| පිරිමි: | ඈත බලාගෙන ප්‍රියම්බිකාවිය ඔබ මා ගැන ද සිතන්නේ සොඳුරු අතීතෙක නොමියෙන මතකය වළා අතර සැඟවෙන්නේ |
| ගැහැනු: | ඉපදෙන මියැදෙන සිතුවිලි අතරේ කඳුළක් පමණි රැඳෙන්නේ ඔබේ නමින් සැදි අහස් මාළිගා දෙස බලමිනි ළතැවෙන්නේ |
| පිරිමි: | ආදර සැමරුම් ලියා තබන්නම් වළා පොදක දැවටී ඔබ මා දෙතැනක සිර කළ කවිකම් කියවා මතු සැනසෙනු මැනවී |
| ගැහැනු: | සැමරුමකට සීමා කළ නිකැලැල් පුදසුන මල් යයි මැල වී වළා පෙළක ලියැවුණු කවි ගෙත්තම් අසුරු සැණින් යන්නෙද බොඳ වී |
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
No comments:
Post a Comment
මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.