මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Sunday, June 14, 2026

හෙන්දිරික්ක මල් පිපිච්ච - අනුරුද්ධ වැලිගමගේ

හෙන්දිරික්ක මල් පිපිච්ච, පාට වැටුණු තරු දිලිච්ච
සඳ රැස් පිරි ගුරු පාර දිගේ
ගවුම පුරා මල් හැලිච්ච, හිනා හඬින් මුව පිරිච්ච
සුදු නංගිගෙ හිනාවයි අගේ

රෑ හීනෙන් මට පෙනිච්ච, මගෙ ම ව‍ගේ මට දැනිච්ච
විදුලි කොටන නෙත් යුවළ ඇගේ
ඇඹුල බෙදන කොට පෙනිච්ච, රන් තැඹිලිය සේ පිරිච්ච
හංස යුවළ හරි දඟයි වගේ

තනි යහනේ දුක දැනිච්ච, සුසුම් හැඟුම් ගුලි ගැහිච්ච
කාලය දැන් නිම වෙලා වගේ
අහස පුරා සඳ පිරිච්ච, පැතුම් පොකුරු මල් පිපිච්ච
ඔබෙන් බහක් ලැබෙයි නම් අගේ

© Anuruddha Weligamage, 20206

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ඉර හඳ තරු යට - අනුරුද්ධ වැලිගමගේ

ඉර හඳ තරු යට දිලිසෙන මිණි කැට
සඳ රැස් වතුරේ දිලිසෙන පිනි කැට
වැටි වැටි නැගිටින තරු කැට මුතු ඇට
වාගෙයි දරු කැල ගත් විට එක මිට

හිරු හිනැහෙන විට පිපෙනා මල් මිට
සිහිකර දෙනවා සිනහව මුව කට
පොඩි පැල ලොකු වී මහ ගස් වන විට
දෝරෙ ගලයි සිත මව් පිය යුවළට

කැටයම් වැඩ නැති සුනිමල හඬකට
සවන් තෙමෙනවා සුමියුරු වදනට
පා යුග සොලවා රැඟුම් රඟන විට
වාන් දමනවා ගුරු සිත සතුටට

© Anuruddha Weligamage, 2026

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

මන්දාරම් නුවරට - අනුරුද්ධ වැලිගමගේ

මන්දාරම් නුවරට වැහි වහින්නට ළඟ යි
හීන පිරුණු ආකාශය හරි ම කළුවර යි
පැයූ දේදුන්නේ බොඳ පැහැය දුක්බර යි
අද නම් ඔබ හමුවන්නේ නැති ම නැති හැඩ යි

දුම්බර කඳු යාය මත්තෙ කෝච්චිය හැඩ යි
අපේ හිතත් යාකෙරුවේ මැණිකෙලා තම යි
හීත සුළං පොද දැනුණම තුරුල උණුහුම යි
තාමත් හිත රිදුම් දෙන්නෙ ඒ හාද්ද ම යි

මීදුම් තිර කඩා වැසෙන කඳුත් දුක්බර යි
නිම්න සානු මිටියාවත් හරි හැඟුම්බර යි
පැතුම් පොකුරු පිරෙන හිඳෙන මසිත චංචල යි
හිනා පිරුණු ඔබ දකින්න ගත ම කලබල යි

© Anuruddha Weligamage, 2026

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, May 28, 2026

පෙරුම් පුරමින් හමුවුණේ - රසික සූරියආරච්චි

පෙරුම් පුරමින් හමුවුණේ
එදා විඳි දුක් යළි විඳින්න ද?
සුසුම් හෙළමින් වෙන්වුණේ
සදා ඒ ගැන පසු තැවෙන්න ද?

අතින් අත පැටලුණු නිමේෂය
සිහිනයක් සේ ගෙවීලා
සිතෙන් සිත සිරවුණු වදන් වැල්
දෙතොල් මත්තේ මිදීලා

භවෙන් භවයේ පුරුදු විලසට
අදත් ඇත දුක උදා වී
මෙවන් මොහොතක් යළි නොඑන්නට
කරමු අදිටන් ප්‍රියාවී

-රසික සූරියආරච්චි

© Rasika Suriyaarachchi, 2026

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, May 24, 2026

යොවුන් වියේ - අජිත් වික්‍රමරත්න

යොවුන් වියේ සොඳුරු සමය
ආදරයෙන් මුසු වූ හද
සිව් වසරක මතක සිහින
අවදි කරන දිනයයි අද

අතීතයේ සෙනෙහස මැද
අත්වැල් බැඳ හමුවන සඳ
පේරදෙණියෙ සෙවණ යටට
සිතින් ඇදෙන මොහොතයි අද

හන්තානේ සෙවනෙහී
සතුට සපිරි කාලයේ
යොවුන් දිවිය ගත වුණේ
යදම් නොමැති ලෝකයේ
නිදි වරා රැය පුරා
දැනුම සෙවූ ජීවිතේ
තිත්ත වූ, මිහිරි වූ
පේරදෙණිය ආදරේ

දුරින් දුර ගියත් අපී
ලොව පුරා මං පෙතේ
නො මැකුණේය කිසි දිනේ
අපගේ සබඳකම් බලේ
එක්ව අත්වැල් බැඳන්
හමුවෙනවා අද දිනේ
රැකෙයි සෙනේහය සදා
අපේ සොඳුරු හදවතේ

© Ajith Wickramaratne, 2026

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ආදර පියාණනි - පාලිත ගනේවත්ත

ආදර පියාණනි
මා ඔබගේ පුතු වේ

කුමර වියේ නිති මා ළඟ රැඳිලා
ආදර වදනින් මා හද නළවා
දිවි හිමියෙන් මා රැක ගත්තා
ආදර පියාණනි, මාගේ පියාණනි

බිළිඳු වියේ මා නිදි යහනේ දී
මා නිදනා තෙක් මා ළඟ සිටියා
නිඳි දෙව්දුව මා ළඟට එනතුරා
කියූ කතන්දර තාමත් මතකයි

පාසැල වෙත මා උදෙන් ම ඇරලා
මා හිස අතගා මා දිරි ගන්වා
උදම් වුණේ මා දස්කම් පෑවිට
ආදර පියාණනි, මාගේ පියාණනි

සරසවියෙන් මා උපාධි ලබලා
පිය සෙනෙහස පා මා සිපගත් දා
ඔබ දෙනෙතේ රැඳි සතුටු කඳුළු බිඳු
තාමත් මට මතකයි, මාගේ පියාණනි

© Palitha Ganewatta, 2026

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, March 8, 2026

රෑ අහසේ තරු වැස්සේ - ගයත්‍රි පෙරේරා

රෑ අහසේ තරු වැස්සේ
නිමක් නොමැති අහසක් යට
දිස්නය දෙන
සුන්දර දසුනක් දකින්න
මගේ දෙනුවන් මට ම දෙන්න
මට ආයෙත් මං දකින්න
මගේ දෙනුවන් මට ම දෙන්න

අඳුරු රෑයේ කළු පැහගත්
රූ සිතුවිලි සැම අතරින්
මිදී යන්න
මට ආයෙත් මං දකින්න
මගේ දෙනුවන් මට ම දෙන්න

සුළං සරින් නැළැවි නැළ වි
ගංතෙර මිමිණූ රහසක්
අහන් ඉන්න
මට ආයෙත් මං අහන්න
මගේ දෙසවන මට ම දෙන්න
මගේ දෙනුවන් මට ම දෙන්න

© Gayathi Perera, 2026

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, December 30, 2025

ඇය මාගේ වස්සානය විය - ගයත්‍රි පෙරේරා

ඇය මාගේ වස්සානය විය
මගේ මල් වසන්තය විය
කාලය දිගු වූ
ආලිංගන රැඟුමක් සේ
සංගීතයක සුවඳක් සේ
මන්මත් කළා මා

හීන මාවත් අතරම තනි වී
සොයන්නෙමී ඈ නිහඬ ව මා

ඇයගේ දෙනෙතේ
සුනීල පැහැයෙන්
සිත්තම් කළා දහවල් නුබ   
කුරුටු සයුරක් මෙන් වූ එහි
ගැඹුරු සෙවනැල්ලක් විය මා

ඇය මට කිසිදා
වෙලා ගන්න බැරී
සුමිහිරි සරයක් වූව ද
හදවත කම්පිත කරමින්
ගලන වෙණ තතක් විය මා

© Gayathi Perera, 2025

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, December 25, 2025

නිල්වන් අහසේ - රසන්ත චන්ද්‍රසූරිය

නිල්වන් අහසේ පුංචි වලාපෙළ හෙමින් හෙමින් පාවෙන්නේ
නුඹේ සිනා මැද මගේ සිතත් අද අලුත් මගක පියඹන්නේ
අඳුරු වලාකුළු මකා දමා රන්වන් හිරු රැස් විහිදෙන්නේ
නැවුම් පෙමක මිහිරක් විඳිමින් සිත මල් සුවඳක් තැවරෙන්නේ

සුරඟන විලසින හිනැහී
මගේ ලොවට නුඹ ආවා
පෙම් මල් දහසක් පිබිදී
මගෙ හදවත ඇත සුවපත් වී

සිත මුදු සිසිලක දැවටී
දුක, දොම්නස ඇත වියැකී
මිහිරාවියෙ මම සැමදා
රකිනෙමි ඔබ මැණිකක් විලසා

© Rasantha Chandrasuriya, 2025

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, December 24, 2025

පෙරුම් පුරා මඟ බලා - රසන්ත චන්ද්‍රසූරිය

පෙරුම් පුරා මඟ බලා සිටිය සිත හෙමින් නිහඬව ම තැවෙනවා
නෙතින් ගලා එන කඳුළු ප්‍රවාහය මහද දුක ලොවට කියනවා
මගේ ලොවට පෑයූ ඉරු, සඳු අඳුරු වලාවෙන් වැසුණ දෝ
මියැදුණු ආදර සැමරුම් අතරේ ජීවත් වී මට කුමට දෝ

ගියත් ඔබ මා හැරදමා
තවම මම ඉමි මඟ බලා
එනතුරා ඔබ මා සොයා
යළිත් දිනයක මිහිරියේ

නාය ගිය පෙම් සිහිනයේ
නටඹුන් ය සැමතක ප්‍රියේ
ඔබෙ සුවඳ සැමදා දැනේ
සිටින තුරු මා මේ ලොවේ

© Rasantha Chandrasuriya, 2025

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, December 13, 2025

අදිටන් නොබිඳේවා - රසිකා ඉඹුල්ගොඩ

අදිටන් නොබිඳේවා, පැතුම් සුන් නොවේවා
ඔබෙ හදවත තුළ මතු දිනයක දී
රන්මල් සුපිපේවා

දිවි මඟ සරුවේවා, යහපත සැලසේවා
සිත තුළ මිරිකෙන ඔබෙ පැතුමන් සැම
හෙට දින ඉටු වේවා

දුක් ගී නොගැයේවා, සුසුමන් නොහැලේවා
ඔබෙ ජීවිතයට අරුණලු රැස් වැද
සහනය එළැඹේවා

සිත සුවපත් වේවා, හදවත සැනසේවා
ජීවිත සටනින් ජය ගන්නට මෙය
සෙත් කවියක් වේවා

© Rasika Imbulgoda, 2025

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, November 11, 2025

සාරි සරුංගල් - එස්. එම්. ජයසූරිය

සාරි සරුංගල්, වාසි සුලං රැලි
නේක නර්තන, දෑස සතපන
සාරි සරුංගල්

පැද්දි පැද්දි යන, ගැස්සි ගැස්සි යන
සාරි සරුංගල්
නූල කැඩී යන, ඉස්සි ඉස්සි යන
සාරි සරුංගල්

දෑස ඉදිරිපිට, ඈත ක්ෂිතිජයේ
පෙනී නොපෙනි යන
සාරි සරුංගල්
උපන් තිඹිරිගෙය, හැදී වැඩුණු ගෙය
අතැර දමා යන
සාරි සරුංගල්

© S. M. Jayasuriya, 2025

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, October 28, 2025

වයසින් මෝරන තරමට මා - නිහාල් රූපසිංහ

වයසින් මෝරන තරමට මා
තව තව ඔබ ගැන වැටහෙනවා
හීනෙන් ඇවිදින් පුතේ කියා
අමතනු මැන මා පියාණෙනි

යුතු දේ ඉටු වූයේ නිහඩවය
වදන් පිට කළේ හිතලා දුරට
දුක සැප වින්දේ ඔබ සම මෙතින
ස්තූතියි, මට දුන් ශක්තියට

පැතුවේ ලෝ හොඳ හිතමය නිතින
ඇවිලේ තවම ඔබ දැල්වූ පහන
උල්පත ඔබමය හැම සිතුවිල්ලේ
සදා නිදන තැන කොහෙද කියන්න

© Nihal Rupasinghe, 2025

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සව් කරදහි - අනුරුද්ධ වැලිගමගේ

සව් කරදහි, බට පතුරුයි අරගෙන අපි එදා
වෙසක් කූඩු සෑදූවෙමු සිතේ සතුට සදා
කාර් එකෙන් සුපිරි වෙළඳහළට යමුකො මෙදා
වෙන අය හැදූ කූඩු උජාරුවෙන් ගෙනෙමු මෙදා

මැටි පහනේ තෙල් පුරවා සුදු තිරවැටි යොදා
බුදු තෙමගුල සිහිකෙරුවා පහන් වැටක් සදා
කඩෙන් ගෙනා බකට් තුළට බල්බ් වැලක් දමා
ක්ෂණික වෙසක් සමරන්නෙමු අපි සතුටින් මෙදා

සුදු සරමෙන්, ළමා සාරියෙන් හැඩ වී එදා
අත්තම්මා එක්ක ගිහින් සිල් ගත්තෙමු එදා
විස්කි සමග එළ බයිටක් හපන ගමන් මෙදා
ටීවී රියැලිටි ෂෝ බණ අහමු ද අපි සුදා

ලෑන්ඩ් මාස්ටරේ නැගිල තොරන් බැලුව එදා
වෙසක් මතක තුළින් නැගුණ සතුට ගොඩයි එදා
දන්සැල්, ඔළු බක්කො, ඩිස්කො අපට මොටද මෙදා
ටික් ටොක් කර ගේම් ගහමු සතුට එයයි මෙදා

© Anuruddha Weligamage, 2025

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, October 19, 2025

වැල් පාලමෙන් ආවා දෝ - අනුරුද්ධ වැලිගමගේ

වැල් පාලමෙන් ආවා දෝ
සඳ සීතලේ තෙමුණා දෝ
තරු මංසලේ හැඬුවා දෝ
මගෙ සිහිනයේ හිමි වේ දෝ

දේදුනු විලෙන් මතුවේ දෝ
හිම ගිරි මුදුනේ සැඟවී දෝ
කෙත්වතු මැදින් ආවා දෝ
සිරිකත මගේ ඔබ කොහි දෝ

මීන නුවන් ඇතුවා දෝ
රිය සක ඔබහට පරදී දෝ
දෙව්ලොව සුවේ ගෙන දේ දෝ
ඒඅයි රුවක්වත් වේ දෝ

© Anuruddha Weligamage, 2025

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, September 16, 2025

කූඩලු බුරුතු උඩින් දිවු පාරේ - හේමාල් ජයවික්‍රම

කූඩලු බුරුතු උඩින් දිවු පාරේ කාපට් පෙත වැටිලා
එකම ගෙයක් තිබුණා වූ ඉඩමේ පොකුරු ගෙවල් හැදිලා
ඝන වනයක් වූ මහ කන්දත් නොදැනිම එළිපෙහෙළි වෙලා
මීමිනි, ඉත්තෑ, ඌරු, රිලා කැල කැලෑව අතහැර ගම් වැදිලා

සුඟට තිබුණු ඉඟ මහත්වෙලා
ළැම හස බිමට ම නැමිලා
හන්දිපතුත් වාතෙන් පිරිලා
තලත්තෑනිකම උදාවෙලා

එක දෙක කෙස් වැටි පැහිලා
මූණේ රැල්ලක් වැටිලා
තරුණකමට සමු දීලා
මා ටික ටික වයසට යනවා

කැලෑ පැන්න ලොකු කොල්ලා ගව, එළු බලන්න සූරවෙලා
ඇඟේම එල්ලී සිටි කෙලි ගැට්ටී කෙතේ ගොයම් නෙලලා
ඉස්කෝලෙට ඇල්මක් දැක්වූ පුතු දුර බෝඩිම් කරලා
උන්ගෙ පියා තව පැට්‍රොල් යනවා කෝච්චි පාරෙ ම නාකිවෙලා

© Hemal Jayawickrama, 2025

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

කඳුළු පිසදලා - හේමාල් ජයවික්‍රම

කඳුළු පිසදලා, කඩතොලු මැකූ, ඕ කොම්බී
දිරිය පුබුදලා, තනියෙන් සිටි හැටි කියනූ
ගත ගොදුරුවෙලා, ගැබ්ගත් මව, ඕ කොම්බී
තනිව නැගිටලා, ලොව ජයගත් හැටි කියනූ

පිරිමින් පරදා නැගිටියෙ වෙරදා කොහොමැයි
වරිගය හැරදා උන් හැම පරදා දිවුවැයි
උපතේ පාපෙන් උන්ගේ සාපෙන් මිදුණැයි
විඳි සන්තාපෙන් පන්නරයක් තිට ලැබුණැයි

නුඹ කවිකාරී වී හැම පැත්තට දෙඩුවැයි
නුඹ හැඩකාරී හැම වසඟෙට ගෙන පෙළුවැයි
නුඹ වැඩකාරී දෑත දෙපා වෙර දැරුවැයි
නුඹ කටකාරී අපගේ ශක්තිය වෙන්නැයි

© Hemal Jayawickrama, 2025

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, September 9, 2025

තෝරාගත් ගේයපද සඳහා සහතික ප්‍රදානය (2022/23 සහ 2024)

"ගී-ලියමු" ගේයපද සංචිතයේ 2022, 2023 සහ 2024 වසරවල දී පළ වූ ගීත අතරින් ප්‍රශස්ත රචනා තෝරා ඒ නිර්මාණකරුවන්ට සහතික පත්‍ර දීමට දැන් කටයුතු සූදානම් කොට ඇත.

මෙහි දී 2022 සහ 2023 දෙවසර එක කාණ්ඩයක් ලෙසට ද, 2024 වසර අනෙක් කාණ්ඩය ලෙසට ද ගෙන ගේයපද අගැයීම් කරනු ලැබිණි. ඒ අනුව, 2022/23 දෙවසරේ දී ගේයපද 55 ක් ද, 2024 වසරේ දී ගේයපද 37 ක් ද ඇගයීමට ලක්කරන ලද අතර මේ සඳහා සත් දෙනෙකුගෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් සහභාගී වූහ.

"ගී-ලියමු" ගේයපද සංචිතය සඳහා ගීත ඉදිරිපත් කළ සියලු රචකයන්ට අපේ ස්තුතිය පුද කරමු. ඔබ විසින් ඉදිරිපත් කොට තිබූ සෑම නිර්මාණයක් ම පාහේ ඇගයීමට ලක්වී තිබුණි.

ඒ අතුරින්, විනිශ්චය මණ්ඩලයේ වැඩි දෙනාගේ පැසසුමට භාජනය වූ ගේයපද පහත සඳහන් වේ.

2022/23: ගේයපද ඇගයීම් අනුපිළිවෙල

1.   නිසල සිත් විල - රසික සූරියආරච්චි
2.   තරු අහුරු මල් - අනුරුද්ධ වැලිගමගේ
3.   සුසුදු ජල බිඳු - දුමින්ද අබේසේකර
4.   එක සවසක මා - රසිකා ඉඹුල්ගොඩ
5.   ගෙදර වත්තේ - අනුරුද්ධ වැලිගමග
6.   මංකඩ ළඟ - අනුරුද්ධ වැලිගමගේ
7.   ජීවිතයට මද පවනක් - පුෂ්පා සූරියආරච්චි
8.   ඇහිපිය යට හීන තියා - අනුරුද්ධ වැලිගමගේ
9.   ආදරේ දිවි මඟට - රසිකා ඉඹුල්ගොඩ
10.  දෙවැට දිගේ - අනුරුද්ධ වැලිගමගේ

2024: ගේයපද ඇගයීම් අනුපිළිවෙල

1.   විසල් අහස යට - රසන්ත චන්ද්‍රසූරිය
2.   රෝස කැකුළු - අනුරුද්ධ වැලිගමග
3.   රොබරෝසියා ගස් - අසිත උදයංග
4.   හිත ගාව පෙම් - ශානිකා ශෂීප්‍රියා ද සිල්වා
5.   හිරු නැග එනවා - රසික සූරියආරච්චි
6.   සිනාවෙනු මිස - රසිකා ඉඹුල්ගොඩ
7.   රන් හිරු රැස් - රසන්ත චන්ද්‍රසූරිය
8.   රන් හිරු පොළොවට - රසන්ත චන්ද්‍රසූරිය
9.   සඳ සිසිල සිත - රසන්ත චන්ද්‍රසූරිය
10.  දිවි මඟට ඇවැසිමුත් - රසිකා ඉඹුල්ගොඩ

ස්තුතියි.

හේමාල් ජයවික්‍රම, සම්බන්ධීකාරක,
ගී ලියමු වැඩසටහන, ලේඛක සංසදය

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, September 5, 2025

සඳේ සාවිය - නයනශාන්ති දිසානායක

සඳේ සාවිය පෙම් බැඳ, වලාකුළ හා හාදව
දිස්නෙ දුන් ඒ රිදී ඉර ළඟ මඳ'ඳුරේ ගුලිව
සඳ යහනතින් වෙන්වී උණු කඳුළු බිබී ළතැව
මාවතේ සැරි සරන්නී ජීවිතය තුළ තනිව

රිදුම් දෙන හද වසා වත්සුනු උලා වත සවස
පිපුණි රැය කඩුපුල ව පිනවා නිශායම පවස
නෙතින් ඇරයුම් ලබා සරතැස නිවා දුන් පහස
ලොවෙන් සඟවා හොවා හද තුළ සුරැකි ඒ රහස

රැය පුරා විඳ දහවලේ උන් නාඳුනන මිහිර
තෙපැළු දාහක් රහස් මන්තර සවන ළඟ කොඳුර
පුරන සිල්වත් බව මතින් ඈ අපුල කර බැහැර
නිවන දොරටුව නුදුරුවේ ඇත වෙලා හද මැඳුර

© Nayanashanthi Dissanayake, 2025

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, September 4, 2025

වත රූසිරි රුවට දිලේ - ඥාණා නාගොල්ල

වත රූසිරි රුවට දිලේ සදිසි පබාවත
නැණ ගුණ ගැන කියයි ඇගේ යශෝධරාවත
නැත උවමන් බැඳුණු පෙමට නැඳිමයිලන් වෙත
කිම රිදවනු ඇය නිරතුරු කියන්න මා පුත

ළයේ රුහිරු කිරට හැරුණෙ පුතේ නුඹ නිසයි
කුසේ නොදැරුවත් පුතුනේ දියණිය ඇයමයි
ඇගෙ සෙනෙහස මල්දම සේ ඔබහට පිදුවයි
සරන තුරා සසර මඟේ ඉන්නට ආවයි

අබිනික්මන කළ දා නුඹ ඉසුරු සොයා ගෙන
බරණැස් රජු සටනට විත් මල්සර දුනු ගෙන
පෑව අනඟ රැඟුම් දුටිමි සඳකිඳුරිය ළඟ
ඇගෙ පතිදම අත්වැල විය හිමගිර පාමුල

© Gnana Nagolla, 2025

මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

ළඟදීම පළ කළ ගේය පදමාලාව