සව් කරදහි, බට පතුරුයි අරගෙන අපි එදා
වෙසක් කූඩු සෑදූවෙමු සිතේ සතුට සදා
කාර් එකෙන් සුපිරි වෙළඳහළට යමුකො මෙදා
වෙන අය හැදූ කූඩු උජාරුවෙන් ගෙනෙමු මෙදා
මැටි පහනේ තෙල් පුරවා සුදු තිරවැටි යොදා
බුදු තෙමගුල සිහිකෙරුවා පහන් වැටක් සදා
කඩෙන් ගෙනා බකට් තුළට බල්බ් වැලක් දමා
ක්ෂණික වෙසක් සමරන්නෙමු අපි සතුටින් මෙදා
සුදු සරමෙන්, ළමා සාරියෙන් හැඩ වී එදා
අත්තම්මා එක්ක ගිහින් සිල් ගත්තෙමු එදා
විස්කි සමග එළ බයිටක් හපන ගමන් මෙදා
ටීවී රියැලිටි ෂෝ බණ අහමු ද අපි සුදා
ලෑන්ඩ් මාස්ටරේ නැගිල තොරන් බැලුව එදා
වෙසක් මතක තුළින් නැගුණ සතුට ගොඩයි එදා
දන්සැල්, ඔළු බක්කො, ඩිස්කො අපට මොටද මෙදා
ටික් ටොක් කර ගේම් ගහමු සතුට එයයි මෙදා
© Anuruddha Weligamage, 2025මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
No comments:
Post a Comment
මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.