වසත් සමයක අවසනේ
කුරිරු ගිම්හානයේ
රුදුරු රකුසා දත් විදා විත්
පිපුණු මල් පෙති මිලින කරනා සේ
පෙර දිනක මට පිදූ සෙනෙහස
ඉවතලා ඇවිදින්
සිතේ ඉතිරිව තිබුණ ජීවය
උරා බිව්වේ ඇයි
ඔබ උරා බිව්වේ ඇයි
දරාගන්නට බැරුව ඒ දුක
මගේ නෙත කඳුළැලි සලද්දී
දා බින්දු පිසගන්න යැයි
සරදමින් පවසා
සිනා පෑවේ ඇයි
ඔබ සිනා පෑවේ ඇයි
මට එපා ඔබ මට එපා
මෙලොව වසනා තුරා
සසර ගෙවෙනා තුරා
මට එපා ඔබ මට එපා
වසන්තය නැත සදාකාලික
දැන සිටිය මුත් මා එදා සිට
ඔබ ගෙනා ගිම්හානයේ දුක
යළිත් හෙට දින විඳින්නට මට
අවැසි නෑ, අවැසි නෑ
මේ ලොවේ මා සැඟව ඉන්නේ
කොහේදැයි ඔබ සොයා පල නැත
නැවත ඔබ රුව දකින්නටවත්
සිතේ පිරියක් නෑ
© Rasika Imbulgoda, 2021මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
No comments:
Post a Comment
මේ ගී පදමාලාව පිළිබඳව ඔබේ අවංක අදහස් කරුණාකර මෙහි සඳහන් කරන්න. යෝජනා, චෝදනා, පසැසුම්, ගැරහුම් සියල්ල ආදරයෙන් පිළිගනිමු. ස්තුතියි.