----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Saturday, October 30, 2021

දුටු දුටු තැන වශී වෙච්ච - චමී හේරත්

දුටු දුටු තැන වශී වෙච්ච - උන් තැන අමතකම වෙච්ච
අරුම පුදුම රුවක් තියෙනවා
තුන් සිත මගෙ හිරි වැටිච්ච - හැඟුම් මගේ අවදි වෙච්ච
සසර පුරුදු බවක් දැනෙනවා

යන එන මං ලුහු බැඳිච්ච - සිව් නෙත් ඉඳහිට ඇලිච්ච
ඈ ළඟ සියොළඟම දැවෙනවා
සිතුවත් සිත් මල පිපිච්ච - කතරට මල් වැසි වැටිච්ච
නුඹ මගෙ කරගන්න හිතෙනවා

හිමින් හිමින් ඉඟි කෙරිච්ච - කට කොනකින් සිනා වෙච්ච
ඈ දැක්කම පුදුම හිතෙනවා
පපුව මගේ නිති ගැහිච්ච - ඈ ළඟ මුනිවත රැකිච්ච
මා ගැන මට ලැජ්ජ හිතෙනවා

වසන්තේ මුල මුණ ගැහිච්ච - කෝල නිසා මඟ ඇරිච්ච
අදටත් ඒ මතක දැවෙනවා
නිතරම මතකෙට එබිච්ච - සිහිනෙන් නිතරම පෙනිච්ච
අදටත් මං ඈව හොයනවා

© Chami Herath, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

2 comments:

  1. හරිම ලස්සනය්.

    ReplyDelete
  2. අපුරු ගී පද නිර්මානයක් හරිම ලස්සනයි

    ReplyDelete

මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

නුඹ ඇවිත් ගිය පසු - සෝමලතා හේරත් මැණිකේ