මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Tuesday, December 30, 2025

ඇය මාගේ වස්සානය විය - ගයත්‍රි පෙරේරා

ඇය මාගේ වස්සානය විය
මගේ මල් වසන්තය විය
කාලය දිගු වූ
ආලිංගන රැඟුමක් සේ
සංගීතයක සුවඳක් සේ
මන්මත් කළා මා

හීන මාවත් අතරම තනි වී
සොයන්නෙමී ඈ නිහඬ ව මා

ඇයගේ දෙනෙතේ
සුනීල පැහැයෙන්
සිත්තම් කළා දහවල් නුබ   
කුරුටු සයුරක් මෙන් වූ එහි
ගැඹුරු සෙවනැල්ලක් විය මා

ඇය මට කිසිදා
වෙලා ගන්න බැරී
සුමිහිරි සරයක් වූව ද
හදවත කම්පිත කරමින්
ගලන වෙණ තතක් විය මා

© Gayathi Perera, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

No comments:

Post a Comment

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

ඇය මාගේ වස්සානය විය - ගයත්‍රි පෙරේරා