මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Thursday, December 25, 2025

නිල්වන් අහසේ - රසන්ත චන්ද්‍රසූරිය

නිල්වන් අහසේ පුංචි වලාපෙළ හෙමින් හෙමින් පාවෙන්නේ
නුඹේ සිනා මැද මගේ සිතත් අද අලුත් මගක පියඹන්නේ
අඳුරු වලාකුළු මකා දමා රන්වන් හිරු රැස් විහිදෙන්නේ
නැවුම් පෙමක මිහිරක් විඳිමින් සිත මල් සුවඳක් තැවරෙන්නේ

සුරඟන විලසින හිනැහී
මගේ ලොවට නුඹ ආවා
පෙම් මල් දහසක් පිබිදී
මගෙ හදවත ඇත සුවපත් වී

සිත මුදු සිසිලක දැවටී
දුක, දොම්නස ඇත වියැකී
මිහිරාවියෙ මම සැමදා
රකිනෙමි ඔබ මැණිකක් විලසා

© Rasantha Chandrasuriya, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

No comments:

Post a Comment

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

ඇය මාගේ වස්සානය විය - ගයත්‍රි පෙරේරා