----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Monday, October 18, 2021

ඔබ මට මලකි - ටිකිරි රණවීර

ඔබ මට මලකි මල් කැකුලකි සුවඳ දෙන
ඔබ මට විලකි මඳ නලවැල් හමායන
ඔබ මට සඳකි සඳකැන් දිය සිසිල දෙන
මලණුවෙ නුඹයි මා අත රැඳී මිණි පහන

පහන් තරුව පායාවිත් ඔබ එන බව පවසනවිට
නිම්හිම් නැති සෙනෙහෙ දියත් මෝදුවුණා මගේ ලොවට
සිහින ලොවත් නොනිදි රැයත් පහන් කළෙමි අරුණැල්ලට
දකින තුරා එ රුව දිනෙක තනිවුණු මගෙ පාළු ලොවට

සෙනෙහෙ පුදන්නම් ලෙන්ගතු වෙන්නම්
මවක් විලස කිරි මවක් වෙලා
තනි නොකරන්නම් ඔබ රැකගන්නම්
නිරතුරු ඔබෙ සෙවනැල්ල වෙලා
දිරිය වඩන්නම් අත් නොහරින්නම්
යහමග සරිකර දිලෙන තුරා
මිතුරෙක් වෙන්නම් එක්ව සිටින්නම්
යහගුණ පිරි සොහොයුරිය වෙලා

© Tikiri Ranaweera, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

No comments:

Post a Comment

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ