සෙවනැල්ල ඇද වැටේ, හුස්ම ඉගිළෙතේ
ලෝකය දිවයයි රාත්‍රියේ සැඟවී
කෙඳිරිළි හඬ නැත, වැලපෙන හඬ නැත
නිමක් නොමැති නිහැඬියාව පමණයි
ගැඹුරු තුමුල නිහැඬියාව පමණයි
ඉතුරු වී තිබෙන්නේ
කාලය බොඳ වේ, පෑ තැටි වැලපේ
අතීත නටඹුන් මග ඔස්සේ මතක සැරිසරයි
මකුළු දැලක් සේ දිවිය බිඳී යන්නේ
කිසිවෙකුත් නොමැත මෙහි ඒ ගැන වැලපෙන්නේ
ඉදිරිය නොපෙනේ, දසතම අඳුරුයි
ඇත්තේ නිම්නැති බිය ගෙනෙනා රික්තය පමණයි
අවසන් හුස්මෙන් දොරක් වැසීයන්නේ
ජීවයක් තිබුණ තැන දැන් කිසිවක් නැත්තේ
© Rasika Imbulgoda, 2025මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
No comments:
Post a Comment
මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.