මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Tuesday, November 11, 2025

සාරි සරුංගල් - එස්. එම්. ජයසූරිය

සාරි සරුංගල්, වාසි සුලං රැලි
නේක නර්තන, දෑස සතපන
සාරි සරුංගල්

පැද්දි පැද්දි යන, ගැස්සි ගැස්සි යන
සාරි සරුංගල්
නූල කැඩී යන, ඉස්සි ඉස්සි යන
සාරි සරුංගල්

දෑස ඉදිරිපිට, ඈත ක්ෂිතිජයේ
පෙනී නොපෙනි යන
සාරි සරුංගල්
උපන් තිඹිරිගෙය, හැදී වැඩුණු ගෙය
අතැර දමා යන
සාරි සරුංගල්

© S. M. Jayasuriya, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, October 28, 2025

වයසින් මෝරන තරමට මා - නිහාල් රූපසිංහ

වයසින් මෝරන තරමට මා
තව තව ඔබ ගැන වැටහෙනවා
හීනෙන් ඇවිදින් පුතේ කියා
අමතනු මැන මා පියාණෙනි

යුතු දේ ඉටු වූයේ නිහඩවය
වදන් පිට කළේ හිතලා දුරට
දුක සැප වින්දේ ඔබ සම මෙතින
ස්තූතියි, මට දුන් ශක්තියට

පැතුවේ ලෝ හොඳ හිතමය නිතින
ඇවිලේ තවම ඔබ දැල්වූ පහන
උල්පත ඔබමය හැම සිතුවිල්ලේ
සදා නිදන තැන කොහෙද කියන්න

© Nihal Rupasinghe, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සව් කරදහි - අනුරුද්ධ වැලිගමගේ

සව් කරදහි, බට පතුරුයි අරගෙන අපි එදා
වෙසක් කූඩු සෑදූවෙමු සිතේ සතුට සදා
කාර් එකෙන් සුපිරි වෙළඳහළට යමුකො මෙදා
වෙන අය හැදූ කූඩු උජාරුවෙන් ගෙනෙමු මෙදා

මැටි පහනේ තෙල් පුරවා සුදු තිරවැටි යොදා
බුදු තෙමගුල සිහිකෙරුවා පහන් වැටක් සදා
කඩෙන් ගෙනා බකට් තුළට බල්බ් වැලක් දමා
ක්ෂණික වෙසක් සමරන්නෙමු අපි සතුටින් මෙදා

සුදු සරමෙන්, ළමා සාරියෙන් හැඩ වී එදා
අත්තම්මා එක්ක ගිහින් සිල් ගත්තෙමු එදා
විස්කි සමග එළ බයිටක් හපන ගමන් මෙදා
ටීවී රියැලිටි ෂෝ බණ අහමු ද අපි සුදා

ලෑන්ඩ් මාස්ටරේ නැගිල තොරන් බැලුව එදා
වෙසක් මතක තුළින් නැගුණ සතුට ගොඩයි එදා
දන්සැල්, ඔළු බක්කො, ඩිස්කො අපට මොටද මෙදා
ටික් ටොක් කර ගේම් ගහමු සතුට එයයි මෙදා

© Anuruddha Weligamage, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, October 19, 2025

වැල් පාලමෙන් ආවා දෝ - අනුරුද්ධ වැලිගමගේ

වැල් පාලමෙන් ආවා දෝ
සඳ සීතලේ තෙමුණා දෝ
තරු මංසලේ හැඬුවා දෝ
මගෙ සිහිනයේ හිමි වේ දෝ

දේදුනු විලෙන් මතුවේ දෝ
හිම ගිරි මුදුනේ සැඟවී දෝ
කෙත්වතු මැදින් ආවා දෝ
සිරිකත මගේ ඔබ කොහි දෝ

මීන නුවන් ඇතුවා දෝ
රිය සක ඔබහට පරදී දෝ
දෙව්ලොව සුවේ ගෙන දේ දෝ
ඒඅයි රුවක්වත් වේ දෝ

© Anuruddha Weligamage, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, September 16, 2025

කූඩලු බුරුතු උඩින් දිවු පාරේ - හේමාල් ජයවික්‍රම

කූඩලු බුරුතු උඩින් දිවු පාරේ කාපට් පෙත වැටිලා
එකම ගෙයක් තිබුණා වූ ඉඩමේ පොකුරු ගෙවල් හැදිලා
ඝන වනයක් වූ මහ කන්දත් නොදැනිම එළිපෙහෙළි වෙලා
මීමිනි, ඉත්තෑ, ඌරු, රිලා කැල කැලෑව අතහැර ගම් වැදිලා

සුඟට තිබුණු ඉඟ මහත්වෙලා
ළැම හස බිමට ම නැමිලා
හන්දිපතුත් වාතෙන් පිරිලා
තලත්තෑනිකම උදාවෙලා

එක දෙක කෙස් වැටි පැහිලා
මූණේ රැල්ලක් වැටිලා
තරුණකමට සමු දීලා
මා ටික ටික වයසට යනවා

කැලෑ පැන්න ලොකු කොල්ලා ගව, එළු බලන්න සූරවෙලා
ඇඟේම එල්ලී සිටි කෙලි ගැට්ටී කෙතේ ගොයම් නෙලලා
ඉස්කෝලෙට ඇල්මක් දැක්වූ පුතු දුර බෝඩිම් කරලා
උන්ගෙ පියා තව පැට්‍රොල් යනවා කෝච්චි පාරෙ ම නාකිවෙලා

© Hemal Jayawickrama, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

කඳුළු පිසදලා - හේමාල් ජයවික්‍රම

කඳුළු පිසදලා, කඩතොලු මැකූ, ඕ කොම්බී
දිරිය පුබුදලා, තනියෙන් සිටි හැටි කියනූ
ගත ගොදුරුවෙලා, ගැබ්ගත් මව, ඕ කොම්බී
තනිව නැගිටලා, ලොව ජයගත් හැටි කියනූ

පිරිමින් පරදා නැගිටියෙ වෙරදා කොහොමැයි
වරිගය හැරදා උන් හැම පරදා දිවුවැයි
උපතේ පාපෙන් උන්ගේ සාපෙන් මිදුණැයි
විඳි සන්තාපෙන් පන්නරයක් තිට ලැබුණැයි

නුඹ කවිකාරී වී හැම පැත්තට දෙඩුවැයි
නුඹ හැඩකාරී හැම වසඟෙට ගෙන පෙළුවැයි
නුඹ වැඩකාරී දෑත දෙපා වෙර දැරුවැයි
නුඹ කටකාරී අපගේ ශක්තිය වෙන්නැයි

© Hemal Jayawickrama, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, September 9, 2025

තෝරාගත් ගේයපද සඳහා සහතික ප්‍රදානය (2022/23 සහ 2024)

"ගී-ලියමු" ගේයපද සංචිතයේ 2022, 2023 සහ 2024 වසරවල දී පළ වූ ගීත අතරින් ප්‍රශස්ත රචනා තෝරා ඒ නිර්මාණකරුවන්ට සහතික පත්‍ර දීමට දැන් කටයුතු සූදානම් කොට ඇත.

මෙහි දී 2022 සහ 2023 දෙවසර එක කාණ්ඩයක් ලෙසට ද, 2024 වසර අනෙක් කාණ්ඩය ලෙසට ද ගෙන ගේයපද අගැයීම් කරනු ලැබිණි. ඒ අනුව, 2022/23 දෙවසරේ දී ගේයපද 55 ක් ද, 2024 වසරේ දී ගේයපද 37 ක් ද ඇගයීමට ලක්කරන ලද අතර මේ සඳහා සත් දෙනෙකුගෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් සහභාගී වූහ.

"ගී-ලියමු" ගේයපද සංචිතය සඳහා ගීත ඉදිරිපත් කළ සියලු රචකයන්ට අපේ ස්තුතිය පුද කරමු. ඔබ විසින් ඉදිරිපත් කොට තිබූ සෑම නිර්මාණයක් ම පාහේ ඇගයීමට ලක්වී තිබුණි.

ඒ අතුරින්, විනිශ්චය මණ්ඩලයේ වැඩි දෙනාගේ පැසසුමට භාජනය වූ ගේයපද පහත සඳහන් වේ.

2022/23: ගේයපද ඇගයීම් අනුපිළිවෙල

1.   නිසල සිත් විල - රසික සූරියආරච්චි
2.   තරු අහුරු මල් - අනුරුද්ධ වැලිගමගේ
3.   සුසුදු ජල බිඳු - දුමින්ද අබේසේකර
4.   එක සවසක මා - රසිකා ඉඹුල්ගොඩ
5.   ගෙදර වත්තේ - අනුරුද්ධ වැලිගමග
6.   මංකඩ ළඟ - අනුරුද්ධ වැලිගමගේ
7.   ජීවිතයට මද පවනක් - පුෂ්පා සූරියආරච්චි
8.   ඇහිපිය යට හීන තියා - අනුරුද්ධ වැලිගමගේ
9.   ආදරේ දිවි මඟට - රසිකා ඉඹුල්ගොඩ
10.  දෙවැට දිගේ - අනුරුද්ධ වැලිගමගේ


2024: ගේයපද ඇගයීම් අනුපිළිවෙල

1.   විසල් අහස යට - රසන්ත චන්ද්‍රසූරිය
2.   රෝස කැකුළු - අනුරුද්ධ වැලිගමග
3.   රොබරෝසියා ගස් - අසිත උදයංග
4.   හිත ගාව පෙම් - ශානිකා ශෂීප්‍රියා ද සිල්වා
5.   හිරු නැග එනවා - රසික සූරියආරච්චි
6.   සිනාවෙනු මිස - රසිකා ඉඹුල්ගොඩ
7.   රන් හිරු රැස් - රසන්ත චන්ද්‍රසූරිය
8.   රන් හිරු පොළොවට - රසන්ත චන්ද්‍රසූරිය
9.   සඳ සිසිල සිත - රසන්ත චන්ද්‍රසූරිය
10.  දිවි මඟට ඇවැසිමුත් - රසිකා ඉඹුල්ගොඩ

ස්තුතියි.

හේමාල් ජයවික්‍රම, සම්බන්ධීකාරක,
ගී ලියමු වැඩසටහන, ලේඛක සංසදය


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, September 5, 2025

සඳේ සාවිය - නයනශාන්ති දිසානායක

සඳේ සාවිය පෙම් බැඳ, වලාකුළ හා හාදව
දිස්නෙ දුන් ඒ රිදී ඉර ළඟ මඳ'ඳුරේ ගුලිව
සඳ යහනතින් වෙන්වී උණු කඳුළු බිබී ළතැව
මාවතේ සැරි සරන්නී ජීවිතය තුළ තනිව

රිදුම් දෙන හද වසා වත්සුනු උලා වත සවස
පිපුණි රැය කඩුපුල ව පිනවා නිශායම පවස
නෙතින් ඇරයුම් ලබා සරතැස නිවා දුන් පහස
ලොවෙන් සඟවා හොවා හද තුළ සුරැකි ඒ රහස

රැය පුරා විඳ දහවලේ උන් නාඳුනන මිහිර
තෙපැළු දාහක් රහස් මන්තර සවන ළඟ කොඳුර
පුරන සිල්වත් බව මතින් ඈ අපුල කර බැහැර
නිවන දොරටුව නුදුරුවේ ඇත වෙලා හද මැඳුර

© Nayanashanthi Dissanayake, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, September 4, 2025

වත රූසිරි රුවට දිලේ - ඥාණා නාගොල්ල

වත රූසිරි රුවට දිලේ සදිසි පබාවත
නැණ ගුණ ගැන කියයි ඇගේ යශෝධරාවත
නැත උවමන් බැඳුණු පෙමට නැඳිමයිලන් වෙත
කිම රිදවනු ඇය නිරතුරු කියන්න මා පුත

ළයේ රුහිරු කිරට හැරුණෙ පුතේ නුඹ නිසයි
කුසේ නොදැරුවත් පුතුනේ දියණිය ඇයමයි
ඇගෙ සෙනෙහස මල්දම සේ ඔබහට පිදුවයි
සරන තුරා සසර මඟේ ඉන්නට ආවයි

අබිනික්මන කළ දා නුඹ ඉසුරු සොයා ගෙන
බරණැස් රජු සටනට විත් මල්සර දුනු ගෙන
පෑව අනඟ රැඟුම් දුටිමි සඳකිඳුරිය ළඟ
ඇගෙ පතිදම අත්වැල විය හිමගිර පාමුල

© Gnana Nagolla, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, August 31, 2025

වෙල් ඉපනැල්ලේ තුරු සෙවණැල්ලේ - ඥාණා නාගොල්ල

වෙල් ඉපනැල්ලේ තුරු සෙවණැල්ලේ
පාවී එන මඳ පවනේ
සෙනෙහස තැවරුණ දහදිය බිඳුවක
සුවඳක් මට දැනුණා
කිරි බිඳුවක් වී දෙතොලට ළං වුණ
සුවයක් සිහියට නැඟුණා

දෑතේ කරගැට කුසගිනි නිව්වා
නුඹ දෙතනේ කිරි නැති හන්දා
හිත ඉකිබින්දා අපටත් රහසේ
නුඹ නෙත් කඳුළැලි මදි හන්දා
දහසක් කරදර හිස මත දැරුවා
දෑතට අප බර වැඩි හන්දා
පියාණේනී ඔබ මතු බුදුවන දා
බෝමැඩ වෙන්නෙමු සෙවණ සදා

අපගේ දිවි මඟ වංකගිරිය ළඟ
නොසැලී ඉඳ අත දුන්නා
අපහට දෙන්නට වංකගිරි වනේ
මොනවාදෝ ඔබ සෙව්වා
පියාණෙනී ඔබෙ මිණි මුතු ඔවදන්
ගන්නට පින් කර නැතුවා
බෝමැඩ වෙන්නට පෙරුම් පුරන අප
සසර මඟේ තනි වූවා

© Gnana Nagolla, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, June 12, 2025

ඈත බලාගෙන - සුභාෂිණි ජයතිලක

පිරිමි:   ඈත බලාගෙන ප්‍රියම්බිකාවිය
ඔබ මා ගැන ද සිතන්නේ
සොඳුරු අතීතෙක නොමියෙන මතකය
වළා අතර සැඟවෙන්නේ

ගැහැනු:   ඉපදෙන මියැදෙන සිතුවිලි අතරේ
කඳුළක් පමණි රැඳෙන්නේ
ඔබේ නමින් සැදි අහස් මාළිගා
දෙස බලමිනි ළතැවෙන්නේ

පිරිමි:   ආදර සැමරුම් ලියා තබන්නම්
වළා පොදක දැවටී
ඔබ මා දෙතැනක සිර කළ කවිකම්
කියවා මතු සැනසෙනු මැනවී

ගැහැනු:   සැමරුමකට සීමා කළ නිකැලැල්
පුදසුන මල් යයි මැල වී
වළා පෙළක ලියැවුණු කවි ගෙත්තම්
අසුරු සැණින් යන්නෙද බොඳ වී

© Subhashini Jayathilaka, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, April 17, 2025

මුදා සළුව රැස් සඳ හොර රහසේ - ඩිල්හාන් ෆොන්සේකා

පිරිමි:   මුදා සළුව රැස් සඳ හොර රහසේ
ළය මත ගඟ දිය වැතිරී හිනැහේ
වැදී ලවන් හා නෑඹුල් කුසුමේ
පිස එන සුවඳින් සිතිවිලි ඇහැරේ

ගැහැනු:   රොන්සුණු ඉහිලා මල් ගොමු ගානේ
සුළං සරේ මනමාලයි විසිරේ
හොවාන පපුතුර රෑ සඳ පානේ
ඔබෙ උණුසුම හද අයදී මාගේ

පිරිමි:   සපැමිණ සිහිනෙන් මුව වෙත එබෙනා
මුතු දෙනෙතක හැඩ මා හද රඳවා
පරසතු කුසුම ව පිට ගම වඩිනා
රබන් සුරල් පිට ගමකින් ඇසුණා

ගැහැනු:   සුසුම් නළින් නෙතු රන් තරු නිමුණා
ලැම විල පිපි ගෝමර පෙති සැලුණා
සල්මල් ලවනත ඇස් වැසි වැටුණා
අකුණු ඉතිරි කර බක් මහ ගෙවුණා

© Dilhan Fonseka, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, April 11, 2025

ඔබ සඳක් වගේමයි - රසිකා ඉඹුල්ගොඩ

පිරිමි:   ඔබ සඳක් වගේමයි, මට ඒ බව වැටහෙනවා
සඳේ සිසිල ඉල්ලා මා ඔබ පසුපස එනවා
මගෙ ලෝකය එකලු කරන්නැයි
ඔබගෙන් අයැදින්නේ
එය නොතේරුණා වාගේ ඔබ ඉවතට යන්නේ

ගැහැනු:   ඔබ ඉරක් වගේමයි, මට ඒ බව වැටහෙනවා
ඉරේ රස්නෙ අකැපයි, මා ඔබෙන් දුරස් වෙනවා
කලකිරීම සිත් පිළිකුලටයි
දැන් නම් පෙරළෙන්නේ
එය නොතේරුණා වාගේ මා පසුපස එන්නේ

පිරිමි:   ජිවිතයේ යෞවන කාලේ
ආදර සිතුවිලි බිහිවෙන්නේ
මා දන්නා අයුරින්
මේ ලෙසය මිහිරියේ
මේ ලෙසය මිහිරියේ

ගැහැනු:   හද තුළ සෙනෙහස උපදින්නේ
ආදර සිතුවිලි ඇතිවන්නේ
මා දන්නා අයුරින්
මේ විලස නම් නොවේ
මේ විලස නම් නොවේ

© Rasika Imbulgoda, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, April 3, 2025

හිරු නැග ඒ - රසිකා ඉඹුල්ගොඩ

හිරු නැග ඒ, මා මුහුණත අරුනළු දැවටේ
එනමුදු නැත උණුසුම හිස් වූ මේ ලෝකේ
ඔබ සිනහව සිහිවේ පෙර මා දුටු විලසේ
එය සැබෑ නොවන සිහිනයකී,
ගෙන එන දුක දොම්නස ශෝකේ

ගංතෙර උයනේ සුපිපුණු මල්ගොමු අතරේ
අප අතැඟිලි පටලා පියවර තැබු පෙදෙසේ
ඇවිදිමි ඇවිලෙන මා හද සනසවන ලෙසේ
මතකය වැලපේ මම එය නවතමි ද කෙසේ

හිරු සඳු පායති ලෝකය දිවයයි ගමනේ
ඔබ නැතිමුත් මා තවමත් එතැනය ඉන්නේ
බොඳවෙන සෙවනැලි අඩ අඳුරේ යයි වියැකී
හෙට සුබ දවසක් වේ යැයි කිසි ලෙස නොසිතේ

© Rasika Imbulgoda, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, March 25, 2025

ඉපදෙන්නේ අප නිමක් නොමැති කරදර ගොඩකයි - රසිකා ඉඹුල්ගොඩ

ඉපදෙන්නේ අප නිමක් නොමැති කරදර ගොඩකයි
දහවලේ බේරුණත් රෑ පැරදුම එනවා නිසැකයි
සුළු සතුටක් හෝ ලැබුණත් ඒ අපම රවටනා
බිඳ වැටෙන සිහින පමණයි යළි මොහොතින් නැතිවෙනා

පෑ තැටියේ කටු නිරතුරු කැරකේ ඉසුඹුවක් නැතේ
හේතුවක් ඇතුව හෝ නැතිවම දුකම ගෙන දෙතේ
නිසැකවම දිරායන බව වැටහෙන අප දුබල ජීවිතේ
රැකගන්න සටන් කර පළ නැත අප මතු දිනක මියයතේ

ජීවිතයේ තේරුමක් සෙවූවත් එවැන්නක් නැතේ
නිති සසල හදවතක් බියපත් සිතකිය ඇත්තේ
කිසි අරුතක් ඵලයක් හෝ නොමඇති හිස් කුහර ජීවිතේ
අප නම පමණක් ඇති සෙවනැලි විලසින් ඔහේ පාවෙතේ

© Rasika Imbulgoda, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, March 21, 2025

දිවි ගමනේ කඩඉමේ - රසිකා ඉඹුල්ගොඩ

දිවි ගමනේ කඩඉමේ
ගත විඩාවක් දැනේ
ආ දුර දිගයි, ඉදිරිය කෙටියි
ඔබ නිසයි මේ වෙහෙසුණේ, මගෙ දුවේ

හෙට උදාවෙන නව ලොවේ
හිමිකම ඔබටයි මා දුවේ
හිත දිරි දරා, මුව හස පුරා
දිවි පෙතේ ඉහළට නගින්, මගෙ දුවේ

පිය සෙනේ නැත හිමිවුණේ
ඒ ගැන නොතැවෙන් මා දුවේ
මෙත් පතුරලා, සිත ගිනි නිවා
ජීවිතේ දුක ජය ගනින්, මගෙ දුවේ

© Rasika Imbulgoda, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, March 20, 2025

දියණියනේ - රසිකා ඉඹුල්ගොඩ

දියණියනේ, දියණියනේ!
අසන්න මා මේ කියනා දේ
ලොව මා නැති දින, ඔබ තනිවුණු දින
සුරැකුම වෙනුවෙන්
අසන්න මා මේ කියනා දේ
දියණියනේ, දියණියනේ!

අටලෝ දම කොයි ලෙසින් කැරකුනත්
දිවිය ගෙවිය යුත්තේ,
ඔබේ සිතට අනුවයි
පටු වාසිය වෙනුවෙන් කිසිවිටකත්
හෘද සාක්ෂිය ඔබේ
පාවා දෙන්න එපා

අනුන්ගෙ වැඩ ගැන, ඕපාදූපයට
ඉඩක් නොදිය යුත්තේ
තමන්ගෙ ජීවිතයේ
හණමිටි මත පිළිකුල් කර සදහට
රාමුවක කොටු නොවී
දිවිය ගෙවිය යුත්තේ

© Rasika Imbulgoda, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, March 18, 2025

ජීවිත කාලෙට හිමි කරගන්නට - රසිකා ඉඹුල්ගොඩ

ජීවිත කාලෙට හිමි කරගන්නට, වරම ලැබුණු වේලේ
සිතේ උඩඟුකම හින්දා මා පිළිකුල් කර දැමු දේ
කලකට පස්සේ, සිතට ඇතුල් වී
සිත රිදවනවා, හදවත පාරනවා

පැන දුවන මුවන් දැකලා
නෙළූ පලා බිම නොදා රකින්නයි
මාත් අසා තිබුණා
ඒ උපදෙස මඟහැරුණා

මගෙ අතට ආ කුරුල්ලා
පියාඹනා දහසකටත් වැඩියෙන්
හොඳයි අසා තිබුණා
ඒ බව මතකෙන් මැකුණා

අත්තෙන් අත්තට පනිනා
කිරිල්ලියක වුව තෙමී නසින බව
උපදෙස් මට ලැබුණා
මා සවන් අගුල් වැටුණා

© Rasika Imbulgoda, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, March 17, 2025

ළඳේ දෙනු මැන සමා - චන්ද්‍රා ආරච්චිගේ

ළඳේ දෙනු මැන සමා
හිතේ දරාගත් වේදනාව පුරවා
ඔබ හැරදා ආවේ මෙමා
වෙන විකල්පයක් නොතිබුණු මොහොතක තමා
එනමුත් මා හදේ පාළුව නෑ
තවමත් වී නිමා

හදවතේ කොනක ඔබ වෙනුවෙන්
සෙනෙහස තවමත් රැඳිලා ඇත්තේ
ඒ හින්දා ම යි ළඳුනේ
මේ දුක් ගීය ගයන්නේ

ඔබ ලොවේ නැවත මා වෙනුවෙන්
කිසි ලෙස ඒ පෙර සෙනෙහස නැත්තේ
ඒ හින්දා ම යි ළඳුනේ
මේ දුක් සුසුම් නැගෙන්නේ

© Chandra Arachchige, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, March 16, 2025

සඳත් සුසුම් හෙළුවා - චන්ද්‍රා ආරච්චිගේ

සඳත් සුසුම් හෙළුවා
තරුත් ගොළුව සිටියා
කුමුදු මලක් පිපිලා දුකෙන් මිලින වූවා
ඔබත් මාත් වෙන්වුණු දා
මා නෙතින් කඳුළු ගැලුවා

අඳුරුව ගිය ලෝකේ
මිණි පහන ඔබයි සොඳුරේ
සක්වල තලයම එළිය කරනු මැන
සිනා පොදක් මවලා

තනිකම දුක සෝකේ
හදවතම ගිලන් කෙරුවේ
මිහිරියෙ නැවතත් මා වෙත එනු මැන
මා හද සනසවලා

© Chandra Arachchige, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

විසල් ටෙලිවිෂන් තිරයේ රඟන රංජනා - චන්ද්‍රා ආරච්චිගේ

විසල් ටෙලිවිෂන් තිරයේ රඟන රංජනා
පුළුල් උකුල රණ හස ලැම සපිරි අංගනා
ඔබ රුව දැක මගෙ හදවත වේගෙන් සැලුණා
රෑ සිහිනෙන් අද මගෙ ලොව වෙත වඩිණු මැනා

රංගනාවියේ, ඔබ දෙව්ලොව සිට මනුලෝකෙට වැඩම කළා දෝ
අංජනාවියේ, ඔය නෙතේ බැල්ම සිත සනසන ඔසුවක් නේ දෝ
සිත සනසන වශී කරන ඔසුවක් නේ දෝ

හෙට අරුණෝදේ, ඔබ ගැන මතකය මගේ සිතේ රැඳී තියේවී
අතථ්‍ය ලෝකයේ, අප යළි හමුවෙන දිනයක් ගැන සිත විමසාවී
හෙට යළි අප මුණ ගැසුණොත් සිත සැනසේවී

© Chandra Arachchige, 2025
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, March 13, 2025

මගේ හදවත ආදරෙන් පුරවා - අනුරුද්ධ වැලිගමගේ

මගේ හදවත ආදරෙන් පුරවා
ඔබේ හසරැල් මාළිගා තැනුවා
ගියත් විමනේ රන් දොරටු හැරදා
ඉන්නවා තව බලන් ඔබෙ රුව මා

වසර ගත වී කාලයත් පියැඹී
තාම හීනෙන් ඔබ ඇවිත් යනවා
පොඩි කුඩේ යට ගුළිවෙලා ගිය සේ
තාම යනවා හිතින් අත පටලා

පාට හැඩ වී තුරු උයන් බැබලී
බලා උන්නේ එන තුරා එක් වී
සීත මීදුම් වලා පෙළ මැද දී
දඟකරන ඔබ පෙනෙනවා පෙර සේ

© Anuruddha Weligamage, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, March 12, 2025

ඔබ මගෙන් වෙන්වුණා - චන්ද්‍රා ආරච්චිගේ

ඔබ මගෙන් වෙන්වුණා
මුරුගසන් වැසි වැටී
මුළු ලොවම කැළඹුණා
හිරු සඳු ද සැඟවුණා
මහා ගනඳුරක් මැද
අනේ මා තනිවුණා

උදෑසන ඔබෙ මුහුණ
දකින්නට නැති සඳේ
මා කුමට අවදිවෙම් දෝ
මට මල් සුවඳ කුමට දෝ

සදාකාලෙට ම යළි
ඔබ නොමැති ලෝකයේ
මා කුමට දිවි ගෙවම් දෝ
මට හෙට දිනක් කුමට දෝ

© Chandra Arachchige, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, March 10, 2025

මං එරන්දී - අනුරුද්ධ වැලිගමගේ

මං එරන්දී යැයි කියා
කියන විට ඔබ හිනැහුණා
වල ගැහුණු කම්මුල් මතක අතරින්
අතීතෙට මං දිවගියා

මතක මිටියාවත් පුරා
පළමු පෙම සක්මන් කළා
තියෙනවද දන්නෑ අදත්
කෙටූ නම් ඩෙස්ක් එක පුරා

බස් එකේ මුල්ලට වෙලා
තැනූ වැලි මාළිග පුරා
හීන ගුළිවී ඈත පාවී
ගියේ අපි නොසිතූ'යුරා

© Anuruddha Weligamage, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, March 5, 2025

සඳ රැස් උතුරන විල් දිය මත්තේ - අනුරුද්ධ වැලිගමගේ

සඳ රැස් උතුරන විල් දිය මත්තේ
හිම කැට දිදුලන කාලය අස්සේ
හිත පිරිමදිනා සිතුවම් මත්තේ
පියමැන යමු අපි දේදුනු අහසේ

වාන් දමන සිතුවිලි පසුපස්සේ
දෝරෙ ගලයි පැතුමන් හද මත්තේ
දකිනා විට දුව පුතු රුව දෑසේ
තව වෙන මොනවද මේ ලොව ඇත්තේ

රූ මවනා නෙක තරු කැට බිස්සේ
ඔබ හා මා නෙතු දැවටුණු මොහොතේ
පහන් තරුව සිත රැඳි ඉස්මත්තේ
සුරැකිව එය අද මා ළඟ ඇත්තේ

© Anuruddha Weligamage, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

රහස් කියන කඳු අස්සේ - අනුරුද්ධ වැලිගමගේ

රහස් කියන කඳු අස්සේ මීදුම පුරවා
වලා පොටේ පාට හැඩට දේදුනු දවටා
ඔබේ පුරුදු උණුහුමට ම ඇඟිලි ගණින දා
යමුනාවේ පුරුදු තැනට එනවද රාධා

ලොවක් කියන දහස් කතා නොමියෙන හන්දා
අපේ සතුට අපි උකසට තියමුද කිසිදා
නියම් අනියමක් පෙමකට නොතිබෙන හන්දා
හුරුම පුරුදු සුව විඳින්න එනවද රාධා

අක්කා මල්ලී කිව්වට අප පොඩිවුන් දා
නොදැන නොවෙයි කිව්වේ ඔබ මගේ ය හැමදා
ඔබේ රුවට වශී නොවෙද කවුරුන් කවදා
හිනා වට්ටියක් අරගෙන එනවද රාධා

© Anuruddha Weligamage, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සිතන පතන සියලු දෙයම - චන්ද්‍රා ආරච්චිගේ

සිතන පතන සියලු දෙයම
එලෙස අපට ලැබෙණු නැතේ
නොසිතු දෑම සිදුවුණොතින්
කිසිදු පුදුමයක් නොමැතේ

අධම කපටි මිනිසුන් ඇත
සුවෙන් ලොවේ සතර අතේ
දැහැමි ගුණෙන් පිරුණු දනෝ
කටුක ලෙසින දුක් විඳිතේ

සත්‍යය ලොව දිනණු ඇතේ
කවුරුන් කිව්වද කෙලෙසේ
බොරුව රජ කරයි සොඳිනේ
පෙනෙන පෙනෙන සැම පැත්තේ

© Chandra Arachchige, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ඔබ යළි මවෙත එනවිට - අනුර බී සෙනෙවිරත්න

ඔබ යළි මවෙත එනවිට
වසන්තය එන බව දනිමි මම
එවිට හිම දිය වී
මල් පිපී තිබෙනු ඇත
උණුසුමින් පුරවමින්
මගේ සිත

ඔබ නොමැති දිනවල
වැටුණ හිම තව ම ගස්වල
දිය නොවෙයි ඒ හිම කැට
සීතලයි තව ම මගෙ හදවත

ඔබේ අතැඟිලි පහස ලැබ
පොහොණි වුණ මල් ගස් ටික
කළු ගැහී ගිහින් වියළිව
කඳුළක් නැගෙයි මගෙත් ඇස්වල

© Anura B Seneviratne, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

තරු එළිය ළඟ ළඟයි දේවී - අනුරුද්ධ වැලිගමගේ

තරු එළිය ළඟ ළඟයි දේවී
අපි අපට තව දුර ද දේවී
බමුණු මත බැමි පවුරු ඒවී
ඒත් ඔබ එක හිත ද දේවී

එරෙහිවන බල මුලක සතුරු
මලු පිරෙන තරම් ගල් මුගුරු
ජාති ආගම් නැමැති පවුරු
ඇයි ද අප තකන්නේ කවුරු

එක හිතට බැඳෙන්නට සතුටින්
බඳිමු අප කැදැල්ලක් විගසින්
ගුළි කරන් ඒ පැතුම් එලෙසින්
දුරු රටක හෝ වෙසෙමු සතුටින්

© Anuruddha Weligamage, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, March 2, 2025

ඈත දිගන්තයේ - චන්ද්‍රා ආරච්චිගේ

ඈත දිගන්තයේ අඳුරු මේකුළු පිරී
අපට පවසන්නේ මිහිරි පුවතක් නොවේ
රෝස වසන්තයේ සොඳුරු රූසිරි මැකී
කුරිරු ගිම්හානේ ළඟ ළඟම පැමිණෙතේ

පිපුණු මල් පරවෙතේ
නැවත නොපිපෙන ලෙසේ
බඹරු නගනා විලාපේ
හඬ සවනතේ රැව්දෙතේ

සරත් කල ගතවෙලා
සිසිරය ද නිමවෙලා
කොතෙක් කල් ඉඳිමු දෝ
යළි වසන්තය එනතුරා

© Chandra Arachchige, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, February 26, 2025

රැය නිදිවරා - රසිකා ඉඹුල්ගොඩ

රැය නිදිවරා මගෙ නෙතු බරයි
සිත දුක වැඩියි හද ඉකිබිඳියි
ඊයේ දිනේ වූ දේ යළිත් නොම වේවා පතමී
තනි සයනයේ ගුලි වී දෙනෙත් තදින් පියා ගනිමී

ඇයි හැම දිනේ මා පැරදුණේ
දුක මිස සැපක් ඇයි නොලැබුණේ
නින්දා බැණුම් ගැරහුම් රිදුම්,
ඇයි මේ තරම් මා වටකරන්

හෙට හිරු උදා නොම වේවි දෝ
සදහට සිතේ දුක පමණි දෝ
දාහය නිවා සිසිලස සදා,
කොයි දිනයෙ දී වැසි ඒවි දෝ

© Rasika Imbulgoda, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, February 25, 2025

සිත ඉකි ගසයි - රසිකා ඉඹුල්ගොඩ

සිත ඉකි ගසයි, හදවත බරයි
නෙතු අග මගේ කඳුළැලි පිරෙයි
ඔබ අත කිසිත් වරදක් නැතේ
මගෙ දුක මගෙයි, කඳුළැලි මගෙයි

මා හැරදමා ඔබ ගිය දිනේ
හිරු මිය ගියා, සඳු සැඟවුණා
මගෙ ලොව සදා අඳුරේ ගිලී
දුක්බර ලොවේ මා සිරවුණා

පෙම් සුරපුරේ තුරුලේ ඇගේ
සුවසේ රැඳී ඔබ අද සිටී
මගෙ දුක මගේ, කඳුළැලි මගේ
ලෝදමත් ඇත එරෙහි වී

© Rasika Imbulgoda, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

කොඳුරාලා ඔබ මට කීවා - චන්ද්‍රා ආරච්චිගේ

කොඳුරාලා ඔබ මට කීවා
ඉඳුරා ම ආදරෙයි කියා
සඳ ගාව තරුවක් වාගේ
මා ගාව ඉන්නම් කියා
කෝ දැන් අනේ කෝ ඔයා?

පෙරදාක සැන්දෑ කලේ
හිරු ඈත මුහුදේ ගිලෙද්දී
සුකුමාල ඔබ රූ සිරී
විඳ මා තුටින් සැනසුණා

අද රෑට සඳ හා තරූ
දුර ඈත පායා දිලෙද්දී
ඔබ නෑනෙ මා ළඟ රැඳී
නෙතු මාගෙ කඳුළින් පිරේ

© Chandra Arachchige, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, February 23, 2025

සෙවනැල්ල ඇද වැටේ - රසිකා ඉඹුල්ගොඩ

සෙවනැල්ල ඇද වැටේ, හුස්ම ඉගිළෙතේ
ලෝකය දිවයයි රාත්‍රියේ සැඟවී
කෙඳිරිළි හඬ නැත, වැලපෙන හඬ නැත
නිමක් නොමැති නිහැඬියාව පමණයි
ගැඹුරු තුමුල නිහැඬියාව පමණයි
ඉතුරු වී තිබෙන්නේ

කාලය බොඳ වේ, පෑ තැටි වැලපේ
අතීත නටඹුන් මග ඔස්සේ මතක සැරිසරයි
මකුළු දැලක් සේ දිවිය බිඳී යන්නේ
කිසිවෙකුත් නොමැත මෙහි ඒ ගැන වැලපෙන්නේ

ඉදිරිය නොපෙනේ, දසතම අඳුරුයි
ඇත්තේ නිම්නැති බිය ගෙනෙනා රික්තය පමණයි
අවසන් හුස්මෙන් දොරක් වැසීයන්නේ
ජීවයක් තිබුණ තැන දැන් කිසිවක් නැත්තේ

© Rasika Imbulgoda, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, February 22, 2025

ප්‍රාර්ථනාවක් හද පුරවා - රසිකා ඉඹුල්ගොඩ

ප්‍රාර්ථනාවක් හද පුරවා, ඔබ මා දෙස බැලුවා
අහංකාරයෙන් උදම්වෙලා, මා වෙනතක බැලුවා
අද මා දුක් වෙනවා
අහිමි ආදරේ මගෙ සිත පාරනවා

එදා අහිමි වූයේ මගෙ අනාගතය නොවෙදෝ
අද මා දුකෙන් තැවෙන්නේ ඒ පාපය වෙනුවෙන්දෝ
මා සිත විමසන්නේ

අතීතයට පිවිසී එය වෙනස් කරනු හැකිදෝ
ඔබ දෙස බලා ආදරෙන් මට සිනාසෙන්න හැකිදෝ
එය සිහිනයක්මදෝ

© Rasika Imbulgoda, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සෙනෙහස බොඳකර - චන්ද්‍රා ආරච්චිගේ

සෙනෙහස බොඳකර, කඳුළැලි හිමිකර
ඔබ මට දුන් දුක දැන් ඇති හොඳටම
යළි මට හිරිහැර, කරදර නොකරන්
සදහට මගෙ ලොව අතහැර දුරුවෙන්

මගෙ සිත තුළ යළි ඔබ ගැන කිසිවිට
ඇති නොමවේ පෙර මා පිදු සෙනෙහස
මට මගෙ පාඩුවෙ ඉන්නට ඉඩහැර
යළි මා ගැන නොසිතනු මැන සදහට

ඔබ වැනි අදමිටු අයෙකු සමීපේ
විසුම ද දුකකිය ඒ පෙර පවකි ය
උපරිම දුරකින් වෙන් වී සිටිනෙමි
යළි ඔබ සෙවනැල්ලක් හෝ නොපතමි

© Chandra Arachchige, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, February 21, 2025

දැන දැනම වලේ වැටෙති - රසිකා ඉඹුල්ගොඩ

දැන දැනම වලේ වැටෙති නොසිත දෙපාරක්
කවදාද අනේ ඉගෙන ගන්නෙ පාඩමක්?

නිය පිටින් කඩන්නට හැකි දේ පසුවට කල් දාලා
පස්සෙ ඇවිත් දුක්වෙනවා පොරවට බර දීලා
ගහ හැදෙන්නෙ නැති බව හොඳ හැටි දෙපෙතිවලින් පෙනිලා
උදේ හවා පොහොර වතුර දානව සැනසීලා

උදේ ඉඳන් වැස්සක් එන සලකුණු ඇත අහසේ
එය දැක දැක වතුර දමමු පාත්තියට රිසිසේ
ආදරයක් නොව විසකුරු බව ඇසුරෙන් දන්නේ
ඒ නොතකා විවාහ වී ඇයිදෝ දුක් වෙන්නේ

© Rasika Imbulgoda, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ඔබ මට ආදරෙයි ද? - චන්ද්‍රා ආරච්චිගේ

ඔබ මට ආදරෙයි ද, මට කියන්න
එතකොට මට පුළුවන් බලා ඉන්න
ඔබ මට හිමිවෙන තුරු බලා ඉන්න
කවදා හෝ
ඔබ මට හිමිවෙන තුරු බලා ඉන්න

ඔබ මට අකැමති දෝ මට කියන්න
එතකොට මට පුළුවන්, වෙනතක් බලාගන්න
සිහිනය අමතක කර වෙනතක් බලාගන්න
(මගෙ) සිහිනය අමතක කර වෙනතක් බලාගන්න

ලෝකෙ ඔබට ගැලපෙන අය, සිය දහසක් ඇතී
මට ද ඒ ලෙස ම ගැලපෙන සිය දහසක් ඇතී
(එහෙනම්) ඔබටම මා, මටම ඔබව
හිමිවිය යුතු යැයි කීමේ තේරුමක් නැතී

ඔබ ලැබුණොත් මගෙ දිවියට හයියක් වේවී
ඔබට ඒ ලෙසම සිතුණොත් අප එක්වේවී
(එනමුදු) ඒ සුපැතුම් ඉටු නොවුණත්,
අපෙ ජීවිත උරුම පරිදි ගලාන යාවී

© Chandra Arachchige, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

රන්වන් අරුණළු උණුසුම මැද්දේ - රසිකා ඉඹුල්ගොඩ

රන්වන් අරුණළු උණුසුම මැද්දේ
අරලිය මල් පිපිදේ
රහස දසත විහිදේ
මුදු පහස දෙවන පෙති සේද ලෙසින දිලිසේ

මඳ පවන සමග ඒ සොඳුරු සුවඳ පැතිරේ
හදවතට සහනයක් ගෙන දෙමිනා
සොඳුරු අතීතේ මිහිරි මතක සිහිපත් කරනා
සිත පතුලම කුල්මත් කරනා

කිසි දිනක නැවත නෑ එන්නේ ඒ කාලේ
ඒ වුවද සිතට දුක නොදැනේ වී
උදය පිපී ආ අරලිය මල් පරවී යාවී
ලෝ දහමට අනුගත වේවී

© Rasika Imbulgoda, 2025
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, February 20, 2025

ජනේලයෙන් ඉවත බැලිමි දෑස් විහිදලා - කසීර පෙරේරා

ජනේලයෙන් ඉවත බැලිමි දෑස් විහිදලා
ඔබ සිටියා උදෑසනම රුවෙන් පිබිදිලා
සුන්දර රෝස මලේ
ඇයි මා සිත වශී කළේ?

හෙට උදයෙත් ඔය විලසින් හිනැහේවි
පෙම් සුවඳින් පරිසරයම පුරවාවී
ටික දිනකින් ඔය රූ සිරි වියැකේවී
පෙති ගිලිහී මද සුළඟේ විසිරේවී

අද සුව දෙන දේ හෙට දුක ගෙන දෙන්නේ
ඉපදුනොතින් මරණය නියතව වෙන්නේ
ලොව සියළුම දේ අස්ථිර බව සත්තයි
රෝස මලේ නුඹ ඒ බව මට පෙන්වයි

© Kaseera Perera, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ඔබේ දිවියට සිසිල ගෙනදෙන - චන්ද්‍රා ආරච්චිගේ

ඔබේ දිවියට සිසිල ගෙනදෙන
මන්ද මාරුතයක් වෙන්නයි
තැත්කළේ මා මිහිරියේ
මගේ දිවියට කුරිරු කම්කළ
චණ්ඩ සැඩ සුළඟක් වුණේ
ඇයි ද ඔබ මිහිරියේ

හිරු දවන මරු කතර මැද්දේ
සෙවන දුන්නෙමි කෙම්බිමක් වී
නිවා සරතැස, සදා සිසිලස
සැනසුවෙමි ඔබ සීත ගඟුලක් වී

දිවි මගට ඔබ අවැසි මොහොතේ
රැවටුවා මා මිරිඟුවක් සේ
හොවා ගිනි මත, දවා මා හද,
වැනසුවා ඔබ, මසිත පිපි ආදරේ

© Chandra Arachchige, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, February 19, 2025

උදෑසනින් හිරු සමගින් අවදිවෙන් පුතේ - කසීර පෙරේරා

උදෑසනින්, හිරු සමගින්, අවදිවෙන් පුතේ
ඔබේ ඉදිරි අනාගතේ, අද සිට ඇරඹෙතේ
තබන සෑම පියවරකින් මේ ජීවන මගේ
බාධක බිඳ ජය කණුවට ඔබ ළංවෙනු ඇතේ

සිහින හඹා යනු මැන පසුපස නොබලා
දිනුම ලැබෙනු නැත ගත දහඩිය නො සලා
අරගලයකි දිවි මග සැමදා පුතුනේ
ඒ තුළිනුයි ඔබ ජීවිතයේ,
පන්නරය ලබන්නේ

ගමන දුරයි, මග කටුකයි ඒ ඇත්තයි
සිත ශක්තිය ළඟ ඒ බාධක සුන්වෙයි
බලාපොරොත්තුව හදවත තුළ පුරවා
අධිෂ්ඨානයෙන් සැම මොහොතේ,
ඉඳින් මා පුතේ

© Kaseera Perera, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, February 13, 2025

හිමින් සැරේ අවදි වෙතේ - රසන්ත චන්ද්‍රසූරිය

හිමින් සැරේ අවදි වෙතේ නැවුම් ලෝකයක්
රත්තරන් කිරණ පතිත වෙතේ තුසර බිඳු මතේ
මුදු සුළං හමයි, පරිසරය පුරා
ආදරය පතුරලා
බලාපොරොත්තුවේ, පැතුම් නංවලා

මද ලෝහිත පැහැයෙන් නුබ ගැබ සුදිලේ
අඳුරේ සෙවනැලි මැකී යතේ
මුදු චුම්බන මැද හිරුගේ
ගම්මානේ රැඳි සුන්දරතාවේ
ගතට කා වදී

නෙක ගී නද විසිරේ තුරු හිස් මුදුණේ
පැතිරේ අසිරිය සොබා දමේ
සිත සැඟවුණු ආදරයේ
විකසිතවෙන කොඳ කැකුළක රහසක්
ලොවට හෙළි කෙරේ

© Rasantha Chandrasuriya, 2025
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, February 11, 2025

තෝරාගත් ගේයපද සඳහා සහතික ප්‍රදානය (2020 සහ 2021)

අප ඔබට 2023 ඔක්තෝබරයේ දී දැන්වූ පරිදි, "ගී-ලියමු" ගේයපද සංචිතයේ 2020 සහ 2021 දෙවසරේ පළ වූ ගීත අතරින් ප්‍රශස්ත රචනා තෝරා ඒ නිර්මාණකරුවන්ට සහතික පත්‍ර බෙදා දුන්නෙමු.

ආරම්හක 2020 වසරේ පළ වූ ගීත 45ක් ද, 2021 වසරේ දී පළවූ ගීත 57ක් ද ඇගයීමට ලක්කරන ලද අතර මේ සඳහා සත් දෙනෙකුගෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් සහභාගී වූහ.

"ගී-ලියමු" ගේයපද සංචිතය සඳහා ගීත ඉදිරිපත් කළ සියලු රචකයන්ට අපේ ස්තුතිය පුද කරමු.

ඉදිරියේ දී, 2022, 2023 සහ 2024 වර්ෂවල පළ වූ ගේයපද රචනා වෙනුවෙන් ද මෙවැනි ඇගයීමක් කිරීමට බලා පොරොත්තු වෙමු.

2020: ගේයපද ඇගයීම් අනුපිළිවෙල

1. ඉඳු දුනු යුරා: දීපිකා සුන්ද්‍රා වඩුගේ
2. දහස් ගණන් බඹර කැලට: රසික සූරියආරච්චි
3. අඩක් දිවියෙන් ගතවෙලා: රසික සූරියආරච්චි
4. පිය සෙවන: සේන ගුණසේකර
5. උඩට උඩුවියන්: ඥානතිලක හේවාගමගේ
6. සියලු දන මන: දීපිකා සුන්ද්‍රාවඩුගේ
7. සඳවතියේ නුඹ නාඩන්: ඥානතිලක හේවාගමගේ
8. යොදුන් මග දුර: අසිත උදයංග
9. මම හරිම දඩබ්බර කවියක්: මහේෂා විජේසේකර
10. දුර හන්තානේ: රසික සූරියආරච්චි


2021: ගේයපද ඇගයීම් අනුපිළිවෙල

1. හීනවලට පාට දෙන්න: අනුරුද්ධ වැලිගමගේ
2. හිරිපොද වැස්සට: සුනිල් කුමාර සිල්වා
3. මා පෙම්බර පුෂ්පා: රසික සූරියආරච්චි
4. උදාවූ සඳ මඩල: සුභාෂිණී ජයතිලක
5. නිදි නැති තුන් යම: සුභාෂිණී ජයතිලක
6. ඔබ මට මලකි: ටිකිරි රණවීර
7. නීල වලාවේ: සුභාෂිණී ජයතිලක
8. අන්තෝනි පල්ලියේ: දයා සුදසිංහ
9. ඈත ක්ෂිතිජය: කසීර පෙරේරා
10. දනිමි මා හට: චන්ද්‍රා ආරච්චිගේ

හේමාල් ජයවික්‍රම, සම්බන්ධීකාරක, "ගී-ලියමු" ගේයපද සංචිතය


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, January 27, 2025

මුහුදේ රැලි වෙරළට පෙරළේ - කසීර පෙරේරා

මුහුදේ රැලි වෙරළට පෙරළේ
සොඳුරු කවක් මුමුණමින්
ලවණ රසැති මුදු සුළං හමයි
සිතට සහනයක් දෙමින්
මා හද සනසවමින්

වඩදිය බාදිය සදනා
සඳ හිනැහේ අහසේ
දුක සැප දෙක නිති කැරකේ
අටලෝ දහමේ විලසේ
බණ පදයක සවනට වැටෙනා

සයුරේ පෙණපිඬු කැරකේ
තුටු සිතුවිලි පිබිදේ
දිවියක කඩඉම එළැඹේ
යුගදිවි ගමනක් ඇරඹේ
හෙට අරුමැසි විසිතුරු ගෙනෙනා

© Kaseera Perera, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, January 24, 2025

සිත කලබලයි - කසීර පෙරේරා

සිත කලබලයි
හද ගැසෙනා වේගය ඉහළයි
සිතුවිලි ගල්වෙලා ඇතේ කිසිවක් සිතාගන්න බෑ
මගෙ මුව ගොළුවෙලා ඇතේ කිසිවක් කියාගන්න බෑ

ජීවිතය නැවතිලා දෝ
ආපසු සතුටක් කිසි දිනයක
හදවතට නොම ලැබේදෝ
මේ කුමන පවක් දෝ

මා පැතූ ආදරය කෝ
ජීවිතයම රැවටූ මිරිඟුව
නෙතු අබියස බොඳ වී දෝ
මා කුමක් කරම් දෝ

© Rasika Suriyaarachchi, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, January 19, 2025

අත් පටලාගෙන සඳ එළියේ - රසන්ත චන්ද්‍රසූරිය

අත් පටලාගෙන සඳ එළියේ නැහැවී
සවනට මිමිණූ ගී පදවැල් මිහිරී
කාලය සමගින් නික්මිනි කල් පිරිලා
පාළුයි අඳුරුයි ලොව මා තනිවීලා

මද වැසි පොද මැද ඔබ රුව මැවී පෙනේ
සැම දිය බිඳකම වේදනාව ගැබ්වේ
දෝංකාර දේ ඔබ හඬ වාතලයේ
ඔබ මෙහි නැත මට පමණකි එය ඇසුණේ

වියැකෙන සෙවනැලි ඇඳේ දෙනෙත් ඔබ්බේ
මම ඔබ සිපගමි එය මිරිඟුවකි ප්‍රියේ
අප පෙම ඇයි දෝ මේ ලෙස නිමාවුණේ
බිඳුණු හදේ දුක් සුසුමකි නතරවුණේ

© Rasantha Chandrasuriya, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

දේවදාර ගස් අස්සේ - කසීර පෙරේරා

දේවදාර ගස් අස්සේ
සැලෙනා ලා දළු හාදු පුදන්නේ හමන සුළඟටයි
සෙවනැලි බොඳවෙයි අඳුරේ
දහවල නිමවී රැය එළඹෙන්නේ
අපේ පිනටමයි

මඳ සුළඟේ මුසු වී ඇසෙනා ඒ
මියුරු ගී සරේ
පවසන්නේ මා කන වෙත කොඳුරා
ඔබේ ආදරේ

සඳ නැග එයි තරු දිදුලයි අහසේ
නිශා යාමයේ
රෑ සිහිනෙන් ඔබ සිපගෙන සැනසෙමි
මගේ ප්‍රේමියේ

© Kaseera Perera, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ඔබේ මුවින් පිපෙනා - රසන්ත චන්ද්‍රසූරිය

ඔබේ මුවින් පිපෙනා
සුන්දර සිනාවකින්
මගේ ලොවේ දැල්වේවි පහන් සහසක් සැමදා
ඔබයි මගේ ආලෝකේ, මගේ ප්‍රදීපේ

මගෙ ලෝකය එළිය වැටී
අතීත සෙවනැලි දුරුවේවී
ජීවිතයට යළි සැනසුම ගෙනෙනා
ආදරයක් ඉපදේවී

ඔබෙ සෙනෙහස ලැබේවි නම්
සිසිරයෙ දී මල් පිබිදේවී
ඔබෙත් මගෙත් පෙම් කතන්දරේ
විහඟුන් තුඩ රැව්දේවී

© Rasantha Chandrasuriya, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

උදාවෙන හිරු සුන්දරයි - කසීර පෙරේරා

උදාවෙන හිරු සුන්දරයි
අපේ සිත් සතුටෙන් පිරෙයි
අඳුර මැඩ නැග එන හිරුට අප
සෑම උදයෙම ආදරෙයි

ක්ෂිතිජයෙන් ඉහළට නැගී
හිරු කෙමෙන් සැඩ පරුෂ වේ
දරා ඉන්නට නොහැක රෂ්මිය
හිරු කෙරේ කෝපය නැගේ

කෙමෙන් හිරු අවරට යතේ
සුව සහන් එළි පැතිරෙතේ
සැඳෑවේ රූසිරි දකිද්දී
සතුට සැනසුම සිත ඇඳේ

රැයේ ගණඳුර පැතිරෙතේ
නිවන්නට සරතස ගතේ
හිරු උදාවෙනතුරු නිදනු මිස
විකල්පයකුදු වෙන නැතේ

© Kaseera Perera, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, December 20, 2024

ඔබෙ සිනහව සන්ධ්වනියක් වාගේ - රසන්ත චන්ද්‍රසූරිය

ඔබෙ සිනහව සන්ධ්වනියක් වාගේ
මිහිරි නාද එක හා මුසු වූ
ජීවිතයේ සරතැස නිවලා මා සනසාලන්නේ
සිත වෙහෙස නිවා, සැනසුම සදලා
සිහින ලොවක සතපන්නේ

ඔබේ ආදරේ සුන්දරයි මිහිරියේ
කතරක මැද ක්ෂේම භූමියක් වාගේ
පවස නිවාලන දිය දෝතක් වාගේ
ඔබේ ආදරේ සුන්දරයි මිහිරියේ

ඔබේ ආදරේ, සුන්දරයි මිහිරියේ
නිසල රැයක මුදු සඳ එළියක් වාගේ
නිමල ජලාශෙක පිපි කුමුදක් වාගේ
ඔබේ ආදරේ, සුන්දරයි මිහිරියේ

© Rasantha Chandrasuriya, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ඔබ, මම, අප දෙදෙනා - රසන්ත චන්ද්‍රසූරිය

ඔබ, මම, අප දෙදෙනා යම් දවසක
එක්වූවොත් මෙලොවේ
එය මිහිරිම තනුවක් වේවී
ආදර වදන් යොදා ගයන්නට
මිහිරිම ගීයක් වේවී

අපෙ ආදර පෙම් උයනේ
දෑඟිලි පටලා ඇවිදින අතරේ
ඒ පෙම් ගීතය සිතු විලසේ
ගයමු සොඳුරියේ

සඳ එළියෙන් කුල්මත් වී
කොඳ කුසුම් සුපිපෙනා යාමේ
අප පැතු ආදර සුව සහනේ
විඳිමු සොඳුරියේ

© Rasantha Chandrasuriya, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

මගෙ හදවත තුළ - රසන්ත චන්ද්‍රසූරිය

මගෙ හදවත තුළ පොපියන්නේ
සුවඳ විදා නැලවෙන්නේ
ඔබ වෙනුවෙන් කැපවුණු පෙම් කුසුමයි
පෙම්බරියේ, මා ආදර සුන්දරියේ

ඈත රටක සිටියත්
ළඟ සිටිනා විලසේ
මගෙ ලෝකය සුවඳින් පුරවන්නේ ඔබමයි
පෙම්බරියේ, මා ආදර සුන්දරියේ

දුරකථනය ඔස්සේ
නිරතුරු ඔබ රුව දකිමී
මුදු වදනින් මා සිත සනසන්නේ ඔබමයි
පෙම්බරියේ, මා ආදර සුන්දරියේ

මතු එළැඹෙන සුබ දිනයේ
මම ඔබ ළංකර ගනිමී
මගෙ පණමෙන් මා සුරකින්නේ ඔබවයි
පෙම්බරියේ, මා ආදර සුන්දරියේ

© Rasantha Chandrasuriya, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

වරලස මා සකසන්නේ - රසිකා ඉඹුල්ගොඩ

වරලස මා සකසන්නේ
මගෙ කැමැත්ත අනුවයි
මා අඳින්නෙ පළඳින්නේ
මගෙ පහසුව පිණිසයි
එය ඔබට නොරිසි නම්, ඇස් පියා ගන්න මිතුරේ
දුක් විඳින්නෙපා මෙලෙසේ

මිනිස් ලෝකයේ ඉන්නා අප සැවොම එක සමානයි
එකිනෙකාට වැඩියෙන් උස් නොඋස් බවක් නැත්තේ
ඒ ලෙසයි රටේ ලෝකේ නීතිය සැකසී ඇත්තේ

මා නීති නෑ කඩන්නේ අප වෙසෙන මේ සමාජේ
මගෙ නිදහස සීමා කරන්න ඔබහට ඉඩ නැත්තේ
දැන්වත් කරුණාවෙන් ඒ බව වටහාගත යුත්තේ

© Rasika Imbulgoda, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

විසල් අහස යට - රසන්ත චන්ද්‍රසූරිය

විසල් අහස යට අරුමැසි මොහොතක
සමුවිය පෙම මා සුරකින සදහට
ඇගෙ මුදු ලාලිත හඬ ගීයක් සේ
රැඳුණා නොමැකෙන ලෙස හද පතුලේ

වසත් කල ගෙවේ, සිසිරය එළැඹේ
ඇය මා ළඟ, මා නැත ලතවෙන්නේ
කුණාටු, වැසි, සුළි සුළං හමද්දී
ආලිංගනයයි උණුසුම දෙන්නේ

ප්‍රේමය කුසුමකි මුකුලිත නොවෙනා
සඳ එළියක් සේ සිසිලස ගෙනෙනා
ඇය ළඟ මා විශ්වය ම මැවෙන්නේ
ඇය වෙනුවෙනි මා ජීවත්වෙන්නේ

© Rasantha Chandrasuriya, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

හිස් අවකාශේ දිගු සෙවනැලි - රසන්ත චන්ද්‍රසූරිය

හිස් අවකාශේ දිගු සෙවනැලි විහිදේ
මුමුණන කෙඳිරිලි දෝංකාර නද දේ
බර අඩි තබමින් කාලය දිවයන්නේ
ගුප්ත සිහින නොවිසඳීම පවතින්නේ

ජීවය විරහිත මුහුණු සිනාසෙන්නේ
දෙනෙත් මුණ ගැසෙයි හිස් බැල්මකි එන්නේ
සිනා මැකී යයි නිහඬතාව මැද්දේ
අරුත් සුන්බවයි සැම තැන කැරකෙන්නේ

පළඳනා යටින් පපු කුහරය ඇතුළේ
හදවත් වැලපේ ඒ නිහඬව රහසේ
හිස් ආත්ම සොළවා සුළං හමායන්නේ
වෙස්මුහුණු යටින් අප ජීවිත පාවෙන්නේ

© Rasantha Chandrasuriya, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, December 18, 2024

ගිම්හානය දෝ උදාවුණේ - කසීර පෙරේරා

ගිම්හානය දෝ උදාවුණේ
කොවුල් කූජනය නෑසේ
වසන්තයේ පිපි මල් කෝ
සමනලුන ද සැඟවීලා
ඔබ කොහෙදෝ මා සුන්දරියේ
මා මෙලොව තනිවෙලා

සෙනෙහසක් බලෙන් ලබනට බෑ
ඒ බව මම දනිමී
කුමක් ද මා කළ වරද කියා
කිසි ලෙසකින් නොම දනිමී
ඒ සත්තමයි ප්‍රියේ

මගෙන් දුරස් වී ගියත් ඔබේ
සුවඳක් මා අසල රැඳී
උදේ හවා රෑ කලේ පුරා
මට සැනසුම දෙමින් සිටී
ඒ සත්තමයි ප්‍රියේ

© Kaseera Perera, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සිත දැවී ගියා - කසීර පෙරේරා

සිත දැවී ගියා, සිත දැවී ගියා
නෙතු අග කඳුළැලි පිරුණා
ඔබ එදා මෙමා හැර දමා ගිය දිනේ
මගෙ ලෝකය අඳුරු වුණා

සියුමැලියේ, මියුලැසියේ
ඇයි මේ ලෙස නපුරු වුණේ
ඔබ නැතිදා මට මේ ලොව ද එපා
කොහෙදෝ ඔබ සැඟව ගියේ?

යලි දිනයක, ඔබ මා වෙත
එනු නැත මට එලෙස සිතේ
සිටිනා තැන හොඳ සුවෙන් වෙසෙනු මැන
සුරැකී ඔබ සදා ප්‍රියේ!

© Kaseera Perera, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සඳ සිසිල සිත ළඟ නිදිමරයි - රසන්ත චන්ද්‍රසූරිය

සඳ සිසිල සිත ළඟ නිදිමරයි
තරු එළිය දිය ඇල්ලක් වගෙයි
ඔබ බැල්ම මුදු පහසක් ගෙනෙයි
මා හද කෙමෙන් සුවපත් කෙරෙයි

දුර ඈත සමුදුර ඉසව්වේ
සිට හමන මඳ සුළගේ රැඳී
මගෙ සවන් වෙත ගෙනෙන්නේ
මියැසියයි අප ආදරේ

ඔබෙ දෑත මා දෑතේ බැඳේ
ලවන් පැටලේ ප්‍රේමයේ
මේ සැබෑවෙන්නේ ප්‍රියේ
පැතූ සිහිනය නොවේදෝ

© Rasantha Chandrasuriya, 20204


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සීත සුළඟක් හමන්නයි - රසන්ත චන්ද්‍රසූරිය

සීත සුළඟක් හමන්නයි
ගත පෙළෙන දාහය නිවෙන්නයි
එද සිසිල අවරට නොයන්නයි
ගත පුරා හිරි ගඩු නොඑන්නයි

එක් අන්තයක සිත රැඳෙද්දී
එය දරාගන්නට බෑ
අනිත් අන්තෙට විතැන් වූව ද
එය ද විඳගනු බෑ
දුක සැප ද එලෙසයි

සැප පිරී ගිය මාලිගාවෙන්
කරති අභිනික්මන්
දුක පමණි පැල්පතේ ඇත්තේ
එහි ද නැත සැනසුම්
මේ ලෝකයම විෂම යි

© Rasantha Chandrasuriya, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

දිවි මඟට ඇවැසිමුත් සිසිලසක් ආදරේ - රසිකා ඉඹුල්ගොඩ

දිවි මඟට ඇවැසිමුත් සිසිලසක් ආදරේ
පෙම්බැදුම් නොම වෙතේ පරම සුව ජීවිතේ
අරුත්සුන් විරහ ගී ඉවතලන් සකි සඳේ
අලුත් දවසක් රැගෙන අලුත් හිරු පායතේ

දුක් කඳුළු පිසදමා සදහටම ඔබ නෙතේ
දුක් සුසුම් නිමාකර බවුන් වඩවා සිතේ
මතකයෙන් ඉවත් කර අරුත්සුන් අතීතේ
නැගී සිටිනට ඔබට දිරිය ශක්තිය ඇතේ

සංසාර සයුර මැද නැවක් නම් ජීවිතේ
පදවන්න ඉදිරියට නියමුවා ඔබ වෙතේ
පරාජයෙ ගෙබිම මත ජයමැදුර ඉදිවෙතේ
අදිටනේ ජල පොදෙන් පැතුම් මල් පිබිදෙතේ

© Rasika Imbulgoda, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, December 16, 2024

සිනාවෙනු මිස ඇයි අඬන්නේ - රසිකා ඉඹුල්ගොඩ

සිනාවෙනු මිස ඇයි අඬන්නේ
ඇයි ද සුසුමට ඉඩ තියන්නේ
කඳුළ පලවා හැරිය දිනයක
නොවෙද ජීවන ජය ලැබෙන්නේ

තමන් නිවැරදි යයි දනී නම්
ඇයි ද බිය වැද පසු තැවෙන්නේ
දිරිය වීරිය සිත තිබේ නම්
ඇයි ද වෙන අය මත යැපෙන්නේ

සිතට එකඟව මිසක කිසිවක්
කිසිම දිනයක නොකරපන්නේ
කළ දෙයට වගකීම ඔබගෙයි
කිසිම ලෙසකින් දුක් නොවන්නේ

© Rasika Imbulgoda, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සුරකිමී මම සුරකිමී - රසන්ත චන්ද්‍රසූරිය

සුරකිමී මම සුරකිමී
සදහටම ඔබ සුරකිමී
තුරුලු කරන් ආදරය පුදා
සුරකිමී ඔබ සුරකිමී

මේ ලොවේ මා පැතූ
වෙන කිසිත් දේ මට එපා දැන්
ඔබ සිටී අද මගෙ ලොවේ
දෙව්දුවක සිරිකත ලෙසින්

මා එදා දුක් විඳී
ඒ ජීවිතේ දැන් අමතකයි
නොම එතේ ඒ අතීතේ
සදාකල් ඔබ මා සතුයි

© Rasantha Chandrasuriya, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

හිරු බැස ගිය සැඳෑ කලේ - රසන්ත චන්ද්‍රසූරිය

හිරු බැස ගිය සැඳෑ කලේ
ඔබේ සොඳුරු දෙනෙත දිලේ
දුර මන්දාකිණියක් ළඟ පැයූවා සේ!
ඔබ නේද ළඳේ මා හදවතේ අඩුව පිරෙව්වේ?
ඔබ නේද ළඳේ මා ලෝකේ ඒකාලෝක කළේ?

පැතුම් සිහින පොදි මවනා
සුන්දර ඔබ දෙනෙතේ
ගැඹුරු සයුර මෙන් නිල් පැහැයෙන් දිලෙනා
සැම බැල්මකින්ම කියවේ කතාවක්
උණුසුමේ ආදරේ

සඳුගෙ සිසිල මට ගෙනෙනා
පින්බර මා ලලනා
සොඳුරු සිනාවෙන්
සිත සැනසුම සදනා
ඔබ දසුන මසිත බැඳෙනා ඉනාවක්
සැම දිනේ මා ප්‍රියේ

© Rasantha Chandraasuriya, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, December 13, 2024

වෙන අයෙකුගෙ දුක දන්නේ - රසන්ත චන්ද්‍රසූරිය

වෙන අයෙකුගෙ දුක දන්නේ
වේදනාව හඳුනන්නේ
කවදා හෝ එවන් දුකක් වින්ද අයෙකු පමණයි
දුක දන්නා හඳුනන අයෙකු ම පමණයි

සංවේදී සුන්දර හදවතක්
සැමෙකෙකුට ම හිමි වේ නම්
අනෙකෙකු ගැන සහකම්පනයක්
සැම සිතකම බිහිවේ නම්
අප වසනා මේ ලෝකේ
කෙතරම් ලස්සන වේ දෝ?

පව් සිතුවිලි නූපදිනා සිතක්
උපතේදි ම ඇතිවේ නම්
ක්‍රෝධය නොව මෙත් සිතුවිල්ලක්
සැම මොහොතෙම පවතී නම්
අප වසනා මේ ලෝකේ
කෙතරම් පියකරු වේ දෝ?

© Rasantha Chandrasuriya, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, December 12, 2024

රන් හිරු පොළොවට හාදු බෙදයි - රසන්ත චන්ද්‍රසූරිය

රන් හිරු පොළොවට හාදු බෙදයි
අලුයම මුදු කිරණින් සතුට සදයි
විහඟ ගීත දසත ම රැව්දෙයි
දවසක් ඉපිදෙයි, සිත සුවෙන් පිරෙයි

පිනි අතුළ තණ නිල්ල දිලිසේ
නිමල සමීරය පැතිරේ
හදේ පුරා ආදරෙන් පිරේ
බලාපොරොත්තුව දැල්වේ

මුදු සිනහ පිරුණු ඔබ මුහුණේ
රුසිරු මැවේ නෙත හමුවේ
දෙතොල් කොපුල් උණුසුමෙන් පිරේ
තව සුභ දවසක් ඇරඹේ

© Rasantha Chandrasuriya, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, December 9, 2024

රන් හිරු රැස් වියැකී යන්නේ - රසන්ත චන්ද්‍රසූරිය

රන් හිරු රැස් වියැකී යන්නේ
ගොම්මන් සිසිලස පැතිරෙන්නේ
තරු පිරෙන අහස මනරම්
සුන්දර සිතුවිලි ගෙන එන්නේ

කණාමැදිරි එළි දිලිසේ
නිසල පරිසරය තරු එළියෙන් නැහැවේ
ප්‍රියජනක රැයේ, මා හදේ කොණේ
ආදර හැඟුමන් ඉපිදේ

රිදී පැහැති රළ පෙරැළේ
සසල සයුර මුදු සඳ එළියෙන් සැනසේ
මේ සොඳුරු ලොවේ, අම රසය දැනේ
මගේ ජීවිතයම පිබිදේ

© Rasantha Chandrasuriya, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සිතේ මගේ කිසි දුකක් නැතේ - රසන්ත චන්ද්‍රසූරිය

සිතේ මගේ කිසි දුකක් නැතේ
ඔබ අහිමිවුණා කියලා
හදේ කොණේ පොඩි ඉඩක් තිබේ
ඔබ වෙනුවෙන් වෙන්වීලා
සැමදාමත් වෙන්වීලා

එදා ඔබේ සුන්දර දෙනෙතේ
කැල්මෙන් මත් වී බැඳිලා
කළ කී දේ ගැන මගේ සිතේ
කණගාටුව නැත රැඳිලා
දැන් මගෙ සිත යළි හැදිලා

මගේ සිතේ ඔබ ඉතිරි කළා
සිතුවම් සුන්දර මතකේ
සුවඳ රැඳේ සැමදාම හදේ
ඔබ බිතුසිතුවමක් වෙලා
හෙට මම ඉමි හිනාවෙලා

© Rasantha Chandrasuriya, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, December 8, 2024

ලෝකය මහ රඟමඩලක් වේ නම් - රසන්ත චන්ද්‍රසූරිය

ලෝකය මහ රඟමඩලක් වේ නම්
අපි වෙමු එහි නළුවෝ
නියමිත චරිතය රඟපානා,
පිටපත සැමවිට පිළිපදිනා
මේ විසල් අහස යට, තුමුල පොළොව මත
සිනාසෙමින්, සතුටුවෙමින්,
නමුත් කල්පනාවෙන්

විටෙක අපේ පා පැටලී ඇද වැටුණත් අප නොසිතු ලෙසේ
වෙරගෙන, දිරි උපදාගෙන සැනෙකින් වහා නැගිට සිටිමූ
වැලි පිසදාගෙන, මඩ සෝදාගෙන යළිත් වැඩට බසිමූ
පාඩම් ඉගෙන ගමූ, යළි නොම ඇද වැටෙමූ

අත්හදා බලා, යළි යළි සකසා, ජය ලබන නිසැක මග සොයමූ
දින දින සැරසී, පෙරහුරු කරවා, ඒ මගේ ම පිය නගමූ
අප ලබනා හැම අත්දැකීමක් ම අප දියුණුව ලෙස සිතමූ
ලොව දහමට හිස නමමූ, ඒ ලෙස දිවි ගොඩ නගමූ

© Rasantha Chandrasuriya, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, December 7, 2024

ඔබ මට පිටුපා - කසීර පෙරේරා

ඔබ මට පිටුපා
ඔහු අත පටලා
යන අයුරු මගේ නෙත ගැටුණා
ජීවිතේ මගේ
අද දිනේ වගේ
වෙන දිනක නැතේ දුක දැනිලා
ඇයි මගේ ප්‍රියේ
ඔබ මෙලෙස කළේ
ඔබ සිත තෙතමනයම හිඳිලා
ඔබ මිරිගුවක් වෙලා

මගෙ දිවිය නිමා
වෙන දිනේ පවා
ඔබ මට සිහිවේවී
ගිලිහුණු පෙම අප
සොඳුරු මතක පොදි
මනසේ රැව් දේවී
මගෙ සිත සුවපත් වේවී

ඔබ වසන ලොවේ
සතුටින් සැමදා
ඉන්න මා ප්‍රියාවී
කිසි දිනෙක නැතේ
තරහක් මසිතේ
මේ ගීය එය කියාවී
ඔබෙ සිත සැනසේවී

© Kaseera Perera, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, December 6, 2024

තරු පොකුරක, මල් කළඹක - කසීර පෙරේරා

තරු පොකුරක, මල් කළඹක
නැති ලස්සනක් ප්‍රියේ
ඔබෙ බැල්මක, නෙතු කැල්මක
රැඳීලා තියේ
ඒ හින්දාමයි, මා ඔබට ආදරේ

ගන අඳුරේ, තනි යහනේ මට ඔබ සිහිවෙනවා
මතු දිනයක අප එක්වන බව
මා සිත කොඳුරනවා
හදවත සැනසෙනවා

හෙට දිනයේ අරුණැල්ලේ මට ඔබ හමුවෙනවා
මගෙ සිත රැඳි පෙම් ගීතය
මා ඔබට ගයනවා
ඔබ සිත සනසනවා

© Kaseera Perera, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

හිරු බැස යන අඩ අඳුරේ - කසීර පෙරේරා

හිරු බැස යන අඩ අඳුරේ
ඇගෙ සුන්දර නෙත් සුදිලේ
දුර මන්දාකිණියක්, තරු රෑනක්
ළඟ පෑයූවා සේ පෙනේ
මේ කුමන අරුමයක් දෝ?
ඔබ සිහින දෙව්දුවක් දෝ?

ගැඹුරු සයුර සේ තද නිල් පැහැගත් ඒ දෙනෙතේ
බලාපොරොත්තුවෙ සිහින මැවේ හැම මොහොතේ
මේ විශ්වය සේ සුවිසල්
සුන්දරම සිහින පොදියක්

මා දෙස හෙලනා සැම බැල්මක ඔබ සුන්දරියේ
සදාකාලිකවු මිහිර ඇතේ ආදරයේ
ඒ හිරු සඳු එකමුතු වූ
අරුම පුදුම සුව දසුනක්

© Kaseera Perera, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, May 9, 2024

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ

නුඹ ඇවිත් ගිය පසු
දිය රකුසු වෙස් ගත්
මුහුදු රළ වුව ප්‍රේමයෙන් නැළවෙයි
මධු සාදයක ඇරයුම් පතක් දී
මල් පෙති හිනාවෙයි
හාත්පස ඔව් නුඹ ම පමණයි

සඳ දිය බිමට විත් නුඹේ තතු විමසයි
ඉර බටු තරුව ප්‍රේමයේ කවි මුමුණයි
කඩුපුල් මලක් රැය මත් බවින් පුරවයි
සිහිනය නුඹයි ඔව් එය හරිම මිහිරියි

නිහඬ නිම්නය හඬ නගා හිනැහෙයි
සකුණ ගී පද පෙු්මයෙන් ඇවිලෙයි
බිඳුණු පපුවක මල් සුවඳ ඉපිලෙයි
වසන්තය යළි අත වනයි පුදුමයි

© Somalatha Herath Menike, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, April 30, 2024

රෝස කැකුළු - අනුරුද්ධ වැලිගමගේ

රෝස කැකුළු මට මොකටද ඔබේ දෙතොල් ළඟ
සමනල තටු පහස තිබෙයි ඔබෙ දෙකොපුල මැද
කවි ගීවල ඇති වරුණා නැතිමුත් ඉඟ ළඟ
රැජිනයි මට සතුට සදන සැමදා මා ළඟ

බාධක කම්කටොළු නැත්තෙ මේ ලොව කොයිබද
දිරිය නුඹයි මවට පසුව හිත සුව කැන්දන
රිදෙන විටදි සිත තැවිලා හිතේ රිදුම් දෙන
හද සනසන පැන් බිඳ නුඹ ඒ දුක් දුරලන

දුක සතුටත් සමව දරා යන මේ සක්මන
එළිය කරන සඳ එළියයි සොමි ගුණ පතුරන
දරුවන් මැද සතුටු සිනා උතුරා පතුරන
සෙනෙහෙ විලයි ඔබ මට නිති සිසිලස කැන්දන

© Anuruddha Weligamage, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, April 29, 2024

රෝස මල් සිනාසේ - නිහාල් රූපසිංහ

රෝස මල් සිනාසේ
මිදුල කොණේ
සියොතුන් වයතී තත් ගී මිහිරී
පැන් ද පැණි රසය දිව මත
සැවොම සතුටිනි
මා වටකොට හාදු වැස්සකි

එනමුදු අමාරුයි මට
හරීම අමාරුයි
දරාගෙන ඉන්න
හුරු පුරුදු තනිකම ද
හදවතේ හිස් බව ද
ප්‍රසන්නය ඒ වේදනාව
නොරිදවන මා සිත

ඉගිල එන්න කුරුල්ලනි
වහා ඉගිල එන්න
මං ආසයි ඔබට ඇහෙන්න
ළඟ ඉඳ ගී ගයන්න

© Nihal Rupasinghe, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, March 25, 2024

අතීත වැහිබර දවසක - රසිකා ඉඹුල්ගොඩ

අතීත වැහිබර දවසක
අප හමුවුණු හැන්දෑවක
මතකද අවසාන වරට අප සිප ගත්තා?
අවසන් වර බව නොම දැන අප සිප ගත්තා

ආකාසේ පියඹා ගිය
දිගුහොට ඇති කෑදැත්තෙක්
අමුතු හඬින් ඒ මොහොතේ විලාප නැගුවා
විරහ වේදනාවෙන් මෙන් විලාප නැගුවා
ඒ හඬ හැමදාටම මට මතක තියේවී

අද ඔබ මා ඇස ගැටුණත්
අප ආගන්තුකයින් වාගේ
ඒ වුණාට හද පතුලේ දුකක් තියනවා
ඔබ මා පමණක් දන්නා දුකක් තියෙනවා
ඒ දුක හැමදාටම මා ළඟම හිඳීවී

© Rasika Imbulgoda, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

පෙර දවසක් දා - රසිකා ඉඹුල්ගොඩ

පෙර දවසක් දා
සිත ඉකිබින්දා
ඒ ඔබ මා හැර ගිය හින්දා
මා දුක් වින්දා
නිහඬව සැමදා
මා ඔබට ආදරේ හින්දා

නෑ කිසිම ලෙසේ
අහිතක් මසිතේ
දුක පිරී ඇති වුණත් මහදේ
පෙර ලෙසම අදත්
අද ලෙසම හෙටත්
මා ඔබට ආදරෙයි සුහදේ

ඔබ සිතන ලෙසින්
පතනා විලසින්
සැමදේම ඉටු වෙන්න පතමී
දුර ඈත ඉඳන්
සුපුරුදු අයුරින්
නිහඬවම ආදරේ පුදමී

© Rasika Imbulgoda, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, March 24, 2024

එපා මට ඔබ එපා - රසිකා ඉඹුල්ගොඩ

එපා මට ඔබ එපා, ඔබේ සෙනෙහස එපා
ඉඳීමට සිදුවුණත් සැමදා පුරුදු තනිකමේ
මා මෙසේ ඉන්නම් පෙර සේ මගේ පාඩුවේ
එපා මට ඔබ එපා, ඔබේ සෙනෙහස එපා

හිමි එලොව ගිය දිනේ
නොකළෙමිය සති පූජා
සැමදාම ඉඳින්නම් තනි වී මියැදෙන තුරා

රිසි විලස දිවි ගෙවා
මියැදීම මට හොඳා
බිරිඳ වී ඔබේ සුරසැප විඳීමට වඩා

© Rasika Imbulgoda, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

රොබරෝසියා ගස් - අසිත උදයංග

රොබරෝසියා ගස් තාලයට මෙන් බිමට එවලා මල් වැහී
පයට පෑගී සුමුදු මල් පෙති ගියා සුළගේ වැනි වැනී
සුමුදු අත් පෙති පටලවාගෙන එදා පියමන් කළ හැටී
මලේ මල්පෙති හමන සුළගට වෙනස් වීලා නැති හැටී

විසල් ගස මත පිපුණු මලකට බඔරු නැහැ පෙම් කරන්නනේ
පුංචි පඳුරක පිපුණු මලකට ආදරේ ඇයි දැයි නොදන්නේ
දරන්නට බැරි පෙමක් ගුළි කොට සුළග මත පා කරන්නේ
නැවත පෙමකට ඇතුල් නොවෙනට හදේ දොර පළු වසන්නේ

කවියෙකුගෙ හිත කියව ගන්නට කවියමයි වැට බඳින්නේ
කොතෙක් කවිකම් කරත් කිසිදින කවිය නැහැ සිත පෙලන්නේ
අහසෙ තරු කැට බිමට හිමි නැත අහසෙමයි එය රැඳෙන්නේ
අහිමි තරුවට හඬා පල නැත දුරට වී එය විඳින්නේ

© Asitha Udayanga, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

දිසාපාමොක් ඇදුරුතුමනී - අසිත උදයංග

දිසාපාමොක් ඇදුරුතුමනී අවසර ද සමුදෙන්න
තවත් කිසි දෙයක් නැත මට කියා නැති වෙන්න
පියෙකු නැති මගේ ලොව ඔබ පියා මට වෙන්න
තිබුණ හීනය නැති කරේ කිම ද මට පවසන්න

කහට ඇති ගවුම අද පොඩි වෙලා ඉරිලා
කහට මැද රතු ලෙයින් ආත්මය මරලා
මගේ ලොව හිටි දෙවියා තිරිසනෙක් වීලා
ගුරු පඬුරු ⁣හිලව්වට නොමර මා මරලා

වේල්ලට උඩින් ලිහිණියො කැරකෙනවා
යන්නට ගෙදර පා පොඩි මගෙ වලකනවා
නොකියම යන්න අම්මේ මට සිදුවෙනවා
වැව් දිය තුරුලේ අම්මේ මම සැතපෙනවා

© Asitha Udayanga, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

අවාසනාව ද වාසනාව ද - අසිත උදයංග

අවාසනාව ද වාසනාව ද
අතර මැදි වූ කාරණාව ද
කාලයට දී බලා සිටිමු ද
එසේ නැතිනම් හඬා වැටෙමු ද

ඉරණමට අරුමයක් වන්නට
සටන් කර අප හති වැටෙන්නට
ජය පැරදුමක් මැද අතර හිරවී
දෛවයට හිමි තැනක් සොයමී

ලැබෙන දේ සතුටුයි සිතන්නට
භාවනාවක පෙර හුරුව වන්නට
සිතේ ඇති බැමි ලිහිල් කරමී
සුසුම් රැලි මම ඉවත යවමී

© Asitha Udayanga, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

බලා හිටියා ම ඉස්සර - අසිත උදයංග

බලා හිටියා ම ඉස්සර
ලැබෙන පිළිතුරක ලස්සන
දැන් එහෙම නැහැ ඉතින්
ඒ හුඟක් ඉස්සර
ගිලෙන කොට සයුරේ
හරි හැඩයි දිනකර
කාටවත් කියන් නැහැ
ඔයා ගැන විස්තර

සරුංගලය ඉගිලෙන්නෙ නූල තියෙනා තුරා
කොතෙක් දුර ගියත් ඔබ මම ඉඳිමි දුක දරා
කමක් නැහැ ඉගිලෙන්න අහසේ ඉම සොය සොයා
හැරෙන්ට බැරි නිසා ඉන්නවා මග බලා

මල් උනත් හරි හැඩයි සුළඟ දෙන විට හාදු
ඔයා කොපමණ කළත් මගෙ හිතට අරියාදු
දැනෙන්නෙ ම අනේ මට ඔයා දුන් වැහි හාදු
තවත් කරනට එපා හිත් එක්ක පෙම් සූදු

© Asitha Udayanga, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, February 23, 2024

ඒ රුව ය - අමිතා පද්මකුමාරි

ඒ රුව ය, ඒ රුව ය
දෙනෝදාහක් මැදත්
හඳුනනා එකම රුව
නොදන්නා සේ ඉන්න

ඒ නෙත් ය, ඒ නෙත් ය
දහසකුත් නෙත් අතර
මා සොයන ඒ බැල්ම
නොදැක්කා සේ ඉන්න

ඒ හඬ ය, ඒ හඬ ය
දෙසවනේ රැව්දෙනා
හුරුපුරුදු ඒ හඬ ය
කිසිත් නොදොඩා ඉන්න

© Amitha Padmakumari, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, January 28, 2024

හිත ගාව පෙම් හීන - ශානිකා ශෂීප්‍රියා ද සිල්වා

හිත ගාව පෙම් හීන, මල් වාගේ පිපුණා ම
ඔබ එන්න මල් මාවතේ
අර ඈත සඳ ගාව - තරුවක් වගේ ඉන්න
වරුවක් ම මගෙ ජීවිතේ

එළිවෙච්ච ඒ හීන, පණ වාගෙ රැක ගන්න
මුදු හාදු තවරා මුවේ
මට ආයෙ හිනැහෙන්න, හීනය ළඟින් ඉන්න
හැමදාට දැන් ඔබ මගේ

නෙතඟින් බලා කීව, සෙනෙහස් කතා බෝම
වෑහෙයි නුරා ගී වගේ
හිම හීත බිඳු වාගේ, දෙතොලතර දැවටෙන්න
උණුසුම් සුසුම් දෙනු ප්‍රියේ

© Shanika Shashipriya de Silva, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, January 16, 2024

එක දිනක් ඔබ පෙනී - කසීර පෙරේරා

එක දිනක් ඔබ පෙනී සෙනෙහසක් ඉපදුණේ
තව කලක් ගතවුණේ හද සෙනේ වැඩිවුණේ
ආදරෙයි කියවුණේ ඔබ කෝප වී ගියේ
සරදමයි පැරදුමයි එපමණයි හිමිවුණේ

මා කෙරේ ඔබ සිතේ පිළිකුලකි ඇතිවුණේ
දෙනු සමා මා වෙතේ දුක නොමැත මගෙ සිතේ
පැරදුමයි මට හිමී
සමුගමී නැත යළිත් ඔබ නෙතේ මගේ රුව ගැටෙන්නේ

කුස රජා පබවතී දැක එදා පෙම් කළේ
සත් වසක් දුක දරා ජය ඔහුට හිමිවුණේ
ඒ දිරිය මට නැතේ
සමුගමී නැත යළිත් ඔබ නෙතේ මගේ රුව ගැටෙන්නේ

© Kaseera Perera, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

නිසංසලේ ගලා හැලෙන - ශානිකා ශෂීප්‍රියා ද සිල්වා

හරි නිසංසලේ ගලා හැලෙන සෙනහස් ගං දෑළේ
ආදරේ සෙත් පිරිත ඇහෙනව රෑ තුන් යාමේ
ඔබ මගේ වෙලා උපදින හැම භවයක් වාරේ
පෙම් පහන් සිළක් වී දැල්වෙනවද හද මළුවේ

ජීවිතේ දුර්ගයකි සමනොළ ගිරි හිස මානේ
සෙනෙහසේ වාරුවට මට ඔබෙ උරහිස ඕනේ
ආදරේ බත උයා හිනැහෙන රෑ හඳ පානේ
මාවතේ ඇස් තියන් ඉන්නව ගෙට එන ගානේ

සැඩ හිරු කිරණට පිච්චී හිත දැවෙනා වාරේ
ඔබෙ සෙනෙහස සිසිලයි මට මහ නුග රුක වාගේ
අපෙ සමනළ පැටවුන් ඇහැරී හඬනා වේලේ
ගුළි වෙන්නට ඔය ඉසිවර සුව පපුතුර ඕනේ

© Shanika Shashipriya de Silva, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, January 6, 2024

හිරු නැග එනවා - රසික සූරියආරච්චි

හිරු නැග එනවා, හිරු බැස යනවා
ලෝකය කැරකෙනවා
දවසින් දවසට කල් ගත වෙනවා
අප වයසට යනවා

ඉපදුණු දා සිට කළ කී දේ ගැන
දැන් සිතුවට පළ නෑ
ගිලිහුණු අදිටන්
නොලැබුණු දේවල්
නොකෙරුණු යුතුකම්
ගැන දුක් වී පළ නෑ

හෙට දින කෙලෙසක ලිය වී ඇති දැ යි
දන්නා කිසිවෙකු නෑ
යුතුකම් ඉටුකර
බැඳුම් අවම කර
පැතුම් ඉවත් කර
හිටියොත් අවුලක් නෑ

© Rasika Suriyaarachchi, 2024


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

සාරි සරුංගල් - එස්. එම්. ජයසූරිය