----------------- මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න. -----------------
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Wednesday, February 26, 2025

රැය නිදිවරා - රසිකා ඉඹුල්ගොඩ

රැය නිදිවරා මගෙ නෙතු බරයි
සිත දුක වැඩියි හද ඉකිබිඳියි
ඊයේ දිනේ වූ දේ යළිත් නොම වේවා පතමී
තනි සයනයේ ගුලි වී දෙනෙත් තදින් පියා ගනිමී

ඇයි හැම දිනේ මා පැරදුණේ
දුක මිස සැපක් ඇයි නොලැබුණේ
නින්දා බැණුම් ගැරහුම් රිදුම්,
ඇයි මේ තරම් මා වටකරන්

හෙට හිරු උදා නොම වේවි දෝ
සදහට සිතේ දුක පමණි දෝ
දාහය නිවා සිසිලස සදා,
කොයි දිනයෙ දී වැසි ඒවි දෝ

© Rasika Imbulgoda, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, February 25, 2025

සිත ඉකි ගසයි - රසිකා ඉඹුල්ගොඩ

සිත ඉකි ගසයි, හදවත බරයි
නෙතු අග මගේ කඳුළැලි පිරෙයි
ඔබ අත කිසිත් වරදක් නැතේ
මගෙ දුක මගෙයි, කඳුළැලි මගෙයි

මා හැරදමා ඔබ ගිය දිනේ
හිරු මිය ගියා, සඳු සැඟවුණා
මගෙ ලොව සදා අඳුරේ ගිලී
දුක්බර ලොවේ මා සිරවුණා

පෙම් සුරපුරේ තුරුලේ ඇගේ
සුවසේ රැඳී ඔබ අද සිටී
මගෙ දුක මගේ, කඳුළැලි මගේ
ලෝදමත් ඇත එරෙහි වී

© Rasika Imbulgoda, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

කොඳුරාලා ඔබ මට කීවා - චන්ද්‍රා ආරච්චිගේ

කොඳුරාලා ඔබ මට කීවා
ඉඳුරා ම ආදරෙයි කියා
සඳ ගාව තරුවක් වාගේ
මා ගාව ඉන්නම් කියා
කෝ දැන් අනේ කෝ ඔයා?

පෙරදාක සැන්දෑ කලේ
හිරු ඈත මුහුදේ ගිලෙද්දී
සුකුමාල ඔබ රූ සිරී
විඳ මා තුටින් සැනසුණා

අද රෑට සඳ හා තරූ
දුර ඈත පායා දිලෙද්දී
ඔබ නෑනෙ මා ළඟ රැඳී
නෙතු මාගෙ කඳුළින් පිරේ

© Chandra Arachchige, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, February 23, 2025

සෙවනැල්ල ඇද වැටේ - රසිකා ඉඹුල්ගොඩ

සෙවනැල්ල ඇද වැටේ, හුස්ම ඉගිළෙතේ
ලෝකය දිවයයි රාත්‍රියේ සැඟවී
කෙඳිරිළි හඬ නැත, වැලපෙන හඬ නැත
නිමක් නොමැති නිහැඬියාව පමණයි
ගැඹුරු තුමුල නිහැඬියාව පමණයි
ඉතුරු වී තිබෙන්නේ

කාලය බොඳ වේ, පෑ තැටි වැලපේ
අතීත නටඹුන් මග ඔස්සේ මතක සැරිසරයි
මකුළු දැලක් සේ දිවිය බිඳී යන්නේ
කිසිවෙකුත් නොමැත මෙහි ඒ ගැන වැලපෙන්නේ

ඉදිරිය නොපෙනේ, දසතම අඳුරුයි
ඇත්තේ නිම්නැති බිය ගෙනෙනා රික්තය පමණයි
අවසන් හුස්මෙන් දොරක් වැසීයන්නේ
ජීවයක් තිබුණ තැන දැන් කිසිවක් නැත්තේ

© Rasika Imbulgoda, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Saturday, February 22, 2025

ප්‍රාර්ථනාවක් හද පුරවා - රසිකා ඉඹුල්ගොඩ

ප්‍රාර්ථනාවක් හද පුරවා, ඔබ මා දෙස බැලුවා
අහංකාරයෙන් උදම්වෙලා, මා වෙනතක බැලුවා
අද මා දුක් වෙනවා
අහිමි ආදරේ මගෙ සිත පාරනවා

එදා අහිමි වූයේ මගෙ අනාගතය නොවෙදෝ
අද මා දුකෙන් තැවෙන්නේ ඒ පාපය වෙනුවෙන්දෝ
මා සිත විමසන්නේ

අතීතයට පිවිසී එය වෙනස් කරනු හැකිදෝ
ඔබ දෙස බලා ආදරෙන් මට සිනාසෙන්න හැකිදෝ
එය සිහිනයක්මදෝ

© Rasika Imbulgoda, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

සෙනෙහස බොඳකර - චන්ද්‍රා ආරච්චිගේ

සෙනෙහස බොඳකර, කඳුළැලි හිමිකර
ඔබ මට දුන් දුක දැන් ඇති හොඳටම
යළි මට හිරිහැර, කරදර නොකරන්
සදහට මගෙ ලොව අතහැර දුරුවෙන්

මගෙ සිත තුළ යළි ඔබ ගැන කිසිවිට
ඇති නොමවේ පෙර මා පිදු සෙනෙහස
මට මගෙ පාඩුවෙ ඉන්නට ඉඩහැර
යළි මා ගැන නොසිතනු මැන සදහට

ඔබ වැනි අදමිටු අයෙකු සමීපේ
විසුම ද දුකකිය ඒ පෙර පවකි ය
උපරිම දුරකින් වෙන් වී සිටිනෙමි
යළි ඔබ සෙවනැල්ලක් හෝ නොපතමි

© Chandra Arachchige, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Friday, February 21, 2025

දැන දැනම වලේ වැටෙති - රසිකා ඉඹුල්ගොඩ

දැන දැනම වලේ වැටෙති නොසිත දෙපාරක්
කවදාද අනේ ඉගෙන ගන්නෙ පාඩමක්?

නිය පිටින් කඩන්නට හැකි දේ පසුවට කල් දාලා
පස්සෙ ඇවිත් දුක්වෙනවා පොරවට බර දීලා
ගහ හැදෙන්නෙ නැති බව හොඳ හැටි දෙපෙතිවලින් පෙනිලා
උදේ හවා පොහොර වතුර දානව සැනසීලා

උදේ ඉඳන් වැස්සක් එන සලකුණු ඇත අහසේ
එය දැක දැක වතුර දමමු පාත්තියට රිසිසේ
ආදරයක් නොව විසකුරු බව ඇසුරෙන් දන්නේ
ඒ නොතකා විවාහ වී ඇයිදෝ දුක් වෙන්නේ

© Rasika Imbulgoda, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ඔබ මට ආදරෙයි ද? - චන්ද්‍රා ආරච්චිගේ

ඔබ මට ආදරෙයි ද, මට කියන්න
එතකොට මට පුළුවන් බලා ඉන්න
ඔබ මට හිමිවෙන තුරු බලා ඉන්න
කවදා හෝ
ඔබ මට හිමිවෙන තුරු බලා ඉන්න

ඔබ මට අකැමති දෝ මට කියන්න
එතකොට මට පුළුවන්, වෙනතක් බලාගන්න
සිහිනය අමතක කර වෙනතක් බලාගන්න
(මගෙ) සිහිනය අමතක කර වෙනතක් බලාගන්න

ලෝකෙ ඔබට ගැලපෙන අය, සිය දහසක් ඇතී
මට ද ඒ ලෙස ම ගැලපෙන සිය දහසක් ඇතී
(එහෙනම්) ඔබටම මා, මටම ඔබව
හිමිවිය යුතු යැයි කීමේ තේරුමක් නැතී

ඔබ ලැබුණොත් මගෙ දිවියට හයියක් වේවී
ඔබට ඒ ලෙසම සිතුණොත් අප එක්වේවී
(එනමුදු) ඒ සුපැතුම් ඉටු නොවුණත්,
අපෙ ජීවිත උරුම පරිදි ගලාන යාවී

© Chandra Arachchige, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

රන්වන් අරුණළු උණුසුම මැද්දේ - රසිකා ඉඹුල්ගොඩ

රන්වන් අරුණළු උණුසුම මැද්දේ
අරලිය මල් පිපිදේ
රහස දසත විහිදේ
මුදු පහස දෙවන පෙති සේද ලෙසින දිලිසේ

මඳ පවන සමග ඒ සොඳුරු සුවඳ පැතිරේ
හදවතට සහනයක් ගෙන දෙමිනා
සොඳුරු අතීතේ මිහිරි මතක සිහිපත් කරනා
සිත පතුලම කුල්මත් කරනා

කිසි දිනක නැවත නෑ එන්නේ ඒ කාලේ
ඒ වුවද සිතට දුක නොදැනේ වී
උදය පිපී ආ අරලිය මල් පරවී යාවී
ලෝ දහමට අනුගත වේවී

© Rasika Imbulgoda, 2025
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, February 20, 2025

ජනේලයෙන් ඉවත බැලිමි දෑස් විහිදලා - කසීර පෙරේරා

ජනේලයෙන් ඉවත බැලිමි දෑස් විහිදලා
ඔබ සිටියා උදෑසනම රුවෙන් පිබිදිලා
සුන්දර රෝස මලේ
ඇයි මා සිත වශී කළේ?

හෙට උදයෙත් ඔය විලසින් හිනැහේවි
පෙම් සුවඳින් පරිසරයම පුරවාවී
ටික දිනකින් ඔය රූ සිරි වියැකේවී
පෙති ගිලිහී මද සුළඟේ විසිරේවී

අද සුව දෙන දේ හෙට දුක ගෙන දෙන්නේ
ඉපදුනොතින් මරණය නියතව වෙන්නේ
ලොව සියළුම දේ අස්ථිර බව සත්තයි
රෝස මලේ නුඹ ඒ බව මට පෙන්වයි

© Kaseera Perera, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

ඔබේ දිවියට සිසිල ගෙනදෙන - චන්ද්‍රා ආරච්චිගේ

ඔබේ දිවියට සිසිල ගෙනදෙන
මන්ද මාරුතයක් වෙන්නයි
තැත්කළේ මා මිහිරියේ
මගේ දිවියට කුරිරු කම්කළ
චණ්ඩ සැඩ සුළඟක් වුණේ
ඇයි ද ඔබ මිහිරියේ

හිරු දවන මරු කතර මැද්දේ
සෙවන දුන්නෙමි කෙම්බිමක් වී
නිවා සරතැස, සදා සිසිලස
සැනසුවෙමි ඔබ සීත ගඟුලක් වී

දිවි මගට ඔබ අවැසි මොහොතේ
රැවටුවා මා මිරිඟුවක් සේ
හොවා ගිනි මත, දවා මා හද,
වැනසුවා ඔබ, මසිත පිපි ආදරේ

© Chandra Arachchige, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, February 19, 2025

උදෑසනින් හිරු සමගින් අවදිවෙන් පුතේ - කසීර පෙරේරා

උදෑසනින්, හිරු සමගින්, අවදිවෙන් පුතේ
ඔබේ ඉදිරි අනාගතේ, අද සිට ඇරඹෙතේ
තබන සෑම පියවරකින් මේ ජීවන මගේ
බාධක බිඳ ජය කණුවට ඔබ ළංවෙනු ඇතේ

සිහින හඹා යනු මැන පසුපස නොබලා
දිනුම ලැබෙනු නැත ගත දහඩිය නො සලා
අරගලයකි දිවි මග සැමදා පුතුනේ
ඒ තුළිනුයි ඔබ ජීවිතයේ,
පන්නරය ලබන්නේ

ගමන දුරයි, මග කටුකයි ඒ ඇත්තයි
සිත ශක්තිය ළඟ ඒ බාධක සුන්වෙයි
බලාපොරොත්තුව හදවත තුළ පුරවා
අධිෂ්ඨානයෙන් සැම මොහොතේ,
ඉඳින් මා පුතේ

© Kaseera Perera, 2025


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, February 13, 2025

හිමින් සැරේ අවදි වෙතේ - රසන්ත චන්ද්‍රසූරිය

හිමින් සැරේ අවදි වෙතේ නැවුම් ලෝකයක්
රත්තරන් කිරණ පතිත වෙතේ තුසර බිඳු මතේ
මුදු සුළං හමයි, පරිසරය පුරා
ආදරය පතුරලා
බලාපොරොත්තුවේ, පැතුම් නංවලා

මද ලෝහිත පැහැයෙන් නුබ ගැබ සුදිලේ
අඳුරේ සෙවනැලි මැකී යතේ
මුදු චුම්බන මැද හිරුගේ
ගම්මානේ රැඳි සුන්දරතාවේ
ගතට කා වදී

නෙක ගී නද විසිරේ තුරු හිස් මුදුණේ
පැතිරේ අසිරිය සොබා දමේ
සිත සැඟවුණු ආදරයේ
විකසිතවෙන කොඳ කැකුළක රහසක්
ලොවට හෙළි කෙරේ

© Rasantha Chandrasuriya, 2025
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, February 11, 2025

තෝරාගත් ගේයපද සඳහා සහතික ප්‍රදානය (2020 සහ 2021)

අප ඔබට 2023 ඔක්තෝබරයේ දී දැන්වූ පරිදි, "ගී-ලියමු" ගේයපද සංචිතයේ 2020 සහ 2021 දෙවසරේ පළ වූ ගීත අතරින් ප්‍රශස්ත රචනා තෝරා ඒ නිර්මාණකරුවන්ට සහතික පත්‍ර බෙදා දුන්නෙමු.

ආරම්හක 2020 වසරේ පළ වූ ගීත 45ක් ද, 2021 වසරේ දී පළවූ ගීත 57ක් ද ඇගයීමට ලක්කරන ලද අතර මේ සඳහා සත් දෙනෙකුගෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් සහභාගී වූහ.

"ගී-ලියමු" ගේයපද සංචිතය සඳහා ගීත ඉදිරිපත් කළ සියලු රචකයන්ට අපේ ස්තුතිය පුද කරමු.

ඉදිරියේ දී, 2022, 2023 සහ 2024 වර්ෂවල පළ වූ ගේයපද රචනා වෙනුවෙන් ද මෙවැනි ඇගයීමක් කිරීමට බලා පොරොත්තු වෙමු.

2020: ගේයපද ඇගයීම් අනුපිළිවෙල

1. ඉඳු දුනු යුරා: දීපිකා සුන්ද්‍රා වඩුගේ
2. දහස් ගණන් බඹර කැලට: රසික සූරියආරච්චි
3. අඩක් දිවියෙන් ගතවෙලා: රසික සූරියආරච්චි
4. පිය සෙවන: සේන ගුණසේකර
5. උඩට උඩුවියන්: ඥානතිලක හේවාගමගේ
6. සියලු දන මන: දීපිකා සුන්ද්‍රාවඩුගේ
7. සඳවතියේ නුඹ නාඩන්: ඥානතිලක හේවාගමගේ
8. යොදුන් මග දුර: අසිත උදයංග
9. මම හරිම දඩබ්බර කවියක්: මහේෂා විජේසේකර
10. දුර හන්තානේ: රසික සූරියආරච්චි


2021: ගේයපද ඇගයීම් අනුපිළිවෙල

1. හීනවලට පාට දෙන්න: අනුරුද්ධ වැලිගමගේ
2. හිරිපොද වැස්සට: සුනිල් කුමාර සිල්වා
3. මා පෙම්බර පුෂ්පා: රසික සූරියආරච්චි
4. උදාවූ සඳ මඩල: සුභාෂිණී ජයතිලක
5. නිදි නැති තුන් යම: සුභාෂිණී ජයතිලක
6. ඔබ මට මලකි: ටිකිරි රණවීර
7. නීල වලාවේ: සුභාෂිණී ජයතිලක
8. අන්තෝනි පල්ලියේ: දයා සුදසිංහ
9. ඈත ක්ෂිතිජය: කසීර පෙරේරා
10. දනිමි මා හට: චන්ද්‍රා ආරච්චිගේ

හේමාල් ජයවික්‍රම, සම්බන්ධීකාරක, "ගී-ලියමු" ගේයපද සංචිතය


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

ඔබ මගෙන් වෙන්වුණා - චන්ද්‍රා ආරච්චිගේ