මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Saturday, December 13, 2025

අදිටන් නොබිඳේවා - රසිකා ඉඹුල්ගොඩ

අදිටන් නොබිඳේවා, පැතුම් සුන් නොවේවා
ඔබෙ හදවත තුළ මතු දිනයක දී
රන්මල් සුපිපේවා

දිවි මඟ සරුවේවා, යහපත සැලසේවා
සිත තුළ මිරිකෙන ඔබෙ පැතුමන් සැම
හෙට දින ඉටු වේවා

දුක් ගී නොගැයේවා, සුසුමන් නොහැලේවා
ඔබෙ ජීවිතයට අරුණලු රැස් වැද
සහනය එළැඹේවා

සිත සුවපත් වේවා, හදවත සැනසේවා
ජීවිත සටනින් ජය ගන්නට මෙය
සෙත් කවියක් වේවා

© Rasika Imbulgoda, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

No comments:

Post a Comment

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

අදිටන් නොබිඳේවා - රසිකා ඉඹුල්ගොඩ