"ගී-ලියමු" ගේයපද සංචිතයේ 2022, 2023 සහ 2024 වසරවල දී පළ වූ ගීත අතරින් ප්‍රශස්ත රචනා තෝරා ඒ නිර්මාණකරුවන්ට සහතික පත්‍ර දීමට දැන් කටයුතු සූදානම් කොට ඇත.
මෙහි දී 2022 සහ 2023 දෙවසර එක කාණ්ඩයක් ලෙසට ද, 2024 වසර අනෙක් කාණ්ඩය ලෙසට ද ගෙන ගේයපද අගැයීම් කරනු ලැබිණි. ඒ අනුව, 2022/23 දෙවසරේ දී ගේයපද 55 ක් ද, 2024 වසරේ දී ගේයපද 37 ක් ද ඇගයීමට ලක්කරන ලද අතර මේ සඳහා සත් දෙනෙකුගෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් සහභාගී වූහ.
"ගී-ලියමු" ගේයපද සංචිතය සඳහා ගීත ඉදිරිපත් කළ සියලු රචකයන්ට අපේ ස්තුතිය පුද කරමු. ඔබ විසින් ඉදිරිපත් කොට තිබූ සෑම නිර්මාණයක් ම පාහේ ඇගයීමට ලක්වී තිබුණි.
ඒ අතුරින්, විනිශ්චය මණ්ඩලයේ වැඩි දෙනාගේ පැසසුමට භාජනය වූ ගේයපද පහත සඳහන් වේ.
2022/23: ගේයපද ඇගයීම් අනුපිළිවෙල
1. නිසල සිත් විල - රසික සූරියආරච්චි
2. තරු අහුරු මල් - අනුරුද්ධ වැලිගමගේ
3. සුසුදු ජල බිඳු - දුමින්ද අබේසේකර
4. එක සවසක මා - රසිකා ඉඹුල්ගොඩ
5. ගෙදර වත්තේ - අනුරුද්ධ වැලිගමගේ
6. මංකඩ ළඟ - අනුරුද්ධ වැලිගමගේ
7. ජීවිතයට මද පවනක් - පුෂ්පා සූරියආරච්චි
8. ඇහිපිය යට හීන තියා - අනුරුද්ධ වැලිගමගේ
9. ආදරේ දිවි මඟට - රසිකා ඉඹුල්ගොඩ
10. දෙවැට දිගේ - අනුරුද්ධ වැලිගමගේ
2024: ගේයපද ඇගයීම් අනුපිළිවෙල
1. විසල් අහස යට - රසන්ත චන්ද්‍රසූරිය
2. රෝස කැකුළු - අනුරුද්ධ වැලිගමගේ
3. රොබරෝසියා ගස් - අසිත උදයංග
4. හිත ගාව පෙම් - ශානිකා ශෂීප්‍රියා ද සිල්වා
5. හිරු නැග එනවා - රසික සූරියආරච්චි
6. සිනාවෙනු මිස - රසිකා ඉඹුල්ගොඩ
7. රන් හිරු රැස් - රසන්ත චන්ද්‍රසූරිය
8. රන් හිරු පොළොවට - රසන්ත චන්ද්‍රසූරිය
9. සඳ සිසිල සිත - රසන්ත චන්ද්‍රසූරිය
10. දිවි මඟට ඇවැසිමුත් - රසිකා ඉඹුල්ගොඩ
ස්තුතියි.
හේමාල් ජයවික්‍රම, සම්බන්ධීකාරක,
ගී ලියමු වැඩසටහන, ලේඛක සංසදය
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
ඔබේ ඇගයුමට ස්තූතියි. එය තව තව නිර්මාණ කරන්නට ලැබෙන මහත් දිරියක් . සියළු ජයග්‍රාහකයින්ට සුබ පැතුම්.
ReplyDelete