2023

හිරු උදා වී අඳුර දුරු වී - රසන්ත චන්ද්‍රසූරිය

හිරු උදා වී අඳුර දුරු වී තවත් දවසක් ඇරඹිලා
නුබ ගැබේ සුසිනිඳු වලා කැටි හිරු කිරණ වැද හැඩවෙලා
පෙරනිමිති ඇත මේ ලබන්නේ සුබ දිනක් බව පැවසෙනා
සිතට සැනසුම හදට සිසිලස, ගතට ඉසිඹුව ගෙන දෙනා

උදේ සුපිපෙන සොඳුරු පියුමන් සැඳෑවේ මිලිනව යතේ
ආදරෙන් බැඳි හදවතක් වුව දිනෙක දුක් සුසුමෙන් පිරේ
සිතක පිළිසිඳි පැතුම් සුන් වී සිහින සැම බොඳ වී ගියත්
හඬනු ලතැවෙනු කුමට දෝ ලොව ධර්මතාවය එලෙස නම්?

මා ඔබේ දෙස බලන මොහොතක ලැබෙනු ඇත අද සොඳුරු බැල්මක්
මුතු දසන්, රත් ලවන් මැදිකොට පෙනෙනු ඇත පියකරු සිනාවක්
සවන මී පැනි සේ දැනෙන්නට ලැබෙනු ඇත පිය තෙපුල් වදනක්
වසන්තයෙ පෙර නිමිති අභියස ලැබෙනු ඇත කඳුළට නිමාවක්

© Rasantha Chandrasuriya, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, December 6, 2023

හිරු වරම් දුන්නදෝ - චන්ද්‍රා ආරච්චිගේ

හිරු වරම් දුන්නදෝ ඔබහට
හිරු සේම ලොව එළිය කරනට
සඳ වරම් දුන්නදෝ ඔබහට
සඳ සේම ලොව සිසිල සදනට

ලොවක් හිරු නැති, ලොවක් සඳු නැති නැත උදාවෙන්නේ
ඔබෙ එළිය නැති, ඔබෙ සිසිල නැති දිනක් නොම එන්නේ
ඔබ පමණි මට ඉන්නේ

නුදුරු දිනයක ඔබේ අතගෙන අලුත් ලොවකට පිවිසෙමී
සදාකල් හිරු සඳු පරිද්දෙන් මිහිරියේ ඔබ රැකගමී
මම සදා සුරකිමී

© Chandra Arachchige, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

එදා වෙලේ අතවනාපු - අනුරුද්ධ වැලිගමගේ

එදා වෙලේ අතවනාපු
රුව තාමත් මැවෙනවා
ඒ මුහුණේ රැඳි සිනහව
හිතේ ඇඳිලා තියෙනවා

අපි පොඩිවුන් කාලෙ ඉඳන්
දං වාරෙට ලන්ද දිගේ
සුදු චූටියෙ මතක නැද්ද
අත්වැල් බැඳ දුවනවා

කුඹුරෙ හේනෙ වැඩ කරනා
වයිවාරන්න නැති මේ මට
සිදාදියට ගිය චූටියෙ
නුඹ ඔච්චම් කරනවා

© Anuruddha Weligamage, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, December 5, 2023

සුසුදු ජල බිඳු - දුමින්ද අබේසේකර

සුසුදු ජල බිඳු විසිරි විසිරී රහස් කොඳුරයි සැලි සැලී
මුහුදු මායිම නිසංසල වී අසිරි දෙයි නිති මුතු රැළී
සුමුදු මඳනල ගයයි පෙම් ගී තාලෙ අනුවම නැළවිලී
නමුදු සොඳුරිය නොමැත බාධා දැනෙයි සැනසුම් සිතුවිලී

දෑස පියවෙන සෑම මොහොතෙම සිහින රඳවපු හුරතලී
මාස සති දින බලා සිටි ඒ දිනය මෙයමයි සැනසිලී
ආසමයි නුඹෙ තුරුලෙ උණුහුම විඳින්නට රන් සමනලී
රෝස මල්පෙති සුවය පරදයි දැනෙන හැඟුමන් සියුමැලී

හිතින් හිතකට සෙනෙහෙ තැවරී පැහැය ගලනව දිලි දිලී
නෙතින් නෙතකට සතුටු කඳුළක් පිබිදිලා කොපුලක වෙළී
අතින් අත ගත් වාසනාවට වැටෙයි මල් වැහි සිලි සිලී
ඉතින් තනිවෙමු අපේ ලෝකෙක බිනර මහ අපටයි මලී

© Duminda Abeysekara, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.

ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, December 4, 2023

වසක් රසක් - දුමින්ද අබේසේකර

වසක් රසක්, රසක් වසක් හැඟුමන් ගත දැනී
වරක් දෙකක් නොව නිතරම සතුටට නතු වුණී
බියක් සැකක් වළලාගෙන හැම දෙනා ම පනී
තැනක් ඉඩක් අදාළ ම ද ඇවිළෙන්නට ගිනී?

සිසිල් වෙමින් සැනසෙන්නට ආවත් සුව දැනී
ඇසිල්ලකින් ඇවිළෙනවා නවතනු බැරි ගිනී
දුසිල් ලෙසින් අනුනට කිව් සුදනුන් වැනි වැනී
විසිල් දෙමින් බල්ටි ගසා වැට කඩුලුත් පනී

ඇති වී නැති වෙන බව නම් සොබාදහම දනී
සති යහපත් කරගත්තත් යටි හිත පිමි පනී
ගති දුරලනු බැහැ කැරකී එයි ආශා පැනී
හති වැටෙනා තුරු පිච්චෙන සැපතක් ම ද ගිනී

© Duminda Abeysekara, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, November 29, 2023

ගෙදර වත්තේ - අනුරුද්ධ වැලිගමගේ

ගෙදර වත්තේ තිබුණු ගස් ටික
කපා ගෙමිදුල ඉන්ටලොක් කර
කඩෙන් ගෙනැවිත් පාට මල් පැල
ආයෙ වත්ත ම හදනවා
ජීවිතය අපි හොයනවා

අම්ම අප්පා යවා ගෙදරින්
බෙදා වැඩිහිටි නිවාසෙට දන්
සෙල්ෆි දහසක් ගහනවා
ෆේස්බුක් හැඩ කරනවා
ජීවිතය අපි හොයනවා

කප කපා දිගු සේද වරලස
වෙනස් කර කර ඇගේ ඇහිබැම
නේක නම් ඇති ක්‍රීම් උල උල
මූණෙ ලස්සන හොයනවා
ජීවිතය අපි හොයනවා

පසෙක ලා අප සරල දිවි පෙත
බදාගෙන සංකර සිරිත් රැස
බිසි ය කිය කිය රෑ දවාලේ
සල්ලි පොදි මිටි බඳිනවා
නිමා නැති තරගයක් මැද්දේ
ජීවිතය අපි හොයනවා
අපට අප මගහැරෙනවා

© Anuruddha Weligamage

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, November 28, 2023

තරු අහුරු මල් පිපුණු - අනුරුද්ධ වැලිගමගේ

තරු අහුරු මල් පිපුණු ඉඟි මරන රෑ අහස
සඳ නැතුව පාළුවෙන් කියන් ඉන්නේ කෝම
පාළුවක් දැනුනොතින් කියන්නට බැරි සේම
මගේ හද ගොළුවෙලා පැතුම් වැහි නෑ බෝම

දේදුන්න පායලා එළිය කරනා සේ ම
බලා ඉමි පාළුවෙන් එනතුරා සඳ සේ ම
ඈත නොවුණත් දුරින් ළගින් මගේ නෙතු මාන
හිත රිදෙනවා දකින තුරු ඔබේ සුදු මූණ

මේ රැයට හෙට උදේ මහ දුරක් නොවුණාට
දැනෙනවා ඒක මහ කල්පයක් වාගේ ම
මල් පාර අද්දරම හොඳට හෙවණක් තියෙන
ගහ ගාව ඉන්නවා මගේ සඳ එන තුරු ම

© Anuruddha Weligamage, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ඉඩක් ලද ඇසිල්ලෙක - අනුරුද්ධ වැලිගමගේ

ඉඩක් ලද ඇසිල්ලෙක සඳත් වෙන තුරුල්ලක
අළුපාට හැන්දෑව මවනවා දුක හිතෙන
පමාවට කාරණා හොය හොයා හිත තවන
සඳ කුමරි පමාවන අඳුරු රැය අප දකින

හාවාට ආවාට විදු නැණින් කිව්වාට
දකින සොමි සඳේ නම් මිහිර නෑ තව අඩුව
අටවකින්, පුරවකට බිඳෙන් බිඳ එළිය වන
මවන ඒ අම මිහිර කියන්නේ මං කොහොම

තරු රටා මව මවා ජීවිතය එළිය දෙන
සිතුම් පෙළ රටාවට පැදුරු මිටි වියනව ද?
ග්‍රහයින්ගේ ගමන් මග ඉර වෙතින් දුරස් කොට
විටින් විට ගෙනෙනවා අපල, ගුරු, ශනි දෝෂ

© Anuruddha Weligamage, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, November 6, 2023

මවගෙ පයෝධර - ආනන්ද දියුණුගල

මවගෙ පයෝධර පහස නොලද දියණී
නැළවිලි ගීයක මිහිර නොලද දියණී

කුස පුරවාගෙන ලුණු කැඳ වතුරෙන්
අත්තම්මාගේ තුරුලට වීලා
රැහැයි හඬට කන් දී නිදියාපන්
මවක් ඇතත් මව් සෙනෙහෙ නොලද දියණී

අප්පා නුඹගේ කොයි කවුරුන් දෝ
අම්මා කොතැනක ගොස් සැඟවුණි දෝ
ළය තෙත්වන්නේ කොයි කාගේ දෝ
නුඹගේ නෑයා මං විතරයි දෝ

© Ananda Diunugala, 2003
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, October 28, 2023

ඇසක කඳුළක - රසික සූරියආරච්චි

ඇසක කඳුළක, හදක සුසුමක, සිතක ඉකියක,
දුක දැනෙන්නේ වෙනත් දුක්බර ඇසකටයි,
වෙන හදකටයි, වෙන සිතකටයි
මගේ කඳුළක, මගේ සුසුමක, මගේ ඉකියක,
දුක නොතේරෙන ඔබේ සෙනෙහස අකැපමයි,
මට අකැපමයි, මට අකැපමයි

දිවා රෑ ඇඳි සිහින සිතුවම් බොඳවුණී
මහා සයුරේ කුණාටුව මැද තනිවුණී
සදා මා ළඟ ඉඳිමි කිව් ඔබ නික්මුණී
එදා සිට මම ඔබේ හදවත හඳුණමී
එදා සිට මම හඳුණමී

දුකින් පිරි ඒ සමය ගැන අද නොතැවෙමී
සිතේ නලියන සිතුම් ගොන්නේ කිමිදෙමී
හදේ ඉපදෙන වසන්තයෙ තනු මුමුණමී
උදෑසන පිපි නේක මල් දැක හිනැහෙමී
එමල් සුවඳින් සැනසෙමී

© Rasika Suriyaarachchi, 2023
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, October 25, 2023

ආනන්ද තෙරණුනේ - ආනන්ද දියුණුගල

ආනන්ද තෙරණුනේ
පවසන්න මට අනේ
කෙලෙසක මෙවන්
දහම් කඳක් රඳවා තැබුවේ?

පත්ඉරු, තල්පත් තිබිල ද?
සෙල්ලිපි, වැලිපිල් තිබිල ද?
මුඛ පෙළපත තුලින් මෙලෙස
රැඳුණේ කෙලෙස ද කියන්න
අනේ තෙරණුනේ!

අප සිරිලක බබලවන්න
මිහිඳු හිමිට රැගෙන එන්න
සුවාසු දහසක් දම් කඳ
රැකුණේ කෙලෙසද කියන්න
අනේ තෙරණුනේ!

© Ananda Diunugala, 2003

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, October 24, 2023

එල් නීන්‍යෝ, ලා නීන්‍යා - රමණී ප්‍රියන්තා වීරසේකර

කපා වන පෙත්, තනා මංපෙත්
මහා මන්දිර ගොඩනගා
ඔබේ දරුවන් සිනාසෙන හැටි
සදාකාලික සැප සොයා
මෑණියනි ඔබ බලා සිටියා
මිහිමඬල මුව දොර අයා
එල් නීන්‍යෝ, ලා නීන්‍යා

දවා ගල් අඟුරු නගා දුම් රොටු
සිහින ලෝකය කැඳවලා
සීත කඳු මත අයිස් කවරය
ගලා හැලෙනා හැටි බලා
ඈත හිමයේ වලස් කැල දැන්
අනේ ඇත වල්මත් වෙලා
පියාණෙනි ඔබ සුසුම් හෙලුවා
අහස්කුස ඈතට වෙලා
එල් නීන්‍යෝ ලා නීන්‍යා

ලඳු කැලෑ වඳවෙලා දැන් ඇත
කාන්තාරය වැඩිවෙලා
කඳු කැඩී දිය ගලා දැන් ඇත
යටවෙලා අප මිහිතලා
අනේ දරුවනි රජවෙලා ඇත ඔබේ ලෝකයේ
එල් නීන්‍යෝ, ලා නීන්‍යා ලා

© Ramani Priyantha Weerasekara, 2023
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, October 8, 2023

ගී ලියමු අඩවියේ පළ වූ නිර්මාණ ඇගයීම

ගී ලියමු අඩවිය සඳහා නිර්මාණ දායකත්වය සැපයූ ගේයපද රචකයන් වෙත ආදරයෙනි,

නිව් සවුත් වේල්ස්හි සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය මගින් පවත්වාගෙන යනු ලබන "ගී ලියමු" ගේයපද සංචිතයයේ 2020 සහ 2021 වර්ෂ ද්වයේ පළ වූ ඔබ විසින් ලියන ලද ගී පදමාලා දැන් ඇගයීමකට ලක්කොට ඇති බව සතුටින් දැනුම් දෙමු.

කලා සාහිත්‍ය ක්ෂේත්‍රයේ දැනුම සහිත දස දෙනෙකු වූ ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගයීම් කොට ඇති මෙම ගීත, එක් වසරක් සඳහා දහය (10) බැගින් ශ්‍රේණිගත කොට නුදුරු කාලයේ දී ඔබ වෙත දන්වා, ගී ලියමු වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කිරීමට අදහස් කරමු.

හේමාල් ජයවික්‍රම,
සම්බන්ධීකාරක, "ගී ලියමු" වැඩසටහන
නිව් සවුත් වේල්ස්හි සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, October 6, 2023

එදා අසන්නට නොහැකිවු - රූපිකා ද සිල්වා

එදා අසන්නට නොහැකිවු එකමෙක පැනයට
අද තාමත් හොයනව මං පිළිතුර නොදැනම
චන්ද කින්නරී කවුදැයි ඔබ ළඟ දැවටුණ
සඳ කිඳුරෝ කියනවා ද ඔබ මට දුන් තැන?

පේළි පේළි ළඟට ඇවිත් ගිය මගකුත් නැති
හීන් හඬින් ගී මිමිණූ තව කිඳුරියො ඇති
ඒ පේළියෙ මම හිටියේ ඈතම වෙන්නැති
ළං වෙන්නට දුර හින්දා නොකියම යන්නැති

පාරමිතාවන් පුරන්න මා විතරක් මදි
සඳගිරි පව්වයි මේ සිත ඔබ සැමදා හිඳි
කිඳුරු පෙමට වඩා පෙමක් තවමත් දන්නැති
සසර මගක කොතැනක හෝ දුටුවොත් මට ඇති

© Rupika de Silva, 2023
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

වලා බැම්ම පහුකර - රූපිකා ද සිල්වා

වලා බැම්ම පහුකර මම හැමදාමත් යනවා
මං නොබැලූ ඒ පෙරහැර මතකය රිදවනවා
පමාවුණේ මං ම නේද මට තහංචි පනවා
එන ඇහැළක් ආවේ නැහැ සැමදා හිත දනවා

හැමදාමත් අලුත් වෙලා පෙරහැර එන ගානේ
හිත ළඟ සිටි අයියණ්ඩියෙ එය සිහිවෙනවා නේ
පමාවෙලා මට ඇහිලා ඒ හඬ රෑ පානේ
මං එන විට පෙරහැර ගොස් කවුරුවත් ම නෑ නේ

සෙංකඩගල දැන් වැහිමල් එදා වගේ නැතුවට
චිරි චිරි හඬ මඩ වතුරේ මට ගානක් නැතිවට
කඳු යා කර නුවර මැවුණ දේදුන්නත් මැකුණට
හිත ඇතුලෙන් මං යනවා මට නොආව ඇහැළට

ඔය තරමට ආඩම්බර රන්දෝලිය හින්ද දෝ?
බර අඩි තිය තිය යන්නට ඉගැන්නුවේ කවුරු දෝ?
සැහැල්ලුවෙන් සිටි ඒ සිත කොහේ කොහොම වැටුණ දෝ?
පසුකර ආ දුර, කාලය එය අරගෙන ගියා දෝ?

තවමත් මං එදා හිටිය නුවර ළමා ම යි හිතින්
ඒත් අඬන්නට වාගෙ ම නාඬන්නත් දනිමි දැන්
හිතක් නැතිව කිමද බලා මේ පෙරහැර නෙත් වලින්?
මං නැතිවට හැමදාමත් ඒ පෙරහැර ගියාදෙන්!

© Rupika de Silva, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

එකම එක කවියකුත් - රූපිකා ද සිල්වා

එකම එක කවියකුත් නොදන්නා ඒ කාලෙ
කවි දහක් ලියන්නට අරුත් දුන්නේ ඔබයි
වලාකුළු, දේදුනුත් ඒ තරම් ලස්සනයි
ඇත්තමයි, මට හිතුණෙ ඔබ ආව නිසාමයි

සමුනොදී සමුගත්‍ත අලු පාට සැඳෑවක
ක්ෂිතිජයේ කොහේදෝ සැඟව ගිය ඒ කවිය
උදම්‍ රළ සතක් මැද පද බිඳුණ මගෙ කවිය
සොයාලා දෙනවා ද, දුටුවා ද රැළි අතර?

සසර මග දිනක දී අරගෙනම තව හීන
විශ්වයේ කොහේ හෝ මට පෙනෙන කොදෙව්වක
තරු එළිය මග කියයි පුරුදු සේ ඔබ එන්න
පද අතර ඇති අරුත් මුදු සරින් මුමුනන්න

© Rupika de Silva, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, September 22, 2023

සඳ එළිය වැටී - අමිතා පද්මකුමාරි

සඳ එළිය වැටී
වැව් දියෙහි ගැටී
රූ මවන සැටී
දැක තුටින් සිටී

මඳ සුළං රැළී
තුරුපත් ද සැලී
මල් සුවඳ වෙළී
හද මිහිරෙ ඇලී

පෙන බුබුළු සැදී
වැව් දියෙහි බිඳී
සිත දැහැන් වැදී
මුළු ලොවින් මිදී

© Amitha Padmakumari, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, August 18, 2023

මා හැදු මගෙ අම්මා, ඔබ සුවපත් වේවා - පූජ්‍ය කුඩාගල කෝවිද

දෙනුවන් පිනවා දෙසවන් සනසා
දිව කට පිනවා මුළු ගත පිරිමැද
අත පය නොකඩා මා හැදු අම්මා
සුවපත් වේවා මා හැදු මගෙ අම්මා

ලේ කිරි කරලා මා හට පොවලා
රස මුසු භෝජන මා හට කවලා
ගත සිත සනසා මා හැදු අම්මා
සුවපත් වේවා මා හැදු මගෙ අම්මා

වැඩ පල කරලා දිවරෑ නොබලා
සෙනෙහස පුදලා හිස පිරිමැදලා
හොඳ මඟ යවලා මා හැදු අම්මා
සුවපත් වේවා මා හැදු මගෙ අම්මා

මේ පදමාලාව දැන් ගීතයක් ලෙස නිර්මාණය වී ඇත.

රචනය: පූජ්‍ය කුඩාගල කෝවිද හිමි
ගායනය: දහම් රත්නායක සහ දැහැමි රත්නායක
තනුව : හේමාල් ජයවික්‍රම
සංගීතය: අමිල එම්. වික්‍රමසිංහ

දොහොරා:
මා හැදු මගෙ අම්මා, ඔබ සුවපත් වේවා

දෙනුවන් පිනවා දෙසවන් සනසා
දිව කට පිනවා මුළු ගත පිරිමැද
අත පය නොකඩා මා හැදු අම්මා
සුවපත් වේවා, මා හැදු මගෙ අම්මා

ලේ කිරි කරලා මා හට පොවලා
රස මුසු භෝජන මා හට කවලා
ගත සිත සනසා මා හැදු අම්මා
සුවපත් වේවා මා හැදු මගෙ අම්මා

වැඩ පල කරලා දිව රෑ නොබලා
සෙනෙහස පුදලා හිස පිරිමැදලා
හොඳ මඟ යවලා මා හැදු අම්මා
සුවපත් වේවා මා හැදු මගෙ අම්මා

දෙනුවන් පිනවා දෙසවන් සනසා
දිව කට පිනවා මුළු ගත පිරිමැද
අත පය නොකඩා මා හැදු අම්මා
සුවපත් වේවා මා හැදු මගෙ අම්මා
මා හැදු මගෙ අම්මා
මා හැදු මගෙ අම්මා

ගීය අසන්න.

© Rev Kudagala Kovida, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, May 5, 2023

බිඳ දා කෙලෙස් මර සේනා - සුභාෂිණී ජයතිලක

බිඳ දා කෙලෙස් මර සේනා
ලෝ සතුන් හට මග කියූ
ගෝතම මුනින්දා තිලොවට ගුරු වූ
නිදුකාණෙනි, අප බුදු පියාණෙනි

අසරණයි මේ කටුක දිගු ගමනේ
නොපෙනෙනා ඉම සසර දිය ගැඹරේ
මහා කරුණා සමාපත් වැද
මෙත් සිතින් අප දෙස බලා
පිහිට වනු මැන පියාණෙනි, නිදුකාණෙනි!

තුන් සරණමයි සරණ මේ භවයේ
බවුන් වඩනෙමි විරිය ගෙන නිසි සේ
සඳේ සිසිලැල් සොමි කැලුම් දී
බැබළෙනා මේ වෙසක් පෝ දා
පිහිට වනු මැන පියාණෙනි, නිදුකාණෙනි!

© Subhashini Jayathilaka, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, April 20, 2023

යාළුවෝ - ආරියදාස විදානපතිරන

වටිනා ම ඒ කාලෙ ඉස්කෝලෙ මතකේ පැරැණි යාළුවෝ
එක වාගෙ හැම දාම කැපවීම තිබුණේ මුල්ම යාළුවෝ

එන සෑම හොඳ නොහොඳ එකසේ දරා හිටපු යාළුවෝ
දිගු කාලයක් ජීවිතේ සබැඳුණේ එවැනි යාළුවෝ

දැන් කාලෙ මුණගැසෙන මිතුරන් පවා ගෙනෙන හාදකම්
කල්යෑම නිතැතින්ම මතුවේවි ගුණවත් සුහද හාදකම්

නොසැලීම, නොබිඳීම, දිවි මාවතේ නිබඳ යාළුකම්
නොනැසීම සදහටම පවතිනු ඇතේ පැරැණි යාළුකම්

© ආරියදාස විදානපතිරන, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

හෙන්දිරික්ක මල් පිපිච්ච - අනුරුද්ධ වැලිගමගේ