මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Monday, December 11, 2023

සඳ පළුවක තරු පොකුරක - චන්ද්‍රා ආරච්චිගේ

සඳ පළුවක තරු පොකුරක රැඳී තිබෙන සිසිලස සොඳුරු
හිරු කිරණක සැඩ සුළඟක කිසිදින අපහට දැනේ ද මිතුරු?

සඳ සිසිලස ලැබ රෑ යාමේ කුමුදු පිපෙන්නේ
වන බඹරුන් නැත ඒ කුසුමෙක රොන් අරගන්නේ
එනමුදු ඒ කුමුදු නොමැත සොවින හඬන්නේ

අපෙ ජීවිත නැත සැම විටකම තුටින් පිරෙන්නේ
අටලෝ දහමට අනුවයි සැම දේ කැරකෙන්නේ
ඔබ ලද දේ සතුටු සිතින බාර ගනින්නේ

© Chandra Arachchige, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, December 10, 2023

මංකඩ ළඟ වළිකුකුලන් - අනුරුද්ධ වැලිගමගේ

මංකඩ ළඟ වළිකුකුලන් පේළි සැදීලා
නුබේ නිතඹ පැද්දෙන හැටි බලාන උන්නා - කළු
කුමාරයා දොල ළඟ හැංගී ඇති හන්දා
පරිස්සමෙන් ගෙදර යමන් මගේ ම එතනා

ඔබේ දෙතොල් පාටට උන් පරදින හන්දා
ඉදිච්ච මාදන් ඔක්කොම හැංගිලා උන්නා
හිතේ තියෙන දේ ඔක්කොම කියන්න හිතලා
පෝය හඳක් පායනකම් බලාන උන්නා

කැකිරි හිනා හඬ අස්සේ මූණ ගස්සලා
තොවිල් පොළේ විරාමයේ ඔබෙ බහ ලැබුණා
බෙරයක් කර තියාන මං යන එන හන්දා
මාමණ්ඩී මට මනාප වේවිද මන්දා

© Anuruddha Weligamage, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, December 8, 2023

හිරු උදා වී අඳුර දුරු වී - රසන්ත චන්ද්‍රසූරිය

හිරු උදා වී අඳුර දුරු වී තවත් දවසක් ඇරඹිලා
නුබ ගැබේ සුසිනිඳු වලා කැටි හිරු කිරණ වැද හැඩවෙලා
පෙරනිමිති ඇත මේ ලබන්නේ සුබ දිනක් බව පැවසෙනා
සිතට සැනසුම හදට සිසිලස, ගතට ඉසිඹුව ගෙන දෙනා

උදේ සුපිපෙන සොඳුරු පියුමන් සැඳෑවේ මිලිනව යතේ
ආදරෙන් බැඳි හදවතක් වුව දිනෙක දුක් සුසුමෙන් පිරේ
සිතක පිළිසිඳි පැතුම් සුන් වී සිහින සැම බොඳ වී ගියත්
හඬනු ලතැවෙනු කුමට දෝ ලොව ධර්මතාවය එලෙස නම්?

මා ඔබේ දෙස බලන මොහොතක ලැබෙනු ඇත අද සොඳුරු බැල්මක්
මුතු දසන්, රත් ලවන් මැදිකොට පෙනෙනු ඇත පියකරු සිනාවක්
සවන මී පැනි සේ දැනෙන්නට ලැබෙනු ඇත පිය තෙපුල් වදනක්
වසන්තයෙ පෙර නිමිති අභියස ලැබෙනු ඇත කඳුළට නිමාවක්

© Rasantha Chandrasuriya, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, December 6, 2023

හිරු වරම් දුන්නදෝ - චන්ද්‍රා ආරච්චිගේ

හිරු වරම් දුන්නදෝ ඔබහට
හිරු සේම ලොව එළිය කරනට
සඳ වරම් දුන්නදෝ ඔබහට
සඳ සේම ලොව සිසිල සදනට

ලොවක් හිරු නැති, ලොවක් සඳු නැති නැත උදාවෙන්නේ
ඔබෙ එළිය නැති, ඔබෙ සිසිල නැති දිනක් නොම එන්නේ
ඔබ පමණි මට ඉන්නේ

නුදුරු දිනයක ඔබේ අතගෙන අලුත් ලොවකට පිවිසෙමී
සදාකල් හිරු සඳු පරිද්දෙන් මිහිරියේ ඔබ රැකගමී
මම සදා සුරකිමී

© Chandra Arachchige, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

එදා වෙලේ අතවනාපු - අනුරුද්ධ වැලිගමගේ

එදා වෙලේ අතවනාපු
රුව තාමත් මැවෙනවා
ඒ මුහුණේ රැඳි සිනහව
හිතේ ඇඳිලා තියෙනවා

අපි පොඩිවුන් කාලෙ ඉඳන්
දං වාරෙට ලන්ද දිගේ
සුදු චූටියෙ මතක නැද්ද
අත්වැල් බැඳ දුවනවා

කුඹුරෙ හේනෙ වැඩ කරනා
වයිවාරන්න නැති මේ මට
සිදාදියට ගිය චූටියෙ
නුඹ ඔච්චම් කරනවා

© Anuruddha Weligamage, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, December 5, 2023

සුසුදු ජල බිඳු - දුමින්ද අබේසේකර

සුසුදු ජල බිඳු විසිරි විසිරී රහස් කොඳුරයි සැලි සැලී
මුහුදු මායිම නිසංසල වී අසිරි දෙයි නිති මුතු රැළී
සුමුදු මඳනල ගයයි පෙම් ගී තාලෙ අනුවම නැළවිලී
නමුදු සොඳුරිය නොමැත බාධා දැනෙයි සැනසුම් සිතුවිලී

දෑස පියවෙන සෑම මොහොතෙම සිහින රඳවපු හුරතලී
මාස සති දින බලා සිටි ඒ දිනය මෙයමයි සැනසිලී
ආසමයි නුඹෙ තුරුලෙ උණුහුම විඳින්නට රන් සමනලී
රෝස මල්පෙති සුවය පරදයි දැනෙන හැඟුමන් සියුමැලී

හිතින් හිතකට සෙනෙහෙ තැවරී පැහැය ගලනව දිලි දිලී
නෙතින් නෙතකට සතුටු කඳුළක් පිබිදිලා කොපුලක වෙළී
අතින් අත ගත් වාසනාවට වැටෙයි මල් වැහි සිලි සිලී
ඉතින් තනිවෙමු අපේ ලෝකෙක බිනර මහ අපටයි මලී

© Duminda Abeysekara, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.

ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, December 4, 2023

වසක් රසක් - දුමින්ද අබේසේකර

වසක් රසක්, රසක් වසක් හැඟුමන් ගත දැනී
වරක් දෙකක් නොව නිතරම සතුටට නතු වුණී
බියක් සැකක් වළලාගෙන හැම දෙනා ම පනී
තැනක් ඉඩක් අදාළ ම ද ඇවිළෙන්නට ගිනී?

සිසිල් වෙමින් සැනසෙන්නට ආවත් සුව දැනී
ඇසිල්ලකින් ඇවිළෙනවා නවතනු බැරි ගිනී
දුසිල් ලෙසින් අනුනට කිව් සුදනුන් වැනි වැනී
විසිල් දෙමින් බල්ටි ගසා වැට කඩුලුත් පනී

ඇති වී නැති වෙන බව නම් සොබාදහම දනී
සති යහපත් කරගත්තත් යටි හිත පිමි පනී
ගති දුරලනු බැහැ කැරකී එයි ආශා පැනී
හති වැටෙනා තුරු පිච්චෙන සැපතක් ම ද ගිනී

© Duminda Abeysekara, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, November 29, 2023

ගෙදර වත්තේ - අනුරුද්ධ වැලිගමගේ

ගෙදර වත්තේ තිබුණු ගස් ටික
කපා ගෙමිදුල ඉන්ටලොක් කර
කඩෙන් ගෙනැවිත් පාට මල් පැල
ආයෙ වත්ත ම හදනවා
ජීවිතය අපි හොයනවා

අම්ම අප්පා යවා ගෙදරින්
බෙදා වැඩිහිටි නිවාසෙට දන්
සෙල්ෆි දහසක් ගහනවා
ෆේස්බුක් හැඩ කරනවා
ජීවිතය අපි හොයනවා

කප කපා දිගු සේද වරලස
වෙනස් කර කර ඇගේ ඇහිබැම
නේක නම් ඇති ක්‍රීම් උල උල
මූණෙ ලස්සන හොයනවා
ජීවිතය අපි හොයනවා

පසෙක ලා අප සරල දිවි පෙත
බදාගෙන සංකර සිරිත් රැස
බිසි ය කිය කිය රෑ දවාලේ
සල්ලි පොදි මිටි බඳිනවා
නිමා නැති තරගයක් මැද්දේ
ජීවිතය අපි හොයනවා
අපට අප මගහැරෙනවා

© Anuruddha Weligamage

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, November 28, 2023

තරු අහුරු මල් පිපුණු - අනුරුද්ධ වැලිගමගේ

තරු අහුරු මල් පිපුණු ඉඟි මරන රෑ අහස
සඳ නැතුව පාළුවෙන් කියන් ඉන්නේ කෝම
පාළුවක් දැනුනොතින් කියන්නට බැරි සේම
මගේ හද ගොළුවෙලා පැතුම් වැහි නෑ බෝම

දේදුන්න පායලා එළිය කරනා සේ ම
බලා ඉමි පාළුවෙන් එනතුරා සඳ සේ ම
ඈත නොවුණත් දුරින් ළගින් මගේ නෙතු මාන
හිත රිදෙනවා දකින තුරු ඔබේ සුදු මූණ

මේ රැයට හෙට උදේ මහ දුරක් නොවුණාට
දැනෙනවා ඒක මහ කල්පයක් වාගේ ම
මල් පාර අද්දරම හොඳට හෙවණක් තියෙන
ගහ ගාව ඉන්නවා මගේ සඳ එන තුරු ම

© Anuruddha Weligamage, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ඉඩක් ලද ඇසිල්ලෙක - අනුරුද්ධ වැලිගමගේ

ඉඩක් ලද ඇසිල්ලෙක සඳත් වෙන තුරුල්ලක
අළුපාට හැන්දෑව මවනවා දුක හිතෙන
පමාවට කාරණා හොය හොයා හිත තවන
සඳ කුමරි පමාවන අඳුරු රැය අප දකින

හාවාට ආවාට විදු නැණින් කිව්වාට
දකින සොමි සඳේ නම් මිහිර නෑ තව අඩුව
අටවකින්, පුරවකට බිඳෙන් බිඳ එළිය වන
මවන ඒ අම මිහිර කියන්නේ මං කොහොම

තරු රටා මව මවා ජීවිතය එළිය දෙන
සිතුම් පෙළ රටාවට පැදුරු මිටි වියනව ද?
ග්‍රහයින්ගේ ගමන් මග ඉර වෙතින් දුරස් කොට
විටින් විට ගෙනෙනවා අපල, ගුරු, ශනි දෝෂ

© Anuruddha Weligamage, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, November 6, 2023

මවගෙ පයෝධර - ආනන්ද දියුණුගල

මවගෙ පයෝධර පහස නොලද දියණී
නැළවිලි ගීයක මිහිර නොලද දියණී

කුස පුරවාගෙන ලුණු කැඳ වතුරෙන්
අත්තම්මාගේ තුරුලට වීලා
රැහැයි හඬට කන් දී නිදියාපන්
මවක් ඇතත් මව් සෙනෙහෙ නොලද දියණී

අප්පා නුඹගේ කොයි කවුරුන් දෝ
අම්මා කොතැනක ගොස් සැඟවුණි දෝ
ළය තෙත්වන්නේ කොයි කාගේ දෝ
නුඹගේ නෑයා මං විතරයි දෝ

© Ananda Diunugala, 2003
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, October 28, 2023

ඇසක කඳුළක - රසික සූරියආරච්චි

ඇසක කඳුළක, හදක සුසුමක, සිතක ඉකියක,
දුක දැනෙන්නේ වෙනත් දුක්බර ඇසකටයි,
වෙන හදකටයි, වෙන සිතකටයි
මගේ කඳුළක, මගේ සුසුමක, මගේ ඉකියක,
දුක නොතේරෙන ඔබේ සෙනෙහස අකැපමයි,
මට අකැපමයි, මට අකැපමයි

දිවා රෑ ඇඳි සිහින සිතුවම් බොඳවුණී
මහා සයුරේ කුණාටුව මැද තනිවුණී
සදා මා ළඟ ඉඳිමි කිව් ඔබ නික්මුණී
එදා සිට මම ඔබේ හදවත හඳුණමී
එදා සිට මම හඳුණමී

දුකින් පිරි ඒ සමය ගැන අද නොතැවෙමී
සිතේ නලියන සිතුම් ගොන්නේ කිමිදෙමී
හදේ ඉපදෙන වසන්තයෙ තනු මුමුණමී
උදෑසන පිපි නේක මල් දැක හිනැහෙමී
එමල් සුවඳින් සැනසෙමී

© Rasika Suriyaarachchi, 2023
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, October 25, 2023

ආනන්ද තෙරණුනේ - ආනන්ද දියුණුගල

ආනන්ද තෙරණුනේ
පවසන්න මට අනේ
කෙලෙසක මෙවන්
දහම් කඳක් රඳවා තැබුවේ?

පත්ඉරු, තල්පත් තිබිල ද?
සෙල්ලිපි, වැලිපිල් තිබිල ද?
මුඛ පෙළපත තුලින් මෙලෙස
රැඳුණේ කෙලෙස ද කියන්න
අනේ තෙරණුනේ!

අප සිරිලක බබලවන්න
මිහිඳු හිමිට රැගෙන එන්න
සුවාසු දහසක් දම් කඳ
රැකුණේ කෙලෙසද කියන්න
අනේ තෙරණුනේ!

© Ananda Diunugala, 2003

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, October 24, 2023

එල් නීන්‍යෝ, ලා නීන්‍යා - රමණී ප්‍රියන්තා වීරසේකර

කපා වන පෙත්, තනා මංපෙත්
මහා මන්දිර ගොඩනගා
ඔබේ දරුවන් සිනාසෙන හැටි
සදාකාලික සැප සොයා
මෑණියනි ඔබ බලා සිටියා
මිහිමඬල මුව දොර අයා
එල් නීන්‍යෝ, ලා නීන්‍යා

දවා ගල් අඟුරු නගා දුම් රොටු
සිහින ලෝකය කැඳවලා
සීත කඳු මත අයිස් කවරය
ගලා හැලෙනා හැටි බලා
ඈත හිමයේ වලස් කැල දැන්
අනේ ඇත වල්මත් වෙලා
පියාණෙනි ඔබ සුසුම් හෙලුවා
අහස්කුස ඈතට වෙලා
එල් නීන්‍යෝ ලා නීන්‍යා

ලඳු කැලෑ වඳවෙලා දැන් ඇත
කාන්තාරය වැඩිවෙලා
කඳු කැඩී දිය ගලා දැන් ඇත
යටවෙලා අප මිහිතලා
අනේ දරුවනි රජවෙලා ඇත ඔබේ ලෝකයේ
එල් නීන්‍යෝ, ලා නීන්‍යා ලා

© Ramani Priyantha Weerasekara, 2023
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, October 8, 2023

ගී ලියමු අඩවියේ පළ වූ නිර්මාණ ඇගයීම

ගී ලියමු අඩවිය සඳහා නිර්මාණ දායකත්වය සැපයූ ගේයපද රචකයන් වෙත ආදරයෙනි,

නිව් සවුත් වේල්ස්හි සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය මගින් පවත්වාගෙන යනු ලබන "ගී ලියමු" ගේයපද සංචිතයයේ 2020 සහ 2021 වර්ෂ ද්වයේ පළ වූ ඔබ විසින් ලියන ලද ගී පදමාලා දැන් ඇගයීමකට ලක්කොට ඇති බව සතුටින් දැනුම් දෙමු.

කලා සාහිත්‍ය ක්ෂේත්‍රයේ දැනුම සහිත දස දෙනෙකු වූ ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගයීම් කොට ඇති මෙම ගීත, එක් වසරක් සඳහා දහය (10) බැගින් ශ්‍රේණිගත කොට නුදුරු කාලයේ දී ඔබ වෙත දන්වා, ගී ලියමු වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කිරීමට අදහස් කරමු.

හේමාල් ජයවික්‍රම,
සම්බන්ධීකාරක, "ගී ලියමු" වැඩසටහන
නිව් සවුත් වේල්ස්හි සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, October 6, 2023

එදා අසන්නට නොහැකිවු - රූපිකා ද සිල්වා

එදා අසන්නට නොහැකිවු එකමෙක පැනයට
අද තාමත් හොයනව මං පිළිතුර නොදැනම
චන්ද කින්නරී කවුදැයි ඔබ ළඟ දැවටුණ
සඳ කිඳුරෝ කියනවා ද ඔබ මට දුන් තැන?

පේළි පේළි ළඟට ඇවිත් ගිය මගකුත් නැති
හීන් හඬින් ගී මිමිණූ තව කිඳුරියො ඇති
ඒ පේළියෙ මම හිටියේ ඈතම වෙන්නැති
ළං වෙන්නට දුර හින්දා නොකියම යන්නැති

පාරමිතාවන් පුරන්න මා විතරක් මදි
සඳගිරි පව්වයි මේ සිත ඔබ සැමදා හිඳි
කිඳුරු පෙමට වඩා පෙමක් තවමත් දන්නැති
සසර මගක කොතැනක හෝ දුටුවොත් මට ඇති

© Rupika de Silva, 2023
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

වලා බැම්ම පහුකර - රූපිකා ද සිල්වා

වලා බැම්ම පහුකර මම හැමදාමත් යනවා
මං නොබැලූ ඒ පෙරහැර මතකය රිදවනවා
පමාවුණේ මං ම නේද මට තහංචි පනවා
එන ඇහැළක් ආවේ නැහැ සැමදා හිත දනවා

හැමදාමත් අලුත් වෙලා පෙරහැර එන ගානේ
හිත ළඟ සිටි අයියණ්ඩියෙ එය සිහිවෙනවා නේ
පමාවෙලා මට ඇහිලා ඒ හඬ රෑ පානේ
මං එන විට පෙරහැර ගොස් කවුරුවත් ම නෑ නේ

සෙංකඩගල දැන් වැහිමල් එදා වගේ නැතුවට
චිරි චිරි හඬ මඩ වතුරේ මට ගානක් නැතිවට
කඳු යා කර නුවර මැවුණ දේදුන්නත් මැකුණට
හිත ඇතුලෙන් මං යනවා මට නොආව ඇහැළට

ඔය තරමට ආඩම්බර රන්දෝලිය හින්ද දෝ?
බර අඩි තිය තිය යන්නට ඉගැන්නුවේ කවුරු දෝ?
සැහැල්ලුවෙන් සිටි ඒ සිත කොහේ කොහොම වැටුණ දෝ?
පසුකර ආ දුර, කාලය එය අරගෙන ගියා දෝ?

තවමත් මං එදා හිටිය නුවර ළමා ම යි හිතින්
ඒත් අඬන්නට වාගෙ ම නාඬන්නත් දනිමි දැන්
හිතක් නැතිව කිමද බලා මේ පෙරහැර නෙත් වලින්?
මං නැතිවට හැමදාමත් ඒ පෙරහැර ගියාදෙන්!

© Rupika de Silva, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

එකම එක කවියකුත් - රූපිකා ද සිල්වා

එකම එක කවියකුත් නොදන්නා ඒ කාලෙ
කවි දහක් ලියන්නට අරුත් දුන්නේ ඔබයි
වලාකුළු, දේදුනුත් ඒ තරම් ලස්සනයි
ඇත්තමයි, මට හිතුණෙ ඔබ ආව නිසාමයි

සමුනොදී සමුගත්‍ත අලු පාට සැඳෑවක
ක්ෂිතිජයේ කොහේදෝ සැඟව ගිය ඒ කවිය
උදම්‍ රළ සතක් මැද පද බිඳුණ මගෙ කවිය
සොයාලා දෙනවා ද, දුටුවා ද රැළි අතර?

සසර මග දිනක දී අරගෙනම තව හීන
විශ්වයේ කොහේ හෝ මට පෙනෙන කොදෙව්වක
තරු එළිය මග කියයි පුරුදු සේ ඔබ එන්න
පද අතර ඇති අරුත් මුදු සරින් මුමුනන්න

© Rupika de Silva, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, September 22, 2023

සඳ එළිය වැටී - අමිතා පද්මකුමාරි

සඳ එළිය වැටී
වැව් දියෙහි ගැටී
රූ මවන සැටී
දැක තුටින් සිටී

මඳ සුළං රැළී
තුරුපත් ද සැලී
මල් සුවඳ වෙළී
හද මිහිරෙ ඇලී

පෙන බුබුළු සැදී
වැව් දියෙහි බිඳී
සිත දැහැන් වැදී
මුළු ලොවින් මිදී

© Amitha Padmakumari, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, August 18, 2023

මා හැදු මගෙ අම්මා, ඔබ සුවපත් වේවා - පූජ්‍ය කුඩාගල කෝවිද

දෙනුවන් පිනවා දෙසවන් සනසා
දිව කට පිනවා මුළු ගත පිරිමැද
අත පය නොකඩා මා හැදු අම්මා
සුවපත් වේවා මා හැදු මගෙ අම්මා

ලේ කිරි කරලා මා හට පොවලා
රස මුසු භෝජන මා හට කවලා
ගත සිත සනසා මා හැදු අම්මා
සුවපත් වේවා මා හැදු මගෙ අම්මා

වැඩ පල කරලා දිවරෑ නොබලා
සෙනෙහස පුදලා හිස පිරිමැදලා
හොඳ මඟ යවලා මා හැදු අම්මා
සුවපත් වේවා මා හැදු මගෙ අම්මා

මේ පදමාලාව දැන් ගීතයක් ලෙස නිර්මාණය වී ඇත.

රචනය: පූජ්‍ය කුඩාගල කෝවිද හිමි
ගායනය: දහම් රත්නායක සහ දැහැමි රත්නායක
තනුව : හේමාල් ජයවික්‍රම
සංගීතය: අමිල එම්. වික්‍රමසිංහ

දොහොරා:
මා හැදු මගෙ අම්මා, ඔබ සුවපත් වේවා

දෙනුවන් පිනවා දෙසවන් සනසා
දිව කට පිනවා මුළු ගත පිරිමැද
අත පය නොකඩා මා හැදු අම්මා
සුවපත් වේවා, මා හැදු මගෙ අම්මා

ලේ කිරි කරලා මා හට පොවලා
රස මුසු භෝජන මා හට කවලා
ගත සිත සනසා මා හැදු අම්මා
සුවපත් වේවා මා හැදු මගෙ අම්මා

වැඩ පල කරලා දිව රෑ නොබලා
සෙනෙහස පුදලා හිස පිරිමැදලා
හොඳ මඟ යවලා මා හැදු අම්මා
සුවපත් වේවා මා හැදු මගෙ අම්මා

දෙනුවන් පිනවා දෙසවන් සනසා
දිව කට පිනවා මුළු ගත පිරිමැද
අත පය නොකඩා මා හැදු අම්මා
සුවපත් වේවා මා හැදු මගෙ අම්මා
මා හැදු මගෙ අම්මා
මා හැදු මගෙ අම්මා

ගීය අසන්න.

© Rev Kudagala Kovida, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, May 5, 2023

බිඳ දා කෙලෙස් මර සේනා - සුභාෂිණී ජයතිලක

බිඳ දා කෙලෙස් මර සේනා
ලෝ සතුන් හට මග කියූ
ගෝතම මුනින්දා තිලොවට ගුරු වූ
නිදුකාණෙනි, අප බුදු පියාණෙනි

අසරණයි මේ කටුක දිගු ගමනේ
නොපෙනෙනා ඉම සසර දිය ගැඹරේ
මහා කරුණා සමාපත් වැද
මෙත් සිතින් අප දෙස බලා
පිහිට වනු මැන පියාණෙනි, නිදුකාණෙනි!

තුන් සරණමයි සරණ මේ භවයේ
බවුන් වඩනෙමි විරිය ගෙන නිසි සේ
සඳේ සිසිලැල් සොමි කැලුම් දී
බැබළෙනා මේ වෙසක් පෝ දා
පිහිට වනු මැන පියාණෙනි, නිදුකාණෙනි!

© Subhashini Jayathilaka, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, April 20, 2023

යාළුවෝ - ආරියදාස විදානපතිරන

වටිනා ම ඒ කාලෙ ඉස්කෝලෙ මතකේ පැරැණි යාළුවෝ
එක වාගෙ හැම දාම කැපවීම තිබුණේ මුල්ම යාළුවෝ

එන සෑම හොඳ නොහොඳ එකසේ දරා හිටපු යාළුවෝ
දිගු කාලයක් ජීවිතේ සබැඳුණේ එවැනි යාළුවෝ

දැන් කාලෙ මුණගැසෙන මිතුරන් පවා ගෙනෙන හාදකම්
කල්යෑම නිතැතින්ම මතුවේවි ගුණවත් සුහද හාදකම්

නොසැලීම, නොබිඳීම, දිවි මාවතේ නිබඳ යාළුකම්
නොනැසීම සදහටම පවතිනු ඇතේ පැරැණි යාළුකම්

© ආරියදාස විදානපතිරන, 2023

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, November 17, 2022

දෙවැට දිගේ - අනුරුද්ධ වැලිගමගේ

දෙවැට දිගේ වතුසුදු මල් පිපිලා
පාර දිගට මල් වරුසා වැහැලා
හිනැහෙන හිරු හා ඔච්චම් කර එන
ගමනට මල් මල් පාවඩ එලුවා

සිනා මලක් තොල්පෙති මත රන්දා
නීල නුවන් දෙකොනින් හැඩ ගන්වා
නගේ නුඹ එදා රහසක් කීවා
මුවින් එකදු වදනක් හෝ නොදොඩා

සිත්තම් පුවරුව මගෙ හිත කියවා
පාට පාට පැන්සල් රූ මැවුවා
සිතුවම ඇතුළේ සැඟවුණු ඒ රුව
හිතේ තියෙන හැම දෙයක් ම ඇහුවා

© Anuruddha Weligamage, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, September 29, 2022

සමිඳුනී බුදු සමිඳුනී - එඩ්වින් පේමජයන්ත විතානගේ

සමිඳුනී, බුදු සමිඳුනී
මගේ සිත නතරවෙලා
තෙරුවන් ළඟ නතරවෙලා

ඔබ මොබ ඇවිදින වල්මත් වුණු සිත
ඇදී ඇදී විහිදී ගිය ඒ සිත
නිසලවෙලා
මටම අකීකරු මගේ ම සිත අද
නිසලවෙලා

භාවනාවකට අරමුණු නැති සිත
එක්තැන් කෙරුමට අපහසු වූ සිත
අරුම පුදුම ලෙස නිසලවෙලා

ඉහත පදමාලාව දැන් ගීයක් ලෙස නිර්මාණය වී ඇත.

ගේයපද: එඩ්වින් පේමජයන්ත විතානගේ
තනු නිර්මාණය සහ සංගීතය: හේමාල් ජයවික්‍රම
ගායනය: හේමාල් ජයවික්‍රම

ආ, ආ, ආ

සමීඳුනී, බුදු සමීඳුනී
සමීඳුනී, බුදු සමීඳුනී
මගේ සිත නතරවෙලා
තෙරුවන් ළඟ නතරවෙලා, නතරවෙලා
සමීඳුනී

ඔබ මොබ ඇවිදින වල්මත් වූ සිත
ඇදී ඇදී විහිදී ගිය ඒ සිත
ඇදී ඇදී විහිදී ගිය ඒ සිත
නිසලවෙලා
මට ම අකීකරු, මට ම අකීකරු මගේ ම සිත අද
මට ම අකීකරු, මගේ ම සිත අද
නිසලවෙලා
සමීඳුනී

භාවනාවකට අරමුණු නැති සිත
භාවනාවකට අරමුණු නැති සිත
එක්තැන් කෙරුමට අපහසු වූ සිත
එක්තැන් කෙරුමට අපහසු වූ සිත
අරුම පුදුම ලෙස නිසලවෙලා

සමීඳුනී, බුදු සමීඳුනී
සමීඳුනී, බුදු සමීඳුනී
මගේ සිත නතරවෙලා
තෙරුවන් ළඟ නතරවෙලා, නතරවෙලා
නතරවෙලා, සිත නතරවෙලා
ගීතය අසන්න:

© Edwin Pemajayantha Withanage, 2022

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, August 7, 2022

අරගලයේ යශෝරාවය - ටිකිරි රණවීර

ජන අභිමන වනසාලන, නොමිනිස්කම් පතුරාලන
රට විකුණා බුදින අමන, දුසිරිත් පිරි පාලකයින්
පළවා හැර පෙරමඟ ගෙන තරුණ ජවය, පිරි විරුවන්
යදම් බිඳියි රට සුරකියි, බලව් දිනෙක ඒ විකුමන්

රන් ඔටුන්නක් පළඳ වන්නට, දුන්නෙ බලතල පෙරදිනේ
නමුදු ධනබල ජාති කුලමල, වැපුරුවේ ජන ජිවිතේ
සිව්හෙළේ රට බෙදා වෙන්කළ, අයුරු මතක ද පෙර කලේ
හුස්ම දී රට ගොඩනගන්නට, රොද බඳිමු අපි මිහිතලේ

එකා එකපිට එකා වැටුණ ද, පෙන්වමුය අපෙ ජනබලේ
නව ලොවක ජය කෙහෙළි නංවන, ඉරක් පායයි මතු දිනේ
මිනිස් බල මුළු වීදියට විත්, පවුරු බඳිනා හෙට දිනේ
තුන්හෙළේ හෙට දවස වෙනුවෙන්, අපිත් එක්වෙමු හන්දියේ

© Tikiri Ranaweera, 2022

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, May 24, 2022

හිරු අවරට බැස - ආරියදාස විදානපතිරන

හිරු අවරට බැස ඇති බව පෙනෙනව
මා පිටුපස දිග් වූ හෙවනැල්ලක්
කළුවර වෙන්නට ළඟ බව දැනෙනව
යාන්තමට පෙනෙනා හෙවනැල්ලක්

ජීවන ගමනේ සැඳෑ කාලයයි
මතකය පමණක් සිතට මැවී එයි
නිදහස් සිතුවිලි එක එක මතුවෙයි
සැනසුම් සුසුමක් ගෙනෙනා සිසිලයි

පොඩි පොඩි තරු එක දෙක හිස් අහසේ
නිවි නිවි යළි එළි මතුවෙයි නිසිසේ
තනිකම තනිවෙයි නිහඬයි දසතේ
නිසසල රැයකට පිවිසෙන මොහොතේ

© Ariyadasa Vidanapathirana, 2022

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, January 27, 2022

සරසවිය කුසුමින් වැසී - ෂ්‍යාම් රත්නායක

සරසවිය කුසුමින් වැසී
යව්වනේ තුසිතය මැවී
එදා සුව දුන් මහවැලි නදී
අසන්නී ඔබ කොහි ගියේ

තුරුලතා මල් පිපී හැඩ වී
මනාලියක වෙස් අරන්
රඟයි ඔබ ගිය අයුරු සිහිකර
පෙළා මා සිත සරදමින්

හන්තානෙන් හමන නල රැල්ලේ
ඔබේ සුවඳයි තාම තැවරෙන්නේ
නිමා වූ සිව් වසරේ පෙම් හීනේ
උල්පතයි නෙත් පොඟන ළතැවිල්ලේ

ඉහත පදමාලාව දැන් ගීයක් ලෙස නිර්මාණය වී ඇත.

තනුව හා ගායනය: හේමාල් ජයවික්‍රම
රචනය: ශ්‍යාම් රත්නායක
සංගීතය: අමිල එම්. වික්‍රමසිංහ

සරසවිය කුසුමින් වැසී
යව්වනේ තුසිතය මැවී, හ්ම්...
සිසිල සැදූ ඒ මහවැලි නදී
අසන්නී, ඔබ කොහී ගියේ

හන්තානෙන් හමන නල රැල්ලේ
ඔබේ සුවඳයි තාම තැවරෙන්නේ
නිමා වු සිව් වසරේ පෙම් හීනේ
උල්පතයි හද දවන ළතැවිල්ලේ
උල්පතයි හද දවන ළතැවිල්ලේ

තුරුලතා මල් පිපී හැඩ වී
මනාලියක වෙස් අරන්
රඟයි ඔබ ගිය අයුරු සිහිකර
පෙළා මා සිත සරදමින්

සරසවිය කුසුමින් වැසී
යව්වනේ තුසිතය මැවී, හ්ම්...
සිසිල සැදූ ඒ මහවැලි නදී
අසන්නී, ඔබ කොහී ගියේ
අසන්නී, ඔබ කොහී ගියේ
අසන්නී, ඔබ කොහී ගියේ
අසන්නී, ඔබ කොහී ගියේ

ගීය අසන්න:

© Shyam Ratnayake, 2022

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, January 17, 2022

මා පෙම් කළ - සුමිත් නිශ්ශංක

මා පෙම් කළ ඒ මගේ කුමාරිය
මනාලියක වී යන දිනයේ
කඳුළැලි සඟවා බලා හිඳිමි මම
මගේ සිහින මියැදෙන අතරේ

නිල්වන් දෑසින් හිනැහුණ දා සඳ
මතකයි පෙර දින මා තුරුලේ
අමාවකයි අද මගෙ මුළු දිවියම
ඒ සඳ නෑ පායනු පෙරසේ

අහිමිව ගිය මුත් පැතු ඒ පැතුමන්
කුණාටුවක ගිලෙනා විලසේ
පහන්ටැඹක් සේ බලා හිඳිමි මම
හමුවෙමු මතු උපදින සසරේ

© Sumith Nishshanka, 2022

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, January 6, 2022

හිනැහෙන් දිලී නයනාවියේ - ෂ්‍යාම් රත්නායක

හිනැහෙන් දිලී නයනාවියේ
දිය රැල් ලෙසේ හසරැල් ඔබේ
මේ නිල් විලේ කුසුමන් පිරී
දෙකොපුල් සුළී දෙනුවන් මිණී
හිනැහෙන් දිලී නයනාවියේ

ඔසරියෙ පොටේ අහසේ ඇදී
මල් පවන කිමදෝ මේ හබේ
වරලස ඇගේ සුළඟේ සැලේ
විල් සුළඟ ඇයි දඟකම් මෙසේ

ඇස් නැලවිලා මොනවද කියයි
ඇගෙ මුහුණෙ රංගන පෙළහැරයි
සේයාව ඇගෙ දිස්වේ දියේ
මානෙල් නෙළුම් විළියෙන් සැලේ

ඇගෙ සිහිනි ඉඟ සැලි දෝලනේ
සමනලුන් සේ නෙරියේ රැලී
රන්දම් ගෙලේ තිසරුන් සොයයි
තවුසන් කෙසේ කවියන් කළේ

© Shyam Ratnayake, 2022

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, January 5, 2022

ගුරු තරුව - ටිකිරි රණවීර

ගුරු තරුව!
විසල් ලතාවෙක අරුණට විකසිත
සුපිපුණ කුසුමන් දැයට තිළිණ කළ
යොවුන් රුසිරු සිරි සෙවණැලි අතරට
සුවය සදාදෙන ඉසිවර අසපුව

ගුරු තරුව!
නුවණ සල, නිරතුරුව පුබුදු කළ ඔබ!
රඟ මඬල, නදීතෙර, විපුල සරු කලා කෙත
යුග නයන වසඟ කළ මලින් පිරි තුරු ලතා
හන්තාන අරණ තුළ මැවූ ප්‍රිය දසුන ඔබ!

දුරස්වන අතීතයෙ ශේෂ ඉතිරිව ඇතත්
යාද බොඳවී මැකී මතක සිතිවිලි තුළින්
දරා ගත් හදවතින් යාද ගිලිහී සැණින්
පතමු තව එක්වරක් දකිනු රිසියෙන් යළිත්
ගුරු තරුව!

© Tikiri Ranaweera, 2022
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, November 10, 2021

වසත් සමයක අවසනේ - රසිකා ඉඹුල්ගොඩ

වසත් සමයක අවසනේ
කුරිරු ගිම්හානයේ
රුදුරු රකුසා දත් විදා විත්
පිපුණු මල් පෙති මිලින කරනා සේ
පෙර දිනක මට පිදූ සෙනෙහස
ඉවතලා ඇවිදින්
සිතේ ඉතිරිව තිබුණ ජීවය
උරා බිව්වේ ඇයි
ඔබ උරා බිව්වේ ඇයි

දරාගන්නට බැරුව ඒ දුක
මගේ නෙත කඳුළැලි සලද්දී
දා බින්දු පිසගන්න යැයි
සරදමින් පවසා
සිනා පෑවේ ඇයි
ඔබ සිනා පෑවේ ඇයි

මට එපා ඔබ මට එපා
මෙලොව වසනා තුරා
සසර ගෙවෙනා තුරා
මට එපා ඔබ මට එපා

වසන්තය නැත සදාකාලික
දැන සිටිය මුත් මා එදා සිට
ඔබ ගෙනා ගිම්හානයේ දුක
යළිත් හෙට දින විඳින්නට මට
අවැසි නෑ, අවැසි නෑ

මේ ලොවේ මා සැඟව ඉන්නේ
කොහේදැයි ඔබ සොයා පල නැත
නැවත ඔබ රුව දකින්නටවත්
සිතේ පිරියක් නෑ

© Rasika Imbulgoda, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, November 3, 2021

දුටු දුටුවන් මන බන්දන - චමී හේරත්

දුටු දුටුවන් මන බන්දන
සිත් කලඹන මගෙ දේවී
නෙත් සනහන රූ නන්දන
සොඳුරු හැඟුම් ගෙන දේවී

අඟර දඟර ඉඟිබිඟි පා
ආදරයෙන් සනසාවී
මිහිරි සිනා කවට බසින්
මගේ දිවියම සරසාවී

දොඩමළු වී හුරතලයෙන්
මා අසලම දැවටේවී
යන එන මං ගමන් බිමන්
නිතර මගෙන් විමසාවී

අන් අඟනක් වැරදීමෙන්
බැලුවොත් ඈ නඩුකාරී
ඇතුවත් බැරි නැතුවත් බැරි
මගේ ආදර වදකාරී

© Chami Herath, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, October 30, 2021

දුටු දුටු තැන වශී වෙච්ච - චමී හේරත්

දුටු දුටු තැන වශී වෙච්ච - උන් තැන අමතකම වෙච්ච
අරුම පුදුම රුවක් තියෙනවා
තුන් සිත මගෙ හිරි වැටිච්ච - හැඟුම් මගේ අවදි වෙච්ච
සසර පුරුදු බවක් දැනෙනවා

යන එන මං ලුහු බැඳිච්ච - සිව් නෙත් ඉඳහිට ඇලිච්ච
ඈ ළඟ සියොළඟම දැවෙනවා
සිතුවත් සිත් මල පිපිච්ච - කතරට මල් වැසි වැටිච්ච
නුඹ මගෙ කරගන්න හිතෙනවා

හිමින් හිමින් ඉඟි කෙරිච්ච - කට කොනකින් සිනා වෙච්ච
ඈ දැක්කම පුදුම හිතෙනවා
පපුව මගේ නිති ගැහිච්ච - ඈ ළඟ මුනිවත රැකිච්ච
මා ගැන මට ලැජ්ජ හිතෙනවා

වසන්තේ මුල මුණ ගැහිච්ච - කෝල නිසා මඟ ඇරිච්ච
අදටත් ඒ මතක දැවෙනවා
නිතරම මතකෙට එබිච්ච - සිහිනෙන් නිතරම පෙනිච්ච
අදටත් මං ඈව හොයනවා

© Chami Herath, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, October 28, 2021

ලැවන්ඩරා මල් සුවඳේ - අනුරුද්ධ වැලිගමගේ

ලැවන්ඩරා මල් සුවඳේ
ඔබේ පුසුඹ මට දැනුණේ
දේදුනු පාලම අහසේ
බොඳ මීදුම් තිරයකි ඇන්දේ
නෙක පාට මතක ඉහිරෙන්නේ

හිම වරුසාවට පස්සේ
සුදු පිනිකැට මුතුකැට මැවුණේ
පිනි ඉහිරුණු තුරු ඉති මත්තේ
යුග යුග මතකය රැඳුණේ
ඒ මතකයෙ පිටු පෙරළෙන්නේ

සමනල යායක් මැද්දේ
මල් අතරිනි ඔබ රුව දුටුවේ
පිනි ඉහිරුණු මීදුම අස්සේ
මල් මතකය ඒ තණ බිස්සේ
දිවයනවා හිත ඉස්මත්තේ

© Anuruddha Weligamage, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, October 19, 2021

හීනවලට පාට දෙන්න - අනුරුද්ධ වැලිගමගේ

හීනවලට පාට දෙන්න
දේදුන්නක නැගල එන්න
ලස්සන සිතුවම් මවන්න
එක රෑනේ ඉගිල එන්න
එකමුතු වී සොයුරු දමින්
එක රෑනේ ඉගිල එන්න

පාට පාට මල් පොකුරක්
වාගේ එකවිට බැඳෙන්න
වෙනසම ලස්සන කරලා
හිත් යායේ පුබුදුවන්න
මල් පොකුරක් වගේ එකට
නොමියෙන මිතු දම් පුරන්න

තරු කැට දිලෙනා අහසේ
නෙක නෙක හැඩ තල මවන්න
මුතු ඇමිණූ මාලය වී
මුතුහර විලසින් දිලෙන්න
එකමුතු වී දස්කම් පා
ගුණ දම් සුවඳින් පිරෙන්න

© Anuruddha Weligamage, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, October 18, 2021

හිරිපොද වැස්සට - සුනිල් කුමාර සිල්වා

හිරිපොද වැස්සට මං හරි ආසයි
ඉස්සර මතකය යළි සිහිවෙනවා
මන්දාරම් අඳුරේ අත් පටලා
නුවර අහස යට ඇවිද ගියා

දළදා වීදියෙ දෙනෝදහක් මැද
සිත සිර කළ දඬු වැට බින්දා
ප්‍රාර්ථනා මල් හද පිරි දෝතින්
දළදා සමිඳුට අපි පිදුවා

නුවර පොළොව මත ඔබෙයි මගෙයි
පුරාවතක සිහිවටන තියෙනවා
තතු දත් පඬිවරු මතු ඉතිහාසේ
අප වෙනුවෙන් පෙම් ගීත ලියනවා

© Sunil Kumara Silva, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ඔබ මට මලකි - ටිකිරි රණවීර

ඔබ මට මලකි මල් කැකුලකි සුවඳ දෙන
ඔබ මට විලකි මඳ නලවැල් හමායන
ඔබ මට සඳකි සඳකැන් දිය සිසිල දෙන
මලණුවෙ නුඹයි මා අත රැඳී මිණි පහන

පහන් තරුව පායාවිත් ඔබ එන බව පවසනවිට
නිම්හිම් නැති සෙනෙහෙ දියත් මෝදුවුණා මගේ ලොවට
සිහින ලොවත් නොනිදි රැයත් පහන් කළෙමි අරුණැල්ලට
දකින තුරා එ රුව දිනෙක තනිවුණු මගෙ පාළු ලොවට

සෙනෙහෙ පුදන්නම් ලෙන්ගතු වෙන්නම්
මවක් විලස කිරි මවක් වෙලා
තනි නොකරන්නම් ඔබ රැකගන්නම්
නිරතුරු ඔබෙ සෙවනැල්ල වෙලා
දිරිය වඩන්නම් අත් නොහරින්නම්
යහමග සරිකර දිලෙන තුරා
මිතුරෙක් වෙන්නම් එක්ව සිටින්නම්
යහගුණ පිරි සොහොයුරිය වෙලා

© Tikiri Ranaweera, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, October 1, 2021

නාමු මැණික් නදියේ - එඩ්වින් පේමජයන්ත විතානගේ

නාමු මැණික් නදියේ
ලස්සන කතරගමේ
කදිරපුරේ දිය දහරාවේ
පෙණ පිඩු අතරේ
නාමු මැණික් නදියේ

අනුහස් විහිදේ කදිරපුරේ
කදිර දෙවිඳු සුරකින වෙහෙරේ
කිරි වෙහෙරේ බුදු රැස් විහිදේ
වඳින්ට පෙර ගත පිරිසිදු කරගමු
මැණික් ගඟේ අපි පීනා

කාවාඩි රැඟුම් සිත පිනවා
ගිනි පෑගේ අනුහස් අතරේ
රසකැවිලි ද සුවඳින් ඉතිරේ
සූදානම් වෙමු සැණකෙළියට පෙර
මැණික් ගඟේ අපි පීනා

© Edwin Pemajayantha Withanage, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, September 4, 2021

වපුරා මිතුදම් - සුභාෂිණි ජයතිලක

වපුරා මිතුදම් සිත් තුටින් පිරුණාවේ
හසකැන් සලා
මුව මඩල විකසිත වුණාවේ

කරුණා දයාව ස්නේහෙ පතුරා
නිවාලමු හද ක්‍රෝධ ගිනි දැල්
නවමු ලොවකට එළිය සදන්නට
එක්ව පතුරමු යහ සිතුම්

නිවනා සිතුම් හදපුරා අතුරා
පුබුදු කරනට පැතුම් සහසක්
පායනා හිරු රැසින් දිලෙන්නට
පෙරට යමු අපි එක සිතින්

© Subhashini Jayathilaka, 2021
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, September 3, 2021

උදා වූ සඳ මඬල අහසේ - සුභාෂිණි ජයතිලක

උදා වූ සඳ මඬල අහසේ
දුලා සිහිල් රැස් දහරේ
තාරුකා මල් ගොන්නේ
රෑ අහස හැඩ කරාවි

සඳ දිය කලතා පීදුන ආදරේ
සිසිල දෙයි නමින් ඔබේ
ලැගුම් අරන් හද අරණේ
නොදැනීම රහසේ

පීදුණු නෙක මල් වසන්තයේ
සුපිපී සුවඳ විහිදේ
මුසු වී නල රැල්ලේ
මල්යාය හැඩ කරාවි

වන මල් යායේ පීදුන ආදරේ
සුවඳ දී නමින් ඔබේ
ලැගුම් අරන් සිත් අරණේ
සැතපේවි සුවසේ

© Subhashini Jayathilaka, 2021
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, June 22, 2021

ආදරණීය සුරංගී - හේමාල් ජයවික්‍රම

ගැහැනු:
(කෝරස්)  
ආදරණීය සුරංගී, ඔබෙ ආදරණීය සුරංගී
මා ඔබගේ ප්‍රේමෙ දිණූ - ආදරණීය සුරංගී

පිරිමි:
(රැප්)  
මං දන්නවා, මං දන්නවා
රස්සාවක් නෑ කොයිදෝ එක් විල්ලක්
නිස්කාරණයක් නේදෝ සිතුවිල්ලත්
සම්මුඛ පරීක්ෂණෙ දෙයිදෝ සැනසිල්ලක්
මං පිටවුණේ උදේ කාලා පොල් රැල්ලක්
තාම රොටී හැදේ කොයි කන්න නිවිහිල්ලක්
අම්මගේ දෑසේ බිඳේ දුක් කඳුළැල්ලක්

මතකයි දැන්
කොටුවේ පිකටින් කොට කාපු ජල ප්‍රහාරය
ගැටුණු සැණෙකින් වට කඳුළු ගෑස් දුමාරය
බොටුව ඩැහැගන්නට ආපු පොලිස්කාරයා
දුටුවේ විලසින් බට වසවර්ති මාරයා

පිරිමි:
(අන්තරා)  
සහතික මිටි තුරුළු කරන්
දුහුවිල්ලෙන් පිරි වීදි දිගේ
සුසුමන් හෙළා කඳුළු බීලා
මං සොයනවා ජීවිතේ
නුඹේ අතට වාසනාව
රැගෙන එන්නැයි සුරංගී
ආදර බර සුරංගී, මගෙ ආදර බර සුරංගී
ඔබ මාගේ ප්‍රේමෙ දිණූ, ආදර බර සුරංගී

ගැහැනු:
(රැප්)  
මං දන්නවා, මං දන්නවා
අවුරුදු තුනක් නුඹ ගන්න කම් උපාධිය
පවුරුද බිඳ විඳි දෝමනස්සාදිය
කවුරුද පෙම් බැඳ මාමෙන් දොස් ලද්දිය
නුඹ රස්සා සොයා යද්දි පඹ ගාලේ පැටලෙද්දි
ඉඳ හිට මෙහෙ එද්දි සුළු විරාමයක් ගද්දි
මඟුල් තුලා සැරසෙද්දි වුණා විගඩම් සිද්ධි

තේරෙයි දැන්
අම්මලා කතා කරලා ගෙනාපු යෝජනාවෙ
අන්දලා යැව්ව බුලත් හෙප්පු වන්දනාවෙ
අද්දලා පද්දලා මං පාපු මත් ඉනාව
කුද්දලා ගත්තා නාකි මනමාල පෙම් සිනාව

ගැහැනු:
(අන්තරා)  
මා බලන්නට තවත් අයෙක්
ඊයෙත් ආවා ගෙදරට
ඔහුට හැදූ කේක්වලින්
ඉතුරු කළා මං ඔයාටත්
මේ වර හෝ රැකියාව ලැබී
රැගෙන යන්නැයි සුරංගී

© Hemal Jayawickrama, 2021

ලක්‍ෂ්මන් කොඩිතුවක්කුගේ "හුස්ම" නම් කෙටිකතාවේ ඇතුළත් චරිත සහ සිදුවීම් ඇසුරෙන් කෙරුණු නිර්මාණයකි.

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, April 28, 2021

මගෙ මව් රට - මෛත්‍රී පනාගොඩ

රචනය: මෛත්‍රී පනාගොඩ
සංගීතය: අරුණ කන්නන්ගර
ගායනය: අයෝමී බොස්කො සහ අරුණ කන්නන්ගර
ප්‍රසංගය: බක්මහ රංගන (2013)

අරුණ:    සමනොළ ගිර පිස හමනා
සුළඟේ පණ නල වැඩෙනා
ඉර සේවය කරනා
මගෙ මව් රට ශ්‍රී ලංකා
දෙදෙනා:    මගෙ මව් රට ශ්‍රී ලංකා

අයෝමී:    සමනොළ ගිර පිස හමනා
සුළඟේ පණ නල වැඩෙනා
ඉර සේවය කරනා
මගෙ මව් රට ශ්‍රී ලංකා
දෙදෙනා:    මගෙ මව් රට ශ්‍රී ලංකා

අරුණ:    රණ විරුවකු දිරි ගමනේ
ගොවි කම්කරු අප රකිනේ
අයෝමී:    රණ විරුවකු දිරි ගමනේ
ගොවි කම්කරු අප රකිනේ
අරුණ:    මහවැලියේ රැලි, සිංහරාජ වන
අපගේ උරුමය දිලෙනා
දෙදෙනා:    අභිමානය ඔබ වේ ලංකා
මගෙ මව් රට ශ්‍රී ලංකා
මගෙ මව් රට ශ්‍රී ලංකා

අයෝමී:    එරබදු මල් හිනැහෙනවා
කොවුලන් ගී හැඬවෙනවා
අරුණ:    එරබදු මල් හිනැහෙනවා
කොවුලන් ගී හැඬවෙනවා
අයෝමී:    රන්වන් ගොයමේ, දුන්හිඳ ඇල්ලේ
බක්මහ රංගන රඟනා
දෙදෙනා:    අභිමානය ඔබ වේ ලංකා
මගෙ මව් රට ශ්‍රී ලංකා
මගෙ මව් රට ශ්‍රී ලංකා
මගෙ මව් රට ශ්‍රී ලංකා
මගෙ මව් රට ශ්‍රී ලංකා

© Maithri Panagoda, 2013

ගීතය රස විඳිමු.

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, April 27, 2021

නංගිලා මල්ලිලා - මෛත්‍රී පනාගොඩ

රචනය: මෛත්‍රී පනාගොඩ
තනුව: ෂෙල්ටන් ප්‍රේමරත්න
සංගීතය: අග්‍රා ප්‍රේමරත්න
ගායනය: සිඩ්නි නුවර මුතුහර ළමා සමාජය
ප්‍රසංගය: බක්මහ රංගන (2014)

ගමේ ඉන්න නංගිලා මල්ලිලා
මට සිහිවෙනවා, මට සිහිවෙනවා
ගමේ ඉන්න නංගිලා මල්ලිලා
මට සිහිවෙනවා, මට සිහිවෙනවා
උජාරුවට විසිතුරු ලොව මම සැරිසරනා
උජාරුවට විසිතුරු ලොව මම සැරිසරනා
නංගිලා මල්ලිලා මට සිහිවෙනවා
නංගිලා මල්ලිලා මට සිහිවෙනවා
ගමේ ඉන්න නංගිලා මල්ලිලා

දීයැල් ඔය ඉස්මත්තේ ඔබ කිමිදෙනවා
තටාකයක නිල් වතුරේ මම පීනනවා
නංගිලා මල්ලිලා මට සිහිවෙනවා
ගමේ ඉන්න නංගිලා මල්ලිලා
මට සිහිවෙනවා, මට සිහිවෙනවා
උජාරුවට විසිතුරු ලොව මම සැරිසරනා
නංගිලා මල්ලිලා මට සිහිවෙනවා

තුරු සෙවණක ඇලවී ඔබ ගිමන් නිමනවා
වායු සමීකරනය යට මම නිදියෙනවා
නංගිලා මල්ලිලා මට සිහිවෙනවා
ගමේ ඉන්න නංගිලා මල්ලිලා
මට සිහිවෙනවා - මට සිහිවෙනවා
උජාරුවට විසිතුරු ලොව මම සැරිසරනා
නංගිලා මල්ලිලා මට සිහිවෙනවා

එක හිරු යට එක සඳු යට අපි හිනැහෙනවා
හෙට දවසෙදි අපි කොයිබද කවුරු දන්නවා
ගමේ ඉන්න නංගිලා මල්ලිලා
මට සිහිවෙනවා, මට සිහිවෙනවා
උජාරුවට විසිතුරු ලොව මම සැරිසරනා
නංගිලා මල්ලිලා මට සිහිවෙනවා
ගමේ ඉන්න නංගිලා මල්ලිලා

© Maithri Panagoda, 2014

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

වලා පොදක් නැති අහස වගේ - නිහාල් රූපසිංහ

වලා පොදක් නැති අහස වගේ
පාළුයි ඔබ නැති ගේ, ආදරියේ
ගිය තැනකින් ඉක්මන් කර
එන්න තවම මා මිදුලේ

රහස් විහිළුවක් කරලා
බකස් ගාලා හිනා වෙන්න
තුරුළු වෙලා නිදාගන්න
ඉක්මන් කර ගෙදර එන්න

මං තනියෙන් යයි හිතලා
වලාකුළක් කවුළුව ළඟ
ඉක්මන් කර ගෙදර එන්න
තවමත් මා ගෙයි මිදුලේ

© Nihal Rupasingle, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, April 25, 2021

බැස එනවාද නගේ - හේමාල් ජයවික්‍රම

පිරිමි:   බැස එනවාද නගේ, පදිනට පාරු ගඟේ
ගැහැනු:   එමි අය්යේ මගේ

ගැහැනු:   ආකාශයේ නිවී යාය හිරූ
දෙයි නද රෑහින් කන් බීරි කෙරූ
කන් බීරු කෙරූ

පිරිමි:   සිසිලයි නේද නගේ, පිනි හා එන සුළඟේ
ගැහැනු:   ඔව් අය්යේ මගේ

ගැහැනු:   තනිවී ඔබ හා ඉන්නා විට නම්
එයි නුපුරුදු ලෙන්ගතුකමක හැඟුම්
ලෙන්ගතුකමක හැඟුම්

පිරිමි:   ජීවිතෙ ගැටුම දරා යමුකො ඉතින්
ගල් පර මඩිනා දිය පාර ලෙසින්
දිය පාර ලෙසින්

© Hemal Jayawickrama, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

රෝස මලේ සුවඳ වගේ - එඩ්වින් පේමජයන්ත විතානගේ

ගේයපද: එඩ්වින් පේමජයන්ත විතානගේ
තනු නිර්මාණය සහ සංගීතය: සිසිල් ෆොන්සේකා
ගායනය: සිසිල් ෆොන්සේකා

රෝස මලේ සුවඳ වගේ දුන්න දේ පුතේ
දුගඳ හැමේ හැම වේලේ කාපු දේ පුතේ
අම්ම කියූ හැම වදනෙම අරුතක් ඇත්තේ
රෝස මලක් වගෙ අම්මේ ඔබගෙ ආදරේ
ඔබගෙ ආදරේ

අම්මා දුන් උපදේසේ අනුව හදවතේ
සනාතනික අත්දකීම් නිම් නැති එමට මට ඇතේ
අම්ම කියූ හැම වදනෙම අරුතක් ඇත්තේ
ඔබෙ ඔවදන් රකිනෙමි මම් සදා මගෙ හිතේ
සදා මගෙ හිතේ

අම්මේ ඔබෙ ආදරයට කිසි නිමක් නැතේ
ගෙදර බුදුන් අම්මාමයි සදා හදවතේ
අම්ම කියූ හැම වදනෙම අරුතක් ඇත්තේ
අමමේ ඔබ කියු ඔවදන් සදා හදවතේ
සදා හදවතේ

රෝස මලේ සුවඳ වගේ දුන්න දේ පුතේ
දුගඳ හැමේ හැම වේලේ කාපු දේ පුතේ
අම්ම කියූ හැම වදනෙම අරුතක් ඇත්තේ
රෝස මලක් වගෙ අම්මේ ඔබගෙ ආදරේ
ඔබගෙ ආදරේ
ඔබගෙ ආදරේ

ගීතය අසන්න:

© Edwin P Vithanage, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, April 9, 2021

ඉස්කෝලෙ ප්‍රසංගේ - ලක්ෂ්මන් කොඩිතුවක්කු

රචනය: ලක්ෂ්මන් කොඩිතුවක්කු
සංගීතය: සංගීත් වික්‍රමසිංහ
ගායනය: තිසල් පාදුක්කවිදාන ("මගේ උරුමය" සංයුක්ත තැටියෙනි)
ප්‍රසංගය: බක්මහ රංගන (2010)

ඉස්කෝලෙ ප්‍රසංගේ
ඉස්කෝලෙ ප්‍රසංගේ දුටුගැමුණු නාටකේ
ඉස්කෝලෙ ප්‍රසංගේ දුටුගැමුණු නාටකේ
අනේ සර් මට නම් දුටුගැමුණු වෙන්න බෑ
ගැමුණු වෙලා එළාරගේ ගෙල සිඳින්න බෑ

බනිස් ගෙඩිය බෙදන් කාපු
පයිප්පයෙන් වතුර බීපු
එළාර ලෙස රඟ පානා එළාර ලෙස රඟ පානා
මගෙ මිතුරා දයාලන්ගෙ ගෙල සිඳින්න බෑ
ඉස්කෝලෙ ප්‍රසංගේ

තැන් තැන්වල ලොකු බෝම්බ පුපුර ගත්තෙ නෑ
බංකර් යට හැංගි හැංගි සටන් කළෙත් නෑ
සැප විඳ විඳ පොඩි එවුන්ව බිලිදුන්නේ නෑ
ලොවට කියා උපන් රටක් පාව දුන්නේ නෑ

මුහුණට මුහුණම දීලා
පපුවට පපුවම දීලා
එළාර ලෙස රඟපානා, එළාර ලෙස රඟපානා
අනේ සර් දයාලන්ට හතුරු වෙන්න බෑ
ඉස්කෝලෙ ප්‍රසංගේ

ඉස්කෝලෙ ප්‍රසංගේ දුටුගැමුණු නාටකේ
ඉස්කෝලෙ ප්‍රසංගේ දුටුගැමුණු නාටකේ
අනේ සර් මට නම් දුටුගැමුණු වෙන්න බෑ
ගැමුණු වෙලා එළාරගේ ගෙල සිඳින්න බෑ

රණ්ඩු කරන් තරහ වෙලා එක පේළියෙ හිටියා
හොරෙන් බලා දුක්වීලා හිතින් කඳුළු සැලුවා
වෛරය විෂ බැන්දෙත් නෑ
පළිගන්නට හිතුවෙත් නෑ
කිසි කෙනෙකුට කිව්වෙත් නැහ
ැ ලොකු සර්ල දන්නෙත් නැහැ
මේ නාටකෙ රඟපානා හොඳ මිතුරෝ අපි දෙන්නා
අපි ගහේ වැලේ ගඟේ දොළේ සෙල්ලම් කෙරුවා
ඉස්කෝලෙ ප්‍රසංගේ

ඉස්කෝලෙ ප්‍රසංගේ දුටුගැමුණු නාටකේ
ඉස්කෝලෙ ප්‍රසංගේ දුටුගැමුණු නාටකේ
අනේ සර් අපි නාටකෙ වෙනස් කරමුකෝ
එළාරවයි දුටුගැමුණුයි යාලු කරමුකෝ
අනේ සර් අපි නාටකෙ වෙනස් කරමුකෝ
එළාරවයි දුටුගැමුණුයි යාලු කරමුකෝ
අනේ සර් අපි නාටකෙ වෙනස් කරමුකෝ
එළාරවයි දුටුගැමුණුයි යාලු කරමුකෝ

© Lakshman Kodithuwakku, 2009

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, April 8, 2021

සරාගී පෙම් රැජිණියේ - චන්ද්‍රා ආරච්චිගේ

සරාගී පෙම් රැජිණියේ
ඇයි ද මා හැර දා ගියේ
විරහ ගින්නේ දැවෙන්නෙමි මා
කොහෙද ඔබ කොහෙදෝ ප්‍රියේ

පිපෙන හැම මල් පරවෙතේ
නොනැසෙනා කිසිවක් නැතේ
කෙම්බිමක් දුර ඈත පෙනුණත්
මිරිඟුවකි නෙත් රැවටෙතේ

පිපාසෙට දිය පොද නැතේ
සැනසුමක් කොතැනක වෙතේ
මගේ තනියට ළඟින් ඉන්නා
මීවිතයි මගෙ ජීවිතේ

© Chandra Arachchige, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, April 7, 2021

පුප්ඵං මිලායාතී - රසිකා ඉඹුල්ගොඩ

පුප්ඵං මිලායාතී
කියා දෙන්නම් දුවේ
ලොවේ අනියත බව දැකලා
හැම දුකක් මැද්දේ සැනසී
සිනාසෙනු මැන දුවේ
දුක සැප ද එකසේ ඉවසා
සිනාසෙනු මැන දුවේ

ඝණසාරප්ප දිත්තේන
කියා දෙන්නම් දුවේ
ඥාන ප්‍රදීප දල්වාලා
මෝහාන්ධකාරේ සිතේ
දුරැලන්න මගෙ දුවේ
මෝහාන්ධකාරේ ලොවේ
දුරැලන්න මගෙ දුවේ

නහි වේරේන වේරානි
කියා දෙන්නම් දුවේ
අනුන්ගෙන් වරදක් වූවත්
සමාව දී අමතක කරලා
දිවි ගෙවනු මැන දුවේ
කිසිවෙකුට වෛරය නොබෙදා
දිවි ගෙවනු මැන දුවේ

© Rasika Imbulgoda, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

අතථ්‍ය ඒක පාර්ශවීය ප්‍රේමයක් - චන්ද්‍රා ආරච්චිගේ

දනිමි මා හට ඔබ අහිමි බව
ඔබේ සෙනෙහස උරුම නැති බව
නමුදු ඔබ වෙත මගේ හදවත
ඇදෙනවා තාමත්
ඔබෙන් මද සිසිලක් ලැබේයැයි
සිතෙනවා තාමත්, සිත කියනවා තාමත්

ඔබේ අත මට අහිමි වූවත්
සදා නොවෙනස් මගේ සෙනෙහේ
ඔබටමයි පෙම්බරියේ
මගේ සිත තුළ ගැයෙන පෙම් ගී
ඔබටමයි මියුලැසියේ

එදා ඔබ මා දුරස් වූවත්
සදා මා හද රැඳී සිටිනා
ඔබේ රුව සුන්දරියේ
මගේ දිවියට නව පණක් දී
රැක ගනී සියුමැලියේ

© Chandra Arachchige, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, April 6, 2021

හිරු බැස යයි, සඳු නැග එයි - කසීර පෙරේරා

හිරු බැස යයි, සඳු නැග එයි
තරු හිනැහෙයි, මද අඳුරේ
ඔබ සිහිවෙයි, සිත හිනැහෙයි
හද සැනසෙයි, සියුමැලියේ
දුරකතනේ මගෙ පිහිටට
අත ළඟ ඇත, මියුලැසියේ
මගෙ නිදිමත කර අමතක
ඔබ අමතමි පෙම්බරියේ

මේ දුරු රට තනිකම මැද
දුක් විඳගෙන ඉන්නෙමී
අප දෙදෙනගෙ හෙට දවසට
මසුරන් පොදි සොයනෙමී
හෙට උදයෙම වැඩබිම වෙත
මට යන්නට තියෙන්නේ
නිදි යහනේ ඔබ සිහිනෙන්
දැක ගන්නට ලැබෙන්නේ
ඔබ සිහිනෙන් පෙනෙන්නෙ
මට ඔබ සිහිනෙන් පෙනෙන්නේ

බැලු බැලු සැම අත ඔබෙ රුව
මට මැවිලා පෙනෙන්නේ
මගෙ රන් කඳ ඔබ ගැනමයි
මා නිරතුරු සිතන්නේ
මතු දවසක, මගෙ තුරුලට
ඔබ එන බව දන්නෙමී
එතුවක් මම මේ විලසට
දුරකතනෙන් අමතමි
මම දුරකතනෙන් අමතමී

© Kaseera Perera, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, March 25, 2021

තනිකඩ තරුණියගේ ගීතය - රසිකා ඉඹුල්ගොඩ

ඔබ මෙලෙස මගෙ ලොවට පිවිසෙන්න අයදින්නෙ ඇයි
අකමැත්ත පෙනි පෙනිම හදවතට දුක දෙන්නෙ ඇයි
මට මගෙම රිසි විලස ලොව විසුම සුබ නැත්තෙ ඇයි
ඔබ එලෙස පවසන්නෙ ඇයි

ලෝකයේ අන් අයට අවැසි ලෙස මා ඉන්නෙ නෑ
ජීවිතේ ගෙන යන්නෙ නෑ
මගෙ සිතට කිසි සැකක් හෙට දවස ගැන නැතේ
මට ඔබේ අවවාද ඕනැ නෑ, ඕනැ නෑ

ආදරේ, පෙම් සුවේ, රස විඳුම මා දන්නෙ නෑ
ඒ නමුදු දුක් වෙන්නෙ නෑ
ඔබ සිතන තනිකමක් නැති නිසා මගෙ සිතේ
ඔබෙ පිහිට මට කිසිත් ඕනැ නෑ, ඕනැ නෑ

© Rasika Imbulgoda, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, March 22, 2021

දයාබර ඔබෙ ළයාදර රුව - කසීර පෙරේරා

දයාබර ඔබෙ ළයාදර රුව
සදාකල්හිම මා සිතේ
ඇඳීලා ඇත මැකී නොයනා
සිතුවමක් සේ පිය කතේ
ඔබ ම වේ මා ජීවිතේ

එදා ඔබ මා නෙත ගැටුණු දින මුල්වරට දුම්රිය පොළේ
විදා දෙනයන සිනා මල් පිබිදුවා මතකයි අද වගේ
සදාදර මා කුමරියේ
ඔබයි රැජිනිය මා ලොවේ

දිනෙක මතු දා, රැගෙන අවසර ඔබව තුරුලට ගන්නෙමී
මසිත ලියවුණු ප්‍රේම ගීතය තනුව පබැඳා ගයනෙමී
සුමුදු ඔබෙ වත සිපගමී
ඔබව සැමදා රකිනෙමී

© Kaseera Perera, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

පිපෙන මල් පරවෙනවා - කසීර පෙරේරා

පිපෙන මල් පරවෙනවා
තුෂර බිඳු මිය යනවා

අතීතය සිහිවෙනවා
මහද ඇතුළේ ඉකිබිඳුම් දුක් සුසුම් රැව් දෙනවා
ඔබ වෙනත් කුලගෙයක සිරවී
දෙනෙත කඳුළැලි පිස දමන බව
මට හැඟී යනවා
නුවන් තෙත් වෙනවා, මා, නුවන් තෙත් වෙනවා

එදා අප ආදරෙන් බැඳුණේ
කඳුළු කැට ගැන බලන්නට නොව සිනා වපුරන්නයි
ඒ සිනා පිරි අනාගතයක
අසිරි විඳගන්නයි, සිරි අසිරි විඳගන්නයි

පැතූ සිසිලස නොවේ ලැබුණේ
සයුර පරදන දුක් ගොඩක් හා සදා වැලපිල්ලයි
මේ දුකෙන් ගැලවෙන්න ඇත්තේ
එකම විසඳිල්ලයි එය මරණයම පමණයි

පිපෙන මල් පරවෙනවා
තුෂර බිඳු මිය යනවා

© Kaseera Perera, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, March 19, 2021

ගඟට ගඟක් හමුවේවිද - චන්ද්‍රා ආරච්චිගේ

ගඟට ගඟක් හමුවේවිද කෙදිනක හෝ
විලට විලක් හමුවේවිද කෙදිනක හෝ
ඔබට දිනක මා යළි හමු වේ දෝ
අපට යළිත් එක්වන්නට
ලැබේවි දෝ

කඳු හෙල් මිටියාවත් බෑවුම් ඔස්සේ
ඇදී ගියත් ගංගා රිසි ලෙස සොඳ සේ
මුහුද සමග එක්වූවත්
ගඟට ගඟක් හමුවෙනවා දෝ
කවදා හෝ හමුවේවිද අප දෙදෙනා
මට නොසිතේ

විලේ සුනිල දිය වාෂ්ප බවට හැරේ
ඉහළ නගී සැහැල්ලුවෙන් සැරෙන් සැරේ
වළා සමග එක්වූවත්
විලට විලක් හමුවෙනවා දෝ
කවදා හෝ හමුවේවිද අප දෙදෙනා
මට නොසිතේ

© Chandra Arachchige, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

මට කියන්න එපා ළඳුනේ - කසීර පෙරේරා

ලෝහිත වර්ණ සායම් පොදෙන්
දුඹුලු තොල් වැසුණා
පුයර තැවරූ මුහුණ මත පිණි බින්දු නිදි මැරුවා
කළුවර ගලාගෙන එන පැයේ
නගරේ කොනේ බස් නැවතුමේ
ඔබව ඇස ගැටුණා
මට අමුත්තක් දැනුණා

මල් සාරියේ පැල්ලම් මැකී නෑ වැටුණු රැළි අතරේ
අත් බෑගයේ හම ගැලවි උරහිස කොනේ එල්ලේ
මේ අවේලාවේ
ඔබ කොයිබට ද යන්නේ
මට කියන්න එපා ළඳුනේ

දුම් වැටිය මුවගේ දැවෙන මුත් උණුසුමක් නොදැනේ
සීතලේ, සිරි පොද වැටේ, මගෙ පාළු සිත පැකිලේ
හද සැලේ මාගේ
ඔබ ඇයි ද ඉඟි මැරුවේ
මට කියන්න එපා ළඳුනේ

© Kaseera Perera, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, March 17, 2021

අපේ ඇත්තෝ - රසිකා ඉඹුල්ගොඩ

මව් බිමෙන් පිට වෙසෙනා
මුවේ නොම ගාවා,
මුසා බස් දොඩනා,
අපේ සමහර අය වගේ ඇත්තෝ
වෙනත් ලොව නැත්තේ
එයයි ඇත්තම ඇත්ත තත්වේ
සැවොම දත යුත්තේ

ඉසුරු සම්පත් සොයා ඇවිදින්
කලක් තිස්සේ නොරට සිටියත්
සිතේ දුක ඇත්තේ

කටක් ඇරියොත් කියන්නේ:

"උතුම් රට ලංකාවයි,
රටෙන් ආ එක දුකමයි,
අනේ ආපසු යන්න ඇතිනම්
මං යන්න යනවාමයි!"

ඒත් නොරටක,
දුකෙන් සැප විඳ,
ඉන්නවා මිස,
කටෙන් මොන මොන
කතා කිව්වත්,
යලිත් ලංකාවේ,
ඉඳින්නට සැමදා,
කිසිම දිනයක,
යන්න අදහස,
තුන් සිතක නැත්තේ

එයයි ඇත්තම ඇත්ත තත්වේ
සැවොම දත යුත්තේ

කාලෙකින් ලංකාව වෙත ගොස්
සති දෙකක් හෝ තුනක් ඉඳලා
ආවයින් පස්සේ

දුකෙන් බර වී කියන්නේ:

"අපොයි මට ලංකාවේ
ඉන්න බෑ නේ අයියෝ
රටපුරා මදුරුවන් බෝමයි
ග්‍රීෂ්මයි හරි දාඩියයි"

"කාර් එකකින්
යන්නෙ කොහොමද?
රියදුරන් මග
මරුවන්ය අද!
අනේ නොදකින්
දේශපාලකයෝ,
මහා දූෂිතයෝ,
සදාකල් මා,
එරට ඉන්නේ
කොයි ලෙසද අයියෝ!"

එයයි ඇත්තම ඇත්ත තත්වේ
සැවොම දත යුත්තේ

තවත් සති දෙක තුනක් ගත වී
පරණ සුපුරුදු දිවිය ඇරඹේ
යළිත් අපෙ ඇත්තෝ

පරණ තැටියම ගහන්නේ:

"උතුම් රට ලංකාවයි,
රටෙන් ආ එක දුකමයි,
අනේ ආපසු යන්න ඇතිනම්
මං යන්න යනවාමයි!"

එයයි ඇත්තම ඇත්ත තත්වේ
සැවොම දත යුත්තේ!

© Rasika Imbulgoda, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සිනාවෙන් පිරුණු - රසික සූරියආරච්චි

සිනාවෙන් පිරුණු දිය කඩිත්තක් කලතවා
කෝපයෙන් වැසුණු මඩ විලක් කර දමන්නට
ඔබට හැකි බවක් මා දැන සිටියෙ නෑ,
සොඳුරියේ
ප්‍රේමයෙන් පිරී ගිය හදවතක් කළඹවා
ශෝකයෙන් පිරුණු රළු ලෝකයක් මවන්නට
ඔබට හැකි බවක් මා දැන සිටියෙ නෑ,
සොඳුරියේ

තොලට තොල තියාලා, ආදරෙන් බැඳීලා
සෑමදා ඉන්න මා කළ පැතුම් සුන්වෙලා
බිඳුණු ප්‍රේමයෙ නමින් දැන් ඉතින් තියෙන්නේ
හඬා නොවැටී ඉන්න අදිටනක් පමණී

පරාජය උරුම වී, පිළිසරණ අහිමි වී
වියෝ ගිනි ජාලයෙන් හදවත ද දැවීලා
අතීතයෙ නාමයෙන් දැන් ඉතින් පතන්නේ
සදාකල් තනිවෙලා දිවි ගෙවුම පමණී

© Rasika Suriyaarachchi, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, March 14, 2021

තාත්තේ මගෙ තාත්තේ - රසිකා ඉඹුල්ගොඩ

තාත්තේ මගෙ තාත්තේ
මේ අහන්නකො තාත්තේ
ආච්චී මට කියා දුන්නා කතන්දරයක් ඊයේ
ඒ කතාවේ තේරුණේ නැති දේ
මොනවදෝ කියලා
මට කියා දෙන්නකො තාත්තේ

ඒ කතාවේ හිටිය රජ්ජුරුවෝ
මාළිගේ හැරදා
ළමයි දෙන්නා සමග අම්මා
මහ කැලේකට ගෙන ගියේ ඇයි
කියා දෙන්නකො තාත්තේ
මට කියා දෙන්නකො තාත්තේ

කැලෙන් පලතුරු නෙලා එන්නට
ගිය වෙලේ අම්මා
සොයා වහලුන් ආපු බමුණට
ළමුන් දෙන්නා ඇයි ද දුන්නේ
කියා දෙන්නකො තාත්තේ
මට කියා දෙන්නකො තාත්තේ

© Rasika Imbulgoda, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, March 13, 2021

පිටුවහල් ප්‍රේමේ - දයා සුදසිංහ

අන්තෝනි පල්ලියේ
ගැයෙද්දී කන්තාරු ගීතිකා
කලත්තා ගැඹුරටම හර්දේ
හුවමාරු කළෙමු අපි
කල්වාරියක් තරම් ආදරේ

පෝය දොළහක් ගෙවුණා
ගොල්ගොතාවේ මා තාම අඳුරේ
ඉලක්කම් මැකුණා ද
ඔබෙ ස්නේහයෙ කෝදුවේ
අමතක ද ආදරේ මුර පදේ

තැවරෙනවා මහද පතුලේ
ඇස කඳුළ මරිය මව් සුරුවමේ
කටුකයි කයිතාලමේ රාවේ
උහුලන්න බැරි වේ
ගිනියම පිටුවහල් ප්‍රේමේ

© Daya Sudasinghe, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, March 12, 2021

දුර ඈත ආකාශයේ - රසිකා ඉඹුල්ගොඩ

දුර ඈත ආකාශයේ
කුරුල්ලෙක් ඉගිලෙනවා
සුවිසාල අත්තටු විහිදලා
කුරුල්ලෙක් ඉගිලෙනවා
නිදහසේ ඉගිලෙනවා

අම්මගේ සාරියක් වාගේ
ලස්සනට දිලිසෙනා
නෙක සිරින් ඔය උඩු ගුවන් තලයේ
පාට ඇතිවෙන්නේ
කොහොමදෝ, ඒ කොහොමදෝ
කියාපන් මට කුරුල්ලෝ

මල්ලියා ගෙන එන්න ගිය දා
ආ පාර වැරදිලා
දිව්‍යලෝකේ ගිය මගේ අම්මා
එහේ ඉන්නවනේ
දුටුවදෝ ඈ දුටුවදෝ
කියාපන් මට කුරුල්ලෝ

© Rasika Imbulgoda, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, March 9, 2021

ඈත ක්ෂිතිජය - කසීර පෙරේරා

ඈත ක්ෂිතිජය එකලු කරමින්
හිරු උදාවෙන පැයේ
සීත කඳුකරයේ පිපෙනා
මල් සිනාසෙනවා
දසන් පෙති විහිදා
මේ වසත් කාලයේ

සීත සිසිරය නිමාවෙනු දැක
ලෝකයම කුල්මත් වෙලා
නිදා සිටි සියොතුන් ද අවදිව
මියුරු කූජනයෙන්
නවක පැතුමන් බිහි කළා

ගෙවී ගිය දුක්බර අතීතය
සිහිනයකි අද හුදකලා
පිරී ඉතිරෙන පැතුම් ඉටු වී
සොඳුරු හෙට දවසක්
උදාවෙයි සිත සනසලා

© Kaseera Perera, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සුදුවත ඇඳගෙන - චන්ද්‍රා ආරච්චිගේ

සුදුවත ඇඳගෙන, තෙල් මල් අරගෙන
පන්සල වෙත යන මිතුරේ
වියපත් වෙන විට, ඔබ සිත දහමට
යොමු වූයේ ඇයි මෙලෙසේ
එය චක්කරය ද සසරේ

දහම් පාසලෙන් උගත් පාඩමෙන් වැඩිදුර නොසිතා ඈත් වුණා
පන්සිල් කැඩුණා, පන්සිල් රැකුණා ඒ ගැන කිසිවක් නොම සිතුණා
පෙම් කෙරුවා, අතිනත ගත්තා, යුග දිවියේ අම රස වින්දා
මිහිරෙන් සතුටෙන් පිරුණු අපේ ඒ තරුණ ජීවිතේ ගෙවී ගියා

කාලය ගෙවුණා, දරුවන් ලැබුණා, හොඳ හැටි පවුලේ බර දැනුණා
හිස කෙස් පැසුණා, සම රැළි වැටුණා, මැදිවිය ආවා, දුක හිතුණා
කාලය පෙරටත් වඩා වේගයෙන් ඉගිලී යන බව පසක් වුණා
පින් පව් ගැන යළි, සිත යොමු කරවන, සැන්දෑ සමය ද උදා වුණා

කඩුලු පනිනු බෑ, හයේ පහර බෑ, සිරුරේ ශක්තිය හීන වෙලා
ඉස්සර වාගේ විස්කම් දැන් බෑ, ඒ බව දැන් ඇත පසක් වෙලා
පන්සල පැත්තට සිත හැරුණා, පන්සිල්, අටසිල් මතක් වෙලා
යන තැනකට පින් එක්කර ගන්නට කාලය හරි බව පසක් වෙලා

සුදුවත ඇඳගෙන, තෙල් මල් අරගෙන
පන්සල වෙත යන මිතුරේ
වියපත් වෙන විට, ඔබ මෙන් දහමට
යොමුවෙන්නම් මං නුදුරේ
එයයි චක්කරය සසරේ

© Chandra Arachchige, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, March 8, 2021

කාලයාගේ ඇවෑමෙන් - රසික සූරියආරච්චි

එදා අප දෙදෙනා
එකිනෙකා හා ආදරෙන් බැඳිලා
රස මැවූ මල්බර සමේ
මා ඔබට ගැයුවේ සැමදා
හදවතේ ඉපදුණු සුපෙම් ගී
මේ ලෙසයි ප්‍රියේ

කියන් මා හට ඔබේ හදවත මලක් දෝ
ගිලන් සිත සුව කරන ඔසුවක
පහන් එළියක
සඳුන් සිසිලක
අරුම කැටිකොට අරුණ සුපිපුණු
කියන් මා හට ඔබේ හදවත මලක් දෝ

මෙදා අප දෙදෙනා
එකිනෙකා හා කෝපයෙන් වෙළිලා
ගතවෙනා දුක්බර සමේ
ඔබට ලියු ගීතේ පෙරදා
මා මුවෙන් යටිකුරුව පෙරළී
මේ ලෙසින් ගැයේ

කියන් මා හට ඔබේ හදවත ගලක් දෝ
දුකින් පිරි සිත තලන පහරක
දෙනෙත කඳුළක
දෙකන යවුලක
කුරිරු බව ගෙන රුදුරු ලෙස සැදු
කියන් මා හට ඔබේ හදවත ගලක් දෝ

© Rasika Suriyaarachchi, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ගේ කුරුල්ලෝ - දයා සුදසිංහ

ගේ කුරුල්ලෝ
අවල කෙලි නවතා
අසාපන් වැහි බින්දු පෙම් කතා
විළඳ ඇට සේ පිපිරෙනා

දිලෙන ගිනි අකුණු ප්‍රේමේ
වැහි බිංදු අස්සේ දවටා
මලවි දුනුදිය අදිනවා
පිළිස්සුම් විස තවරලා

ගන ගැජුම් පිපිරේ නම්
වැසි ලකුණු අහසින් ගෙනේවි
වයිරයේ මාත්තුවක් නැති දා
පෙම් හැඟුම් උපදීද හදකින්

© Daya Sudasinghe, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

මූසිලගේ ගීතය - රසන්ත චන්ද්‍රසූරිය

සමාන සේවය වෙනුවෙන් සම තැන
සමාන වේතන දෙන්න කියා
රජුගෙන් මා ඉල්ලූ බව ඇත්තයි
කිමද වරද ඇදුරිඳුනි දයා

වීණා වාදනයේ පරතෙරට ම
මම වැර වීරිය යොදා උගත්තෙමි
වියපත් ඔබ ඉසුඹුව ලැබගත් දා
ගඳඹ තනතුරට සුදුසුම මම වෙමි

ඔබ හා තරගය රජුගෙ කැමැත්තයි
මා අත කිසි ලෙස වරද නැතේ
ඇස්බැන්දුම් ප්‍රෝඩා නොතිබී නම්
මම ජය ගන්නෙමි සැකක් නැතේ

© Rasantha Chandrasuriya, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, March 7, 2021

සිත සසල කරනා - කසීර පෙරේරා

සිත සසල කරනා
දුක්බර ගීත රාවේ
සීත සැන්දෑවේ
ගම්මානයේ
කඳු පාමුලේ
දොළ මායිමේ
සුළඟේ මුසුව පාවේ

පැතුම් සුන්කරලා
සුසුම් හිමිකරලා
හදක පිපි පෙම මියගොසින් බව
ලොවට පවසන්නේ
ඒ ශෝක ගී රාවේ

හිරු උදාවේදෝ
අඳුර දුරුවේදෝ
සිතක සෝ ගිනි නිවීයාදෝ
කුකුස උපදන්නේ
ඒ ශෝක ගී රාවේ

© Kaseera Perera, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, March 2, 2021

කෙල්ලේ මගේ කෙල්ලේ (රැප්) - කසීර පෙරේරා

(කෝරස්)
කෙල්ලේ මගේ කෙල්ලේ මගේ ආදර කෙල්ලේ
සිහිවෙනවා ඔබ සැමදා කෙල්ලේ
කෙල්ලේ මගේ කෙල්ලේ මගේ ආදර කෙල්ලේ
ඔබටත් මා සිහිවෙනවද කෙල්ලේ
කෙල්ලේ මගේ කෙල්ලේ මගේ පණ වැනි කෙල්ලේ
ළඟදී මං එන්නම් ගම පැත්තේ
කෙල්ලේ මගේ කෙල්ලේ මගේ පණ වැනි කෙල්ලේ
පරිස්සමෙන් ඉඳින්න රත්තරනේ

(රැප්)
යනකොට එනකොට කනකොට බොනකොට
ඉරිදට සඳුදට අඟහරුවාදාට
දින හත පැය විසි හතර පුරාවට
ඔබ සිහිවෙනවා කෙල්ලේ හැම විට

කඩේට යනකොට වැඩ කරනා විට
උදයට හවසට තේ එක බොන කොට
දහවල රෑ කල බත්පත කනකොට
ඔබ සිහිවෙනවා කෙල්ලේ හැම විට

ගෙදර ඉන්න කොට හුස්ම ගන්න කොට
රූපවාහිනිය නරඹන හැමවිට
තනියම යහනත නිදියන මොහොතට
ඔබ සිහිවෙනවා කෙල්ලේ හැම විට

(රැප්)
නුබ කුස දිලිසෙන සුන්දර පුර හඳ
සඳ වට දිදුලන නිල්මිණි තරු කැට
දුටු විට ඔබ මට සිහිවෙයි ප්‍රිය කත

පෙරදින දොළ ළඟ මා දුටු ඔබ වත
කෝමල ලාලිත සුලලිත සිහිනිඟ
සිහිනෙක පෙනුනද ඇති මට සිරිකත

මගෙ හදවත පිරි නොකැලැල් සෙනෙහස
සදහට ඔබ වෙතටම පුද කෙරුමට
පතනෙමි මම සුදු කෙල්ලේ හැමවිට

ළඟදිම එක්වෙමු එක වහලක් යට
ඒ දින එනතුරු එකරට දෙතැනක
අතැඟිලි ගනිමින ඉමු අපි රන් කඳ

© Kaseera Perera, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, March 1, 2021

මල් සුවඳ - ජනක සෙනෙවිරත්න

මල් සුවඳ වැට උඩින් පැන
මා වැළඳ යළි දුවයි
සරදමට මගේ හද පාරවයි
නවතින්න සොඳුරියේ නවතින්න
සුවඳ මට විඳ ගන්න ඉඩදෙන්න

අරලියා මල් වැටෙයි එදා වාගේ අදත්
අපි පෙමින් බැඳුණු තක්සලාවේ
මාවතේ අතුළ මල් පාගන්න මට බයයි
මගෙ දෙපා රළුයි අද ජීවිතේ
ඔබෙ හිමි ද දූපුතුන් ගොළු මුහුද ගෙනගොසින්
නුඹ සරන පටාචාරාවකී
කෙලෙස නුඹ ගෙනයමිද ඉසුරුපිරි ලොවක් වෙත
තවම මම සුනීතගෙ පන්තියේ

ගුරු දෙගුරු නෙත් වසා හාදුවක රස සොයා
ගෙවූ කාලය සුවඳ සිහිනෙකී
එකම පංතියේ හිඳ අකුරු කළ මුත් දනිමු
නොවුණු වග අපි එකම පංතියේ

ඇසුරු කළ පොත් අතර සැඟව ගිය පෙම් හසුන්
පිඹුරුපත් සිහිනයේ පුරවරේ
නුඹේ සිය නෑසියන් උමතුවෙන් වියරුවෙන්
දවාලූවා සිහින මන්දිරේ

© Janaka Seneviratne, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

නාන කාමරේ - කසීර පෙරේරා

නාන කාමරේ මාගේ නාන කාමරේ
හද කිති කවනා, සිතුවිලි මවනා, නාන කාමරේ
නාන කාමරේ මාගේ නාන කාමරේ
ගත පිරිමදිනා, සිත සනසවනා, සෑම කාලයේ

උදේ රැයින් එමි මම සැමදා ඔබේ සුව පතා
ඇඟේ පතේ මැළි දුරු කර දා ඔබ ගෙනෙයි සිනා
මුවෙන් ගීතයක් වී ඉපිදේ මගේ පෙම් කතා
නාන කාමරේ නාන කාමරේ
නාන කාමරේ ඇතුලේ, ගායකයෙකි මා

සැඳෑ කලේ සේවය නිමවා එමි වෙහෙස වෙලා
ගතේ වේදනා සැම නිවලා දෙයි සතුට සදා
ඇඟේ වතුර බිඳු ගෑවෙන විට සිත නිවී ගියා
නාන කාමරේ නාන කාමරේ
නාන කාමරේ ඇතුලේ, තාපසයෙකි මා

© Kaseera Perera, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, February 28, 2021

කළුවර රැයේ - චන්ද්‍රා ආරච්චිගේ

කළුවර රැයේ, නිදිබර පැයේ
සිහිනේ සුවය සොයමී
ඔබ නැත ප්‍රියේ, අද පෙර ලෙසේ
සයනේ තනිව සිටිමී
තනිකම දැනේ, හදවත රිදේ
අඳුරේ සිතින් හඬමී
යළි හෙට දිනේ, එනු මැන ළඳේ
පෙර සේ බලා සිටිමී

මා නොම සිතා, පැවසූ වදන්
ඔබ රිදෙව්වාදෝ
ඒ ගැන කතා, දුර දිග ගොසින්
සිත හැඬෙව්වාදෝ
මා ඔබ හැඬෙව්වාදෝ

ඒ සුළු දෙයින්, කම්පා නොවෙන්
මට සමාවෙන්නේ
සුපුරුදු ලෙසින්, උණුසුම අරන්
කවදදෝ එන්නේ
ඔබ කවදදෝ එන්නේ

© Chandra Arachchige, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

නෙත හඬනවා - චන්ද්‍රා ආරච්චිගේ

නෙත හඬනවා
සිත රිදෙනවා
හිස බමනවා මාගේ
ඒ හදවතේ
සිසිලක් නැතේ
සිත ගලකි ඈගේ

මා අමනයෙකි
නොලැබෙන දෙයක
පසු පස දුවන සැමදා
ඇය මිරිගුවකි
ළංවෙනු නොහේ
දිවි කතරෙ කිසිදා

හෙට හිරු උදා
වෙන්නට එපා
මට අඳුර සුවදෙයි
ඇගෙ අත සදා
නොලැබෙන නිසා
මට ලොවම අහිමියි

© Chandra Arachchige, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, February 27, 2021

සීයාගෙන් මුණුපුරාට අවවාද (විරිදු) - කසීර පෙරේරා

මුණුපුරා:   ආයුබොවන් සීයෙ ඉතිං දැන් කොහොමද වාසදේස
ගොතලා කවියෙන් කියන්න හැකි ද ආප්තෝපදේශ
සීයා:   අපොයි මොකොද කියන්න බැරි

සීයා:    කියන්න නම් හැකිය පුතේ හොඳ රසබර පද බැඳලා
අහන්න මා දෙන ඔවදන් අවධානෙන් සවන් හෙළා
මුණුපුරා:    හොඳයි හොඳයි කියන්නකෝ

සීයා:    කිරි කල දහසකින් වුවත් කළු කපුටෙකු නෑව්වාට
නැතේ එයින් කිසි ඵලයක් සුදු කරන්න බෑ කපේට
මුණුපුරා:    ඒක ඇත්ත, සුදු සීයේ

සීයා:    මඩ වතුරේ සුදු රෙදිපිළි සේදීමත් ඒ වගේ ය
කොච්චර සේදුවත් ඉතිං මැකෙන්නෙ නෑ දුඹුරු පැහැය
මුණුපුරා:    සීයගෙ සිල් රෙද්ද වගේ

සීයා:    රඹුටන් කන්නට ගිය කල හෝදන්නට අවැසි නැතේ
එහි රසවත් මදේ කොටස මැනවිත් සුරැකිලා ඇතේ
මුණුපුරා:    අඹ අන්නසි එහෙම නේද?

සීයා:    ජම්බු පේර කෑවොත් ඒ ලෙස හෝදන්නේ නොමැතිව
නොයෙක් රෝග වැළඳීමට ඉඩ ඇති බව සිතට ගනුව
මුණුපුරා:    වෙරළුත් සෝදලා කන්න

සීයා:    පෙරැළෙන ගල්වල බැඳෙන්නෙ නැති බව කියවේ පාසී
බැසයන වතුරේ ඉනි පා කර නැත ලැබෙනුයෙ වාසී
මුණුපුරා:    හකුරු වක්කඩේ නොබඳිමි

සීයා:    තියෙනව නම් ඕනැ පදං විසි කරන්න රන් කාසී
ජීවත් වෙන්නට පුළුවනි සෑමදාම සිනා සිසී
මුණුපුරා:    මසුරං වටිනා කතාව

සීයා:    හෙට එන ලොකු දිනුමක් ගැන අද සිතමින් ඉන්නෙ කුමට
අද ඇති සුළු සතුට වුවද විඳගනු මැන එක හුස්මට
මුණුපුරා:    අදට වැඩිය හෙට නරකද?

සීයා:    යමක් සිද්ධවුණාට පසු අප කිසිවිට නොසිතූ ලෙසට
අඬන්නෙපා පලක් නැතේ කිසිදා ඉහිරිච්ච කිරට
මුණුපුරා:    ඉවසීමයි, සැනසීමයි

මුණුපුරා:    මේ වටිනා ඔවදන් අද රස කවියෙන් කියා දුන්න
සීයේ මගේ ආයුෂ ගෙන තව යහතින් කල් ගෙවන්න

සීයා:    පුතේ කෙනෙකුගේ ආයුෂ තව කෙනෙකුට වැඩක් නැතේ
මා දුන් උපදෙස් පිළිගෙන දිගු කල් වැජඹියන් පුතේ

© Kaseera Perera, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, February 24, 2021

ඔබෙ වදන්වැල් - කසීර පෙරේරා

ඔබෙ වදන්වැල් මා සවන් යුග පිනාලූ
කාලයක් තිබුණා
කොවුල් කූජන නිරතුරුව ඇසුණා
ඒ වසන්තය නිමවුණා
සිතක පිපිමල් පරවුණා
රැහැයි හඬ නැගෙනා
සවන් යුග පෙළනා
මා සවන් යුග පෙළනා

අතිරසත් තිත්තට දැනෙන දින
උදා වී ඇත දුක්බරයි
අපට මේ ඉරණම උරුම යැයි
සිතුවෙ නෑ මා ඇත්තමයි

එක්ව දෙදෙනා පා නැගු මග
එදා වගෙ නොව දුක්බරයි
ඉතින් දෙමගක යන්න කාලය
පැමිණ ඇති බව ස්ථිරයි

© Kaseera Perera, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ආදර සුදු කෙල්ලේ - රසන්ත චන්ද්‍රසූරිය

මහ මග යන විට, ඔබ දුටු සැම විට
සිත විකල් වුණා නොවෙදෝ
ඔබ මා දෙස බැලු සඳ මගෙ හදවත
සසල වුණා නොවෙදෝ
මිණි කැට නෙතු යුග, සඳවන් ඔබෙ වත
මා වශී කළා නොවෙදෝ
නාලිය ගමනින්, ඇවිදින ප්‍රිය කත
කියන්න ඔබ කවුදෝ
මට කියන්න ඔබ කවුදෝ

ඊයේ උදයෙත් බස් නැවතුම් පොළ ඔබ සිටියා මතකයි
ඔබෙ නෙත් මා නෙත් සුළු මොහොතක් හෝ හමුවූවා මතකයි
අද ඔබ වෙනතක දෑස යොමා
නොතකා ඉන්නේ ඇයි දෝ මා
කියන්න වී නොපමා
මට කියන්න වී නොපමා

හෙට දිනයේ හෝ හිත දිරි වඩවා ඔබ ළඟ හිඳගන්නම්
මා සිත ඉපදුණු ආලය පිළිබඳ බිඳුවක් පවසන්නම්
නව හිරු පීදෙන අරුණැල්ලේ
මගෙ ලොව සරසාලන කෙල්ලේ
ආදර සුදු කෙල්ලේ
මගෙ ආදර සුදු කෙල්ලේ

© Rasantha Chandrasuriya, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, February 21, 2021

මහලු මිනිසාගේ ගීතය - කසීර පෙරේරා

තරුණ ජීවිතේ නැවත නොඑන්නට ගෙවී ගියා
හදට සිසිල් සුවයක් නොම ගෙන දී මැකී ගියා
සිතේ නැවුම් හැඟුමක් ඉතුරුව නෑ
සිතේ සවිය මිස ගතේ සවිය නෑ
සැන්දෑවේ ජීවන සැන්දෑවේ

පැතු පැතුම් නොම සිතූ ලෙසින් ඇත බිඳී වැටී
සදාතනික දුක සිතේ රැඳී ඇත කඳුළු බිබී
හිරු නැග එන මුත්, බැස යන මුත් ඉස්සර වාගේ
පාළුව මිස ජීවිතයේ නැත වෙනසක් මාගේ

ලබා උපන් හැටි, බඹා කෙටූ හැටි අසා ඇතේ
පෙර පව, කරුමය, ඉරණම පිළිබඳ අසා ඇතේ
එනමුත් මට මේ තනිකම හිමිවේවියැයි කියා
සිහිනයකින් හෝ සිතුවේ නෑ පෙර දිනේ එදා

© Kaseera Perera, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, February 17, 2021

දිගැසියේ - ජනක සෙනෙවිරත්න

දිගැසියේ දිගැසියේ කොහිද සැඟවී ගියේ
මිහිකතින් මතුවෙන්න කැකුලියක සේ නොඉඳුල්

ආදරේ මුල් කවිය ලියූවේ නුඹ ගැනයි
ඉන්නවා දෝ අදත් කෝල හැඟුමෙන්
පංතියේ කෙළවරක හිඳ අකුරු කළ නුඹට
නොදැනුණි ද නෙත් සරක උණුසුමක්

බොහෝ දුර පිය නගා ජීවිතය හති සලයි
තවම නුඹ රුව සිතේ කෙළවරක සැඟවිලා
දුරින් හිඳ සුවඳ දුන් නුඹය ඒ මල් කැකුළ
කාගෙ හෝ හදක් ළඟ අද ලැඟුම් ගෙන ඇති

අපේ වත වියපත්ය කාලයේ කතර මැද
ඒත් හිත හැමදාම තරුණයි
හමුවුනොත් පාර තොට අහම්බෙන් අතරමග
නැත වරද නගනු මුදු සිනහවක්

© Janaka Seneviratne, 2021

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

හෙන්දිරික්ක මල් පිපිච්ච - අනුරුද්ධ වැලිගමගේ