පෙරුම් පුරා මඟ බලා සිටිය සිත හෙමින් නිහඬව ම තැවෙනවා
නෙතින් ගලා එන කඳුළු ප්‍රවාහය මහද දුක ලොවට කියනවා
මගේ ලොවට පෑයූ ඉරු, සඳු අඳුරු වලාවෙන් වැසුණ දෝ
මියැදුණු ආදර සැමරුම් අතරේ ජීවත් වී මට කුමට දෝ
ගියත් ඔබ මා හැරදමා
තවම මම ඉමි මඟ බලා
එනතුරා ඔබ මා සොයා
යළිත් දිනයක මිහිරියේ
නාය ගිය පෙම් සිහිනයේ
නටඹුන් ය සැමතක ප්‍රියේ
ඔබෙ සුවඳ සැමදා දැනේ
සිටින තුරු මා මේ ලොවේ
© Rasantha Chandrasuriya, 2025මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
No comments:
Post a Comment
මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.