කූඩලු බුරුතු උඩින් දිවු පාරේ කාපට් පෙත වැටිලා
එකම ගෙයක් තිබුණා වූ ඉඩමේ පොකුරු ගෙවල් හැදිලා
ඝන වනයක් වූ මහ කන්දත් නොදැනිම එළිපෙහෙළි වෙලා
මීමිනි, ඉත්තෑ, ඌරු, රිලා කැල කැලෑව අතහැර ගම් වැදිලා
සුඟට තිබුණු ඉඟ මහත්වෙලා
ළැම හස බිමට ම නැමිලා
හන්දිපතුත් වාතෙන් පිරිලා
තලත්තෑනිකම උදාවෙලා
එක දෙක කෙස් වැටි පැහිලා
මූණේ රැල්ලක් වැටිලා
තරුණකමට සමු දීලා
මා ටික ටික වයසට යනවා
කැලෑ පැන්න ලොකු කොල්ලා ගව, එළු බලන්න සූරවෙලා
ඇඟේම එල්ලී සිටි කෙලි ගැට්ටී කෙතේ ගොයම් නෙලලා
ඉස්කෝලෙට ඇල්මක් දැක්වූ පුතු දුර බෝඩිම් කරලා
උන්ගෙ පියා තව පැට්‍රොල් යනවා කෝච්චි පාරෙ ම නාකිවෙලා
© Hemal Jayawickrama, 2025මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com