පිරිමි:
මුදා සළුව රැස් සඳ හොර රහසේ
ළය මත ගඟ දිය වැතිරී හිනැහේ
වැදී ලවන් හා නෑඹුල් කුසුමේ
පිස එන සුවඳින් සිතිවිලි ඇහැරේ
ගැහැණු:
රොන්සුණු ඉහිලා මල් ගොමු ගානේ
සුළං සරේ මනමාලයි විසිරේ
හොවාන පපුතුර රෑ සඳ පානේ
ඔබෙ උණුසුම හද අයදී මාගේ
පිරිමි:
සපැමිණ සිහිනෙන් මුව වෙත එබෙනා
මුතු දෙනෙතක හැඩ මා හද රඳවා
පරසතු කුසුම ව පිට ගම වඩිනා
රබන් සුරල් පිට ගමකින් ඇසුණා
ගැහැණු:
සුසුම් නළින් නෙතු රන් තරු නිමුණා
ලැම විල පිපි ගෝමර පෙති සැලුණා
සල්මල් ලවනත ඇස් වැසි වැටුණා
අකුණු ඉතිරි කර බක් මහ ගෙවුණා
© Dilhan Fonseka, 2025මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com