මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

Thursday, November 17, 2022

දෙවැට දිගේ - අනුරුද්ධ වැලිගමගේ

දෙවැට දිගේ වතුසුදු මල් පිපිලා
පාර දිගට මල් වරුසා වැහැලා
හිනැහෙන හිරු හා ඔච්චම් කර එන
ගමනට මල් මල් පාවඩ එලුවා

සිනා මලක් තොල්පෙති මත රන්දා
නීල නුවන් දෙකොනින් හැඩ ගන්වා
නගේ නුඹ එදා රහසක් කීවා
මුවින් එකදු වදනක් හෝ නොදොඩා

සිත්තම් පුවරුව මගෙ හිත කියවා
පාට පාට පැන්සල් රූ මැවුවා
සිතුවම ඇතුළේ සැඟවුණු ඒ රුව
හිතේ තියෙන හැම දෙයක් ම ඇහුවා

© Anuruddha Weligamage, 2021


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, September 29, 2022

සමිඳුනී බුදු සමිඳුනී - එඩ්වින් පේමජයන්ත විතානගේ

සමිඳුනී, බුදු සමිඳුනී
මගේ සිත නතරවෙලා
තෙරුවන් ළඟ නතරවෙලා

ඔබ මොබ ඇවිදින වල්මත් වුණු සිත
ඇදී ඇදී විහිදී ගිය ඒ සිත
නිසලවෙලා
මටම අකීකරු මගේ ම සිත අද
නිසලවෙලා

භාවනාවකට අරමුණු නැති සිත
එක්තැන් කෙරුමට අපහසු වූ සිත
අරුම පුදුම ලෙස නිසලවෙලා


ඉහත පදමාලාව දැන් ගීයක් ලෙස නිර්මාණය වී ඇත.

ගේයපද: එඩ්වින් පේමජයන්ත විතානගේ
තනු නිර්මාණය සහ සංගීතය: හේමාල් ජයවික්‍රම
ගායනය: හේමාල් ජයවික්‍රම

ආ, ආ, ආ

සමීඳුනී, බුදු සමීඳුනී
සමීඳුනී, බුදු සමීඳුනී
මගේ සිත නතරවෙලා
තෙරුවන් ළඟ නතරවෙලා, නතරවෙලා
සමීඳුනී

ඔබ මොබ ඇවිදින වල්මත් වූ සිත
ඇදී ඇදී විහිදී ගිය ඒ සිත
ඇදී ඇදී විහිදී ගිය ඒ සිත
නිසලවෙලා
මට ම අකීකරු, මට ම අකීකරු මගේ ම සිත අද
මට ම අකීකරු, මගේ ම සිත අද
නිසලවෙලා
සමීඳුනී

භාවනාවකට අරමුණු නැති සිත
භාවනාවකට අරමුණු නැති සිත
එක්තැන් කෙරුමට අපහසු වූ සිත
එක්තැන් කෙරුමට අපහසු වූ සිත
අරුම පුදුම ලෙස නිසලවෙලා

සමීඳුනී, බුදු සමීඳුනී
සමීඳුනී, බුදු සමීඳුනී
මගේ සිත නතරවෙලා
තෙරුවන් ළඟ නතරවෙලා, නතරවෙලා
නතරවෙලා, සිත නතරවෙලා
ගීතය අසන්න:


© Edwin Pemajayantha Withanage, 2022



මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Sunday, August 7, 2022

අරගලයේ යශෝරාවය - ටිකිරි රණවීර

ජන අභිමන වනසාලන, නොමිනිස්කම් පතුරාලන
රට විකුණා බුදින අමන, දුසිරිත් පිරි පාලකයින්
පළවා හැර පෙරමඟ ගෙන, තරුණ ජවය පිරි විරුවන්
යදම් බිඳියි රට සුරකියි, බලව් දිනෙක ඒ විකුමන්

රන් ඔටුන්නක් පළඳ වන්නට, දුන්නෙ බලතල පෙරදිනේ
නමුදු ධනබල ජාති කුලමල, වැපුරුවේ ජන ජිවිතේ
සිව්හෙළේ රට බෙදා වෙන්කළ, අයුරු මතක ද පෙර කලේ
හුස්ම දී රට ගොඩනගන්නට, රොද බඳිමු අපි මිහිතලේ

එකා එකපිට එකා වැටුණ ද, පෙන්වමුය අපෙ ජනබලේ
නව ලොවක ජය කෙහෙළි නංවන, ඉරක් පායයි මතු දිනේ
මිනිස් බල මුළු වීදියට විත්, පවුරු බඳිනා හෙට දිනේ
තුන්හෙළේ හෙට දවස වෙනුවෙන්, අපිත් එක්වෙමු හන්දියේ

© Tikiri Ranaweera, 2022


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Tuesday, May 24, 2022

හිරු අවරට බැස - ආරියදාස විදානපතිරන

හිරු අවරට බැස ඇති බව පෙනෙනව
මා පිටුපස දිග් වූ හෙවනැල්ලක්
කළුවර වෙන්නට ළඟ බව දැනෙනව
යාන්තමට පෙනෙනා හෙවනැල්ලක්

ජීවන ගමනේ සැඳෑ කාලයයි
මතකය පමණක් සිතට මැවී එයි
නිදහස් සිතුවිලි එක එක මතුවෙයි
සැනසුම් සුසුමක් ගෙනෙනා සිසිලයි

පොඩි පොඩි තරු එක දෙක හිස් අහසේ
නිවි නිවි යළි එළි මතුවෙයි නිසිසේ
තනිකම තනිවෙයි නිහඬයි දසතේ
නිසසල රැයකට පිවිසෙන මොහොතේ

© Ariyadasa Vidanapathirana, 2022


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, January 27, 2022

සරසවිය කුසුමින් වැසී - ෂ්‍යාම් රත්නායක

සරසවිය කුසුමින් වැසී
යව්වනේ තුසිතය මැවී
එදා සුව දුන් මහවැලි නදී
අසන්නී ඔබ කොහි ගියේ

තුරුලතා මල් පිපී හැඩ වී
මනාලියක වෙස් අරන්
රඟයි ඔබ ගිය අයුරු සිහිකර
පෙළා මා සිත සරදමින්

හන්තානෙන් හමන නල රැල්ලේ
ඔබේ සුවඳයි තාම තැවරෙන්නේ
නිමා වූ සිව් වසරේ පෙම් හීනේ
උල්පතයි නෙත් පොඟන ළතැවිල්ලේ


ඉහත පදමාලාව දැන් ගීයක් ලෙස නිර්මාණය වී ඇත.

තනුව හා ගායනය: හේමාල් ජයවික්‍රම
රචනය: ශ්‍යාම් රත්නායක
සංගීතය: අමිල එම්. වික්‍රමසිංහ

සරසවිය කුසුමින් වැසී
යව්වනේ තුසිතය මැවී, හ්ම්...
සිසිල සැදූ ඒ මහවැලි නදී
අසන්නී, ඔබ කොහි ගියේ

හන්තානෙන් හමන නල රැල්ලේ
ඔබේ සුවඳයි තාම තැවරෙන්නේ
නිමා වු සිව් වසරේ පෙම් හීනේ
උල්පතයි හද දවන ළතැවිල්ලේ
උල්පතයි හද දවන ළතැවිල්ලේ

තුරුලතා මල් පිපී හැඩ වී
මනාලියක වෙස් අරන්
රඟයි ඔබ ගිය අයුරු සිහිකර
පෙළා මා සිත සරදමින්

සරසවිය කුසුමින් වැසී
යව්වනේ තුසිතය මැවී, හ්ම්...
සිසිල සැදූ ඒ මහවැලි නදී
අසන්නී, ඔබ කොහි ගියේ
අසන්නී, ඔබ කොහි ගියේ
අසන්නී, ඔබ කොහි ගියේ
අසන්නී, ඔබ කොහි ගියේ

ගීය අසන්න:

© Shyam Ratnayake, 2022


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Monday, January 17, 2022

මා පෙම් කළ - සුමිත් නිශ්ශංක

මා පෙම් කළ ඒ මගේ කුමාරිය
මනාලියක වී යන දිනයේ
කඳුළැලි සඟවා බලා හිඳිමි මම
මගේ සිහින මියැදෙන අතරේ

නිල්වන් දෑසින් හිනැහුණ දා සඳ
මතකයි පෙර දින මා තුරුලේ
අමාවකයි අද මගේ මුළු දිවියම
ඒ සඳ නෑ පායනු පෙරසේ

අහිමිව ගිය මුත් පැතු ඒ පැතුමන්
කුණාටුවක ගිලෙනා විලසේ
පහන්ටැඹක් සේ බලා හිඳිමි මම
හමුවෙමු මතු උපදින සසරේ

© Sumith Nishshanka, 2022


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Thursday, January 6, 2022

හිනැහෙන් දිලී නයනාවියේ - ෂ්‍යාම් රත්නායක

හිනැහෙන් දිලී නයනාවියේ
දිය රැල් ලෙසේ හසරැල් ඔබේ
මේ නිල් විලේ කුසුමන් පිරී
දෙකොපුල් සුළී දෙනුවන් මිණී
හිනැහෙන් දිලී නයනාවියේ

ඔසරියෙ පොටේ අහසේ ඇදී
මල් පවන කිමදෝ මේ හබේ
වරලස ඇගේ සුළඟේ සැලේ
විල් සුළඟ ඇයි දඟකම් මෙසේ

ඇස් නැලවිලා මොනවද කියයි
ඇගෙ මුහුණෙ රංගන පෙළහැරයි
සේයාව ඇගෙ දිස්වේ දියේ
මානෙල් නෙළුම් විළියෙන් සැලේ

ඇගෙ සිහිනි ඉඟ සැලි දෝලනේ
සමනලුන් සේ නෙරියේ රැලී
රන්දම් ගෙලේ තිසරුන් සොයයි
තවුසන් කෙසේ කවියන් කළේ

© Shyam Ratnayake, 2022


මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com

Wednesday, January 5, 2022

ගුරු තරුව - ටිකිරි රණවීර

ගුරු තරුව!
විසල් ලතාවෙක අරුණට විකසිත
සුපිපුණ කුසුමන් දැයට තිළිණ කළ
යොවුන් රුසිරු සිරි සෙවණැලි අතරට
සුවය සදාදෙන ඉසිවර අසපුව

ගුරු තරුව!
නුවණ සල, නිරතුරුව පුබුදු කළ ඔබ!
රඟ මඬල, නදීතෙර, විපුල සරු කලා කෙත
යුග නයන වසඟ කළ මලින් පිරි තුරු ලතා
හන්තාන අරණ තුළ මැවූ ප්‍රිය දසුන ඔබ!

දුරස්වන අතීතයෙ ශේෂ ඉතිරිව ඇතත්
යාද බොඳවී මැකී මතක සිතිවිලි තුළින්
දරා ගත් හදවතින් යාද ගිලිහී සැණින්
පතමු තව එක්වරක් දකිනු රිසියෙන් යළිත්
ගුරු තරුව!

© Tikiri Ranaweera, 2022
මේ වෙබ් අඩවියේ පළ කෙරෙන සියළුම ගේය පද නිර්මාණවල බුද්ධිමය අයිතිය සහ එම නිර්මාණවල අන්තර්ගතය පිළිබඳ වගකීම ද, රචකයා සතු ය.
සියලු හිමිකම් ඇවිරිණි. රචකයාගේ අවසරකින් තොරව මෙහි පළකර ඇති නිර්මාණ සම්පූර්ණයෙන් හෝ එහි කොටස් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික ආදී කවර මාධ්‍යකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හෝ වෙනත් නිර්මාණයක් සඳහා යොදා ගැනීම ද සපුරා තහනම් ය.
ගීතයක් හෝ වෙනත් නිර්මාණයක් සඳහා මේ ගේය පද භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා නිසි අවසරය ලබා ගන්න. ස්තුතියි.
GeeLiyamu@gmail.com
මෙහි පළ වී ඇති ගේය පද මාලා සංගීතඥයින්ට, ගායක ගායිකාවන්ට තම නිර්මාණ සඳහා ලබා ගත හැක. කරුණාකර GeeLiyamu@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

ළඟදීම පළ කළ ගේය පදමාලාව

හිරු නැග ඒ - රසිකා ඉඹුල්ගොඩ